මේ ලෝකේ ජිවත් වෙන අනිත් ක්ෂීරපායී සත්තුන්ගේ ඒ වෙලාවේ දැනෙන හැඟීම්, දැනීම් වලින් තමා එයාලගේ සෙක්ස් කියන එක දුවන්නේ. හැබැයි මිනිස්සුන්ට ඒ වගේ නෙමේ. තමන් ආස කරන දේවල් තියෙනවා, ආස කරන අය ඉන්නවා, එක එක්කෙනාට එක එක ෆැන්ටසි තියෙනවා.
ඒ හින්දා අනිත් සත්තු වගේ නෙමේ මනුස්සයා කියන සතාගේ මොළය තමා ලොකුම ලිංගික අවයවය වෙන්නේ. එතකොට මොළේ රසායනික වෙනස් වීමක් වගේ දෙයක් හින්දා එක පාර ලිංගික ගැටළු එන්න පුළුවන්. ලිංගික සෞඛ්‍ය සහ මානසික සෞඛ්‍ය කියන්නේ දෙකම එක ළඟ යන දෙකක්. ඒ කියන්නේ ගොඩක් වෙලාවට මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ එක්කම එයාට ලිංගික ගැටළුවක් තියෙන්නත් ලොකු ඉඩක් තියෙනවා.
හැබැයි වෛද්‍ය සායන වලට ආවම ගොඩක් වෙලාවට මානසික ප්‍රශ්න ගැන කිව්වට ලිංගික ප්‍රශ්නයක් තියෙනවා කියලා එයාලා කෙලින්ම වෛද්‍ය වරයාට කියන්නේ නෑ.
දැන් බලමු ලිංගික බෙලහිනතා එන්න පුළුවන් එක එක මානසික තත්ත්ව මොනාද කියලා සහ ඒ දේවල් වලට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා. ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවද කියලා පොඩ්ඩක් බලන්න.
📌 performance anxiety ගැන තේරුම් ගන්න.
ලොකුම ප්‍රශ්නේ තමා anxiety disorder. කාංසාව කියලා තමා anxiety කියන වචනේ සිංහල තේරුම බැලුවම එන්නේ. ඒත් මම හිතන්නේ anxiety කියන වචනෙට හරිම සිංහල වචනයක් නෑ.
ගොඩක් පිරිමි අයට තමා මේ anxiety එක තියෙන්නේ. තමන්ට හරියට කර ගන්න පුළුවන් වෙයිද කියන සැකේ, බය වගේ දෙයක් දැනෙනවා. ඒ හින්දම පළවෙනි දවසේ තමන්ගේ GF එක්ක වැඩේ කරන්න පටන් ගද්දිම සේරටම කලින් ශුක්‍රාණු පිට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් හරියට වැඩේ කර ගන්න බැරි වෙන විදියට පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ නැති වෙන්න පුළුවන් වගේ ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා.
කොහොම හරි පළවෙනි දවසේ වැඩේ හරියට කර ගන්න බැරි උනොත් එහෙම ඊළඟ දවසෙත් හරියට කර ගන්න බැරි වෙයිද කියන ප්‍රශ්නේ ඒ අයගේ හිතේ නිතරම හොල්මන් කරනවා. හිතේ තියෙන සැකේ හින්දා දෙවෙනි වතාවෙත් ඔන්න හරියට කර ගන්න බැරි වෙනවා.
හරියට වැඩේ කර ගන්න බැරි වුන හින්දා සෙක්ස් කරද්දී දැනෙන සංවේදන, හැඟීම් අමතක කරලා ඊලඟ පාර හරියට perform කරන හැටි ගැන හිතන්න ගන්නවා. ඒ හින්දා තව තව මේ ප්‍රශ්නේ වැඩි වෙන එක තමා වෙන්නේ.
ඔය විදියට මේක චක්‍රයක් වගේ යනවා. අන්තිමේ ඕක දිගටම වෙලා ක්ෂණික මෝචනය, ලිංගික අප්‍රාණිකත්වය වගේ ප්‍රශ්න වෙනකල්ම ඇවිත් ප්‍රතිකාර ගන්න වෙන තැනටම එනවා.
