දෙන්නත් එක්ක කරන්න පුළුවන් Couple Sex Games

 

මේ දවස් වල ගෙවල් වලටම හිර වෙලා ඉන්න හින්දා සමහර විට හැමදාම එකම දේ කරලා එපා වෙලා ඇති. එහෙම නැත්නම් වෙන කරන්න දේවලුත් නැතුව ඇති.

ඒ හින්දා මේ පෝස්ට් එකේ තියෙන දේවල් වලින් ඔයාලාට කරන්න පුළුවන් කියලා හිතෙන දේවල් කරලා බලන්න. එකට ජිවත් වෙන යුවලක් නම් ඔයාලගේ ලිංගික ජීවිතය තවත් රසවත් කර ගන්න පුළුවන් මේ දේවල් වලින් 

___________________________________

1. ඇස් බැඳලා guess කරන්න.

මුලින්ම අනිත් කෙනාගේ ඇස් බඳින්න. ඇස් වහනවා කියන්නෙම එතනින් පස්සේ වෙන දේවල් ටික රසවත් වෙනවා කියන එක. ඊට පස්සේ ගෙදර තියෙන මොනා හරි දේවල් ටිකක් හොයා ගන්න. ඒවා විශේෂ දේවල් වෙන්න ඕනා නැහැ. මොනාම හරි දේවල් ටිකක් හොයා ගන්න. සෙල්ලම් බඩුවක්, අයිස් කැටයක්, බෙල්ට් එකක්, පිහාටුවක් වගේ ඕනෑම දෙයක් මේකට පාවිච්චි කරන්න පුළුවන්.

ඊට පස්සේ ඇස් බැඳගෙන ඉන්න කෙනාට නිදා ගන්න කියලා ඔයා තෝර ගත්ත දේවල් හිමීට එයාගේ ඇඟේ ස්පර්ශ කරන්න. ඔයා ඇඟේ වද්දන දේ හරියට කියන්න බැරි වෙන්න මේ වැඩේ ඔයා කරන්න ඕනා. හරි උත්තරේ දෙන්න පරක්කු වෙන තරමට ඇඟේ ටික ටික පහළට යන්න ඕනා. එයා හරි උත්තරේ දුන්නට පස්සේ දැන් ඔයාගේ වාරේ. මේ විදියට මාරුවෙන් මාරුවට කරගෙන යන්න.දිනන කෙනෙක් වත් පරාජිතයෙක් වත් නැති game එකක් මේක.

මතක තියා ගන්න ඇස් වහලා එක සංවේදනයක් අයින් කරාට පස්සේ ස්පර්ශයට තියෙන සංවේදනය තව වැඩි වෙනවා. ඒ හින්දා මේ game එක ඔයාට ඕන තරම් දුරකට ගෙනියන්න ඔයාට පුළුවන්.

___________________________________

2. කිස් විතරයි 

මේකෙදි ඔයාට කරන්න අවසර තියෙන්නේ එයාව කිස් කරන එක විතරයි. විනාඩි 30ක් යනකම් වෙන කිසි දෙයක් කරන්න බැහැ කිස් කරන එක ඇරෙන්න. මේ වැඩෙන් ඔයා වෙනදට එයාගේ නොසළකා හරින අවයව වෙනස් විදියට ඔයාගේ තොල් වලින් කිස් කරන්නේ කොහොමද කියල ඔයාටම තේරෙන්න ගන්නවා. ඒ වගේම සෙක්ස් කරන්න කලින් forplay එක විදියට ඔයාගේ පාට්නර් ව හොඳට උත්තේජනය කරන්න පුළුවන් දේ දෙයින්.

___________________________________

3. කණ්නාඩියක් ළඟට ගන්න.

ඊළඟ පාර එයා එක්ක සෙක්ස් කරන වෙලාවට එයා කොච්චර සෙක්සි විදියට ඔයාට පේනවද කියලා එයාගේ කණට කොඳුරලා කියන්න. එහෙම නැත්නම් කණ්නාඩියකින් ඔයාලා දෙන්නව පේන විදියට කරන්න.

හොඳම විදියක් තමා ගැහැණු කෙනා ඉස්සරහින් කණ්නාඩිය තියලා ටිකක් නැමිලා ඉන්න ඉරියව්වක ඉද්දි, පිරිමි කෙනා පිටිපස්සේ ඉඳන් සෙක්ස් කරන එක. එතකොට ඔයාව පිටිපස්සෙන් වගේම ඉස්සරහිනුත් එයාට දකින්න පුළුවන්. ඒ වගේම මුහුණේ ඉරියව් සහ පියයුරු වගේ දේවල් චලනය වෙන හැටි දකින එක ලිංගික සංසර්ගය තව රසවත් කරන්න උදව් වෙනවා.

