දරුවෙක් හදන එක ගැන හැමදේම : Everything You Need to Know about Pregnancy

 

📌 මුලින්ම පොඩ්ඩක් බලමු දරුවෙක් හැදෙන විදිය.

දරුවෙක් පිළිසිඳ ගන්න නම් ඩිම්බ කෝෂ වලින් පිටවෙන ඩිම්බයක් පැලෝපිය නාල හරහා ගහින් ගර්භාෂයට පීනගෙන එන්න ඕනා. 

ශුක්‍රාණුවක් ගර්භාෂයට එනකම් පීනගෙන එන්න තියෙන්නේ 18cm වගේ දුරක්. ශුක්‍රාණුවක ප්‍රමාණයත් එක්ක මේ දුර කොච්චරද කියනවා නම් ඒක හරියට 5km වගේ. කොහොම හරි මේ දුර යන්න ශුක්‍රාණුවක් ගන්නේ විනාඩි 45ක් වගේ කාලයක්.

කොහොම හරි මේ විදියට ශුක්‍රාණුවක් ඩිම්බයක් එක්ක එකතු වුනොත් දරුවෙක් පිළිසිඳ ගන්න පුළුවන්.  

.

.

📌 මේකෙදි දැන ගන්න ඕනා දෙයක් තමා සරු කාලය කියන එක.

දරුවෙක් පිළිසිඳ ගන්න ඔසප් චක්‍රයේ වැඩිම අවස්තාවක් තියෙන දවස් තමා සරු කාලය කියලා කියන්නේ. ඔසප් චක්‍රය හරියටම වෙනවා නම් ඔසප් චක්රයේ 10 වෙනි දවසත් 16 වෙනි දවසත් අතර කාලය සරු කාලය කියලා කියන්න පුළුවන්. 

ගැහැණු කෙනෙක්ගේ periods හැදිලා ලේ පිට වෙන දවස 1 කියලා ගමු. එතකොට ඇඟේ ඩිම්බ පරිණත වෙන්නේ සහ පිට වෙන්නේ ඔසප් චක්රයේ දවස් 10-16 වගේ වෙද්දී. තවත් සරළව කියනවා නම් අපි හිතමු ඔයාගේ මාසික ඔසප් වීම වුනේ අද,  ජූලි 23 කියලා. එතකොට ඔයාගේ සරු කාලය කියන්නේ අද ඉඳලා දවස් 10-16 කින්. ඒ කියන්නේ අගෝස්තු 2 ඉඳන් 8 වෙනකල්. ඒ තමා ඔයාගේ සරු දවස් වෙන්නේ.

.

.

📌 ඒ වගේම සමහර විට ඔයාට ප්‍රශ්නයක් ඇති සරු දවස් මඟ ඇරලා සෙක්ස් කරොත් ළමයි හැදෙන්නේ නැද්ද කියලා.

ඔව්, සෙක්ස් කරන්නේ සරු දවසක නෙමෙයි නම් ළමයි හැදෙන්නේ නැහැ. ඒකෙ සැකයක් නෑ. ඒත් සරු දවස් මොනාද කියලා හොයා ගන්න එකයි ප්‍රශ්නේ. 

ඕක හොයා ගන්නත් විදියක් තියෙනවා. මාස 6 ක ඔසප් වුන දවස් ගාණ කොලේක ලියාගෙන වගුවක් හදලා එකතු වෙන්න පුළුවන් දවස් මොනාද කියලා හොයා ගන්න පුළුවන්. හැබැයි ඒ විදියට කරන්න නම් ඔසප් වෙන දවස් ගාණ හරියටම වෙන්න ඕනා. ඒත් ගොඩක් ගැහැණු ළමයින්ගේ ඔසප් වීම වෙන්නේ දවස් කීයකට පාරක්ද කියලා ගණන් හැදුවම එන්නේ එක එක දවස්. ඒ හින්දා සරු දවස් මඟ හැරලා එකතු වෙන එක ඒ තරම් සාර්ථක උපත් පාලන ක්‍රමයක් නම් නෙමේ.

ඒ කතාව මෙතනට අදාළ නෑ. හැබැයි සරු දවස් මඟ ඇරලා සෙක්ස් කරන්න ඕන දවස් හොයා ගන්න විදියත් දැන ගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් comment එකක් හරි message එකක් හරි දාන්න.

.

.

ආපහු දරුවෙක් හදන කතාවට යං.

කොහොම හරි සරු දවසක ගැහැණු ළමයාගෙන් ඇගෙන් ඩිම්බ කෝෂයකින් පිට වෙන ඩිම්බයක් සජීවීව තියෙන්නේ පැය 24ක් වගේ කාලයක් විතරයි. 

