බ්‍රා ඇන්දේ නැත්නම් පියයුරු එල්ලෙනවද? : Do Bras Stop Breast Sagging?

පියයුරු සමහර වෙලාවට ගැහැණු කෙනෙක්ට ආභරණයක්, හැබැයි සමහර වෙලාවට කරදරයක්. කොච්චර කරදරයක් උනත් ඕවා උස්සලා තියා ගන්න ගැහැණු ළමයි බ්‍රා ඇඳලා පටි වලින් ඕවා හිර කරන්, තද කරන්, ඔබාගෙන සෑහෙන්න වෙහෙසක් දරනවා.

ඔයා ගැහැණු ළමයෙක් නම්, අද නිවාඩු දවසේ ගෙදරට වෙලා කකුලක් උඩ කකුලක් තියාගෙන බ්‍රා එකකුත් නැතුව නම් මේ පෝස්ට් එක කියවන්නේ මේක ඔයාටමයි.

සමහර විට බ්‍රා එකක් අඳින්නේ පියයුරු එල්ලා වැටෙන එක නවත්තන්න හිතාගෙන.

එහෙනම් ඔන්න ඔයාට දැන් අලුතෙන් දැන ගන්න දෙයක් තියෙනවා.

✅ බ්‍රා එකක් ඇන්දම පියයුරු එල්ලා වැටෙන එක නවත්තන්න පුළුවන් කියලා ඔප්පු කරපු කිසිම විද්‍යාත්මකව පරිෂණයක් නැහැ. ඔව්.. ඔයා කියෙව්වා හරි, විද්‍යාවෙන් එහෙම දෙයක් ඔප්පු වෙලා නැහැ.

ඔය පියයුරු එල්ලා වැටෙන එකට මුලිකම හේතුව තමයි ගුරුත්වාකර්ශණය. ඒත් ඒකට කරන්න දෙයක් නැහැනේ. ඊට අමතරව පියයුරු එල්ලා වැටෙන්න තියෙන හේතු තමයි පියයුරු වල size එක, ගර්භණි බව, වයසට යෑම සහ දුම්පානය හින්දත් එල්ලා වැටෙන්න පුළුවන්. ඊට අමතරව ජාන ත් ඕකට බලපානවා.

ඔයා පුදුම වෙයි බ්‍රා එකක් අඳින එකම පියයුරු එල්ලා වැටෙන එකට හේතු වෙන්න පුළුවන් දෙයක් කියලා පරීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා.

අපි ඒ පරික්ෂනේ ප්‍රතිඵල වලට යන්න කලින් ඉස්සෙල්ලම පියයුරක් හැදිලා තියෙන්නේ කොහොමද කියලා බලමු.

📌 පියයුරු ඇතුලේ අස්ථි වත් මාංශපේශි වත් නැහැ. එහෙම තිබ්බා නම් ගැහැණු ළමයි ව්‍යායාම කරලා තමන්ගේ පස්ස හදා ගන්නවා වගේ ව්‍යායාම කරලා පියයුරුත් ඕන විදියට හදා ගන්න තිබ්බා. ඒත් අවාසනාවට එහෙම බෑ. කොහොම හරි පියයුරු ඇතුලේ වැඩියෙන්ම තියෙන්නේ ඇඟේ තියෙන මේදය, ඊට අමතරව තව දේවල් ටිකකුත් තියෙනවා. මේ පියයුරු එල්ලා වැටෙන්න නොදී අල්ලන් ඉන්න පියයුරු වල තියෙනවා සම්බන්ධක පටක (connective tissue). ඕවගෙන් තමා පියයුරු ඇදලා අල්ලගෙන ඉන්නේ.

එක එක හේතු හින්දා ඔය සම්බන්ධක පටක දුර්වල උනාම ඒ පටක ඉලාස්ටික් වගේ ටික ටික ඇදෙන්න ගන්නවා. එහෙම උනාම පටකයේ තියෙන ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ තව දුරටත් පියයුරු වැටෙන්න නොදී අල්ලන් ඉන්න එක අමාරු වෙනවා. 

හරි දැන් යන් පරීක්ෂණයේ ප්‍රතිඵල වල‍ට. 

📌 Pierrot, L., & Rouillon, J.-D. (2003)

මහාචාර්ය Rouillon මේ පරික්ෂනයට කාන්තාවන් සිය ගානක් පාවිච්චි කළා. ඒ වගේම මේක දවසින් දෙකෙන් කරපු පරීක්ෂණයක් නෙමේ. පරීක්ෂණයට සහභාගී වුන ගැහැණු අයගේ අවුරුදු 15 කම පියයුරු වල ප්‍රමාණය මැනලා දත්ත එකතු කළා. මේකෙදි පියයුරු එල්ලෙන ප්‍රමාණය කියලා මැන්නේ, උරහිසේ ඉඳන් තන පුඩුව (nipple) ගාවට වෙනකම් තියෙන දුර.

අවසානයේ මහාචාර්ය Rouillon ට හොයා ගන්න පුළුවන් උනා හැම අවුරුද්දකම බ්‍රා ඇන්දේ නැති ගැහැණු අයගේ තන පුඩුව  බ්‍රා ඇන්ද ගැහැණු අයට වඩා සාමාන්‍යයෙන් මිලිමීටර් 7ක් උඩින් තියෙනවා කියලා. 

තව පරීක්ෂණයක් කරලා තියෙනවා ජපානේ. 

📌 Ashizawa K, Sugane A, Gunji T (1990) Breast form changes resulting from a certain brassière. J Hum Ergol (Tokyo)

මේ පරික්ෂනේට ගත්තේ වයස අවුරුදු 22-39 අතර ගැහැණු අය. මේ පරික්ෂනේදී ඉස්සෙල්ලම කලේ එක තෝරා ගත්ත බ්‍රා එකක් මාස 3ක් එයාලට අඳින්න දුන්නා. සතිය ගානේ ෆොටෝ ගත්තා.

