දෙන්නෙක් එකතු වෙලා අවසානේ සුරතාන්තය ලැබෙද්දී ගැහැණු අයටයි පිරිමි අයටයි දැනෙන දේවල් ටිකක් වෙනස්.
සෙක්ස් කරද්දී ගැහැණු අයගේ වෙන වෙනස්කම් තමා ඩෝපමින් සහ ඔක්සිටොසින් හෝමෝන වැඩි වෙලා ගැහැණු කෙනාට ලොකු සතුටක් දැනෙනවා.
හැබැයි ගැහැණු අයට මේ හෝමෝන ගොඩක්ම වැඩි වෙන්නේ ලිංගිකව එකතු වෙද්දී නෙමේ ලං වෙලා තුරුල් වෙලා සිප වැළඳගෙන ඉද්දි. ලිංගික එකතුවිමකට පස්සේ ගැහැණු කෙනෙක්ගේ ඇඟේ ඔක්සිටොසින් හෝමෝන උපරිමයටම වැඩි වෙනවා. ඒ හින්දා ලිංගිකව එකතු වුනාට පස්සේ ගැහැණු ආදරය ගොඩක් හොයනවා. ආදරේ කරන තමන්ගේ සහකරුවාට ගොඩක් බැඳෙනවා.
හැබැයි පිරිමි කෙනාගේ කතන්දරේ ඔයිට වඩා ටිකක් වෙනස්. පිරිමි කෙනාට ලිංගිකව එකතු වෙන්න කලින් තමා ඩෝපමින් සහ ඔක්සිටොසින් හෝමෝන උපරිම වැඩි වෙන්නේ. ලිංගිකව එකතු උනාට පස්සේ එක පාරම ඒවා බැහැලා යනවා. ඒ හින්දා තමා ලිංගිකව එකතු උනාට පස්සේ පිරිමි කෙනාට සේරම එපා වෙලා වගේ හැඟීමක් දැනිලා අනිත් පැත්ත හැරිලා නිදා ගන්නේ.
දැන් එතකොට මේ ටික කියෙව්වම තේරෙනවා නේද පිරිමි සහ ගැහැණුන්ට සෙක්ස් කරලා ඉවර උනාම දැනෙන්නේ දෙවිදියටක කියලා. ඒ හින්දා ඒක තේරුම් අරන් පිරිමි සෙක්ස් කරලා ඉවර උනාම තමන්ගේ සහකාරියව තුරල් කරන් වත් ඉන්න, ගැහැණු ත් තේරුම් ගන්න පිරිමි සෙක්ස් කරලා ඉවර උනාම ඒ විදියට හැසිරෙනේ තමන්ට තියෙන ආදරේ අඩු කමක් හින්දා නෙමේ කියලා.
සෙක්ස් කරලා ඉවර වුන ගමන් ආපහු ටික ටික ඇඟ තිබ්බ විදියටම පත් වෙනවා. හෘද ස්පන්දනය අඩු වෙනවා, වැඩි වෙලා තියෙන රුධිර පීඩනය අඩු වෙනවා. ලොකු වෙලා පිම්බිලා තියෙන මාංශපේශි ආපහු තිබ්බ විදියටම හැදෙන්න හැකිලෙන්න ගන්නවා. සමහර විට ලොකු relax ගතියක් දැනෙනවා, එහෙම නැත්නම් හරිම මහන්සි ගතියක් එක්ක නිදිමතක් දැනෙනවා.
සෙක්ස් කරලා ඉවර උනාට පස්සේ කරන්න කියලා කියන්න පොඩි උපදෙස් ටිකක් තියෙනවා.
ගැහැණු කෙනෙක් නම් සෙක්ස් කරලා ඉවර වුන ගමන් ඇතුලේ තියෙන දේවල් සේරම සුද්ද වෙලා යන්න මුත්‍රා කරන්න. මොකද ගැහැණු අයගේ මුත්‍රා මාර්ග විවරය සහ යෝනි මාර්ග විවරය දෙකම එක ළඟ තියෙන්නේ. ඒ හින්දා හරිම ලේසියෙන් මුත්‍රා මාර්ගයට බැක්ටීරියා එහෙම ගිහින් ආසාදන (UTI) එන්න පුළුවන්.