පිරිමි අයට මේ ප්‍රශ්නේ වැඩි වෙන්න එක හේතුවක් තමා ලංකාවේ සමාජයේ පිරිමියා කියන කෙනාව දකින විදිය. පිරිමියා කියන කෙනාගෙන් ගොඩක් දේවල් සමාජය බලාපොරොත්තු වෙනවා. පිරිමිනුත් නිතරම තමන්ගේ පිරිමි චරිතය කියන එක ඒ විදියට තියා ගන්න ඕන කියන එක ගැන හිතනවා.
ඉතින් සෙක්ස් කරන්න ආවමත් තමන්ගේ පිරිමි කම පෙන්නන්න ඕන කියන දේ ගැන පිරිමි හිතනවා. ඒ විදියේ සුපිරි සෙක්ස් එකක් දෙන්න හිතාගෙන ලොකු බලාපොරොත්තු තියාගෙන තමයි පළවෙනි දවසේ දෙන්නම් අද කියලා තමා වැඩේට බහින්නේ.
හැබැයි කරන්න ඕන විදිය ගැන තමන් තියාගෙන ඉන්න බලාපොරොත්තු කන්ද හින්දම තමන්ට ඒ වැඩේ හරියට කර ගන්න පුළුවන් වෙයිද, තමන් GF ඉස්සරහා ලැජ්ජා වෙයිද කියලා කලබල වෙනවා, බය වෙනවා. තමන් හිතන් ඉන්න විදියටම වැඩේ කර ගන්න බැරි උනොත් ඒක තමන්ගේ පිරිමි කමට වෙන මදි පුංචි කමක් විදියට තමා පිරිමි ගොඩක් වෙලාවට හිතන්නේ.
ඒ වගේම ගොඩක් පිරිමි එයාලගේ පුරුෂ ලිංගයේ සයිස් එක මදි, තමන්ගේ ඇඟේ හැඩය අවුල් වගේ දේවල් ගැන හිතලා තමන් ගැනම හීනමානයක ඉන්නවා. ඉතින් ඒ දේවල් ගැන දෙගිඩියාවකින් වැඩේ කරන්න ගියාම අර කලින් කිව්වා වගේ ප්‍රශ්න එන්න පුළුවන්.
ගැහැණු අයටත් එයාලගේ ලිංගික ආශාව අඩු වෙන්න පුළුවන්. සෙක්ස් කරන්න බයක්, තැතිගැන්මක් වගේ එන්න පුළුවන්. තව යෝනි මාර්ගය තෙත් නොවෙන එක, සුරතාන්තයට පත් වෙන්නේ නැති එක සහ කලින් පෝස්ට් එකකින් කතා කරපු වැජිනිස්මස් එන්නත් මේ performance anxiety එක හේතුවක් වෙන්න ඉඩ තියෙනවා.
හැබැයි වෛද්‍ය සායන වලට එන අයගෙන් වැඩි හරියක්ම performance anxiety එක තියෙන්නේ පිරිමි අයට. තරුණ වයස් වල අයටත් වැඩියෙන් මේ ප්‍රශ්නේ තියෙනවා.
කොහොම හරි performance anxiety එක තියෙන පිරිමි කෙනෙක්ට ඒකෙන් මිදෙන්න ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක් තියෙනවා.
උඩ කිව්ව දේවල් ටික කියෙව්වනම් ඔයාට තේරෙනවා ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවද නැද්ද කියලා.
ඉස්සෙල්ලම තමන්ට ඒ වගේ ප්‍රශ්නයක් තියෙනවා කියලා තේරුම් ගන්න. එතැනින්ම ඒ ප්‍රශ්නේ 50% ක් වගේ විසඳෙනවා.
එහෙම කරලත් දිගටම anxiety එක තියෙනවා නම් වෛද්‍ය ප්‍රතිකාර වලට යන්න. ඒවාට මනෝ ලිංගික චිකිත්සක ක්‍රම/ සෙක්ස් තෙරපි තියෙනවා, කරන්න පුළුවන් එක එක ක්‍රියාකාරකම් තියෙනවා. එහෙම කරලත් බැරි නම් ඖෂධ වලට ගිහින් ඔය ප්‍රශ්නේ නැති කර ගන්න පුළුවන්.
