ගැහැණු කෙනෙක්ගේ පියයුරු වල මුලිකම කාර්ය දරුවෙක්ට මව් කිරි දෙන එක උනාට ඊට එහා ගිය ලිංගික ආකර්ශනයකුත් පරිණාමය එක්කම ගැහැණු පියයුරු වලට ලැබිලා තියෙනවා. ඇයි මම එහෙම කියන්නේ. මිනිසාට වැඩියෙන්ම සමාන චිම්පන්සි ගැහැණු සතෙක්ගේ පියයුරු තියෙන විදිය බලන්න, ඒවා හැදිලා තියෙන්නේ පහළට එල්ලෙන විදියට. අනිත් සත්තුන්ගේ උනත් පියයුරු තියෙන්නේ පහළට එල්ලෙන විදියට. එතකොට තමයි මව් කිරි දෙන එක වඩා පහසු වෙන්නේ.
ඒත් මිනිස්සුන්ගේ එහෙම නෑ. ගැහැණු කෙනෙක්ගේ පියයුරු ඉදිරියට නෙරා එන විදියට තමයි හැදිලා තියෙන්නේ. ඔයා පිරිමි කෙනෙක් නම් තමන්ගේ girlfriend ගේ හෝ බිරිඳගේ පියයුරු කටේ දාගෙන ටික වෙලාවක් උරලා බලන්න. ටික වෙලාවකින් පියයුරු වලට ඔයාගේ නහය වැහිලා හුස්ම ගන්නත් අමාරු වෙයි.
.
.
📌 පියයුරු වල ප්‍රමාණය ගොඩක් වෙලාවට ඔයාට දෙමාපියන්ගෙන් ලැබෙන ජාන මත තීරණය වෙනවා. ඊට අමතරව හෝමෝන වෙනස් වෙද්දීත් පියයුරු වල ප්‍රමාණය වෙනස් වෙනවා, ඔයාගේ ඔසප් වෙන දවස් වලට පියයුරු ලොකු වෙලා ඔසප් දවස් ඉවර වීගෙන එද්දී ආපහු පියයුරු කුඩා වෙනවා ඔයා අත්දැකීමෙන්ම දන්නවා ඇති. එහෙම වෙන්නේ ඔසප් වෙන දවස් වෙද්දී ඇඟේ ඉස්ට්‍රජන් හෝමෝන වැඩි වෙන හින්දා. හැබැයි මේ විදියට පියයුරු විශාල වෙන එක තාවකාලිකයි.
📌 සමහර වෙලාවට ඔයාගේ හෝමෝන වෙනස් වෙද්දී හරි හෝමෝන වල ප්‍රශ්න තියෙනවා නම් ඒ කිව්වේ තයිරොයිඩ් ග්‍රන්ථියේ ආබාධ (Thyroid disorders) වගේ තියෙනවා නම් සාමාන්‍යයෙන් ඇඟේ බර වැඩි වෙනවා.
මේ දේවල් හින්දා නම් පියයුරු ඕනෑවට වඩා ලොකු වෙලා තියෙන්නේ, ලැබිලා තියෙන දේ බාර ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ.
.
.
හැබැයි උත්තරේ ඒකම නෙමෙයි. පියයුරු ලොකු වැඩියි නම් ඒවා පොඩි කර ගන්න අපිට කරන්න පුළුවන් දේවල් තියෙනවා.
ඒ ගැන දැන ගන්න කලින් පියයුරු කොහොමද හැදිලා තියෙන්නේ කියලා පොඩ්ඩක් බලමු.
පියයුරු ගොඩක් හයියට වගේ තිබ්බට ඒ අතුලේ තියෙන්නේ මේද පටක තට්ටුවක් සහ මව් කිරි ශ්‍රාවය වෙන්න තියෙන ග්‍රන්ථි සහ නාල. පියයුරු වල තියෙන මේද පටකයට කියන්නේ adipose ටිෂූ කියලා. මේ ටිෂූ එකට පුළුවන් ඇඟේ වෙන කිසිම තැනකටත් වඩා හොඳට මේදය ඇදලා ගන්න. එයා කරන ප්‍රධානම වැඩේ තමා ඇඟේ ඉතුරු වෙන ශක්තිය පස්සේ ඕන කරන වෙලාවට ගන්න මේදය විදියට ගබඩා කරලා තියා ගන්න එක. ඉතින් මේ විදියට මේදය වැඩියෙන් ගබඩා වෙනවා නම් පියයුරු නිකම්ම ලොකු වෙනවා.
දැන් ඔයාට තේරෙන්න ඕනා පියයුරු කුඩා කර ගන්න නම් මොකද්ද කරන්න පුළුවන් කියලා.
👉 එක්කෝ මේ මේදය ශල්‍යකර්මයකින් අයින් කරන එක. ඒ ගැන විස්තර පහළ තියෙනවා.
👉 එහෙම නැත්නම් ස්වාභාවිකවම පියයුරු වල තියෙන මේදය අඩු කර ගන්න එක.
ඒත් ඒක ඒ විදියටම කරන්න බැහැ. මොකද ඇඟේ එක තැනක විතරක් මේදය අඩු කරන්න බැහැ. ඒ කිව්වේ ඔයාගේ බඩ වැඩියි නම් බඩට කරන ව්‍යායාම කරලා බඩේ විතරක් මේදය අඩු කරන්න බැහැ. කරනවා නම් කරන්න පුළුවන් දේ තමයි මුළු ඇගෙන්ම මේදය අඩු කරන එක. diet plan එකක් අනුගමනය කරලා ව්‍යායාම කරනවා නම් ඇඟේ තියෙන මේදය අඩු කර ගන්න පුළුවන්.
