හනිමුන් එකට නුවරඑළි යන්න එපා : Don't Go Nuwaraeliya For Honeymoon

 

අලුත බඳින අය ගොඩක් දෙනා හනිමුන් යනවා කියලා යනවා නුවරඑළි. එයාලා දෙන්නා පළවෙනියටම එකට ඉන්න දවස එදා නොවෙන්න පුළුවන්, ඒක වෙනම කතාවක්. හැබැයි ගොඩ දෙනෙක් ඕක කරන්න හිතාගෙනනේ හනිමුන් යන්නේ. ඒ කොහොම හරි අපේ ඇඟවල් හැදිලා තියෙන විදිය ගත්තොත්, නුවරඑළි වගේ සීත දේශගුණය කියන්නේ ලිංගිකව එකතු වෙන එකට වැඩිය උදව් වෙන දෙයක් නම් නෙමේ. පිරිමින්ට තමා මේක ගොඩක්ම අදාළ වෙන්නේ.

එහෙම වෙන්නේ කොහොමද කියලා කෑල්ලෙන් කෑල්ල තේරුම් ගමු. 

ඉස්සෙල්ලම බලමු සිතල වැඩි උනාම අපේ ඇඟට වෙන්නේ මොකද්ද කියලා.

📌 අපේ හමේ තියෙනවා තර්මෝරිසෙප්ටර්/ Thermoreceptors කියලා සෙන්සර් එකක්. එළියේ සීතල වැඩි උනාම ඒ සෙන්සර් වලින් මොළේට පණිවිඩේ යවනවා "එළියේ සීතල වැඩියි. අපිට මේ සීතල දරා ගන්න බෑ. වහාම ක්‍රියාත්මක වෙන්න" කියලා. එතකොට මොළේ ඇතුලේ ඉන්න හයිපොතැලමස් /hypothalamus මුළු ඇඟේම ඉන්න රුධිර නාල වලට අණ දෙනවා ඔන්න දැන් සංචරණ සීමා දැම්මා කියලා.

මොළෙන් දුන්න සංචරණ සීමා නීති වලට අවනත වෙලා රුධිර නාල හැකිළිලා රුධිරය යවන එක අඩු කරනවා. රුධිර වාහිනී ඇකිලෙනවා, ඇඟේ එළියෙන් තියෙන අවයව වලට රුධිරය යවන එක අඩු කරනවා. 

සීතල උනාම ඇඟ බලන්නේ පුළුවන් තරම් ඇඟ ඇතුලේ තියෙන අවයව වටේ රුධිරය තියා ගන්න විතරයි. 

දැන් ඔයා දන්නවා සීතල උනාම ඇඟේ වෙන වෙනස්කම් ටිකක්. දැන් බලමු මේක කොහොමද සෙක්ස් කරන එකට අදාළ වෙන්නේ කියලා. 

ඒකට මම කියලා දෙන්නම් පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙලා කෙලින් වෙන සිද්ධිය ඇගෙන් වෙන්නේ කොහොමද කියලා.

📌 පුරුෂ ලිංගය ඇතුලේ තියෙනවා සිලින්ඩර් හැඩේට තියෙන ස්පොන්ජ් වගේ පටක 3 ක්. ඒවගේ නම් දාන්න ඕන නෑ. දැම්මත් ඔයාලාට කියව ගන්න ටිකක් වෙලා යනවා. ඔය ස්පොන්ජ් වගේ ඒවා ඇතුලේ තමා රුධිරය තැන්පත් වෙන්නේ.

ඔන්න දැන් වැඩේට සෙට් වීගන එද්දී මොළෙන් පණිවිඩේ යවනවා ගැජට් එක පණ ගහලා ගන්න කියලා. එතකොට රුධිරය පොම්ප කරලා යවනවා පුරුෂ ලිංගය දිහාවට. ඒ හින්දා පුරුෂ ලිංගයේ තියෙන අර කලින් කිව්ව ස්පොන්ජ් පටක ඇතුළට රුධිරය පිරෙනවා. රුධිරය පිරෙන හින්දා ස්පොන්ජ් එක පිම්බිලා පුරුෂ ලිංගය කෙලින් වෙලා එනවා. 

පුරුෂ ලිංගය ඇතුළට ගිය රුධිරය එළියට යන්න තියෙන වැල් එකත් ඒ එක්කම වැහෙනවා. එහෙම කරලා පුළුවන් වෙනවා දිගටම පුරුෂ ලිංගය ඇතුළේ රුධිර පීඩනය තියාගෙන පුරුෂ ලිංගය දිගටම කෙලින් කරවලා තියාගෙන ඉන්න.

ඒ කියන්නේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක සම්පුර්ණන්ම රුධිරයෙන් වෙන දෙයක්.

දැන් ඔයා දන්නවා සීතල උනාම ඇඟේ මොකද වෙන්නේ කියලයි, පුරුෂ ලිංගය කෙලින් වෙන එක වෙන්නේ කොහොමද කියලයි. 

උඩ කිව්ව දේවල් ටික හරියට කියෙව්වා නම් මේ වෙද්දීම තේරෙනවා මේ දෙක මොකක් හරි පළහිලව්වක් තියෙනවා කියලා.

මේකයි. 

📌 සීතල හින්දා ඇඟේ එළියෙන් තියෙන අවයව වලට රුධිර සංසරණය අඩු කරනවා. ඒ කියන්නේ අත් වල ඇඟිලි, යටිපතුල් වගේම පුරුෂ ලිංගයට යවන රුධිරයත් අඩු කරනවා. රුධිරය යන එක අඩු උනාම ඒක කෙලින්ම පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක අඩු වෙන්න වෙන්න බලපානවා. 

තව සීතල වෙලාවට පුරුෂ ලිංගයේ ස්පර්ශයට දක්වන සංවේදීතාවත් අඩු වෙනවා. සුරතාන්තය පවා ටිකක් පරක්කු වෙන්න පුළුවන්. මොකද සීතල වෙලාවට  ඇඟ රස්නෙට තියා ගන්නේ කොහොමද කියන එක ගැනයි මොළේ හිත හිත ඉන්නේ. ඒ වෙලාවට නගින්න ඕනා කියන එක ඔයාට ඕන දෙයක් උනාට  මොළේට ඒක අත්‍යාවශ්‍ය දෙයක් නෙමේ.

ඒ හින්දා සෙක්ස් කරන්නම හිතාගෙන හනිමුන් යන්න ඉන්නවා නම් නුවරඑළි ම යන්නේ නැතුව පොඩ්ඩක් රස්නේ පැත්තක් බලන්න. එහෙම නැත්නම් නුවරඑළි ගිහින් බ්ලැන්කට් දෙක තුනක් උඩින් දාගෙන වැඩේට සෙට් වෙන්න. 

Previous Post Next Post