නූල කැඩෙන්නම ඕනද? Haven't You Broken Your Frenulum Yet?

 📌 නූල, කියන්නේ මොකද්ද?

පිරිමින්ගේ ශිෂ්ණයේ යට පැත්තෙන් පෙරසම ශිෂ්ණ මුණ්ඩයට සම්බන්ධ වන තුනී පටක කොටස සාමාන්‍ය ව්‍යවහාරයේ නූල ලෙස හඳුන්වනවා. Frenulum ලෙස මෙය ඉංග්‍රීසි බාශාවෙන් හඳුන්වනවා. මේ පටක කොටසේ බොහෝ ස්නායු අන්ත්‍ර පවතිනවා. ඒ නිසා මේ පටක කොටස ඉතා සංවේදී ස්ථානයක්. මෙහි ස්නායු බහුල වශයෙන් පවතින නිසා ශුක්‍ර මෝචනයට අවශ්‍ය පණිවිඩය මොලයට ලබා දීම සිදු කරන්නේ මේ කොටසින් බව පරීක්ෂණ වලින් සොයාගන තිබෙනවා.

................................

📌 නූල කැඩෙන්නම ඕනද?

පෙර සම පසුපසට ගැනීමේදී Frenulum කොටසට ඇති වෙන ආතතිය නිසා මේ කොටස ස්වාභාවිකවම කැඩී යනවා. 

නමුත් එසේ නොවීම නිසා බොහෝ පිරිමින් මෙය ගැටළුවක් කරගෙන සිටිනවා.

නූල එක් එක් පිරිමියාගෙන් පිරිමියාට වෙනස් ලෙස පිහිටනවා.

👉 සමහර පිරිමින්ගේ දිගට සහ සමහරුන්ගේ කෙටිව පිහිටනවා.

👉 සමහර පිරිමින්ගේ ඉතා ඝණයි සහ සමහරුන්ගේ ඉතා තුනිව පිහිටනවා.

දිග සහ තුනී Frenulum එකක් පිහිටන අයගේ මෙය ඉතා පහසුවෙන් කැඩී යනවා. නමුත් කෙටි හා ඝණව Frenulum එක පිහිටන අයගේ එය ස්වයං වින්දනය, ලිංගික සම්බන්ධ වලදී සහ තදින් පසුපසට ගැනීමේදී පෙරසම කැඩී නොයාම්ක් විය හැකියි.

බොහෝ දෙනෙක් ප්‍රශ්නයක් ලෙස වටහා ගෙන සිටින්නේ මේ තත්වයයි.🤔

❌ Frenulum එක කැඩී නොයෑම ලිංගික සම්බන්ධ පැවැත්වීමට බාධාවක් වන්නේ නැහැ සේම ඒ අයගේ ලිංගික තෘප්තියටද Frenulum එක කැඩී ඇත්ද නැද්ද යන්න බලපාන්නේ නැහැ.

ඒ නිසා ලිංගික සම්බන්ධ වලට Frenulum එකේ කිසිම බලපෑමක් නැහැ.

................................

📌 Frenulum එක කැඩී ගියාම මොකද කරන්න ඕන?

Frenulum කැඩී යාමෙන් පසු එම ස්ථානයේ ශරීරයේ අනෙක් ස්ථාන වල සාමාන්‍යයෙන් ඇති වන ආකාරයෙන්ම ලේ වහනය වෙමින් තුවාලයක්ද ඇති විය හැකියි. එසේ වීම ගැන විශේෂයෙන් කලබල වීම් හෝ විශේෂ යමක් කිරීම අවශ්‍ය වන්නේ නැහැ. 

✅ බොහෝවිට දින 2- 3 කින් පමණ ඒ තුවාලය සුව වී යා හැකියි. 

👉 නමුත් ඉහත සඳහන් කල පරිදි යම් තරමේ ඝණ Frenulum කොටසක් පිහිටන අයෙක්ගේ එම කොටස කැඩී යාම නිසා තරමක සැලකිය යුතු මට්ටමේ රුධිර වහනයක් ඇතිවිය හැකියි. එවැනි විටෙක වෛද්‍ය වරයෙක් කරා යොමු වන්න.

................................

📌 කෙටි Frenulum  එකක් පිහිටීම රෝග තත්වයක්ද?

✅ උපතේ සිටම Frenulum එක කෙටිව පවතී නම් එය රෝග තත්වයක් නොවේ. එය තමන්ගේ පිහිටීම විය හැකියි. 

එවැනි පිහිටීමක් සඳහා ප්‍රතිකාර කිරීම අවශ්‍ය වනවාද නැද්ද යන්න තීරණය වෙන්නේ කෙටිව Frenulum එක පිහිටීම නිසා එම පුද්ගලයාට ලිංගික බෙලහිනතාවක් හෝ ලිංගික සම්බන්ධ වල යෙදීමේදී අපහසුතාවක් ඇත්නම් පමණයි. 

එවැනි ප්‍රතිකාර අවශ්‍ය විටෙක ඉතා සරල ශල්‍ය කර්මයක් මඟින් එම කොටස ඉවත් කල හැකියි.

👉 නමුත් කෙටි කාලීනව Frenulum එක කෙටි වීමක්, නොපෙනී යෑමක් හෝ Frenulum එකේ යම්කිසි විකෘතිතාවක් ඇති වේ නම් ඒ ගැන විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුයි. කුඩා කළ සිට Frenulum  එකේ වෙනසක් නොපැවති පසු කාලීනව එවැනි වෙනසක් ඇති වුවහොත් එය වෛද්‍ය වරයෙක් ලවා පරික්ෂා කරවා ගත යුතුයි.

ඊට හේතුව Frenulum එකේ ඇති වන එවැනි වෙනසක් නිසා ඒ ආශ්‍රිතව සමේ ඇති විය හැකි Lichen sclerosus නම් පෙරසම ආශ්‍රිතව ඇති වන රෝග තත්වය නිසා Frenulum එකේ වීකෘති තා ඇති වීමට ඇති හැකියාවයි.

................................

📌 Frenulum එක ඉවත් කිරීමේ ශල්‍යකර්මයක් හැමෝටම කරන්න ඕනද?

❌ ඉහත සඳහන් කල පරිදි ලිංගික සම්බන්ධ පැවැත්වීම සඳහා Frenulum  එක කැඩී යාම අත්‍යාවශ්‍ය වන්නේ නැහැ. 

✅ Frenulum  එක නිසා පුරුෂ ලිංගය ඇද වීමක්, ලිංගික සම්බන්ධතා වලට එයින් බාධාවක් හෝ කෙටි කාලීනව Frenulum එකේ ඇති වූ යම් වෙනසක් හෝ ඇත්නම් පමණයි ශල්‍ය කර්මයක් මඟින් Frenulum එක ඉවත් කල යුත්තේ.

Previous Post Next Post