📌 තව ලිංගික ගැටළු වලට හේතුවක් තමා විෂාදය. depression
ඩිප්‍රෙශන් තියෙන කෙනෙක්ට මෙලෝම දෙයක් කරන්න හිතෙන්නේ නෑ. සෙක්ස් කරන්නත් ආසාවක් තියෙන්න ඕනා. ඩිප්‍රෙශන් තියෙද්දී සෙක්ස් කරන්න වත් කිසිම ආසාවක් එන්නේ නෑ. සෙක්ස් කරන්න ආස නැතිකොට තමන්ගේ සහකාරයා/කාරී එක්ක ඔන්න එක එක ප්‍රශ්න එන්න ගන්නවා. සහකාරයා/කාරී එක්ක ප්‍රශ්න ආවම ඒ ප්‍රශ්න ගැන හිතන්න ගන්නවා. ඒ හින්දා ලිංගික ගැටළු තව තව වැඩි වෙනවා.
📌 ග්‍රස්ථිය/ OCD තියෙන අයගෙත් ලිංගිකත්වය ගැන ප්‍රශ්න තියෙන්න ඉඩ තියෙනවා.
එයාලා නිතර හිතන්න ගන්නවා. මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඇයි මට මෙහෙම වෙන්නේ. මොකද්ද මගේ අවුල.
ඔය විදියට සිතුවිලි දාමයක් එයාලගේ ඔළුවේ දුවනවා.
📌 සමහර වෛද්‍ය ප්‍රතිකාර හින්දත් ලිංගික ගැටළු එන්න පුළුවන්.
මානසික ගැටළු හින්දා ලිංගික ගැටළු එනවා වගේම, මානසික ගැටළු වලට ගන්න ප්‍රතිකාර හින්දත් සමහර විට ලිංගික ගැටළු එන්න පුළුවන්.
ඒ මොකද දන්නවද, මොළය කියන්නේ හරිම සංකීරණ, සියුම් විදියට tune වෙලා තියෙන ගිටාර් එකක් වගේ. ගිටාර් එකේ තත් පොඩ්ඩක් එහෙ මෙහෙ උන ගමන් ඇහෙන සද්දේ වෙනස් වෙනවා. ඒ වගේ තමා මොළේත්. කෙමිකල් පොඩ්ඩ එහෙ මෙහෙ උනානම් ඇති මොළේ වැඩ කරන විදිය වෙනස් වෙනවා.
එතකොට ඔය විදියේ මොළේ කෙමිකල් බැලන්ස් එක අවුල් ගිය කෙනෙක් ඒ මානසික රෝගයට බෙහෙත් බොනවා කෙමිකල් බැලන්ස් කරන්න හිතාගෙන. එතකොට බැලන්ස් කරන්න හදන කෙමිකල් එක බැලන්ස් වෙනවා, හැබැයි කොහෙවත් නැති වෙන වෙන තැන් වල කෙමිකල් පොඩ්ඩක් අවුල් යන්න පුළුවන්. එහෙම කෙනෙක්ට මානසික ගැටළු වලට බොන බෙහෙත් හින්දත් කොහෙවත් නැති ලිංගික ගැටළු එන්න පුළුවන්.
හැබැයි ඔය වගේ ප්‍රශ්න නොවෙන්න බෙහෙත් දෙන හැටි වෛද්‍යවරු දන්නවා. ඉස්සෙල්ලා අඩුම මාත්‍රාවේ ඉඳන් පටන් අරන් ටික ටික තමා බෙහෙත් වල මාත්‍රාව වැඩි කරන්නේ. මාත්‍රාව වැඩි කරන් යද්දී මොනා හරි වෙන වෙන ප්‍රශ්න එනවා නම් ඒ වෙනුවට ආදේශක බෙහෙත් දෙන්න, බෙහෙත් වෙනස් කරන්න වගේ ක්‍රම ගොඩක් වෛද්‍යවරු දන්නවා.
ඒ හින්දා මානසික රෝග වලට ප්‍රතිකාර කරන ගමන්ම ලිංගික ගැටළු එන්නෙත් නැති වෙන්න බැලන්ස් කර ගන්න පුළුවන් හින්දා ඒ දේවල් ගැන වැඩිය බය වෙන්න දෙයක් නෑ.
▶ මනස හොඳට හදාගෙන සෙක්ස් කරන්න නම් දෙන්න තියෙන ටිප්ස් මොනාද?
මේක දැන ගන්න තමා ගොඩක් දෙනා පෝස්ට් එක කියවන්න ඇත්තේ.
