කොන්ඩම් කියන්නේ උපත් පාලන ක්‍රමයක් විදියට වගේම ලිංගාශිතව සම්ප්‍රේෂණය වෙන රෝග (STD) වලිනුත් ආරක්ෂා වෙන්න තියෙන බොහොම සාර්ථක ක්‍රමයක්. HIV වගේ රෝග වලට නම් කොන්ඩම් මඟින් 100% ආරක්ෂාවක් ලැබුණත් හර්පිස් සහ ලිංගික ඉන්නන් ට වගේ රෝග වලට කොන්ඩම් එකකින් ලැබෙන්නේ 30-50% අතර වගේ ආරක්ෂාවක් තමයි.
📌 කොහොම හරි මේ පෝස්ට් එකෙන් බලමු හරි විදියට කොන්ඩම් එකක් පාවිච්චි කරන විදිය.
▶ කොන්ඩම් එකක් එක පාරකට විතරක් පාවිච්චි කරන්න. නැවත නැවත පාවිච්චි කරන්න එපා. ඒ වගේම එක දෙයක් කරලා තව දේකට මාරු වෙද්දීත් අලුත් කොන්ඩම් එකක් දා ගන්න. ඒ කියන්නේ මුඛ සංසර්ගය කරලා, යෝනි මාර්ග සංසර්ගයක් කරලා ගුද මාර්ග සංසර්ගයත් කරනවා නම් ඒ කෙනා අනිවාර්යෙන් අලුත් කොන්ඩම් 3ක් මාරු කරලා තියෙන්න ඕනා.
ඒ වගේම සෙක්ස් කරන ගමන්, අතරමැද්දේ එකම කොන්ඩම් එක ආයේ ආයේ ගලව ගලව දා ගන්න යන්නත් එපා. කොන්ඩම් එක ගලවලා ආයේ දාන්න වෙනවා නම් අලුත් එකක් දාන්න.
▶ වැඩි ආරක්ෂාවට කියලා කොන්ඩම් දෙකක් හරි ඊට වැඩියෙන් දාන්න එපා. මොකද කොන්ඩම් දෙකේ මතුපිට එකට අතිල්ලිලා ඇති වෙන ඝර්ෂණය හින්දා කොන්ඩම් එක damage වෙන්න පුළුවන්. ඒ හින්දා කොන්ඩම් එකකට වඩා දැම්මා කියලා වැඩි ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ, ලැබෙන ආරක්ෂාවත් අඩු වෙන එක තමා වෙන්නේ.
▶ ලංකාවේ ගොඩක් දුරට ලිහිසිකාරක වර්ග 2ක් තමා හොයා ගන්න තියෙන්නේ. එකක් ජල ද්‍රාවි ලිහිසිකාරක (water based Lubricant), අනික තෙල් සහිත ලිහිසිකාරක (oil based Lubricant) එතකොට කොන්ඩම් එකක් එක්ක පාවිච්චි කරන්න ඕනා ජල ද්‍රාවි ලිහිසිකාරක විතරයි. oil based Lubricant වල තෙල් ගතිය නිසා Lubricant සහ කොන්ඩම් එක අතර ඇති වෙන ඝර්ෂණය හින්දා කොන්ඩම් එක damage වෙන්න පුළුවන්.
▶ ගුද මාර්ග සංසර්ගය කරනවා නම් අනිවාර්යෙන්ම කොන්ඩම් එකක් දාන්න. මොකද ගුද මාර්ග සංසර්ගයෙන් තමා HIV වගේ රෝග බෝ වෙන්න යෝනි මාර්ග සංසර්ගයටත් වඩා වැඩි අවදානමක් තියෙන්නේ.
📌 කොන්ඩම් එකක් පාවිච්චි කරන්න කලින් මේ දේවල් ගැන හිතන්න.
▶ ඔයා මිලදී ගත්ත කොන්ඩම් එක කල් ඉකුත් වෙලාද කියලා බලන්න. නිෂ්පාදිත දිනයේ ඉඳන් අවුරුදු 3ක් වෙනකල් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න පුළුවන්.
▶ උණුසුම්, තෙතමනය ඇති ස්ථාන වල ඒ කියන්නේ කලිසම් සාක්කු, මුදල් පසුම්බි වගේ තැන් වල ගොඩක් දවස් තියලා තිබ්බ කොන්ඩම් දාන්න එපා. වියළි සිසිල් ස්ථානයක තියන්න. ඉර එළිය වැටෙන තැන් වලින් ඈත් කරලා තියන්න.
