ඔසප් දවස් වලට පාවිච්චි කරන්න පුළුවන් දේවල් : Different Types of Sanitary Products


අද (මැයි 28) කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂක දිනය (Menstrual Hygiene Day) ඉතින් මේ ගැන XeducationSL පේජ් එකෙන් මේ කතා කරන්න හොඳම දවස අද.

දැනට කාලයකට කලින් දේශපාලඥයෙක් කාන්තාවන්ට නොමිලේ පෑඩ්ස් දෙනවා කියලා කිව්ව ප්‍රකාශය ගොඩක් කතා බහට ලක් වුනා. හැබැයි ලංකාවේ ගොඩක් දෙනා ඒ ප්‍රකාශය ගත්තේ හරිම පසුගාමී චින්තනයකින් සහ ඒක විහිළුවට ලක් වුණා. 

යුනෙස්කෝ සංවිධානයට අනුව දැනට ලෝකයේ ඉන්න ගැහැණු ළමයින්ගෙන් මිලියන 130ක් වගේ ගණනක් ඔසප් වෙන දවස් වලට පාසල් යන්නේ නැහැ.

තමන්ගේ දරුවට සනීපාරක්ෂක තුවායක් තියා එදා වේල හම්බ කර ගන්නත් අමාරු දුප්පත් පවුල් ලංකාවේත් ඉන්නවා.

____________________

පීරියඩ් දවස් වලට ගැහැණු ළමයින්ට ඇති වෙන අපහසුතා අඩු කර ගන්න පාවිච්චි කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. සමහර විට පෑඩ්ස් වලට එහා දේවල් ගැන ගැහැණු ළමයි දන්නෙත් නැතුව ඇති. මේ පෝස්ට් එකෙන් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ලංකාවේ ගන්න තියෙන දේවල් කිහිපයක් ගැන කෙටි විස්තරයක් තියෙනවා. 

මේ පෝස්ට් එකේ කතා වෙන ඔසප් කෝප්ප (Menstrual Cup) ගැන පේජ් එකේ වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒකත් බලලා එන්න.

________________________

📌 සනීපාරක්ෂක තුවා (Menstrual Pad)

මේක ගැන නම් හැමෝම දන්නවා ඇති, ගොඩක් කාන්තාවන් අතරේ ජනප්‍රිය ක්‍රමය තමා ඔසප් දවස් වලට පෑඩ්ස් පාවිච්චි කරන එක.

කපු වලින් හදලා තියෙනවා, ඔසප් වෙද්දී පිටවෙන ලේ උරා ගන්න අවශ්‍ය රසායනික ද්‍රව්‍ය එකතු කරලා තියෙනවා.

යට ඇඳුමට ඇතුලෙන් මේක තැන්පත් කර ගන්න ඕනා. එක එක හැඩයෙන් සහ එක එක උරාගැනීමේ මට්ටම් වලින් මේ පෑඩ්ස් වර්ග තියෙනවා.  

එක පාරක් පාවිච්චි කළාට පස්සේ අයින් කරන්න ඕනා.

▶ වාසි

පාවිච්චි කරන්න ලේසියි 

ඕනම ෆාමසියකින්, සුපර් මාකට් එකකින්, පොඩි කඩේකින් පවා මිලදී ගන්න පුළුවන්. 

▶ අවාසි 

පැය කිහිපයක් විතරයි පාවිච්චි කරන්න පුළුවන්.

පාවිච්චි කරලා බැහැර කරන්න වෙන හින්දා මේ පෑඩ්ස් පරිසර හිතකාමී නැහැ.

________________________

📌නැවත භාවිතා කරන පෑඩ්ස් (Reusable Pads)

මේ පෑඩ්ස් රෙදි වර්ගයකින් හදලා තියෙන්නේ. එක පාරක් පාවිච්චි කලාට පස්සේ හෝදලා ආයේ පාවිච්චි කරන්න පුළුවන්.

මේක යට ඇඳුමටම අල්ලලා තියා ගන්න උදව් වෙන විදියට දාන්න පුළුවන් වෙන්න බට්න් එකකුත් එනවා. ඒ හින්දා එහෙ මෙහෙ යන එක ගැන වද වෙන්න දෙයක් නැහැ. අවශ්‍ය තැනම රැඳිලා තියෙනවා.

▶ වාසි

සාමාන්‍ය පෑඩ්ස් වගේ එක පාවිච්චියකින් පස්සේ ඉවත් කරන්න වෙන්නේ නැහැ.

ඒ නිසා සල්ලි ඉතුරු වෙනවා සහ සාමන්‍ය පෑඩ් එකකට වඩා පරිසර හිතකාමී.

▶ අවාසි 

පාවිච්චි කරන්න කලින් පිරිසිදු කර ගන්න පොඩි වැඩ ටිකක් කරන්න ඕනා.

සාමාන්‍ය පෑඩ් එකකට වඩා මිල ටිකක් වැඩියි.