▶ ඒත් ප්‍රශ්නේ තියෙන්නේ මේ විදියට ඇගෙන් මේදය අඩු කරද්දී මේදය අඩු වෙන්නේ මොන මොන තැන් වලින්ද කියන එක අපිට පාලනය කරන්න බැහැ. එක එක්කෙනාගෙන් ඒක වෙනස් වෙනවා. ඒ කිව්වේ පියයුරු අඩු කරන්න හිතාගෙන ඔයා ව්‍යායාම කරත් පියයුරු වලට කලින් ඔයාගේ තට්ටම් වල මේදය අඩු වෙලා ඒවා කුඩා වෙන්න පුළුවන්. සමහර විට මුණ ඉස්සෙල්ලම කෙට්ටු වෙන්න පුළුවන්.
ඒ හින්දා පියයුරු කුඩා වෙන්නම කියලා අනුගමනය කරන්න විශේෂ diet plan එකක් වත් ව්‍යායාමයක් වත් නැහැ. හැබැයි diet plan එකක් අනුගමනය කරන ගමන් ව්‍යායාමය කරන්න පුළුවන් නම් පියයුරු වල ප්‍රමාණය අඩු කර ගන්න පුළුවන්.
නිකමට Youtube එකට ගිහින් "How to reduce breast size" කියලා search කළොත් ඒකට කරන්න ඕන ව්‍යායාම මොනාද කියලා ඕන තරම් වීඩියෝ තියෙනවා. හැබැයි උඩ කිව්ව ටික හරියට කියෙව්වා නම් දැන් ඔයා දන්නවා ඒ දේවල් වල ඇත්ත නැත්ත මොකද්ද කියලා.
.
.
පියයුරු ඕනෑවට වඩා ලොකු වෙන එක තමන්ගේ පෙනුම ගැනම තියෙන ප්‍රශ්නයක් නෙමේ, පියයුරු ඕනෑවට වඩා ලොකු වීම හින්දා දුක් විඳින ගැහැණු අය ඉන්නවා.
▶ පියයුරු විශාල වීම හින්දා ගැහැණු අයට පියයුරු වල වේදනාව, බෙල්ලේ, උරහිසේ , කොන්දේ කැක්කුම වගේම බ්‍රා එකේ පටියට උරහිස කැපීම හින්දා වෙන තුවාල, දහදිය වැඩියෙන් දැමීම නිසා පියයුරු දෙක මැද්දේ ඇති වෙන කැසීම් හින්දා වෙන තුවාල වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා.
.
.
මේ වගේ විශාල පියයුරු තියෙන කෙනෙක්ට ශල්‍ය කර්මයක් කරලා ඒ ප්රශ්නය නිරාකරණය කර ගන්න පුළුවන්.
හැබැයි තමන්ගේ පියයුරු ලොකුයි කියලා හැමෝටම ගිහින් මේ ශල්‍යකර්මය කරන්න බැහැ. ඒක කරන්න කලින් දේවල් ටිකක් තියෙනවා. පියයුරු ලොකු වෙන්න බලපාලා තියෙන හේතුව ඉස්සෙල්ලා බලන්න ඕනා. හෝමෝන අසමතුලිතතා, ස්ථුලතාවය වගේ හේතු හින්දා නම් පියයුරු ලොකු වෙලා තියෙන්නේ ශල්‍යකර්මය කරන්න කලින් ඒ ප්‍රශ්න ටික විසඳගෙන ඉන්න වෙනවා.
▶ ශල්‍යකර්මය කරාට පස්සේ පොඩි කැළලක් හිටිනවා, හැබැයි ඒක නොපෙනෙන විදියට කරන්න පුළුවන්.
▶ ශල්‍යකර්මය කරලා පියයුරු වලින් අයින් කරන කොටස් වල සම සහ මේද තට්ටුව කියන දෙකම තියෙනවා. හැබැයි මේක කරන එකේ තියෙන ප්‍රශ්නේ තමයි මේ විදියට අයින් කරන මේද තට්ටුවත් එක්කම මව් කිරි ශ්‍රාවය වෙන්න තියෙන ග්‍රන්ථි සහ නාලත් අයින් වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා මේ ශල්‍යකර්මය කලාම සමහර ගැහැණු අයට මව්කිරි දෙද්දී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒත් සමහරුන්ට නම් මව් කිරි දෙද්දී කිසි ප්‍රශ්නයක් වෙන්නේ නෑ.
ශල්‍යකර්මය කරන්න කලින් මේ දේවල් ගැන වෛද්‍යවරයා ඔයාගෙන් අහනවා.
.
.
📌 කොහෙන්ද කර ගන්න පුළුවන්?
රජයේ රෝහල් වල මේ ශල්‍යකර්මය කරන්න පුළුවන්. ඒත් හැම ගැහැණු කෙනෙක්ටම අවශ්‍ය තරම් පහසුකම් රජයේ රෝහල් වල නැහැ.
පියයුරු ලොකු වීම හින්දා ඒ ප්‍රශ්නෙන් ගොඩක්ම පීඩා විඳින අයව තමයි රජයේ රෝහලක වෛද්‍යවරයෙක් පරික්ෂා කරලා ශල්‍යකර්මය කරලා දෙන්නේ.
එහෙම නැතුව තමන්ගේ පෙනුම ගැන හිතලා පියයුරු කුඩා කර ගන්න ඕනනම් එක පෞද්ගලික රෝහලකින් තමයි කර ගන්න වෙන්නේ.