පිරිමි කෙනෙක් නම් සෙක්ස් කරලා ඉවර උනාට පස්සේ මුත්‍රා කරන එක ගැන ඒ තරම් වද වෙන්න ඕනා නෑ. මොකද ගැහැණු පිරිමි දෙගොල්ලන්ගේ ඇඟවල් හැදිලා තියෙන්නේ දෙවිදියකට. පිරිමි අයට UTI හැදෙන්න තියෙන අවදානම සාපේක්ෂව අඩුයි. බැක්ටීරියා පුරුෂ ලිංගයට ඇතුල් වුනත් පුරුෂ ලිංගය දිග හින්දා කෙලින්ම බැක්ටීරියා වලට මුත්රාශයට යන්න අමාරුයි.
අනික තමා ශුක්‍රාණු එන්නෙත් මුත්‍රා එන්නෙත් දෙකම එකම පාරෙන්. ඒ කියන්නේ සෙක්ස් කරලා පිරිමි කෙනා ශුක්‍රාණු පිට කලාම බැක්ටීරියා තියෙනවා නම් ඒවත් සුද්ද වෙලා එළියට යනවා ශුක්‍රාණු එළියට එනවත් එක්කම.
ඊට පස්සේ යෝනි මාර්ගය පිරිසිදු කරන්න. මේකෙදි මතක තියා ගන්න යෝනි තොල් විතරයි පිරිසිදු කරන්න ඕනා. යෝනි මාර්ගය ඇතුලට වතුර වත් කිසිම දෙයක් දාන්න යන්න එපා. ඇතුලේ තියෙන ඒවා ඇඟ විසින්ම පිරිසිදු කර ගන්න පුළුවන් වෙන්න තමා හැදිලා තියෙන්නේ. ඒ හින්දා ඒ දේවල් ගැන වද වෙන්න එපා.
සුවඳ සබන්, සුවඳ විලවුන්, එක එක ක්‍රීම් වගේ ඒවා ගාන්න යන්න එපා. නිකන් වතුරෙන් විතරක් පිරිසිදු කලත් ඇති. සෙක්ස් කරලා ඉවර උනාම බාත් රූම් එකට ගිහින් ෂවර් එක අතට අරන් ටිකක් නැමෙන්න. නැමිලා යෝනි මාර්ගය හේදිලා යන විදියට ඉස්සරහ ඉඳන් පස්සට වතුර අල්ලන්න. එක පාරින් සේරම අයින් වෙලා යන විදියට වතුර පාර අල්ලන්න. පිහදාද්දීත් ඉස්සරහ ඉඳන් පස්සට. ඒ කියන්නේ යෝනි මාර්ගය පැත්තේ ඉඳන් පිටිපස්ස පැත්තට
මුඛ සංසර්ගය කළා නම් වතුර වලින් කට හෝදන්න. සෙක්ස් කරලා ඉවර උන ගමන් දත් මදින්න එහෙම එපා. දත් මදින බ්‍රෂ් එකෙන් කට ඇතුලේ පොඩි පොඩි කැපීම් එන්න පුළුවන්. එහෙම වුනොත් එහෙම බැක්ටීරියා වලට කෙලින්ම ඇඟට ඇතුල් වෙන්න ලේසි පාරක් හදලා දෙනවා වෙනවා.
ටිකක් වෙලා යනකම් සෙක්ස් කරලා ඉවර උනාම යට ඇඳුම් අඳින්න එපා. එහෙම කියන්න හේතුව තමා සෙක්ස් කරලා ඉවර උනාම ලිංගාශිත ප්‍රදේශය ගොඩක් තෙත් වෙනවා. ඉතින් තෙත් වෙලා තියෙන තැනක් කියන්නේ යිස්ට් වගේ දේවල් හැදෙන්න හොඳ පරිසරයක් තමා. ඒ හින්දා එතනටත් හුලන් ටිකක් වදින්න ඉන්න. එක්කෝ යට ඇඳුමක් නැතුව ඉන්න, එහෙම නැත්නම් ටිකක් බුරුල්, size එක ටිකක් ලොකු වැඩි යට ඇඳුමක් ඇඳන් ඉන්න. එහෙම නැත්නම් යිස්ට් ආසාදනයක් වගේ ආවොත් කස කස තමා ඉන්න වෙන්නේ.
