සාමාන්‍යයෙන් ගැහැණු කෙනෙක්ගේ වයස අවුරුදු 20 පිරුණා නම් මාසෙ ගානේ ස්වයං පියයුරු පරීක්ෂාවක් කර ගන්න එක හොඳයි.
මේ පරික්ෂාව කරන්න හොඳම දවස තමා ඔසප් වෙලා සතියකින් විතර පස්සේ. මොකද ඔසප් දවස් වලට පියයුරු කොහොමත් ලොකු වෙනවනේ. මාසේ පළවෙනි දවස හරි මාසේ අන්තිම දවස වගේ මතක තියා ගන්න ලේසි දවසක් මේ වැඩේට තෝර ගන්න.
මේකෙදි පියයුරු දෙකේ ප්‍රමාණය සහ පෙනුම කියන දෙකම ගැන බලන්න ඕනා. කලින් මාසේ තිබ්බ විදියට වඩා වෙනසක් එහෙම තියෙනවද කියලා හොඳට බලන්න.
ගොඩක් දෙනා මේ පියයුරු පරික්ෂාව කියන එකට එච්චර හුරු වෙලා නැති හින්දා මුලදී පියයුරු වල වෙනසක් තිබ්බත් වැඩිය දැනෙන එකක් නැහැ. ඒත් ඕක දිගටම කරගෙන යද්දී පොඩි වෙනසක් තිබ්බත් හොඳට තේරෙන්න ගන්නවා.
පියවර 5 කින් මේක කරන විදිය කියලා දෙන්නම්.
📌 1,2 වෙනි පියවර
පළවෙනි පියවර තමා ඉස්සෙල්ලම යන්න කණ්නාඩියක් ඉස්සරහට. නාන කාමරේ කණ්නාඩිය ඉස්සරහට ගියාම වැඩේ ලේසියි. එහෙම නැත්නම් කාමරේ තියෙන කණ්නාඩියක් උනත් පාවිච්චි කරන්න පුළුවන්.
එහෙමවත් කණ්නාඩියක් හොයා ගන්න බැරි කෙනෙක් ඉන්නවා නම් 3 වෙනි පියවරේ ඉඳන් පටන් ගන්න.
මේක කරන්න නම් ඉස්සෙල්ලම කණ්නාඩියක් ඉස්සරහට ගිහින් උරහිස් කෙලින් තියාගෙන ඉණට අත් දෙක තියා ගන්න. දැන් බලන්න පියයුරු දිහා.
මේ පහල තියෙන දේවල් වලින් එකක් හරි තියෙනවා කියලා තේරෙනවා නම් වෛද්‍යවරයෙක් ගාවට යන්න.
▶ හමේ වලවල් හෑරිලා වගේ තැන්, රැළි ගැහිලා වගේ නම්, තැනින් තැන ඉලිප්පිලා තියෙන තැන් තියෙනවා නම්
▶ තන පුඩුව/ nipple එක තියෙන තැන වෙනස්වෙලා හරි, ඇතුළට එබිලා තියෙන තන පුඩුවක් වගේ එකක් තියෙනවා නම්
▶ රතු පාට වෙලා තියෙනවා නම්, පලු වගේ තියෙනවා නම්, රිදෙනවා නම්
▶ පියයුරු වළ ගැහිලා තියෙනවා නම්
▶ හමේ පාට සහ ස්වභාවය වෙනස් වෙලා නම්
▶ තනපුඩුවේ යොමු වෙලා තියෙන පැත්ත වෙනස් වෙලා තියෙනවා නම් සහ හැකිළිලා වගේ තියෙනවා නම්
දෙවෙනි පියවරේ කරන්න තියෙන්නේ කණ්නාඩිය ඉස්සරහම හිටගෙන අත් දෙක උස්සලා ආයේ පාරක් බලන්න මොකක් හරි වෙනසක් තියෙනවද කියලා.
📌 3 වෙනි පියවර
තුන්වෙනි පියවර විදියට කරන්න ඕනා මහපට ඇඟිල්ලෙන් සහ අනිත් ඇඟිලි වලින් හිමිට තන පුඩුව මිරිකලා බලන්න මොනා හරි ශ්රාවයක් එනවද කියලා. සමහර විට කිරි පාට හරි කහ පාටට හුරු දියරයක් එන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ලේ එනවා නම් වෛද්‍යවරයෙක් ගේ උපදෙස් ගන්න ඕනා.
📌 4 වෙනි පියවර
හතර වෙනි පියවර කරන්න ගැලපෙන තැනක හාන්සි වෙන්න ඕනා. හාන්සි වෙලා දකුණු අතින් වම් පියයුරත්, වම අතින් දකුණු පියයුරත් පිරිමදින්න. ඇඟිලි එකට තියලා ස්පර්ශ කරන්න.