ඊට පස්සේ බ්‍රා එකක් අඳින්නේ නැතුව මාස 3ක් ඉන්න කිව්වා. ඒ මාස 3 අවසානෙත් ෆොටෝ ගහලා පියයුරු මැන්නා. අවසානේ බ්‍රා එකක් ඇන්ද මුල් මාස තුනේ ප්‍රතිඵල එක්ක බ්‍රා එක ඇන්දේ නැති මාස තුනේ ප්‍රතිඵල සසඳලා බැලුවා.

අවසානේ එයාලට දැක ගන්න පුළුවන් උනා බ්‍රා එකක් ඇන්ද මාස 3 දී පියයුරු දෙකේ තන පුඩු දෙක දෙපැත්තට පළල් වෙලා තියෙනවා සහ පියයුරු පහළට නැඹුරු වෙලා තියෙනවා. 

මාස 3ක් බ්‍රා ඇඳලා කරපු පරීක්ෂණයේ ප්‍රතිඵල මෙහෙම නම් ජිවිත කාලෙම බ්‍රා අන්දම වෙන දේ හිතා ගන්න.

📌 අපි පොඩ්ඩක් බලමු බ්‍රා ඇන්දම පියයුරු එල්ලෙන එක වෙන්නේ කොහොමද කියලා.

උඩ මුලින්ම කිව්වනේ පියයුරු එල්ලෙන්න නොදී අල්ලන් ඉන්නේ පියයුරු වල තියෙන සම්බන්ධක පටක වලින්. ඉතින් බ්‍රා එකක් ඇන්දාම මේ සම්බන්ධක පටක වලින් කරන වැඩේ බ්‍රා එක කරනවා, ඒ කියන්නේ පියයුරු වැටෙන්න නොදී උස්සලා අල්ලන් ඉන්නවා. හැබැයි මේ වැඩේ සදාකාලිකවම වෙන්න ගියාම සම්බන්ධක පටක නිකම්ම දුර්වල වෙලා වැඩියෙන් ඇදෙන්න පුළුවන්. ඉතින් සම්බන්ධක පටක වල අල්ලන් ඉන්න ශක්තිය නැති වුන ගමන් රන් තැඹිලි, ගස්ලබු වගේ වෙනවා.

ඕක තමයි බ්‍රා ඇන්දම වෙන කතන්දරේ.

👉 හැබැයි මේකෙන් කියවෙන්නේ නැහැ. බ්‍රා අඳින්න එපා කියලා. ඇඳුමකට බ්‍රා අඳින්න ඕන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම පියයුරු වැඩියෙන් හෙළවෙන, ඒ කිව්වේ දුවන පනින, ව්‍යායාම කරන වගේ වෙලාවට අනිවාර්යෙන් බ්‍රා එකක් අඳින්න. එහෙම නැත්නම් පියයුරු චලනය වෙද්දී සම්බන්ධක පටක වලට එන පීඩනය දරා ගන්න බැරුව ඕවා ඇදෙන්න පුළුවන්. 

ඒ නැතුව සාමාන්‍ය වෙලාවට ඕක ගළවලා විසි කරලා හංස යුවල ටත් නිදහසේ හුස්මක් ගන්න දෙන්න.

📌 ආ... තව දෙයක් Youtube එකේ කෙනෙක් කියලා තිබ්බා, බ්‍රා එකක් නිතරම අඳින්න, එතකොට පියයුරු එල්ලෙන එක නවත්ත ගන්න පුළුවන්, එයත් බ්‍රා එකක් නිතරම ඇන්ද නිසා එයාගේ පියයුරු නම් හොඳට තියෙනවා කියලා කතාවක්.

එයා විතරක් නෙමේ ඕක තව අය කියනවා ඔයාට ඇහිලා ඇති.

මේ පෝස්ට් එක කියවපු ඔයාට මම මේ කියන්නේ, Youtuber කෙනෙක් හරි තව කෙනෙක් කියන දේ විශ්වාස කරනවද, විද්‍යාවෙන් ඔප්පු වුන දේවල් විශ්වාස කරනවද කියන එක ඔයාගේ කැමැත්තක්.

📌 ඔය උඩ කිව්ව මොන හේතුවක් හින්දා හරි කෙනෙක්ගේ පියයුරු දැන් හොඳටම එල්ලා වැටෙනවා නම් දැන් ඕක වුන විදිය හොයලා වැඩක් නැහැ. ඒකට කරන්න පුළුවන් දෙයක් බලනවා මිසක්. විශේෂයෙන්ම දරුවන් ලැබුණු මව්වරුන්ට මේ පියයුරු එල්ලා වැටෙන ප්‍රශ්නය ලොකුවටම තියෙනවා.

ඒ වගේ තමන්ගේ පියයුරු එල්ලා වැටෙන කෙනෙක්ට ශල්‍යකර්මයක් කරලා පියයුරු එල්ලා වැටෙන එක හදා ගන්න පුළුවන්. හැබැයි තියෙන ප්‍රශ්නේ තමා ඒ කෙනාගේ හැම ගොඩක් ඇදෙන සුළු එකක් නම් අවුරුදු කීපයකට පස්සේ ශල්‍යකර්මය කරන වෙලාවේ තිබ්බටත් වඩා පියයුරු එල්ලා වැටෙන්න පුළුවන්. ඒක ඉතින් අපි වයසට යද්දී කොහොමත් වෙන දෙයක් හින්දා ඒකට නම් කරන්න දෙයක් නැහැ.

Previous Post Next Post