බහින්නේ නැතුව වැඩි වෙලාවක් කරන්න කොන්ඩම් ටිප්ස් : Condom Tips For a Longer Sex

 

"රේන්කොට් දාගෙන නාලා වැඩක් තියෙනවද?"

පිරිමි අයට තියෙන ප්‍රශ්නයක් තමා තමන්ගේ පාට්නර් එක්ක ලස්සනට වැඩේට එන්ටර් වෙලා සේරම ගානට කරගෙන ඇවිත් අන්තිම මොහොතේ කො.න්ඩම් එක දාගෙන වැඩේට සෙට් වෙන්න යද්දීම ඔන්න අර කෙලින් වෙලා තිබ්බ එක ක්ෂණිකව පණ නැති වෙලා යනවා. ඔය වගේ කො.න්ඩම් දැම්මම එන ප්‍රශ්න හින්දා ගොඩක් දෙනෙක් "රේන්කොට් දාගෙන නාලා වැඩක් නෑ.." කියලා කො.න්ඩම් දාලා කරන්න කැමැත්තක් ඇත්තෙම නෑ.

මේ ප්‍රශ්නේ ඔයාටත් තියෙනවා නම් ඔයා තනි නෑ කියල දැන ගන්න. සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා තරුණ වයස් වල ඉන්න පිරිමි අයගෙන් 40% කට විතර මේ ප්‍රශ්නේ තියෙනවා කියලා. (Crosby, 2002; Graham, 2006) ඒ හින්දා ඔයාට මේ ප්‍රශ්නේ තියෙනවා නම් "ඇයි අප්පා මටම මෙහෙම වෙන්නේ කියලා" හිතන්න එපා. ඔයාගෙම ප්‍රශ්නේ තියෙන පිරිමි මේ ලෝකේ තව මිලියන ගානක් ඉන්නවා.

හැබැයි ඒ වගේ එක පාර පුරුෂ ලිoගය පණ නැති වෙන්නේ කො.න්ඩම් එක දාන හින්දයි කියලා ගොඩක් දෙනෙක් හිතුවට, ඇත්තටම ඒක එහෙම නෙමෙයි. 

ඔන්න සරල උදාහරණයක් දෙන්නම්.

මේක කියවන ඔයා පිරිමි කෙනෙක් නම් ඔන්න දැන් හිතාගන්න, ඔයා ඔයාගේ gfව එහා පැත්තේ තියාගෙන එයා එක්ක ෆිල්ම් එකක් බලනවා කියලා. ෆිල්ම් එක බල බල ඉන්න අතරේ එක පාරම gf නැමිලා ඔයාගේ කලිසමේ ෂිප් එක පාත් කරනවා, කලිසම බුරුල් කරලා ඔයාගේ එක එළියට ගන්නවා. අරගෙන හොඳ handj0b එකක් දෙනවා.

සමහර විට මේක කියවද්දිම ඔය සිද්ධිය ඔයාගේ හිතේ මැවිලා ඔයා පොඩ්ඩක් excite වෙලා, ඔයාගේ පුරුෂ ලිoගයත් ප්‍රාණවත් වෙන්න ඇති. හරි එහෙම උනා නම් හිතලා බලන්න, මේක කියවද්දී ඔයා ඇඳගෙන ඉන්න යට ඇඳුම හෝ කලිසම, කො.න්ඩම් එකකට වඩා 100 ගුණයක් විතර ඝණකම්.

ඒ වගේම දැන් මේ imagination එකේදී අඩුම තරමේ ඔයාව කවුරුවත් ඇල්ලුවේ වත් නෑ. හැබැයි එහෙම වෙලත් ඔයාට උත්තේජනයක් දැනුනනේ.

ආ... එහෙනම් දැන්වත් තේරෙනවද කො.න්ඩම් එකක් දැම්මම පුරුෂ ලිoගය ප්‍රාණවත් වෙලා තිබ්බ එක නැති වෙනවා කියන කතාවේ ඇත්ත නැත්ත.

ඔය ප්‍රශ්නෙට හේතුව භෞතික දෙයක් නෙමේ මානසික දෙයක්. It's psychological and not physical.

හොඳට කරන් ඇවිල්ලා කො.න්ඩම් දැම්ම ගමන් එක පාරම පුරුෂ ලිoගය අප්‍රාණික වෙන්න ලොකුම හේතුව එක flow එකකට ගලාගෙන ආව උත්තේජනය  එක පාර මැද්දෙන් කැඩෙන එක.

හරි එහෙනම් දැන් බලමු මේ ප්‍රශ්නේ නැති කර ගන්න අපේ පිරිමින්ට කරන්න පුළුවන් දේවල් මොනාද කියලා.

