කාන්තාවන්ගේ ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන එක ආදී කාලේ ඉඳන්ම සිද්ද වුන දෙයක්. 19 වන සියවසේ අග භාගය වෙනකල් ම කලාත්මක නිරුවත් නිර්මාණ වල එහෙම ලිංගාශිත ප්‍රදේශ වල රෝම හරිම අඩුවෙන් තමා පේන්න තිබ්බේ. වර්තමානගේ නම් ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන එකට ගොඩක්ම porn වීඩියෝ සුලභ වීම බලපාලා තියෙනවා. කාන්තාවන් මේ විදියට ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන්නේ තමන්ට පිරිසිදුකම ගැන දැනෙන හැඟීම, සුවපහසුව, ලිංගිකව එක් වීම සහ තමන්ගේ සහකරුගේ කැමැත්ත වගේ හේතු හින්දා.
කාන්තාවන්ගේ වගේම පිරිමින්ගේත් ලිංගාශිත රෝම තියෙන්නේ හේතුවක් ඇතිව. රෝම තියෙන එකේ වාසි කිහිපයක් තියෙනවා. ලිංගාශිත ප්‍රදේශයේ සම ඉතාම සංවේදියි. ඒ හින්දා ලිංගික සංසර්ගයක් වේලාවකදී ඇති වෙන ඝර්ෂණය අඩු කරන්න රෝම උදව් වෙනවා. ඒ වගේම බැක්ටීරියා සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් ඇතුල් වීම නවත්තන්න වගේම ආසාදන ඇති වෙන එක අඩු කරන්නත් උදව් වෙනවා. තව ශරීර උෂ්ණත්වය පාලනය කරන්නත් රෝම දායක වෙනවා.
කොහොම උනත් කාන්තාවන් ලිංගාශිත රෝම අනිවාර්යෙන් ඉවත් කරන්න ඕනා කියලා දෙයක් නැහැ. ඒක තමන්ගේ කැමැත්ත, ඕනනම් නොකර ඉන්නත් පුළුවන්.
දැන් බලමු කාන්තාවන්ගේ ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන්න පාවිච්චි වෙන එක එක ක්‍රම ගැන.
.
.
📌 Waxing මඟින් ඉවත්
waxing කියන්නේ ලිංගාශිත ප්‍රදේශයේ සහ ඒ අවට රෝම ඉවත් කර ගන්න පාවිච්චි කරන්න පුළුවන් හොඳ ක්‍රමයක්.
▶ waxing මඟින් රෝම ඉවත් කරද්දී රෝම වල මුලට ආසන්නයෙන්ම ගැලවෙන නිසා එක පාරක් රෝම ඉවත් කරාට පස්සේ නැවත ඉවත් කරනකල් සති කිහිපයක්ම ඉන්න පුළුවන්. ඒ වගේම මේ ක්‍රමයෙන් රෝම ඉවත් කරාම වැවෙන්න පටන් ගන්න රෝම ඝනකම් නැහැ. ඒ නිසා කැසීම වගේ අපහසුතා ඇති වෙන්නේ නැහැ. රෝම ඉවත් කරාට පස්සේ සමේ මතුපිට ඉතාම සිනිඳුව තියෙනවා. ඒ වගේම මැරුණු සමත් ඉවත් වෙන නිසා ඒ ප්‍රදේශ වල සම අඳුරු වෙන එක වෙන්නෙත් නැහැ.
▶ ඒත් මේක තනියම කර ගන්න එක නොකරනවා නම් හොඳයි. බොහෝ විට කාන්තා සැලුන් එකකින් හෝ අනවශ්‍ය රෝම ඉවත් කරන තැනකින් තමා කර ගන්න වෙන්නේ. ඒ නිසා මේකට ටිකක් වියදම් වෙනවා. ඒ වගේම waxing වලින් රෝම ඉවත් කරන එක ටිකක් වේදනාකාරීයි. තවත් මේ ක්රමයේ තියෙන තව ගැටළුවක් තමයි ingrown hari ඒ කියන්නේ සම ඇතුලෙන් වැවෙන රෝම ඇති වෙන එක. ඒවා ඉවත් කරන එක ටිකක් අපහසු වෙනවා.
