සෙක්ස් කරන්න පාට්නර් ව කැමති කරව ගන්න අහන විදිය : How to Ask Your Partner For Sex

මේ දවස් ටිකේම රට යනවද ලංකාවේ ඉන්නවද කියලා කල්පනා කර කර් ඉද්දි ඔන්න අද අපේ ජනාධිපති තුමා ජාතිය අමතනවා කියලා තිබ්බා. ජාතිය අමතනවා කිව්වම මට මතක් උන දේ තමා සෙ.ක්ස් කරන වෙලාවට අමතන්න පුළුවන් දේවල් ගැන පෝස්ට් එකක් දාන එක. 

මේ ගැන ඉස්සරහටත් තව පෝස්ට් දානවා. අද දාන්නේ සෙ.ක්ස් කරන්න කලින් එයා එක්ක කතා කරන්න පුළුවන් දේවල් ටිකක් ගැන.

ලංකාවේ කට්ටිය කොහොම කොහොම හරි තම තමන්ගේ පාට්නර්ව කතා කරගෙන සෙ.ක්ස් කරාට මොකද ඔය වැඩේට දෙන්නා කතා කර ගන්න හරි හමන් විදියක් නම් නෑ. ආ.. තමන්ගේ පාට්නර් එක්ක විතරක් නෙමේ. අනුන්ගේ පාට්නර් ලා එක්කත් කරන අය ඉන්නවා. එයාලටත් අදාළයි මේක. 

අපි හිතමු ඔන්න දැන් කපල් එක වැඩේට සෙට් වෙන්න තමයි හදන්නේ. එක පාර පෙරළගෙන තමන්ගේ හිතු මතේට කරන අයත් ඇති. එහෙම නැතුව අපි හිතමු පාට්නර් එක්ක කතා වෙලා සෙ.ක්ස් කරන දෙන්නෙක් ගැන. ඔන්න ඔයාලත් සෙ.ක්ස් කරන්න කලින් කතා වෙන්නේ මෙහෙමද කියලා පොඩ්ඩක් බලන්න.

👦සාන්ත: ටික දවසකින් කරන්නත් බැරි උනා නේද? අදවත් අරක කරමුද?

👩සඳුනි: ආ.. දැන් ඒක කරන්න ඕනද?

ඔන්න බලන්න සාන්ත වැඩේ එතනම නා ගත්තා. සාන්ත ට ඕනෑකම තිබ්බට සඳුනිට වැඩි උවමනාවක් නැති පාටයි.

දැන් පොඩ්ඩක් බලන්න සාන්තයි සාන්තගේ කෙල්ලයි පාවිච්චි කරපු වචන දිහා. 

අරක කරමුද?, මේක කරමුද? කියලා අහද්දී කිසි ගතියක් නෑ නේද. සාන්තගෙයි සඳුනිගෙයි දෙබස කියවද්දිත් නිකන් මෙලෝ රහක් නෑ වගේ නේද?

ඒ හින්දම ඉතින් ඔය උඩ දෙබස වගේ ඔයා ඔයාගේ පාට්නර් එක්ක කතා කරොත් ගොඩක් වෙලාවට ඔයාලා දෙන්නගෙත් එහාට ඉන් එහාට කතාවක් ගළාගෙන යන්නේ නැති වෙයි.

හරි දැන් බලමු මේක වෙනස් කරලා කොහොමද වැඩේ ලස්සනට ගළාගෙන යන විදියට, ඔයාගේ පාට්නර් වත් වැඩේට කැමති කරව ගන්න විදියට කතාවක් අරන් යන විදිය.

දෙන්න තියෙන ටිප් එක තමා, රහස් වචනයක් පාවිච්චි කරන්න. ඒ කිව්වේ සෙ.ක්ස් කරනවා කියන එක වෙනුවට වෙන ආදේශක වචනයක් ඔයාලා දෙන්නා කතා වෙලා හදා ගන්න.

සෙ.ක්ස් කරනවා කියන එක වෙනුවට රහස් වචනයක් දා ගත්තම වෙන කට්ටිය ඉන්න තැනක උනත් ඕක කිව්වට කාටවත් වැඩි ගාණක් නෑ. අනික ඔයාලා ඒ දා ගන්න වචනේ, ඔයාගේ පාට්නර් ට වැඩිය අපහසුතාවක් නැතුව කියන්නත් පුළුවන් 

දැන් මේක උදාහරණයකින් බලමු.

ඔන්න දැන් ඉන්නවා අලුත් කපල් එකක්. අපේ පේජ් එකේ දාන පෝස්ට් එහෙම බලන කපල් එකක්. සාන්ත රොක්ස් සහ ඒන්ජල් සඳු. 

මෙයාලා සෙ.ක්ස් කරනවා කියන එකට "බයිසිකලේ" කියන රහස් වචනය දාගෙන තමා ඉන්නේ. ඔන්න බලන්න එයාලගේ දෙබස.

👦සාන්ත රොක්ස්: සඳු.. අපිට ටික දවසකින් බයිසිකල් පදින්නත් බැරි උනා නේද? අදවත් රවුමක් යන්ද? 

👩ඒන්ජල් සඳු: මොන බයිසිකල් ද අනේ මේ මහ රෑ. ඇවිත් නිදා ගන්නවා..

(ටියුබ් ලයිට් ඒන්ජල් සඳු ටික වෙලාවකින් පසු..)

👩ඒන්ජල් සඳු: ආ.. ආ.. ඒ බයිසිකල් නේද? එදා ඔයාට බයිසිකල් පදිද්දී හොඳටම හති වැටුණා නේද.

👦සාන්ත රොක්ස්: අමෝ.. අමෝ.. කවුද දන්නේ නෑ එහෙනම් එක දවසක් බයිසිකල් පැද පැද ඉද්දි හොඳට දාඩියත් දාගෙන කොන්ද රිදෙනවා කියලා මඟින් බැහැලා ගියේ.

👩ඒන්ජල් සඳු: ඔව් එදා නම් මට ටිකක් වෙලා බයිසිකලේ පැදගෙන යද්දී අමාරු උනා තමා. ඔයාට බැරිද අද මාව තියාගෙන බයිසිකලේ පදින්න.

👦සාන්ත රොක්ස්: අද අපි දෙන්නම මාරුවෙන් මාරුවට පදිමු. පල්ලමක් හම්බුනාම මම හයියෙන් පාගලා පදින්නම්.

👩ඒන්ජල් සඳු: ආ.. හරි හරි. මම අතින් ඔයාගේ ගියර් එකත් මාරු කරලා දෙන්නම්කො හයියෙන්ම පාගලා යන්න.

ඔන්න බලන්න එක වචනයක් හින්දා කතාව වෙනස් වුන ලස්සන. මේක කියවන ඔයාලටත් කතාව ගිය විදිය ගැන ආස හිතුණා නේද? 

අන්න ඒ වගේ තමා රහස් වචනයක් දා ගත්තම දෙන්නටම කිසි අපහසුවක් නැතුව තමන්ගේ පාට්නර් ගෙන් අද සෙ.ක්ස් කරමුද කියලා අහන්න පුළුවන් වෙනවා. ඒ කතාවෙන්ම විතරක් දෙන්නවම උත්තේජනය වෙලා හොඳ ලිoගික අත්දැකීමකට පසුබිම හැදෙනවා.

එහෙනම් ඉතින් ජනාධිපති තුමා ගේ ජාතිය ඇමතීමත් අහලා බලලා, සාන්ත රොක්ස්, ඒන්ජල් සඳු වගේ අලුත් වැඩේ try කරලා බලන්නකෝ.

Previous Post Next Post