බොහෝ විට ඇඳ ගාවින්ම කණ්නාඩියක් තියා ගත්තොත් ඔයාලා දෙන්නා එක එක ඉරියව් වලින් කරන විදිය බලන්න පුළුවන්.

___________________________________

4. එකට වීඩියෝ බලන්න.

පෝර්න් කියන්නේ අනුවාර්යෙන්ම ඔයා සතුටු වෙන දෙයක්. ඒ හින්දා ඒකට එයාවත් එකතු කර ගන්න. එයා බලන්න කැමති මොන category වල වීඩියෝ ද කියලා අහන්න. ගැහැණු අය නම් ගොඩක් වෙලාවට මේකට කෙලින් උත්තරයක් දෙන එකක් නැහැ. ඔය හැම website එකකම තියෙනවා female friendly කියලා category එකක්. දෙන්නටම ගැළපෙන විනාඩි 20ට වගේ අඩු වීඩියෝ එකක් එතනින් තෝර ගන්න. 

මේකේ හොඳම දේ තියෙන්නේ වීඩියෝ එක බලනවට වඩා වීඩියෝ එක අනිත් කෙනා බලද්දී එයා දිහා බලන් ඉන්න එක. අවසානයේ වීඩියෝ බැලිල්ල හොඳ තැනකින් ඉවර වෙන්නත් ගොඩක් වෙලාවට ඉඩ තියෙනවා.

___________________________________

5. අනිත් කෙනාව අඳින්න.

ටයිටනික් ෆිල්ම් එකේ ජැක් රෝස් ව ඇන්දා මතකද. ඒ වගේම තමයි මේකත් කරන්න තියෙන්නේ. එයාගේ ඇඟේ ලොකුවට තියෙන ඒවා ලොකුවට ඇඳලා පෙන්නන්න. ඒ වගේම ඔයා එයාගේ තියෙන්න ඕනා කියලා හිතෙන දේවලුත් චිත්‍රෙ ට එකතු කරන්න. ඔයාට චිත්‍ර හොඳට අඳින්න බැරි එකම තමයි මේ වැඩේ තව රසවත් කර ගන්න උදව් වෙන්නේ. දෙන්නම දෙන්නව අඳින්න ඕනා.

___________________________________

6. සතියක් නොකර ඉන්න

නිතරම සෙක්ස් කරන එක හොඳයි තමයි, ඒ වගේම දිගු කාලීන සම්බන්ධයක ඉන්නත් ඒක උදව් වෙනවා. ඒත් එක සතියක් ඔයාලා දෙන්නම ස්වයං වින්දනය සහ සෙක්ස් කරන එක නවත්තලා ඉන්න බලන්න. සෙක්ස් කරන දවස පරක්කු වෙන තරමට ඔයාලා දෙන්නට සෙක්ස් කරන්න තියෙන උවමනාව තව වැඩි වෙනවා. 

ඒ වගේම දෙයක් කරන්න එපා කියලා මොළේට පණිවිඩයක් දුන්නම ඒ දේම මොළේට කරන්න ඕන වෙනවා.

___________________________________

7. සෙක්ස් චැට් කරන්න

මේ චැට් එකේ ෆොටෝස් තියෙන්න ඕනා නැහැ. සමහර අයට දකින ෆොටෝ වලට වඩා වචන වලින් විතරක් හොඳට උත්තේජනය වෙනවා. ඒ හින්දා පුළුවන් නම් text සහ emoji විතරක් පාවිච්චි කරලා එයා එක්ක ෆෝන් එකෙන් සෙක්ස් චැට් එකක් දාලා බලන්න. මේකෙන් තියෙන වාසිය තමා ඔයාට කරන්න බැරි fantasy සෙක්ස් එකකට උනත් ඔයාලා දෙන්නට යන්න පුළුවන්.

___________________________________

8. වීඩියෝ එකක් හදන්න 

ඇඳ පැත්තට ෆෝන් එක තියලා එක එක විදියට එක එක ඉරියව් උත්සාහ කරලා බලන්න. මේකේ හොඳම වැඩේ තියෙන්න ඔයාලා දෙන්නා පස්සේ වෙලාවක දෙන්නම එකට මේ වීඩියෝ එක බලද්දී.

මතක් කරලා ලීක් නොකරගන්න වග බලා ගන්න.