▶ waxing කරන්න යනවා නම් රේසර් මඟින් රෝම ඉවත් කරලා යන්න එපා. ඒ වගේම තද ඇඳුම් ඇඳගෙන යන්නත් එපා. ඒ වගේම අදාළ ස්ථානයේ සුදුසුකම් තියෙන අය ඉන්නවාද කියන දේ සහ hand gloves වගේ දේවල් පාවිච්චි කරලා ආරක්ෂිතව ඒක සිදු කරනවාද කියලා සොයා බලන්න. පාවිච්චි කරන රසායනික ද්‍රව්‍ය සමට අසාත්මිකතා ඇති කරනවද කියලත් සොයා බලන්න.
ඔයා ව්‍යායාම කරන කෙනෙක් නම් wax කරන දවසට ව්‍යායාම වල නිරත වෙන්නත් එපා, මොකද දහදිය දැමීම නිසා සමේ දැවිල්ලක් ඇති වෙන්න පුළුවන්.
▶ waxing කරද්දී ඇති වෙන වේදනාව ටිකක් අඩු කර ගන්න නම් ඔසප් වීම සිදු වෙලා සතියකින් විතර waxing එක කර ගන්න යන්න. මොකද ඔසප් වෙන දවස් වලට ශරීරයේ සංවේදීතාවය වැඩියි. ඔසප් දවස් වලට කාන්තාවන්ගේ පියයුරු වල සංවේදීතාව වැඩි වෙනවා කාන්තාවන් අත්දැකීමෙන් දන්නවා ඇති.
තව waxing සමේ ආලේප කරන වෙලාවට හුස්ම අරගෙන waxing එක ගලවන වෙලාවට හුස්ම පිට කරනවා නම් වේදනාව අඩු කර ගන්නත් පුළුවන්.
.
.
📌 රේසර් මඟින් ඉවත් කිරීම
▶ ගොඩක් දෙනෙක්ට ගෙදරදීම පහසුවෙන් තනියම කර ගන්න පුළුවන් ක්‍රමය තමයි මේක. ඒ වගේම ඉතාම අඩු මුදලක් තමා වැය වෙන්නේ. ඒත් රේසර් කලාම ඉවත් වන්නේ සම මතුපිට ඇති රෝම විතරක් නිසා shave කරාට පස්සෙත් සමේ මතුපිට එතරම් මෘදු නොවෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම දවස් ගානකින් ආපහු වැවෙන එකත් මේ ක්‍රමේ තියෙන එක අවාසියක්.
රේසර් කරන එකේ ගොඩක් ගැහැණුන්ට තියෙන ප්රශ්නය තමා ලිංගාශිත ප්‍රදේශ අඳුරු වෙන එක, කැපීම් කැසීම් ඇති වීම, සමට ඇතුලෙන් රෝම වැවීම වගේ ප්‍රශ්න. මේ ප්‍රශ්න මඟහරවාගෙන හරි විදියට shave කර ගන්න නම් මේ විදියට කරන්න.
▶ මතක තියා ගන්න ඕනා දෙයක් තමා shave කරන වෙලාවට සම හොඳින් තෙත් ව තියෙන්න ඕනා. නාන වෙලාවට shave කරනවා නම් නාලා අන්තිම හරියේදී shave කරන එක හොඳයි. ඝණව රෝම වැවිලා තියෙනවා නම් හෝ ගොඩක් දවසකින් රේසර් කරනවා නම් උණු වතුරෙන් නාන ගමන් රේසර් කරන එකත් හොඳයි.
▶ රේසර් මඟින් රෝම ඉවත් කරනවා නම් ඉස්සෙල්ලම කතුරක් පාවිච්චි කරලා රෝම කෙටි වෙන විදියට කපා ගන්න. ඒ වගේම රෝම ඉවත් කරන්න හැම වෙලාවකම ladies අයගේ shaving cream එකක්, shaving gel එකක් හෝ body wash එකක් පාවිච්චි කරන්න.
ඒ මොකුත්ම හොයා ගන්න බැරි නම් ඔලිව් oil එකක් පාවිච්චි කරන්න. විනාඩි 3-4 ක් සමේ තියෙන්න ඇරලා shave කරන්න පටන් ගන්න.
සබන්, shampoo සහ conditioner වගේ දේවල් කිසිම වෙලාවක පාවිච්චි කරන්න එපා. ඒ දේවල් වලින් සමේ PH අගය වෙනස් වෙලා ආසාදන වගේ ඇති වෙන්න ඉඩ තියෙනවා. කිසිම වෙලාවක මේ කිසිවක් අලේප නොකර shave කරන්න යන්නත් එපා. (dry shave)
▶ හැම වෙලේම shave කරද්දී රෝම කූප වැවිලා තියෙන දිශාවටම shave කරන්න වග බලා ගන්න. ඒ කියන්න උඩ ඉඳන් පහළට shave කරන්න. ඒ වගේම රේසර් නිතරම මාරු කරන්න. වැඩි වාර ගණනක් එකම රේසර් එක පාවිච්චි කරන්න එපා. හොඳින් මුවහත් තළ වැඩි ගණනක් ඇති රේසර් එකක් පාවිච්චි කරන්න.
