කාන්තා සුරතාන්තය : How to Reach the Woman Orgasm?


 සමහර කාන්තාවන් තම ජිවිත කාලයටම එකදු සුරතාන්තයක් වත් ලබලා නැහැ. ඒ නිසාම සෙක්ස් කියන්නේ පිරිමින්ට පමණක් අයත් දෙයක් කියලා ඔවුන් හිතනවා.

මේකට එක හේතුවක් තමයි ගොඩක් දෙනෙක් හිතනවා කාන්තාවක්ව සුරතාන්තයට පත් කරවන එක අමාරුයි කියලා. ඒත් මේ දේ සම්පුර්ණ වැරදියි කියලා කාරණා 2 ක් හින්දා පැහැදිලි වෙනවා.

▶ Institute for Sex Research ආයතනයේ නිර්මාතෘ වන Alfred Kinsey මහාචාර්ය වරයා විසින් සිදු කරපු පර්යේෂණයකින් තහවුරු කරගෙන තියෙනවා කාන්තාවක් ස්වයං වින්දනයේදී සුරතාන්තයට පත් වීමට ගත වෙන කාලය පිරිමියෙක් ස්වයං වින්දනයෙන් සුරතාන්තයට පත් වීමට ගත වෙන කාලයට සමානයි කියලා. ඒ කාලය විනාඩි 4ක් වගේ. ඒ කියන්නේ තමන් කරන දේ හරියට දන්නවා නම් කාන්තාවක් සුරතාන්තයට පත් කරන්න ප්‍රමාද වෙනවා හෝ අමාරුයි කියන දේ කියන්න බැහැ.

▶ ඒ වගේම Dr. Justin Garcia විසින් සිදු කරපු පර්යේෂණයකින් කාන්තාවක් තවත් කාන්තාවක් සමඟ ලිංගික ක්‍රියාවක නිරත වීමේදී පිරිමියෙක් එක්ක සෙක්ස් කරන්වාට වඩා කාන්තාවක් සුරතාන්තය ලැබීමේ අනුපාතය වැඩි බව සොයාගෙන තිබෙනවා. 

එලෙස කාන්තාවන් සුරතාන්තය ලබන අගය පිරිමින් සුරතාන්තය ලබන අනුපාතයේ අගය තරම්ම ඉහළයි.

මේ පර්යේෂණ 2 මඟින් පැහැදිලිව පෙනෙනවා කාන්තාවක්ව සුරතාන්තයට පත් කරවන නිවැරදි ක්‍රමය නොදන්නා කම මිස එය අපහසු හෝ සංකීර්ණ නොවන බව.

________________________

කාන්තාවක් සුරතාන්තය නොලබන්නේ ඇයිද යන්න සහ ඒ සඳහා පිළියම් මොනවාද යන්න ගැන මීට පෙර පෝස්ට් එකක් දැම්මා. ඒකත් මෙතනින් බලන්න.

මේ පෝස්ට් එකෙන් ගෙන එන්නේ කාන්තාවන්ගේ සුරතාන්තයට මුලිකවම බලපාන clitoris එක හෙවත් භගමණිය උත්තේජනය ගැන කෙටි විස්තරයක් පමණයි.

________________________

📌 ලිංගික සංසර්ගයකදී කාන්තාවකගේ clitoris හෙවත් භගමනිය හරියට පිරිමින්ගේ පුරුෂ ලිංගය හා සමානයි.

clitoris එකට ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ හෝ ශරීරයේ වෙනත් කිසිදු ක්‍රියාවක් දායක වීමට හැකියාවක් නැහැ. එම අවයවම පිහිටා ඇත්තේ කාන්තාවකගේ ලිංගික උත්තේජනය සඳහාම පමණයි.

කාන්තාවන්ට ලිංගික තෘප්තියක් ගෙන දෙන මුලිකම ලිංගික අවයවය clitoris එක මිසක් යෝනි මාර්ගය නෙමේ. ඒ හේතුව නිසාම පුරුෂ ලිංගය යෝනි මාර්ගයට අතුල් කර සංසර්ගයේ යෙදුණ පමණින් ම බොහෝ කාන්තාවන්ට සුරතාන්තය ලබන්න බැහැ. 

එම නිසා clitoris එක ස්පර්ශ කිරීමෙන් එවැනි කාන්තාවන්ට සුරතාන්තය ලැබීම පහසු කරනවා සේම ලිංගික සංසර්ගයෙන් දැනට සුරතාන්තය ලබන කාන්තාවන්ට වඩා හොඳින් සුරතාන්තය ලැබීමය එය උදව් වෙනවා.

▶ clitoris එක පිහිටන ස්ථානය ගැන වැඩි විස්තර දැන ගන්නේ ඒ ගැන කලින් දාපු පෝස්ට් එක මෙතනින් බලන්න.

_____________________

📌 කාන්තාවකගේ clitoris එක උත්තේජනය කල හැකි ක්‍රම ක්‍රම කිහිපයක් තමා මේ.

කාන්තාවන්ට පුළුවන් තමන්ගේ clitoris එක ස්පර්ශ කරලා ඒක උත්තේජනය කරනවාට කැමතියි, ඒ නිසා ඒක කරන්න කියලා පිරිමින්ගෙන් ඉල්ලන්න. 

පිරිමින් තමන්ගේ සුරතාන්තය ලබනවා වගේම ඔවුන්ගේ යුතුකමක් ලෙස සලකන්න ඕනා කාන්තාවටත් සුරතාන්තය ලැබීමට උදව් කිරීම.

▶ දිව යොදා ගන්න.

Georgia විශ්වවිද්‍යාලයේ Wendy Chambers විසින් සිදු කරපු පර්යේෂණයක් අනුව කාන්තාවන් වැඩි වශයෙන් මුඛ සංසර්ගය දෙන්නත්, පිරිමින් වැඩි වශයෙන් මුඛ සංසර්ගය ගන්න එකත් සිදු වන බව වාර්තා වෙලා තියෙනවා. (ගැහැණුන් ලවා පිරිමි මුඛ සංසර්ගය කරවා ගැනීම)

ඉතින් මේකෙන් පැහැදිලිව පේනවා කාන්තාව පිරිමියාට ලබා දෙන දේ පිරිමියා විසින් ආපහු කාන්තාවට ලබා දීමේ අඩුවක් ඇති බව. 

▶ ඇඟිලි යොදා දන්නා

ස්වයං වින්දනය, ලිංගික සංසර්ගයේ යෙදෙන විට හෝ සංසර්ගයේ යෙදීමට පෙර Foreplay/ පුර්ව ලිංගික ක්‍රියාකාරකම් වල යෙදෙන අවස්ථාවේ ඇඟිලි වලින් clitoris එක පිරිමැදීම කල හැකියි.

▶ ඉරියව්ව වෙනස් කරන්න.

මීට පෙර post දෙකකින් ලිංගික සංසර්ග ඉරියව් කිහිපයක් ගැන විස්තර ගෙන ආවා. clitoris එක ඇතුළු යෝනි මාර්ගය අවට ප්‍රදේශය හොඳින් උත්තේජනය වන ආකාරයේ ඉරියව් ඒ පෝස්ට් එකේ විස්තර කර තියෙනවා.

ඒවා මෙතනින් බලන්න.

මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏

Previous Post Next Post