පිරිමි පුද්ගලයන් page එකට යොමු කරන message වලින් බහුතරයක්ම ගැටළු යොමු වන්නේ ලිංගික අප්‍රාණිකත්වය සහ ක්ෂණික මෝචනය සම්බන්ධව. ඒ නිසා මෙම පෝස්ට් එක තුළින් ලිංගික අප්‍රාණිකත්වය ගැන සටහනක් තබනවා.
..............................
සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ට වැඩි පුද්ගලයන්ගෙන් 40% ක් පමණ මේ ප්රශ්නය නිසා පීඩා විඳිනවා. වයස 70 ට වැඩි පුද්ගලයන්ගෙන් 70% කට වඩා මෙම ගැටලුව පවතිනවා. කෙසේ වෙතත් තරුණ වයසේ අයටත් විවිධ හේතු නිසා මෙම තත්වය ඇති වෙනවා.
..............................
👉 ලිංගික අප්රානිකත්වයේ ස්වභාව 3ක් පවතිනවා.
1. ලිංගික සංසර්ගය සඳහා ප්‍රමාණවත් තරමින් ප්‍රාණවත් නොවීම.
2. සංසර්ගය ආරම්භ කර නිරත වෙමින් සිටින විට අප්‍රාණික වීම.
3. කිසිසේත් ප්‍රාණවත් නොවීම.
..............................
👉 ලිංගික අප්‍රාණිකත්වය සඳහා හේතු සොයා ගැනීම
අප්‍රාණිකත්වය සඳහා හේතු සොයා ගැනීමේදී එක් එක් පුද්ගලයාගේ තත්වය අනුව කායික සහ මානසික පරීක්ෂණ සිදු කල යුතු වෙනවා.
1. කායික පරීක්ෂණ
- රුධිර පරීක්ෂණ (දියවැඩියාව, කොලෙස්ටරෝල්, හෝමෝන ගැටළු)
- ස්කෑන් පරීක්ෂණ (පුරුෂ ලිංගය ප්‍රාණවත් වීම සඳහා අවශ්‍ය රුධිරය සැපයෙන නාල වල අවහිරතා)
2. මානසික තත්ත්ව පරීක්ෂණ
..............................
👉 ලිංගික අප්‍රාණිකත්වය සඳහා වෛද්‍ය ප්‍රතිකාර
ලිංගික අප්‍රාණිකත්ව තත්වයක් ඇති වූ විට බොහෝ දෙනෙක් සිදු කරන්නේ ෆාමසි වලින් මිලදී ගන්නා විවිධ වූ ඖෂධ භාවිතා කරමින් තාවකාලික සහ ඉක්මන් විසඳුම් සෙවීමයි.
නමුත් මේ සඳහා හේතු වන දේවල් සොයා බලා ප්‍රතිකාර කිරීම තුළින් දිගුකාලීනව මෙම ගැටලුවෙන් අත් විඳීමට හැකි වෙනවා.
1. මේ සඳහා බහුලවම ඖෂධමය ප්‍රතිකාර මනෝ ලිංගික චිකිත්සක ක්‍රම භාවිතා කිරීම සිදු වනවා.
වඩාත්ම සාර්ථක ප්‍රතිඵල සඳහා මෙම ප්‍රතිකාර ක්‍රම දෙකෙහි සංයෝගයක් යොදා ගැනීම බොහෝ වෛද්‍යවරු විසින් නිර්දේශ කරනවා.
2. Penile pump/ Penis pump එක තවත් ලබා දෙන එක් ප්‍රතිකාර ක්‍රමයක්.
එහිදී සිදු වන්නේ pump එක තුළ රික්තයක් ඇති කිරීම මඟින් පුරුෂ ලිංගය වෙත රුධිරය ගළා ඒමට සැලැස්වීමයි. ඉන් පසුව පුරුෂ ලිංගයට ගලා ආ රුධිරය ආපසු යෑම නැවතීමට පුරුෂ ලිංගයේ මුල කොටසට රබර් පටියක් වැනි දෙයකින් අවහිර කිරීමයි.
නමුත් බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ දක්නට ලැබෙන උපකරන භාවිතා කරමින් මේ සඳහා පිළියම් සෙවීමේ අසාර්ථක උත්සාහයක නිරත වෙනවා.
එම උපකරණ වල ප්‍රමිතියේ සහ එතුළින් ඇති කරන පීඩනයේ ප්‍රමාණය එකිනෙකට වෙනස් වනවා සේම සෑම දෙනාටම ඒවා ගැලපෙන්නේ නැහැ. එම නිසා වෛද්‍ය නිර්දේශ මතම ඒවා භාවිතා කල යුතු වෙනවා. එසේ නොමැති නම් පුරුෂ ලිංගයේ පටක වලට පවා හානි සිදු විය හැකියි.
3. කම්පන තරංග/ Shock Wawe ප්‍රතිකාර
කිසිදු හානිකර අතුරු ප්‍රතිඵල සහ වේදනාවක් රහිත ඉතා සාර්ථකව වර්තමානයේ භාවිතා වෙන ප්‍රතිකාර ක්‍රමයක්.
පුරුෂ ලිංගයේ අප්‍රානිකත්වයට හේතුව පුරුෂ ලිංගයට සැපයෙන රුධිරය අඩු වීමක් බව සොයා ගතහොත් මෙම කම්පන තරංග ප්‍රතිකාර ක්‍රමයෙන් දිගු කාලයක් ප්‍රාණවත් බව ලබා ගැනීමට පවා හැකි වෙනවා.
එම ක්‍රමය තුළින් රුධිර නාල අලුතෙන් ඇති කිරීමට පවා හැකියාව ලැබෙනවා.
නමුත් සෑම දෙනාටම මෙම ක්‍රමය ගැළපෙන්නේ නැහැ. අවශ්‍ය පරික්ෂා කිරීම් සිදු කර තෝරා බේරා ගන්නා අයට පමණක් මෙම ප්‍රතිකාර ක්‍රමය භාවිතා කරනවා.
4. ඉහත ප්‍රතිකාර ක්‍රම වලින්ද ප්‍රතිඵලයක් නොලැබෙන්නේ නම් අවසාන ප්‍රතිකාර ක්‍රමය ලෙස ශල්‍යකර්මයක් සිදු කරනවා. එහිදී සිදු වන්නේ මේ සඳහාම නිපදවූ දඬු (strokes) දෙකක් ඇතුළු කිරීමයි. එතුලින් පුරුෂ ලිංගයේ දෘඩ බව පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. නමුත් මෙය ඉතා සංකීර්ණ සැත්කමක් ද වෙනවා.
වඩා වැදගත්ම කාරණය ඉහත සඳහන් කල සෑම ප්‍රතිකාර ක්‍රමයක්ම වෛද්‍ය නිර්දේශ මතම සිදු කළ යුතු වෙනවා.
..............................
👉 ලිංගික අප්‍රාණිකත්වය සඳහා නිවසේදීම කල හැකි ප්‍රතිකාර
- නිරන්තර ව්‍යායාම වල නිරත වීම තුලින් ටෙස්ටෙස්ටරෝන් වැනි හෝමෝන වර්ධනය වීමට සහයක් ලබා දීම.
- ශරීර බර පාලනය කිරීම.
- මානසික ආතතිය අඩු කර ගැනීම.
- දුම්පානය, මත්ද්‍රව්‍ය භාවිතය නැවත්වීම.
- සහකාරිය සමඟ ඇති සම්බන්ධයේ ඇති ගැටළු විසඳා ගැනීම.