▶ shave කරාට පස්සේ අනිවාර්යෙන් scrub කරන්න. එහෙම නොකළොත් ඒ ප්‍රදේශය අඳුරු වෙන්න, සම ඇතුළෙන් වැවෙන රෝම ඇති වීම සහ මැරුණු සෛල ඉවත් නොවීම වෙන්න පුළුවන්. ඒ නිසා body scrub එකක් පාවිච්චි කරන්න.
▶ මේ සේරම කරලා ඉවර වුණාම සමේ තියෙන සිදුරු ඇරිලා තියෙන්නේ. ඒවා එහෙම්මම තියෙන්න ඇරියොත් ආසාදන එහෙම එන්න පුළුවන්. ඒ නිසා අවසානයේ toner එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් රෙදි කෑල්ලක් සීතල වතුරෙන් පොඟවලා සමේ ස්පර්ශ කරන්න.
▶ අවසානයේ ලිංගාශිත ප්‍රදේශ වලට moisturizer cream එකක් පාවිච්චි කරන්න. එහෙම නැත්නම් ඔලිව් oil උනත් පාවිච්චි කරන්න පුළුවන්.
රෝම ඉවත් කරන අනිත් ක්‍රම අවසානයේදීත් මේ කිව්ව දේවල් ටික කරන්න.
මේ දේවල් ටික හරියට කලොත් සම කළු වෙන ගැටළු, කැසීම් සහ සම කැපීම් ඇති වීම, සම ඇතුලෙන් රෝම වැවීම වගේ මේ හැම ප්‍රශ්නයක්ම නැති කර ගන්න පුළුවන්.
.
.
📌 අනවශ්‍ය රෝම ඉවත් කිරීමේ ආලේපන
▶ මේ ආලේපන වලින් වෙන්නේ ආලේපන වල තියෙන රසායනික ද්‍රව්‍ය වලින් රෝම විනාශ වෙන එක. බොහොම පරිස්සමින් කරන්න ඕනා මේ දේ. අනිවාර්යෙන්ම නිෂ්පාදනයේ අඩංගු උපදෙස් ඒ විදියටම අනුගමනය කරන්න. ආලේපනය ලිංගාශිත ප්‍රදේශ වල පාවිච්චි කරන්න කලින් යටි බඩ කොටසේ වගේ ඒ ආශිත වෙනත් ප්‍රදේශයක සමේ අලේප කරලා බලන්න අසාත්මිකතා එහෙම ඇති වෙනවද කියලා.
▶ හදිසි අවස්ථාවකදී ඇරෙන්නේ මේ ක්‍රමය භාවිතා නොකරනවා නම් හොඳයි.
මේකෙදි මතක තියා ගන්න ඕනා දේ තමා අත්, කකුල් වගේ ඇඟේ අනිත් කොටස් වලට පාවිච්චි කරන්න තියෙන ආලේපන ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන්න පාවිච්චි කරන එක සම්පුර්නෙන්ම නොකළ යුතුයි.
.
.
📌 මුලින්ම කිව්වා වගේ ශරීරය පිරිසිදුව තබා ගන්න රෝම ඉවත් කිරීම අත්‍යාවශ්‍ය නැහැ. ඒ හින්දා මේ ක්‍රම එකක්වත් ඔයාට කරන්න බැරි නම් පිරිසිදු මුවහත් කතුරක් පාවිච්චි කරලා රෝම කෙටි වෙන විදියට කපන්නත් පුළුවන්.
📌 මේ ක්‍රම වලට අමතරව තවත් ලිංගාශිත ප්‍රදේශ වල රෝම ඉවත් කරන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. භාවිතා කිරීමේ පහසුව සහ මිළ ගණන් නිසා ඒ දේවල් මෙතන සඳහන් කලේ නැහැ.
උදාහරණයක් විදියට ලේසර් ක්‍රමය මඟිනුත් රෝම ඉවත් කරන්න පුළුවන්. ඒත් ඒ සඳහා වාර (sessions) කිහිපයක්ම ඒ වගේ තැනකට යන්න වෙනවා සහ එක session එකකට සාමාන්‍යයෙන් 50,000 ක් වගේ ගානක් වැය වෙනවා.
මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