Man Boobs, Gynecomastia ලෙස මම තත්වය හඳුන්වනවා.
තරුණ සහ වයස්ගත සෑම දෙනෙක්ටම මේ තත්වය ඇති විය හැකියි.
මෙහි රෝග ලක්ෂණ ලෙස තන පුඩු ආශ්‍රිතව විශාල වීමක් දැකිය හැකි වෙනවා. සමහර අයට එම ප්‍රදේශයේ වේදනාවකුත් ඇති වෙනවා.
________________________________________________
📌 පිරිමින්ගේ පියයුරු නෙරා එන්නේ ඇයි?
කාන්තාවන්ගේ නම් පියයුරු විශාල වීම සඳහා බලපාන්නේ ඊස්ට්‍රජන් හෝමෝනය. පිරිමි පුද්ගලයන්ගේ ඊස්ට්‍රජන් හෝමෝනය අඩුවෙන් තමා තියෙන්නේ. ඒ නිසා පිරිමින්ගේ ප්රමුඛ හෝමෝනය තමා ටෙස්ටෙස්ටරෝන්. ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය තමා පිරිමින්ගේ පියයුරු විශාල වීම අඩු කරන්නේ.
▶ ශරීරයේ සාමාන්‍යයෙන් මේ හෝමෝන දෙකම අවශ්‍ය විදියට සමතුලිත වෙලා තියෙනවා. එත් මොනා හරි හේතුවක් නිසා ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වීම නිසා පිරිමින්ගේත් පියයුරු විශාල වෙනවා.
▶ ශරීරය තරබාරු වීම නිසාත් ඊස්ට්‍රජන් හෝමෝනය වැඩි වෙන්න පුළුවන්. එහෙම වෙන්න හේතු වෙන්නේ ශරීරයේ තැන්පත් වෙන මේද තට්ටුව තුල ටෙස්ටෙස්ටරෝන් හෝමෝනය ඊස්ට්‍රජන් හෝමෝනය බවට පරිවර්තනය වීමයි.
ඒ නිසා තරබාරු පිරිමි අයගේ පියයුරු නෙරා ඒම වැඩි වශයෙන් දක්නට ලැබෙනවා.
▶ ඒ වගේම පිරිමින් වයස්ගත වීමත් එක්ක ටෙස්ටෙස්ටරෝන් හෝමෝන අඩු වෙනවා. ඒ වගේ අවස්ථා වලත් මේ පියයුරු නෙරා ඒම ඇති වෙන්න පුළුවන්.
▶ ඊට අමතරව ඇල්කොහොල් භාවිතය, සමහර ඖෂධ සහ රෝග ත් මේකට හේතු වෙනවා.
▶ අක්මාවේ රෝග සහ ජානගත රෝග නිසාත් පියයුරු නෙරා ඒමේ තත්වය ඇති වෙනවා.
▶ බාහිරින් ලබා ගන්නා ටෙස්ටෙස්ටරෝන් සහ කාය වර්ධනයට ලබා දෙන ස්ටෙරොයිඩ් (Steroids) වැනි තහනම් උත්තේජන නිසාත් පියයුරු නෙරා ඒම සිදු වෙනවා.
________________________________________________
📌 පියයුරු නෙරා ඒමට ප්‍රතිකාර
▶ නව යොවුන් වයසේ දරුවන්ගේ නම් මේ තත්වය වැඩිවියට පත් වීමත් සමඟ හෝමෝන සමතුලිත වී ඉබේම යථා තත්වයට පත් වෙනවා.
මේ සඳහා ප්‍රතිකාර කිරීමේදී ඊට බලපෑ හේතුව අනුවයි ප්‍රතිකාර සිදු කරන්නේ.
▶ ඒ අනුව හෝමෝන අසමතුලිතතාවක් ඇත්නම් බාහිරින් හෝමෝන ලබා දෙනවා.
▶ ලබා ගන්නා ඖෂධ නිසා මේ තත්වය ඇති වෙනවා නම් ඒ වෙනුවට වෙනත් ඖෂධ ලබා දෙනවා.
▶ අවශ්‍ය නම් ඊස්ට්‍රජන් හෝමෝනය අඩු කිරීම සඳහාත් ප්‍රතිකාර ලබා දෙනවා.
▶ මේ සියල්ල මඟින් ම පියයුරු නෙරා ඒමේ තත්වය මඟ හරවා ගැනීමට නොහැකි නම් ශල්‍යකර්මයක් මඟින් පියයුරු යථා තත්වයට පත් කර ගත හැකි වෙනවා.