ගැහැණු කෙනාගේ ඇඟ ඇතුළට යන ශුක්‍රාණුවක් සජීවීව තියෙන්නේ දවස් 7ක් වගේ.

ඒ හින්දා සජීවී ඩිම්බයක් සහ සජීවී ශුක්‍රාණුවක් එකට හම්බෙන්න තියෙන අවස්තාව හරිම අඩුයි.

දැන් මේ උඩ කිව්ව දේවල් ටික කියෙව්වම සමහර විට ඔයාට හිතෙන්න ඇති දරුවෙක් හැදෙන්න තියෙන සම්භාවිතාවය හරිම අඩුයි නේද කියලා.

සරු කාලයට අමතරව දරුවෙක් හැදෙන්න තව දේවල් බලපානවා. 

👉 පිරිමි කෙනාගේ ශුක්‍රාණු වල ගුණත්වය

👉 ඩිම්බ මෝචනය වෙනවද?

👉 පැලෝපිය නාල අවහිර නොවී හරියට වැඩ කරනවද?

👉 ඇඟේ හෝමෝන හරියට වැඩ කරනවද?

👉 සාමාන්‍ය සෞඛ්ය තත්වය

👉 ප්‍රජනක පද්ධතියේ තත්වය 

👉 වයස 

👉 කොච්චර කාලෙකට සැරයක් සෙක්ස් කරනවාද 

ඒ වගේ ගොඩක් දේවල් දරුවෙක් හදනවා කියන එකට බලපානවා. ඒ හින්දා හැමෝම අහන "දරුවෙක් හදන්න කොච්චර කාලයක් එකතු වෙන්න ඔනාද?" කියන ප්‍රශ්නයට පොදුවේ දෙන්න තියෙන උත්තරය තමයි අවුරුද්දක් දෙකක් වගේ උත්සාහ කරන්න කියන එක.

අවුරුදු 19-26 අතර ගැහැණු ළමයින්ගෙන් 90% ක් විතර දෙනා අවුරුද්දක් යන්න කලින් ඉක්මනින් ගැබ් ගන්න වැඩි හැකියාවක් තියෙනවා කියලා කියනවා.

අවුරුදු 35-39 අතර ගැහැණු අය පලවෙනි අවුරුද්දෙම ගැබ් ගන්න ප්‍රතිශතය 82% ක් විතර.

.

.

📌 ඉක්මනින් ගැබ් ගන්න මේ ටිප්ස් උදව් වෙයි.

👉 දරුවෙක් හදන්න ඉන්නවා නම් උඩ කිව්ව සරු දවස් වල එක පාරක් දෙපාරක් එකතු වෙලා බැහැ. මේ දවස් ගාණ ඇතුලේ වාර කීපයක් එකතු වෙන එක කරන්න ඕනා.

👉 සමහර කාන්තාවන් පුරුදු වෙලා ඉන්නවා ලිංගික සම්බන්ධයක් වෙලා ඉවර උනාම යෝනි මාර්ගය හෝදන්න. ඔයා දරුවෙක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ කරන්න එපා. මොකද ඒක යෝනි මාර්ගය ඇතුළට ගිය ශුක්‍රාණු හානි වෙන්න හේතු වෙන්න පුළුවන්.

👉 තවත් දෙයක් කියන්න තියෙනවා ලිහිසිකාරක ගැන (lubricant). ලිහිසිකාරක පාවිච්චි කරන එක ලිංගික සම්බන්ධතා වලට ගොඩක් වැදගත්. හැබැයි දරුවෙක් හදන්න ඉන්නවා නම් ලිහිසිකාරක පාවිච්චි කරන්න එපා. මොකද ලිහිසිකාරක හින්දා ශුක්‍රාණු ගර්භාෂය දක්වා පිහිනාගෙන යන ගමනට බාධා වෙන්න පුළුවන්.

👉 වැඩි වෙලාවක් hot water tub එකේ බැහැගෙන ඉන්න එපා. මොකද ඒකෙන් ඇඟේ මැද (core) කොටසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 කට වගේ වැඩි වෙන්න පුළුවන්. ඒක දරුවෙක් හදන්න ඒ තරම් හොඳ නැහැ. උණු වතුරෙන් නාන එක ප්‍රශ්නයක් නැහැ.

👉 මානසික ආතතියෙන් (stress) ඉන්නවා නම් ඒකත් ප්‍රෙග්නන්ට් වෙන්න ඉන්න කෙනෙක්ට හොඳ නැහැ. ව්‍යායාම, භාවනා වගේ දේවල් කරලා මනස නිදහස් කර ගන්න.