උඩ ඉඳන් පහළට වෙනකල් සහ පැත්තෙන් පැත්තටත් සම්පුර්ණයෙන්ම ආවරණය කරන්න. ඒ කියන්නේ අකු ඇටයේ ඉඳන් බඩ දිහාට වෙනකම් සහ කිහිල්ලේ සිට පපුව මැද වෙනකල්ම.
තන පුඩුවේ ඉඳන් පටන් අරන් රවුමට රවුමට පියයුරේ දාරය වෙනකල්ම ස්පර්ශ කරන් යන්න. එහෙම නැත්නම් පියයුරේ දාරයේ ඉඳන් පටන් අරන් හෙමින් හෙමින් තන පුඩුව වෙනකල් එන්න. ඔයාට ලේසි විදියක් කරන්න.
පියයුරේ හැම තැනක්ම අල්ලලා බලන්න මතක තියා ගන්න. පියයුරු වල හමට ඇතුලින් තියෙන පටක වැඩිය තද කරන් නැතුව අල්ලන්න, යටින් තියෙන ඒවා ටිකක් තදින් අල්ලලා බලන්න.
එතකොට මෙතැනදී බලන්න ඕනා දේවල් දෙකක් තියෙනවා.
▶ එකක් තමා පියයුරු වල සම ගොරෝසු වෙලා වගේ තියෙනවාද කියලා
▶ අනික තමා සමට යටින් ටිකක් තද ගතියක් වගේ තියෙනවද කියලා සහ ගැටයක් වගේ දෙයක් අහු වෙනවද කියලා
මේකෙදි සම ඝණ වෙලා වගේ තිබ්බා කියලා වත් සමට යටින් ටිකක් තද වෙලා වගේ තියෙනවා කියලා එක පාර කලබල වෙන්න දෙයක් නෑ.
මොකද සමහර වෙලාවට ගැට වගේ දේවල් ඇවිත් ඔසප් වුනාට පස්සේ ඒවා නැති වෙලා යනවා. ඔසප් චක්රයකින් පස්සෙත් තියෙනවා නම් හරි, ටික දවසක් තිස්සේ ලොකු වෙන දෙයක් තියෙනවා නම්, එහෙමත් නැත්නම් කැපී පේන විදියේ වෙනසක් තියෙනවා නම් ඒ ගැන වෛද්‍යවරයෙක් ගෙන් අහන්න.
📌 5 වෙනි පියවර
ගොඩක් ගැහැණු අයට එයාලගේ පියයුරු ස්පර්ශ කරන්න ලේසියි හම තෙත් වෙලා තියෙනවා නම් සහ ලිස්සන සුළුයි නම්. ඒ හින්දා අවසාන පියවරේදී නාන වෙලාවට හරි වතුරේ ඉන්න වෙලාවකට පියයුරු ස්පර්ශ කරන්න. නාලා සබන් ගාලා තියෙන වෙලාවට මොකක් හරි පොඩි වෙනසක් උනත් තියෙනවා නම් අතට හොඳට තේරෙනවා. 4 වෙනි පියවරේ කිව්ව දේවල් ටික ඒ විදියටම කරලා බලන්න.
📌පියයුරු පරීක්ෂාවක් කර ගන්න පුළුවන් තැන්
කොහොම හරි කලින් කිව්ව පියවර 5 න් පස්සේ පියයුරු වල වෙනසක් තියෙනවා කියලා දැනුනොත් යාළුවන්ගෙනුයි තව එක එක්කෙනාගෙනුයි අහන්නේ නැතුව කෙලින්ම වෛද්‍යවරයෙක් ගාවට ගිහින් පරීක්ෂාවක් කර ගන්න.
හැම මාසෙකම දෙවෙනි ඉරිදා ශ්‍රී ලංකා පිළිකා සංගමයේ බහු සායනයේ නොමිලේ පියයුරු පරීක්ෂණ කරනවා. එතනට යනවා නම් ඔයාගේ සේරම මෙඩිකල් රිපෝට් ටික අරන් යන්න. ඕක තියෙන්නේ කොළඹ 7, 37/25 බුලර්ස් පටුමග, ලිපිනයේ.
ඊටත් අමතරව රට වටේම තියෙන සෞඛ්‍ය නිලධාරි කාර්යාල වලිනුත් සති දෙකකට පාරක්/ මාසෙකට පාරක් වගේ ස්ත්‍රී සායන තියෙනවා.
එහෙම නැත්නම් වෙනත් සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් හෝ පෞද්ගලික රෝහලකිනුත් පියයුරු පරීක්ෂාවක් කර ගන්න පුළුවන්.
වෛද්‍ය වරයාගේ පරික්ෂා කරලා ඉස්සරහට කරන්න ඕනා මැමෝග්රෑම් පරීක්ෂණ වගේ දේවල් ගැන නිර්දේශ කරයි.
පියයුරු පිළිකා වලට තියෙන ප්‍රතිකාර ක්‍රම සහ ඒවගේ අතුරු ප්‍රතිඵල වගේ දේවල් ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. ඒක කියවන්න ඕනා නම් පළවෙනි comment එක බලන්න.