________________________

📌 ටැම්පොන් (Tampon)

කෙළවර නූලක් තියෙන්න කපු වලින් කුඩාවට තමා හදලා තියෙන්නේ. ඔසප් දවස් වලට පිටවෙන රුධිරය උරා ගන්න යෝනි මාර්ගය ඇතුලට මේක දා ගන්න ඕනා. පාවිච්චි කරලා ඉවර උනාට පස්සේ එළියට එන නූල් කෑල්ලෙන් අල්ලලා යෝනියෙන් එළියට ගන්න ඕනා.

පැය 4-6 කට වරක් මාරු කරන්න වෙනවා. තමාට ගැළපෙන විදියට එක එක ප්‍රමාණයෙන් ගන්න තියෙනවා.

▶ වාසි 

ප්‍රමාණයෙන් හරිම පොඩියි. ඒ හින්දා බෑග් එකේ හරි ප'ර්ස් එකේ හරි පහසුවෙන් දාගෙන යන්න පුළුවන්.

මේකක් දාගෙන ඉන්නවා කියලා ඔයාට දැනෙන්නේ වත් නැහැ. ඒ හින්දා කිසිම අපහසුවක් නැහැ. හරිම ලේසියි.

මේකක් දාගෙන පීනන්න වුනත් යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ.

▶ අවාසි 

ඔයාගේ තාම කන්‍යා පටලය කැඩිලා නැත්නම් සහ ඔයා ඒක ගැන හිතනවා නම් මේක ඔයාට ගැලපෙන්නේ නැහැ.

මේක නිසා Toxic Shock Syndrome (TSS) කියන බැක්ටීරියා ආසාදනය ඇති වෙන්න හරිම පොඩි අවස්තාවක් තියෙනවා.

ඒක වළක්වා ගන්න ටැම්පුන් එක ඇතුල් කර ගන්න කලින් හැම වෙලේම අත් පිරිසිදු කර ගන්න. අඩුම තරමේ පැය 8 කට වරක් වත් මාරු කරන්න, නිදා ගන්න කලින් හැම වෙලේම ටැම්පොන් එක ඉවත් කරන්න.

________________________

📌 ඔසප් කෝප්ප (Menstrual Cup)

මේ ගැන විස්තර කරන වීඩියෝ එකක් page එකේ දාලා තියෙනවා. මුලින්ම ඒක බලලා එන්න.

මෘදු medical-grade සිලිකන් වලින් මේ කප් එක හදලා තියෙන්නේ. ඔසප් වීමේදී පිට වෙන ලේ කප් එකට එකතු වෙන විදියට යෝනියට ඇතුල් කරන්න තියෙන්නේ.

හරියට ඇතුල් කර ගත්තම මේක දාගෙන ඉන්නවා කියලා වත් දැනෙන්නේ නැහැ. ඒ වගේම තමන්ට ගැළපෙන විදියට එක එක ප්‍රමාණයෙන් ගන්න පුළුවන්.

▶ වාසි 

එක පාරක් පාවිච්චි කළාට පස්සේ ආයේ ආයේ උනත් සෝදලා පාවිච්චි කරන්න පුළුවන්.

අවුරුදු 10ක් උනත් මේකක් පාවිච්චි කරන්න පුළුවන්.

පරිසරයට හිතකාමියි.

මේ කප් එක දාගෙන ඔසප් දවස් වලට පීනන්න වුනත් යන්න පුළුවන්.

▶ අවාසි 

ඔයාගේ තාම කන්‍යා පටලය කැඩිලා නැත්නම් සහ ඔයා ඒක ගැන හිතනවා නම් මේක ඔයාට ගැලපෙන්නේ නැහැ.

මුලින් මේක දා ගන්න එක ටිකක් අමාරු වෙන්න පුළුවන්. හැබැයි පුරුදු වුනාම ඒක හරිම පහසුයි.

________________________

📌 පීරියඩ් යට ඇඳුම් (Period P anties

මේවා වල පෙනුම සහ දැනෙන විදිය සාමන්‍ය යට ඇඳුම් වගේම තමයි. ටිකක් අඩු රුධිර වහනයක් වෙනවා නම් මේ පීරියඩ් යට ඇඳුම් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම පෑඩ් එකට අමතරව ආරක්ෂාවට මේකක් අඳින්නත් පුළුවන්.

▶ වාසි

පාවිච්චි කරන විදිය හරිම පහසුයි. සාමාන්‍ය යට ඇඳුමක් වගේම අඳින්න පුලුවන්.

පරිසර හිතකාමී සහ නැවත නැවත සෝදා පාවිච්චි කරන්න පුළුවන්.

▶ අවාසි 

මිල ටිකක් වැඩියි.

ටිකක් වැඩියෙන් රුධිර වහනයක් වෙනවා නම් මේකට අමතරව තවත් ක්‍රමයක් ඔයාට පාවිච්චි කරන්න වෙනවා.

ඒ වගේම මේක ඇඳගෙන ඉද්දි ඔයාට යට ඇඳුමේ ලේ තැවරිලා තියෙනවා කියලා දැනෙනවා. ඒකෙන් ටිකක් අපහසුතාවයට පත් වෙන්න පුළුවන්.

මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏

©XeducationSL


Previous Post Next Post