___________________________________

9. naked ඩිනර් 

රෑ කෑම දෙන්නම එකට හදන්න. හැබැයි දෙන්නම ඇඳුම් නැතුව තමයි මේක කරන්න ඕනා. කෑම හදන වෙලාවට අනිත් කෙනාගේ දේවල් එහෙ මෙහෙ හෙල්ලෙනවා දකින එක වෙනස් අත්දැකීමක් වෙයි. කෑම හදන ගමන් පිරිමි කෙනාට පිටිපස්සෙන් ඇවිත් ගැහැණු කෙනාව බදා ගන්නත් පුළුවන්. ඒ වගේම මේ දවසේ විශේෂ කෑමක් හදන්නත් අමතක කරන්න එපා. හදපු කෑම අවසානයේ එකටම කන්න. ඩිනර් එක අවසානයේ වෙන හොඳ තැනකින් ඉවර වෙයි.

___________________________________

10. අනිත් කෙනාව බලාගෙන ස්වයං වින්දනය

ගොඩක් අයට ස්වයං වින්දනය කියන්නේ තමන්ගේ සහකරුවා එක්ක ගත කරන ලිංගික ජීවිතයට අමතරව සිද්ධවෙන බොහොම පෞද්ගලික දෙයක්. ඒ හින්දමයි තමන්ගේ පෞද්ගලික ලිංගික ජිවිතයට තමන්ගේ සහකාරයාටත් එන්න ඉඩ දෙන්න ඕනා.

ඒ හින්දා දෙන්නම කතා වෙලා අනිත් කෙනා දිහා බලාගෙන ස්වයං වින්දනය කරන්න ගන්න. ඉස්සෙල්ලම සුරතාන්තයට එන කෙනා තමා දිනන්නේ කියලා නීතියක් දා ගන්න. පුළුවන් නම් පිරිමි කෙනා ටිකක් හිමින් කරලා වැඩේ පරක්කු වෙනවා වගේ අඟවලා ගැහැණු කෙනාට දිනන්න දෙන්න. ඒ අතරේ අනිත් කෙනා ස්වයං වින්දනය කරද්දී ස්පර්ශ කරන තැන් එහෙම හොඳට බලා ගන්න, ඊළඟ පාර ඔයාලා දෙන්නා සෙක්ස් කරන වෙලාවට ඒ දේවල් උදව් වෙයි.

___________________________________

11. ගැට ගහලා බලන්න

මේකට ගෙදර තියෙන රෙද්දක් හරි සපත්තු ලේස් වගේ ඕන දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි අත් දෙකයි, කකුල් දෙකයි වැඩිය හිර වෙන්න නැති වෙන්න බඳින්න. ඒ වගේම ඇඳට තියලා බඳින්න ඕනමත් නැහැ. පුටුවක බැඳලා වුනත් මේ වැඩේ කරන්න පුළුවන්. වැදගත්ම දේ හැම වෙලාවේම ගැහැණු කෙනාවම මේ විදියට බඳින්න ඕනා කියලා දෙයක් නැහැ. එයාටත් කියන්න කැමති නම් මාව බැඳලා ඔයා කැමති දෙයක් කරන්න කියලා. බොහෝ විට ඔයාලා දෙන්නා අතර හොඳ අවබෝධයක් තියෙනවා නම් එයා හා කියනවා.

___________________________________

12. කොන්ඩෙන් අදින්න 

හිමීට කොන්ඩෙන් අදින එකේ තියෙන බලය කොච්චරද කියලා කිසිම වෙලාවක අවතක්සේරු කරන්න එපා. ඊළඟ පාර එයාව කිස් කරද්දී සහ එයා ඔයාගේ ඇඟේ පහල තියෙන දේවල් වල‍ට යද්දී එයාගේ කොන්ඩෙන් හිමීට අදින්න. කොන්ඩේ අස්සෙන් ඇඟිලි යවලා හිස්කබල ලඟින්ම කොන්ඩේ අල්ල ගන්න උත්සාහ කරන්න. වැඩියෙන් කොන්ඩේ අල්ල ගන්න තරමට එයාට රිදෙන එක නැති වෙනවා. කොන්ඩේ කෙලවරින් අල්ල ගත්තොත් එහෙම ඒක වේදනාකාරී වෙනවා. ඒ හින්දා පුළුවන් තරම් කොන්ඩේ මුලින්ම අල්ල ගන්න බලන්න.

___________________________________

13. අලුත් ඉරියව් උත්සාහ කරලා බලන්න

සමහර විට හැමදාම එකම රටාවකට ඔයාලා හුරු වෙලා ඇති. පොඩ්ඩක් දේවල් වෙනස් කරලා ගන්න. අදහසක් ගන්න සංසර්ග ඉරියව් ගැන මීට කලින් පෝස්ට් 1ක් දැම්මා. අවශ්‍ය නම් ඒක බලන්න. එක එක දවසට විවිධ ඉරියව් උත්සාහ කරලා හැම තිස්සෙම වෙනසක් කරන්න බලන්න.

Previous Post Next Post