📌 අතේ දුරින් තියා ගන්න

හිතන්න ඔන්න දැන් වැඩේට ගානට සෙට් වෙලා ඉද්දි, කො.න්ඩම් එක හොය හොයා දඟලන්න වෙනවා කියලා. එතකොට වෙන්නේ, ඔයා ඉන්න සරාගී මූඩ් එක, එක පාරම නැති වෙනවා. 

කො.න්ඩම් එක ඇඳ යටට වැටිලා ඕක හොයන්න ගියොත් හරි, ලාච්චු ඇර ඇර අවුස්සලා බලන්න ගියාම ඒකටම සෑහෙන වෙලාවක් යනවා. ඉතින් වෙන වෙන වැඩ වලට වෙලාව යනවා කියන්නේ ඒ යන වෙලාවට සාපේක්ෂව ඔයාගේ පුරුෂ ලිoගය පණ නැති වෙන එක අනුලෝමව සමානුපාතික වෙනවා. (නෑ. එහෙම සමීකරණයක් නෑ.)  

ඉතින් කරන්න තියෙන්නේ හරි සරල දෙයක්. කො.න්ඩම් එක අතේ දුරින් තියා ගන්න. ඇඳට එහා පැත්තේ තියෙන මේසේ උඩ හරි, ඇඳේ මෙට්ටේ කෙළවරක් කොහේ හරි ඉක්මනට ගන්න පුළුවන් තැනක කො.න්ඩම් එක තියලා තියන්න.

📌 දාන්න හදිස්සි වෙන්න එපා

කො.න්ඩම් දාන එක ගැන හිතන්න කලින් ඉස්සෙල්ලම පුරුෂ ලිoගය හොඳට කෙලින් කරන් ඉන්න. ඇතුළට ඔබන්න හදිස්සිය තිබ්බා කියලා කො.න්ඩම් එක දා ගන්න හදිස්සි වෙන්න එපා. 

සම්පුර්ණයෙන්ම ප්‍රාණවත් වුනාට පස්සේ කො.න්ඩම් එක දාන්න. සම්පුර්ණයෙන් කෙලින් වෙලා නැති වෙලාවක කො.න්ඩම් එක දැම්මොත්, කො.න්ඩම් එක දාන්න කලින් තිබ්බ තරම් වත් නැතුව ඒ ටිකත් බැහැලා තියෙන්න පුළුවන්. ඒ හින්දා හොඳට කෙලින් වෙනකල් ඉවසන් ඉන්න ටිකක්.

📌ලිහිසිකාරක පාවිච්චි කරන්න

ගොඩක් කො.න්ඩම් පැකට් එකෙන් එලියට ගද්දිම ලිහිසිකාරක ගතියක් එක්ක තමයි තියෙන්නේ. හැබැයි කො.න්ඩම් එක දාන්න කලින් ලිහිසිකාරක පාවිච්චි කළා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ. 

පුරුෂ ලිoගයට ලිහිසිකාරක ටිකක් දාලා ඊට පස්සේ දාලා බලන්න කොහොමද වෙනස කියලා, එහෙම කරන එක හමට දැනෙන සංවේදන වැඩි කරන්න උදව් වෙනවා.

හැබැයි මතක තියා ගන්න කො.න්ඩම් එක්ක පාවිච්චි කරන්න ඕනා water- based ලිහිසිකාරක විතරයි. oil- based ලිහිසිකාරක පාවිච්චි කරොත් සෙ.ක්ස් කරන වෙලාවට එන ඝර්ෂණය හින්දා කො.න්ඩම් එක පළුදු වෙන්න පුළුවන්. පළුදු උනොත් කො.න්ඩම් දාන එකෙනුත් වැඩක් නෑ.

හැබැයි ලිහිසිකාරක වැඩිය දාන්න යන්නත් එපා. කර කර ඉන්න අතරේදී කො.න්ඩම් එක ලෙස්සලා ගැළවිලා වැටෙයි.

📌නිකන්ම දාන්න යන්න එපා

ඔයා කො.න්ඩම් එක දානකම් ඔයාගේ පාට්නර් බලන් ඉන්න කෙනෙක් නම් ඒ පුරුද්ද පොඩ්ඩක් වෙනස් කරලා බලන්න. පොඩ්ඩක් ඒ අත්දැකීම රසවත් වෙන විදියට කරන්න. කො.න්ඩම් පැකට් එක කඩනකල් එයාට කියන්න එයාගේ අතින් හරි කටින් හරි පුරුෂ ලිoගය උත්තේජනය කරන්න කියලා. 

ඔයා කො.න්ඩම් එක දාන වෙලාවට ඔයාගේ පාට්නර් ට කියන්න, එයාගේ අතින් ඔයාගේ එක අල්ලන් කරන්න කියලා. (වචනේ මෙතන කියන්න බෑ..) 

