ආදරේ කරන කාලේ දීපු තෑගී වෙන් වුනාම ආපහු ගන්න පුළුවන් : Get Your Gifts Returned After Break-up

 


පෙම්වතුන් ලෙස ආදරේ කරන කාලයේ දුන්න තෑගී ආදර සම්බන්ධතාව නැති වුණාම ආපහු ගන්න නීතියෙන් හැකියාව තියෙනවා කියලා දන්නවද?

නිතිය හමුවේ තෑග්ග නැවත ලබා ගන්න හෝ එම තෑග්ග සඳහා වැය වූ මුදල් අලාභ ලෙස නැවත ලබා ගැනීමට නීතියෙන් විධිවිධාන පවතිනවා  

මේ සම්බන්ධ නීතිමය තත්වය සලකා බැලීමේදී ඔබ විසින් එම තෑග්ග ලබා දී ඇත්තේ විවාහ අපේක්ෂාවෙන් නම් සහ එම අපේක්ෂාව බිඳවැටී ඇත්නම් ඒ සම්බන්ධ අලාභ ඉල්ලා පනවන නඩුවකදී ඔබ විසින් ලබා දුන් තෑගී වලට අලාභ මුදල් ලෙස යළි ලබා ගැනීමේ හැකියාව පවතිනවා.

නමුත් මෙහිදී වඩා වැදගත්ම කාරණය වන්නේ එම තෑග්ග මිලදී ගෙන ලබා දුන්නේ කවුද යන්න ඔප්පු කිරීමේ හැකියාවයි. එහිදී අලාභ අය කර ගැනීමේ නඩුවකදී සාක්ෂි සහ ලිඛිත ලේඛන මත මෙම ඔප්පු කිරීම සිදු කල යුතු වෙනවා. ඒ සඳහා වාචික සහ ලිඛිත සාක්ෂි යන දෙකම යොදා ගත හැකියි. ඇසින් දුටු සාක්ෂි, බිල්පත් වැනි දේ අධිකරණයට ඉදිරිපත් කිරීම එම තෑගී ලබා දුන්නේ කවුද යන්න ඔප්පු කිරීමට දායක වෙනවා.

එම නිසා පෙම්වතියට, පෙම්වතාට තෑගී ලබා දීමට පෙර එම තෑගී ලබා දීමේ අරමුණ සහ එම තෑගී ලබා දුන් බව ඔප්පු කිරීමේ සාක්ෂි තබා ගැනීම ගැන සලකා බැලීම තුලින් ආදර සම්බන්ධතා බිඳ වැටුණු පසු අත්විඳීමට සිදු වන අලාභ අවම කර ගැනීමට නීතියෙන් සහයක් හිමි වෙනවා.

Previous Post Next Post