📌 මුල්ම දේ තමා ඔයාට මොනා හරි මානසික ප්‍රශ්නයක් තියෙනවා නම් ඉස්සෙල්ලම ඔයා හම්බෙන වෛද්‍යවරයා ගාවට ගිහින් විවෘතව කතා කරන්න. ඔයාගේ ප්‍රශ්නේ විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕන තරම් ප්‍රශ්නයක්ද කියලා ඒ වෛද්‍යවරයා හරියටම කියනවා.
සමහර විට ඔයා හිතන්න පුළුවන් මේක පොඩි ප්‍රශ්නයක්නේ, මේකට මොකටද විශේෂඥ වෛද්‍යවරයෙක් ගාවට යන්නේ කියලා. හැබැයි ඔයාට පේන්නේ නැති පැත්තක් වෛද්‍යවරයාට පේන්න පුළුවන්.
📌 තව ටිප් එකක් තමා හොඳ ආහාර පුරුද්දක් තියා ගන්න, ව්‍යායාම කරන්න.
තමන්ගේ ඇඟ ගාණට තියාගෙන යන කෙනෙක්ට තමන්ට තමන් ගැන එනවා ලොකු ආත්ම විශ්වාසයක්. ඒ වගේ ආත්ම විශ්වාසයක් එක්ක පළවෙනි පාර සෙක්ස් කරන්න ගියාම ඒ වෙලාවට එන අර "මට කරන්න පුළුවන් වෙයිද දන්නේ නෑ" කියන සැකය, අවතක්සේරුව ටිකක් අඩු වෙලා යනවා.
📌 වයසත් එක්ක ආසාව අඩු වෙන එකට මුහුණ දෙන්න.
අවුරුදු 20-25 වගේ කාලේ තමන්ට තිබ්බ ලිංගිකත්වයට තියෙන ආසාව (Libido) පහු පහු වෙද්දී කොහු කොහු වෙලා යන්න පුළුවන්. පිරිමි අයගේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අඩු වෙන එක සහ ගැහැණු අයගේ ඔසප් වෙන එක නවතින වයස ලං වෙද්දී, ඒ කියන්නේ ආර්තව හරණය වෙන වයස ලං වෙද්දී ලිංගික ආශාව අඩු වෙනවා වයසත් එක්ක.
ඒ කියන්නේ වයසට යද්දී සෙක්ස් කරන්න එපා කියන එක නෙමේ, හැබැයි ලිංගික ආශාව අඩු වෙනවා කියන එක දැනගෙන ඉන්න. වයසට යනවත් එක්ක ස්වභාවිකව ලිංගික ආශාව අඩු උනා කියලා ලිංගික ආශාව වැඩි කර ගන්න බැරි නෑ. දෙන්නා ආදරෙන් හැසිරෙන එකෙන්, සිප වැළඳ ගන්න එකෙන්, පූර්ව ලිංගික ක්‍රියාකාරකම් (foreplay) වලින් ලිංගික ආශාව වැඩි කර ගන්න පුළුවන්.
📌 බෑ කියලා ඇතහැරලා දාන්න එපා.
ඩිප්‍රෙශන් තියෙන අයට එහෙම දෙන ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා behavioral activation කියලා.
ඒ කියන්නේ මෙහෙමයි. ඩිප්‍රෙශන් අය හිතාගෙන ඉන්නවා තමන්ට සතුට දැනෙන දේවල් කලාට තමන්ට ඩිප්‍රෙශන් තියෙන හින්දා සතුටක් දැනෙන්නේ නැති වෙයි කියලා.
එතකොට මේ behavioral activation ක්‍රමයේදී කියන්නේ සතුට දැනුනත් නැතත් මොනා හරි වැඩක නිරත වෙන්න කියලා. ටික දවසක් යද්දී වැඩේට සෙට් වෙලා සතුටක් දැනෙන්න ගන්නවා කියලා.
හරියට ස්ටාට් වෙන්නේ නැති වාහනයක් ටිකක් තල්ලු කරලා ස්ටාට් කරන් ලස්සනට ගමන යනවා වගේ.
හරි දැන් ඇයි මේ ඩිප්‍රෙශන් වලට දෙන ප්‍රතිකාර ක්‍රමයක් මෙතනට අදාළ වෙන්නේ.
මෙහෙමයි..
ඩිප්‍රෙශන් වලින් අයින් වෙන්න පාවිච්චි කරන behavioral activation ක්‍රමය ලිංගික ආශාව වැඩි කර ගන්නත් පාවිච්චි කරන්න පුළුවන්.