.

.

📌 දරුවෙක් හදන්න සෙක්ස් කරන්න හොඳ ඉරියව් තියෙනවද?

දරුවෙක් හදන්න නම් මුලිකවම වෙන්න ඕන දේ තමා ශුක්‍රාණු යෝනි මාර්ගය ඇතුළට නිදහස් වෙන එක. ඒ හින්දා මොන ඉරියව්වෙන් එකතු වුනොත් ද දරුවෙක් හදන්න උදව් වෙන්නේ කියලා සනාථ වෙලා නැහැ. 

හැබැයි අපිට හිතන්න පුළුවන් පුරුෂ ලිංගය යෝනියේ වැඩි ගැඹුරකට ඇතුල් වෙනවා නම් ශුක්‍රාණු, යෝනියට ඇතුල් වෙන එක ලේසි වෙනවා.

එහෙම බැලුවොත් missionary ඉරියව්ව සහ doggy style ඉරියව්ව කරනවා නම් පුරුෂ ලිංගය වැඩියෙන් යෝනිය ඇතුළට යවන්න උදව් වෙනවා. (deep-penetration). මේ ඉරියව් මොනාද කියලා දන්නේ නැත්නම් Google Search කරලා බලන්න.

ඒ වගේම තව දෙයක් තමා දරුවෙක් හදන්න ලිංගිකව එකතු වෙන් එක දරුවෙක් හදන අරමුණ ඔලුවේ තියාගෙන කරන්න යන්න එපා. මොකද ලිංගිකව එකතු වෙන් එකේ අරමුණ වෙනස් වුනොත් ලිංගික තෘප්තිය නැති වෙලා ශුක්‍රාණු පිට වීම ප්‍රමාද වීම වගේ ලිංගික බෙලහිනතා ඇති වෙන්න පුළුවන්. ඒ වගේම ලිංගිකව එකතු වෙන එක එපා වෙන තැනටම පත් වෙන්න පුළුවන්. එහෙම වුන අය වෛද්‍යවරු ගාවට එනවා.

ඒ හින්දා සාමාන්‍ය විදියට ලිංගික තෘප්තියක් අරමුණු කරගෙන සංසර්ගයේ යෙදෙන්න.

.

.

📌 දරුවෙක් හදන්න ඉන්නවා නම් කන්න හොඳ කෑම මොනාද?

ඔයාගේ ආහාර රටාව දරුවෙක් හදන්න මාස 3 කට කලින් වත් පෝෂ්‍යදායි විදියට වෙනස් කර ගන්න. මොකද ඩිම්බයක් පරිණත වෙන්න සාමාන්‍යයෙන් මාස 3ක් වගේ යනවා. ඒ හින්දා දරුවෙක් හදන්න එකතු වෙන්න මාස 3කට කලින් ඉඳන් මේක පටන් ගන්න..

දරුවෙක් හදන්න ඉන්න අයට කන්න කියලා එහෙම විශේෂ කෑමක් නැහැ. සමබර ආහාර වේලක් කන්න පුරුදු වෙන්න.

ඊට අමතරව,

👉 omega 3 තියෙන කෑම ජාති එකතු කර ගන්න. දරුවාගේ මොළේ සහ ඇස් වල පෙනීම වර්ධනය වෙන්න ඒක උදව් වෙනවා. omega 3 තියෙන කෑම වර්ග ටිකක් තමයි මේ.

මාළු සහ මුහුදු ආහාර 

ඇට වර්ග

👉 දිනපතා යෝගට් එකක් කන එකෙන් ලැබෙන කැල්සියම් වලින් මවගේ අස්ථි වගේම දරුවාගේ අස්ථි වර්ධනයට උදව් වෙනවා.

👉 තව ඔය ප්‍රෙග්නන්ට් වුන අලුතම අම්මලාට, Neural tube defect කියලා එකක් ඇති වෙන්න ඉඩ තියෙනවා. ගොඩක් වෙලාවට ප්‍රෙග්නන්ට් වෙන පලවෙනි මාසේ වගේ තමයි ඕක වෙන්නේ. ඉතින් ඕක වෙනකල්ම අම්මලා දැන ගන්නේ නැහැ තමන් ප්‍රෙග්නන්ට් වෙලා කියලවත්. මේ birth defects ඇති වෙන්නේ මොළයේ, කොඳු ඇට පෙළේ සහ සුෂුම්නාවේ. මේ හින්දා ස්නායු හානි වෙලා කකුල් පණ නැති වෙන්න, දරුවාගේ හිස් කබල සහ මොළය වර්ධනය නොවීම වගේ දේවල් වෙන්න පුළුවන්. සමහර විට දරුවා ලැබුණ ගමන්ම දරුවා නැති වෙන්නත් පුළුවන්. 

