පිරිමි පුද්ගලයන් page එකට යොමු කරන message වලින් වැඩිම ප්‍රමාණයක් ගැටළු යොමු වන්නේ ක්ෂණික මෝචනය සම්බන්ධව. ඒ නිසා මෙම පෝස්ට් එක ඒ ගැන.
********
📌 ක්ෂණික මෝචනය යනු කුමක්ද?
Premature Ejaculation (PE) ලෙසද මෙම තත්ත්ව හඳුන්වනවා. පිරිමියෙක්ට තමා බලාපොරොත්තු වන කාලයක් තමාගේ ලිංගික සම්බන්ධය කරගෙන යාමට නොහැකි වීම, කෙටි කාලයක් ඇතුලත ඔහුගේ ශුක්‍රාණු පිට වීම සිදු වේ නම් සහ එම තත්වය නිසා ඔහු මානසිකව පිඩා විඳිනවා නම් එම තත්ත්වය ක්ෂණික මෝචනය ලෙස හඳුන්වනවා.
මෙම ප්රශ්නය නිසා බොහෝ පිරිමින් පිඩා විඳිනවා සේම ඔවුන්ගේ සහකාරියන්ටද මේ ගැටලුව නිසා නිසි ලිංගික තෘප්තියක් පවා නොලැබී යනවා. ඒ නිසාම ආදර සම්බන්ධතා, විවාහ දෙදරා යෑම් ද සිදු වෙනවා.
පුදුම සහගත ලෙස මෙම ප්‍රශ්නයට වැඩි වශයෙන් මුහුණ දෙන්නේ තරුණ වයසේ සිටින පිරිස්.
📌 ක්ෂණික මෝචනයට හේතු
ඕනම ලිංගික බෙලහිනතාවයක් සේම මේ සඳහාද මානසික ගැටළු බලපානවා. ඒ පිරිමියා සහ තම සහකාරිය අතර ඇති සම්බන්ධය, විවාහයේ ගැටළු, මානසික ආතතිය, බිය, සාංකාව වැනි මනසට බලපාන දේවල් මේ සඳහා හේතු වෙනවා.
ඊට අමතරව ශාරීරිකව බලපාන ගැටළුද මේ සඳහා හේතු වෙනවා. තයිරොයිඩ් ග්‍රන්ථියේ සහ පුරස්ථි ග්‍රන්ථියේ ගැටළු ක්ෂණික මෝචන තත්වයට බොහෝ විට හේතු සාධක වෙනවා. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධි රුධිර පීඩනය, සිගරට් සහ ඇල්කොහොල් භාවිතයද මේ සඳහා හේතු වෙනවා.
📌 ක්ෂණික මෝචනයට ප්‍රතිකාර නැද්ද?
❌ සමාජයේ මිත්‍යා මතයක් තිබෙනවා ක්ෂණික මෝචනය වැනි ලිංගික දුබලතා වලට ප්‍රතිකාර ක්‍රම නොමැති බවට.
නමුත් එහි කිසිම සත්‍යතාවක් නැහැ.
✅ මෙවැනි ගැටළු සඳහා සාර්ථකව ප්‍රතිකාර කිරීමට දැන් නවීන විද්‍යාත්මක ක්‍රම සහ ඖෂද තිබෙනවා.
ඖෂධ වලට අමතරව ලිංගික මනෝ චිකිත්සක ක්‍රම ද මෙම ගැටලුවෙන් අත් මිඳීම සඳහා සාර්ථකව භාවිතා කරනවා.
මේ සඳහා ප්‍රතිකාර ලෙස ඖෂධ සමඟ මනෝ චිකිත්සක ක්‍රම වල සංකලයනක් යොදා ගනිමින් වෛද්‍යවරු මෙම ගැටළුව ඇති පුද්ගලයන්ට සාර්ථක ලෙස ප්‍රතිකාර නියම කරනවා.
සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් කරා යොමු වුවහොත් ක්ෂණික මෝචන තත්වයට පිළියම් ලබා ගත හැකියි. මෙම ගැටලුව ඇති පුද්ගලයන් වෛද්‍යවරයෙක් කරා යොමු වීම වඩා වැදගත් වන්නේ මේ තත්වය පසුපස ඇති වෙනත් ගැටළු ද හඳුනා ගතහැකි නිසා.
ඒ නිසා මෙම ගැටළුවෙන් පිඩා විඳින කෙනෙක් ඇත්නම් එය සඟවාගෙන නොසිට වෛද්‍යවරයෙක් කරා යොමු වීම ඉතා වැදගත්.
ක්ෂණික මෝචනය සඳහා හේතු කාරක වන දේ අනුව ලබා දෙන ප්‍රතිකාර ක්‍රමය වෙනස් වෙනවා. එක් අයෙකුට ගැලපෙන ප්‍රතිකාර ක්‍රමය තවත් කෙනෙකුට නොගැලපෙනවා විය හැකියි. එම නිසා වෛද්‍යවරයෙක් වරයෙක් මුණ ගැසී නිසි හේතුව සහ ඊට පිළියම් ලබා ගන්න.
📌 Delay Spray සහ පෙති
බොහෝ දෙනා මෙයින් අත් මිඳීමට සිතා කිසිදු වෛද්‍ය නිර්දේශයකින් තොරව විවිධ පෙති වර්ග, ආලේපන වැනි දේ භාවිතා කරමින් මෙයින් අත්මිදීමට අසාර්ථක උත්සාහයක නිරත වෙනවා.
❌ මෙලෙස ශුක්‍රාණු පිට කිරීම ප්‍රමාද කරවා ගන්නා අරමුණින් භාවිතා කරන Delay Spray මගින් සිදු වන්නේ පුරුෂ ලිංගය යම් හිරිවැටීමකට ලක් කිරීම. එතුළින් ශුක්‍රාණු පිට වීම ප්‍රමාද වීමක් සිදු වන නමුත් සමහර විට delay spray තුලින් ඇතිවන හිරිවැටීම නිසා පුරුෂ ලිංගය ප්‍රාණවත් නොවීමේ සහ ලැබෙන තෘප්තිය අඩු වීමේ ගැටළුද ඇති විය හැකියි.
❌ එසේම සමහරු මේ සඳහා භාවිතා කරන පෙති වලට හුරු වීම නිසා ඔවුන්ට එම පෙති භාවිතා නොකර කිසිසේත් ලිංගිකව එක් වීමට නොහැකි තත්වද ඇති වී තිබෙනවා.
📌 ක්ෂණික මෝචනය ඇති පුද්ගලයන්ට නිවසේදීම කළ හැකි දේ සරල දේවල්
👉 ලිංගික එක් වීමට පෙර පැය කිහිපයකට පෙර ස්වයං වින්දනයයේ යෙදීම
👉 සංසර්ගය අතරතුර විටින් විට විවේක ලබා ගැනීම
👉 ශුක්‍රාණු ප්‍රමාද කරවිමටම නිපදවූ කොන්ඩම් භාවිතය
👉 සිගරට්, ඇල්කොහොල් භාවිතය නවත්වා පෝෂ්‍යදායි ආහාර ගැනීම සහ ව්‍යායාම වල නිරත වීම.
මේ දේවල් ඔබට තනිවම උත්සාහ කල හැකියි.