එහෙම නැත්නම් එයාට කියලා කො.න්ඩම් එක දා ගන්න.

තව..කො.න්ඩම් එක දාන ගමන් වෘ.ෂණ කෝෂ කිස් කරන්න හෝ උරන්න වගේ දෙයක් කරන්න කියන්න. එච්චර ඕන නෑ. ඔයාගේ බෙල්ල කිස් කරන්න කියලා හරි එයාට කියන්න. කො.න්ඩම් එක දාන එක පුළුවන් තරම් සෙ.ක්සි විදියට කරන තරමට හොඳයි.

ඒ කියන්නේ වැදගත්ම දේ තමා ඔයාගේ පාට්නර් එක්ක හොඳ සන්නිවේදනයක් තියෙන එක. 

📌 homework කරලා යන්න

ඉස්සෙල්ලම කො.න්ඩම් දාලා පොඩ්ඩක් හුරු කර ගන්න. පළවෙනි පාරම සෙ.ක්ස් කරන දවසට කො.න්ඩම් එකක් දාන්න ඉන්නේ නැතුව ගෙදර අත්වැඩ ටිකක් කරලා යන්න. මුලින්ම වැඩේ කලින් තරම් සෙට් නොවෙන්න පුළුවන්, ඒත් කො.න්ඩම් දැම්මම දැනෙන්නේ කොහොමද කියන එකට පොඩ්ඩක් හුරු වෙන්න. කො.න්ඩම් එකක් දාලා සතුට දැනෙන්නේ කොහොම කරද්දීද කියලා අත්හදා බලන්න.

කො.න්ඩම් එක දාගෙන ටිකක් හුරු වෙලා එදාට ගිහින් කරද්දී අපහසුතාව ටිකක් අඩු වෙලා කොන්ෆිඩන්ස් පිට වැඩේට බහින්න පුළුවන්.

📌 වෙන එකකට මාරු වෙලා බලන්න 

සාමාන්‍යයෙන් වැඩි හරියක් කට්ටිය පාවිච්චි කරන කො.න්ඩම් හදලා තියෙන්නේ latex රබර් කියන අමුද්‍රව්‍ය වලින්. තව තියෙනවා polyisoprene වලින් හදලා තියෙන කො.න්ඩම් ජාති. කො.න්ඩම් එකේ ඝණකම ගොඩක්ම අඩු වෙන්න තමයි ඒවා හදලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය කො.න්ඩම් වලට වැඩිය ගාණ නම් ටිකක්  වැඩියි. SKYN කියලා ලංකාවේ බ්‍රෑන්ඩ් එකක් තියෙනවා. තව ඒවා ඇති. 

ඔයාට කො.න්ඩම් දැම්මම එක පාර පුරුෂ ලිoගය පණ නැති වෙන ප්‍රශ්නේ තියෙනවා නම් පොඩ්ඩක් ඒ වගේ product එකකුත් try කරලා බලන්න.

📌 අන්තිම මොහොත වෙනකල්ම ඉන්න එපා.

පුළුවන් නම් ඇතුළට දාලා කරන්න කලින් කිස් කරන ඒවා වගේ දේවල් කරන වෙලාවේ ඉඳන්ම කො.න්ඩම් එක දාගෙන වැඩේ පටන් ගන්න. එතකොට මැද්දෙන් විරාම ගන්න දෙයක් නෑ. එකම flow එකේ වැඩේ කරන් යන්න පුළුවන්.

කො.න්ඩම් දාන එක සංසර්ගයට කලින් කරන දේවල් (foreplay) වලම කොටසක් කර ගන්න. 

📌 හිතන්න යන්න එපා

මම දැන් ඔයාට කිව්වොත්, "අලියෙක්" ගැන හිතන්න එපා කියලා. මම එපා කිව්ව දේම ඔයාට හිතෙනවනේ. "අලියෙක්" මතක් උනා නේද?

අපේ මොලේ හැදිලා තියෙන්නේ ඒ වගේ තමා. එපා කියන දේම තමා අහන්නේ. කො.න්ඩම් දැම්මා කියලා පුරුෂ ලිoගය පණ නැති වෙන්නේ නෑ කියලා ඔයා දන්නව උනාට ඒක ඒ වෙලාවට හිතන්න යන්න එපා. වෙන්නේ නෑ කියලා හිතන දේම තමා වෙන්නේ හිතන්න ගියොත්.

ඒ හින්දා "කො.න්ඩම් දැම්මම නැග්ග එක බහින්නේ නෑනේ..." කියලා හිතන්න යන්න එහෙම එපා. 