මේ Neural tube defect වළක්වා ගන්න ෆෝලික් අම්ල (Folic acid) තියෙන කොළ ගෝවා (kale) වගේ දේවල් වැඩියෙන් කෑමට එකතු කර ගන්න. එහෙම නැත්නම් වෛද්‍ය නිර්දේශයක් මත ගන්න Folic acid පෙති වලිනුත් ඇඟට මේ පෝෂණය ගන්න පුළුවන්..

👉 විටමින් C තියෙන කෑම ගන්න එකත් ගොඩක් වැදගත්.  විටමින් C වලින් ප්‍රතිශක්තීකරණ පද්ධතිය ට උදව් වෙනවා. නිරෝගී දරු උපතකට ඒකත් උදව් වෙනවා.

👉 බිත්තරත් කෑමට එකතු කර ගන්න. ඇඟේ තියෙන සෛල වලට උදව් වෙනවා.

මේ උඩ කිව්ව හැම කෑමක්ම මවගේ ප්‍රතිශක්තීකරණ පද්ධතියට සහ ඇඟේ හෝමෝන සමතුලිතව තියා ගන්න උදව් වෙනවා. අවසානයේ සරු බව වැඩි කරන්න උදව් වෙනවා.

.

.

📌 දරුවෙක් හදන්න ඉන්නවා නම් මේ කෑම කන්න එපා.

👉 ඇල්කොහොල්, සිගරට් පාවිච්චි කරනවා නම් ඒවා නවත්තන්න. මේක ගැහැණු අයට විතරක් නෙමේ පිරිමින්ටත් අදාළයි. මොකද ඔය දේවල් හින්දා පිරිමි අයගේ ශුක්‍රාණු වල ගුණත්වය අඩු වෙන්න පුළුවන්.

👉 තලපත් මාළු, ටූනා මාළු, සත්ත්ව අක්මාව වගේ විටමින් A අධිකව තියෙන දේවල් කන්න එපා.

👉 දවසකට කැෆෙන් මිලිග්‍රෑම් 300 කට වඩා ගන්න එපා. ඒ කියන්නේ, 

කෝපි බොන කෙනෙක් නම් දවසකට කොපි කෝප්ප 3 කට වඩා ගන්න එපා.

තේ බොන කෙනෙක් නම් දවසකට තේ කෝප්ප 4 කට වඩා බොන්න එපා.

ඊට අමතවර dark චොක්ලට්, අයිස් ක්‍රීම්, ශක්තිජනක පාන වගේ දේවල් වලත් කැෆේන් තියෙනවා. ඒ හින්දා ඒවත් ඇඟට දා ගන්න ප්‍රමාණය අඩු කරන්න.

👉 ඒ වගේම සමහර ගන්න ඖෂධ ත් දරුවෙක් හදන්න බාධා වෙන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා දරුවෙක් හදන්න බාධා වෙන ඖෂධ ගන්නවා නම් ඒ වෙනුවට ආදේශක ඖෂධ ගන්න පුළුවන්.

ඔයාට අධි රුධිර පීඩනය, දියවැඩියාව, තයිරොයිඩ් ග්‍රන්ථි වල ගැටළු වගේ දේවල් තියෙනවා නම් ප්‍රෙග්නන්ට් වෙන්න කලින් අනිවාර්යෙන් ඒ දේවල් පාලනය කර ගන්න.

කාන්තාවගේ සරු බවට විතරක් නෙමේ දරු ප්‍රසුතිය ආරක්ෂිතව කරන්නත් ඒක උදව් වෙනවා.

.

.

📌 දරුවෙක් හදන්න උත්සාහ කරලා ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනා මොන වෙලාවටද?

මේ උඩ කිව්ව දේවල් ටිකත් සේරම කරලා අවුරුදු 1-2 ක් වගේ උත්සාහ කරලත් තාම ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

ඔයාලා දෙන්නාගේ වයස අවුරුදු 35 ට වැඩියි නම් මාස 6ක් වගේ උත්සාහ කරලා ප්‍රතිඵලයක් නැත්නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.

දරුවෙක් හදන්න ඉන්න කෙනෙක්ට මේ දේවල් උදව් වෙයි. ඒ අයට මේක share කරන්න.

Previous Post Next Post