ඒ කියන්නේ කෙලින්ම සෙක්ස් කරන්න යන්නේ නැතුව foreplay එක පොඩ්ඩක් කරන්න. ලිංගික අවයව වලටම විතරක් සීමා වෙන්න නැතුව ඇඟේ අනිත් තැනුත් ස්පර්ශ කරන්න, සිප වැළඳ ගන්න. හිමීට ටික ටික ලිංගික අවයව වලට යන්න.
එහෙම කරලා ලිංගික ආශාව වැඩි වෙන්න ඉඩ දෙන්න. නැතුව එක පාරම behavioral activation කියලා ආස නැති උනත් ආස වෙනකම් කරනවා කියලා ගාල කඩා ගත්තා වගේ එක පාරම සෙක්ස් කරන්න හදන්න එපා.
📌 p0rn බලන වෙලාව අඩු කරන්න.
තමන්ගේ ඇත්ත ජිවිතේ ලිංගික සම්බන්ධය වෙනුවට p0rn බලන අය ඉන්නවා. එහෙම කෙනෙක් තමන්ගේ ඇත්ත ලිංගික ජිවිතේ දකින්නේ p0rn හරහා.
ඒ වීඩියෝ වල සෙක්ස් කරන වෙලාව, ඒ වීඩියෝ වල හැසිරෙන විදිය, ඒ වීඩියෝ වල ඉන්න අයගේ අවයව වල size එක වගේ දේවල් තමා ඇත්ත දේවල් කියලා හිතන්නේ. ගොඩක් වෙලාවට ඔය වීඩියෝ වන් ටේක් රෙකෝඩ් කරන වීඩියෝත් නෙමේ. මැදින් නවත්ත නවත්ත තමා රෙකෝඩ් කරන්නේ.
ඉතින් ඔය වගේ p0rn විතරක්ම බලලා ඒවා තමා ඇත්ත කියලා හිතාගෙන කෙනෙක් ඇත්ත ජිවිතේ කා එක්ක හරි සෙක්ස් කරන්න ගියොත් එයාට ඕන කරන ලිංගික තෘප්තිය කොහොමත් ලබා ගන්න බැරි වෙනවා. අන්තිම ඇත්ත ලෝකේ ලිංගික ජීවිතය එපා වෙන තැනට එනවා.
ඒ හින්දා ස්වයං වින්දනය සහ p0rn බලන එකෙන්ම විතරක් එයාගේ ලිංගික තෘප්තිය ගන්න වෙනවා එයාට.
ඒ හින්දා p0rn පිටිපස්සේ තියෙන අසුන්දර යතාර්ථය තේරුම් අරන් ඇබ්බැහි නොවී p0rn බලන්න.
📌 මානසික ගැටළු හංගන් ඉන්න එපා.
වැදගත්ම දෙයක් තමා මානසික රෝගයක් හරි මොනා හරි මානසික ප්‍රශ්නයක් වගේ තියෙනවා කියලා දැනෙනවා නම් ඒ ගැන විශේෂඥ වෛද්‍යවරයෙක් හමු වෙන්න.
බොහොම පොඩියට තියෙන මානසික ප්‍රශ්නයක් වෙන්න පුළුවන් එහෙම නැත්නම් ගොඩක් පිරිමින්ට තියෙන ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙන එක වගේ ප්‍රශ්නයක් වෙන්න පුළුවන්.
ඒත් ඔයා ඒක මොකද්ද කියලා කියන්න දන්නේ නෑ. ඒකට මොනාද කරන්න ඕන ප්‍රතිකාර කියලා දන්නේ නෑ. ඔයාගේ සහකාරයා එක්ක කතා කරාට ඒත් හරි උත්තරයක් හම්බෙන්නේ නැති වෙන්න පුළුවන්.
ඒ හින්දා ඒ වගේ මොනා හරි ප්‍රශ්න තියෙනවා නම් ඉක්මන් වෙන එක හොඳයි, මොකද ගොඩක් කාලයක් තිස්සේ ඔය ප්‍රශ්න තිබ්බම ප්‍රතිකාර ක්‍රම වලිනුත් ඒ ප්‍රශ්න නැති කරන්න ටිකක් වැඩි කාලයක් යනවා.
පරක්කු නොකර මුලින්ම ප්‍රතිකාර වලට යොමු වෙන තරමට වැඩේ ලේසියි.