ගැබ් ගනීද කියලා බයයි, මොකද කරන්න ඕනා?
page එකෙන් නිතන අහන ප්‍රශ්නයක් තමා ශුක්‍රාණු ඇතුලේ යැව්වේ නම් නෑ. හැබැයි ගැබ් ගනීද කියලා බයයි කියන එක. සේරම ඉවර උනාට පස්සේ තමයි සමහරු ඔය ගැන හිතන්නේ. හරියට බැලුවොත් ශුක්‍රාණු යෝනි මාර්ගය ඇතුලේ පිට කලේ නැත්නම් ගැබ් ගන්නේ නෑ. ඒත් එහෙම නොකලා කියලා 100% ක්ම ගැබ් ගන්නේ නැහැ කියලා කියන්න බෑ.
ඒ කියන්නේ මෙහෙමයි,
පිරිමි ළමයින්ට ශුක්‍රාණු යවන්න කලින් එනවනේ තව අර විනිවිද පේන ශ්රාවයක්. pre-cum කියලා කියන්නේ. ඒ ශ්‍රාවය ඇඟේ හැදෙන්නේ සෙක්ස් කරන එක ලේසි වෙන්න ස්වභාවික ලිහිසිකාරකයක් විදියට. ඒ ශ්‍රාවයේ ශුක්‍රාණු නෑ. ඒ හින්දා ඒ ශ්‍රාවය යෝනි මාර්ගය ඇතුළට ගියා කියලා ඒකෙන් ගැබ් ගන්නේ නැහැ.
හැබැයි ඔතන ප්‍රශ්නේ තියෙන්නේ pre-cum එක එන්නෙත් ශුක්‍රාණු එන්නෙත් එකම පාරේ. ඉතින් කලින් වතාවක ශුක්‍රාණු පිට කරද්දී එළියට යන්නේ නැතුව ඇතුලේ ඉතුරු වෙලා තියෙන ශුක්‍රාණු, pre-cum එකත් එක්ක එළියට එන්න පුළුවන්. ඒ විදියට pre-cum එකත් එක්ක ශුක්‍රාණුවක් එලියට ඇවිත් යෝනි මාර්ගය ඇතුළට ගියොත් ඉතින් බබා තමා. ඉතින් එහෙම බැලුවොත් pre-cum වලිනුත් ගැබ් ගන්න අවදානමක් තියෙනවා. හැබැයි ඒ අවදානම බොහොම අඩුයි. අවදානම අඩුනේ කියලා කිසිම වෙලාවක ඒ අවදානම ගන්න එපා.
කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. සෙක්ස් කරලා ඉවරයි නම්, සැකයක් තියෙනවා නම් හදිසි උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න, ඒ ක්‍රම මොනාද කලින් පෝස්ට් එකක් දැම්මා. හොයාගෙන බලන්න.
ඔය සේරම කරලා අපි හිතමු ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝගයක් හැදෙයිද කියලා සැකයක් තියෙනවා කියලා. එහෙම සැකයක් තියෙනවා ඉක්මනින්ම අදාළ පරීක්ෂණ ටික කර ගන්න යන්න. රජයේ ලිංගාෂිත බෝ වන රෝග සායනකට ගියොත් මේ පරීක්ෂණ ටික නොමිලේම කර ගන්න පුළුවන්. හැබැයි සමහර විට කෙනෙක්ගේ ඇඟට HIV වෛරස් එක වගේ ඇතුල් වෙලා නම් මාස 3ක් වගේ යනකම් ඒක පරීක්ෂණයකින් හොයා ගන්න බැරි වෙන්න පුළුවන්. ඒ හින්දා ලිංගික එකතු වීමක යෙදිලා ටෙස්ට් එකක් කලාට පස්සේ ඒක නෙගටිව් වුනොත් මාස 3 කින් ආයේ පාරක් ගිහින් HIV ටෙස්ට් එකක් කර ගන්න.