කොන්ඩම් ගැන හැමදේම : Everything You Need to Know About Condoms



විද්‍යාත්මකව කොන්ඩම් එකක් ලෙස හඳුන්වන්නේ ලිංගික බෝ වන රෝග සහ අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වා ගැනීමට යොදා ගන්නා සෞඛ්‍ය උපාංගයක්.

❌ එම කොන්ඩම් ළඟ තබා ගැනීම කිසිවිටෙකත් නීති විරෝධී නැහැ. කොන්ඩම් ළඟ තබා ගැනීම නිසා පොලිසිය විසින් ඔබව අත්අඩංගුවට ගැනීමට හෝ ඔබ ළඟ තබා ගන්නා කොන්ඩම් නඩු භාණ්ඩ ලෙස උසාවියට ඉදිරිපත් කිරීමට කිසිදු හැකියාවක් නැහැ.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් දැම්මම දැනෙන්නේ නැද්ද?

කිසිම විද්‍යාත්මක පරීක්ෂණයකින් කොන්ඩම් භාවිතය නිසා ලිංගික තෘප්තිය අඩු වෙන බව සනාථ වී නැහැ. 

HIV Aids වැනි ලිංගිකව බෝ වන රෝග වලින් වැළකීමට සහ අනවශ්‍ය ගැබ් ගැනීමකට ඇති බියද දුරු කිරීමට කොන්ඩම් සහාය වෙනවා. 

කොන්ඩම් භාවිතය නිසා ලැබෙන මෙම වාසි දෙක ලිංගිකව එක් වීමකදී මානසික නිදහස වැඩි කර ලිංගික තෘප්තිය වැඩි කිරීමට දායක වෙනවා.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් දැම්මම තෘප්තිය අඩු වෙනවද?

ශුක්‍රාණු පිට කිරීම ප්‍රමාද කරවන ඖෂධ ගැලවූ කොන්ඩම්, විවිධ රසයන්ගෙන් යුත් කොන්ඩම් සහ විවිධ මතුපිට පෘෂ්ඨයේ ස්වභාවයන්ගෙන් යුත් කොන්ඩම් දැනට වෙළඳපලේ පවතිනවා. එවැනි කොන්ඩම් භාවිතය තුලින් ලිංගික තෘප්තිය වැඩි කර ගැනීමට හැකි වනවා මිස තෘප්තිය අඩු කිරීමට කොන්ඩම් බලපාන්නේ නැහැ.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් කියන්නේ උපත් පාලන ක්‍රමයක් විතරද?

✅ කොන්ඩම් භාවිතයෙන් උපත් පාලනය කිරීමට අමතරව ලිංගිකව බෝ වන රෝග වලක්වා ගැනීමට සහාය වෙන බව බොහෝ දෙනෙක් දන්නේ නැහැ. 

එම නිසාම මුඛ සංසර්ගය, ගුද මාර්ග සංසර්ගය වල යෙදීමේදී කොන්ඩම් භාවිතය නොසලකා හරිනවා. 

මුඛ සංසර්ගය සහ ගුද සංසර්ගය යන ක්‍රම දෙක මඟින්ම ලිංගිකව බෝ වන රෝග වැළඳීම හැකියාව පවතිනවා. එසේම යෝනි මාර්ග සංසර්ගයටත් වඩා රෝග බෝ වීමේ අවදානමක් ගුද මාර්ග සංසර්ගයේදී පවතිනවා.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් සියළු රෝග වලින් 100% ක් ආරක්ශා කරනවද?

❌ කොන්ඩම් භාවිතයෙන් සියලු ලිංගිකව බෝ වන රෝග වලට අවශ්‍ය ආරක්ෂාවක් ලබා ගත නොහැකියි. 

විශේෂයෙන්ම ලිංගික ඉන්නන් සහ ලිංගික හර්පිස් යන තත්ත්ව සඳහා කොන්ඩම් භාවිතයෙන් ලැබෙන්නේ 30%- 50% අතර ආරක්ෂාවක් පමණයි. 

✅ කෙසේවෙතත් HIV රෝගය සඳහා නම් 100% ආරක්ෂාවක් ලබා ගැනීමට කොන්ඩම් වලින් හැකියාවක් ලැබෙනවා.

➽➽➽➽➽➽➽➽

📌 වැඩි ආරක්ෂාවට කොන්ඩම් දෙකක් දැමීම හොඳයිද?

කොන්ඩම් දෙකක් එකවර පැළඳ භාවිතා කිරීම තුලින් වැඩි ආරක්ෂාවක් ලැබෙන බවට පවතින මතය සම්පුර්ණ මිත්‍යාවක්. 

ලිංගික ක්‍රියාවකදී එලෙස පළඳින කොන්ඩම් දෙක එකට ඇතිල්ලීම නිසා ඇති වෙන ඝර්ෂණයෙන් කොන්ඩම් පලුදු වීමේ, කැඩී යාමේ වැඩි අවස්තාවක් පවතිනවා. එමඟින් කොන්ඩම් භාවිතයෙන් අපේක්ෂා කරන ප්‍රතිලාභය ලැබෙන්නේ නැහැ.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් භාවිතය පිරිමියාගේ වගකීමක් පමණයිද?

කොන්ඩම් භාවිතා නොකළොත් ගැහැණු පිරිමි දෙදෙනාටම ගැටළු මතු වෙනවා. විශේෂයෙන්ම අනවශ්‍ය ගැබ් ගැනීම් වැනි දේ නිසා ගැහැණියට වැඩි වශයෙන් ගැටළු ඇති වීමේ හැකියාව පවතිනවා. එම නිසා කොන්ඩම් එකක් පැළඳීම ගැන පිරිමියා සේම ගැහැණියද අවධානය යොමු කල යුතුයි. 

එසේම කාන්තාවන් සඳහාද විශේෂයෙන් භාවිතා කල හැකි කොන්ඩම් වර්ග වෙළඳපලේ පවතිනවා.

➽➽➽➽➽➽➽➽

📌 කොන්ඩම් සමඟ ලිහිසිකාරක භාවිතය අවශ්‍ය නැද්ද?

කොන්ඩම් නිෂ්පාදනයේදී ඒවා සඳහා සාමාන්‍යයෙන් ලිහිසිකාරක එක් කරනවා. 

නමුත් ගුද මාර්ග සංසර්ගය වැනි ලිහිකාරක වැඩියෙන් අවශ්ය අවස්ථා වලදී කොන්ඩම් එකක් සමඟත් ලිහිසිකාරක භාවිත කිරීම අවශ්‍ය වෙනවා. 

❌ එසේම කොන්ඩම් සමඟ තෙල් ගතිය සහිත ලිහිසිකාරක, ක්‍රීම් වර්ග, තෙල් වර්ග භාවිතය නිසා කොන්ඩම් නිෂ්පාදනය කර ඇති latex නම් අමුද්‍රවයට හානි වී යා හැකියි. ඒ නිසා කොන්ඩම් සමඟ සෑම විටම යොදා ගත යුත්තේ ජල ද්‍රාවී (water based) ලිහිසිකාරක පමණයි.

Previous Post Next Post