තව දෙයක් තමා "මම කො.න්ඩම් දාන්නේ මට ලෙඩක් හැදෙන එකෙන් බේරෙන්නනේ..." වගේ දේවල් හිතන්න යන්නත් එපා. එතකොටත් සෙ.ක්ස් කරන්න තියෙන අරමුණ වෙනස් වෙලා පුරුෂ ලිoගය කො.න්ඩම් දැම්ම ගමන් අප්‍රාණික වෙන්න පුළුවන්.

📌 දැනගෙන දා ගන්න 

ඉස්සෙල්ලම කො.න්ඩම් එකක් දාන විදිය හොඳට දැනගෙන යන්න. 

ඉස්සෙල්ලම කො.න්ඩම් දාන විදිය පුරුදු වෙන්න. නැත්නම් පළවෙනි පාරටම ඕක එයා ඉස්සරහා දා ගන්න බැරුව දඟලද්දී විලි ලැජ්ජයිනේ. හරියට දා ගන්නත් බැරුව තව කෙළින් වෙලා තිබ්බ එකත් පණ නැති උනාම ලැජ්ජාව ඩබල්.

"කො.න්ඩම් එක හරියට දැමිලද දන්නේ නෑ.." කියලා හිතේ සැකේ තිබ්බොත් anxiety එක වැඩි වෙලා කොහොමත් නැග්ග එක බහින්න පුළුවන්. ඒ හින්ද පුරුදු වෙලා යන්න.

කො.න්ඩම් එක දාන්න කලින් පෙරසම පස්සට කරලා ශි.ෂ්ණ මුණ්ඩය එළියට අරන් ඉන්න. ඒ කියන්නේ අර රෝස පාට එක එළියට ඇවිත් නැත්නම් ඒක එලියට අරන් කො.න්ඩම් එක දාන්න කියන එක. මේක කලේ නැත්නම් නම් කොහොමත් කො.න්ඩම් එක දැම්මම වැඩිය දැනෙන්නේ නැති වෙනවා. මොකද ශි.ෂ්ණ මුණ්ඩය තමා පුරුෂ පුරුෂ ලිoගයේ වැඩියෙන්ම සංවේදී තැන. හොඳටම දැනෙන්න නම් ශි.ෂ්ණ මුණ්ඩය එළියට ඇවිත් තියෙන්න ඕනා.

දාන විදිය තේරෙන්නේ නැත්නම් සනී ලියෝන් ගෙන් කො.න්ඩම් එකක් දාන විදිය ඉගෙන ගන්න. YouTube එකේ Sunny leone tells how to use a condom කියලා search කරලා බලන්න. සනී අක්කා ලස්සනට වැඩේ කියලා දෙන වීඩියෝ එකක් තිබ්බා.

📌 ඕනම දේකට තියෙනවා ඔප්ෂන් දෙක දෙක

ඔය උඩ කිව්ව සේරම දේවල් කරලත් කො.න්ඩම් කියන එක වහකදුරු වගේ නම් බය වෙන්න එපා. තව විකල්ප ක්‍රම තියෙනවා.

ඔයාට කො.න්ඩම් පාවිච්චි කරන්න ඕන උපත් පාලන ක්‍රමයක් විදියට නම්, ඔයාගේ පාට්නර් ට පාවිච්චි කරන්න පුළුවන් උපත් පාලන ක්‍රම තියෙනවා. ගිලින පෙති, අත යට හමට යටින් දාන කරල්, කොපර් ලූප් වගේ සාර්ථක උපත් පාලන ක්‍රම තියෙනවා.

ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්න නම් ඔයාගේ පාට්නර් ට පාවිච්චි කරන්න පුළුවන් කාන්තා කො.න්ඩම් (Femidoms) ගන්න තියෙනවා. ඒ කො.න්ඩම් ගැහැණු කෙනාගේ යෝනි මාර්ගය ඇතුළට දාන්න තියෙන්නේ.

ඒ දේවල් ගැන කලින් පෝස්ට් දැම්මා හොයාගෙන බලන්න.

කො.න්ඩම් ගැන තිබ්බ වැරදි මතයක් නැති කර ගන්නයි, මේ ප්‍රශ්නේ හින්දා වද වෙන අයට උත්තරයක් දෙන්නයි මේ පෝස්ට් එක උදව් වුනා කියලා හිතනවා.

කො.න්ඩම් කියන්නේ උපත් පාලන ක්‍රමයක් වගේම, ලිoගිකව සම්ප්‍රේෂණය වෙන රෝග වලින් ආරක්ෂා වෙන්නත් බොහොම සාර්ථක ක්‍රමයක්. ඉතින් සමාජේ තියෙන වැරදි මත හින්දා කො.න්ඩම් එකක් නැතුව කරනවා කියන තීරණේ ගන්න කලින් නම් දෙතුන් පාරක් හිතන්න. කිසිම වෙලාවක පොඩි වත් අවදානමක් ගන්න එපා.

Previous Post Next Post