▶ කොන්ඩම් එක අරින්න ඕන තැන පැකට් එකේ ලකුණු කරලා තියෙනවා. එතනින් අරින්න. කටින් හරි කැපෙන ආයුධයකින් කොන්ඩම් පැකට් එක අරින්න එපා. කොන්ඩම් පැකට් කියන්නේ ටිපි ටිප් පැකට් වගේ හුළං පුරෝලා තියෙන එකක් නෙමේ. කොන්ඩම් එකේ size එකටම තමයි පැකට් එක හදලා තියෙන්නෙත්. ඒ හින්දා පැකට් එක ඉරන්න, කපන්න ගිහින් කොන්ඩම් එකත් කැපෙන්න පුළුවන්.
පැකට් එක පරිස්සමින් අතේ ඇඟිලි වලින් ඉරා ගන්න.
📌 හරි විදියට දා ගන්න හැටි.
▶ කොන්ඩම් එකේ කෙළවර තුඩ ඇතුලේ වාතය එකතු වෙන්නේ නැති විදියට ඇඟිලි වලින් අල්ල ගන්න. එහෙම කරන්නේ කොන්ඩම් එක ඇතුලේ වැඩියෙන් තියෙන වාතය අයින් කරන්න. එහෙම නොකලොත් සෙක්ස් කරන වෙලාවට කොන්ඩම් එක ඇතුළට අමතර වාතය ගිහින් වායු පීඩනය හින්දා කොන්ඩම් එක ඉරෙන්න පුළුවන්. කොන්ඩම් එකේ කෙළවර තුඩ ඇඟිලි වලින් තද කරගෙනම කොන්ඩම් එක රෝල් කරලා දා ගන්න.
▶ පුරුෂ ලිංගය සම්පුර්ණයෙන්ම වැහෙන විදියට කොන්ඩම් එකේ කෙලවර පහළට රෝල් කර ගන්න. කොන්ඩම් එකේ කෙළවර උඩ අතට තියෙන විදියට තියා ගන්න. එතකොට ඒක දිග ඇර ගන්න ලේසියි. කොන්ඩම් එක දාන්න කලින් දිග අරින්න එපා.
මේ විදියට කොන්ඩම් එක දා ගද්දි පුරුෂ ලිංගය සම්පුර්ණයෙන් ප්‍රාණවත් වෙලා තියෙන්න ඕනා, තාම හරියට ප්‍රාණවත් වෙලා නැත්නම් කොන්ඩම් එක දාන්න යන්න එපා.
▶ ඒ වගේම කොන්ඩම් එකේ කෙළවර තුඩ තමයි පිට වෙන ශුක්‍ර තරලය එකතු වෙන්නේ. ඒ හින්දා කොන්ඩම් එක දැම්මම කෙළවර හිඩැසක් තියෙන්න ඕනා. ඒ හිඩැස තිබ්බේ නැත්නම් පුරුෂ ලිංගය එළියට ගන්න කලින්ම කොන්ඩම් එකේ කර දෙපැත්තෙන් ශුක්‍ර තරලය එළියට ලීක් වෙන්න ඉඩ තියෙනවා.
▶ අවසානේ සෙක්ස් කරලා ශුක්‍ර තරලය පිට වුනාට පස්සේ කොන්ඩම් එකේ මුලින් අල්ලගෙන පරිස්සමින් යෝනි මාර්ගයෙන් එලියට ගන්න. (වෙන තැනක කරා නම් එතනින්)
කොන්ඩම් එක ගලවද්දී කඩදාසි කෑල්ලකින් අල්ලගෙන ගලවන්න. එහෙම කරන්නේ ලිංගාශිත ශ්‍රාවයන් ඇඟේ ගෑවෙන එක නොවෙන්න හින්දා.
▶ දැන් කොන්ඩම් එකේ කෙළවරට ශුක්‍ර තරලය එකතු වෙලා තියෙන්නේ. ඒ හින්දා එකතු වෙලා තියෙන ශුක්‍ර තරලය ආපහු පිටතට එන්නේ නැති වෙන්න කොන්ඩම් එක ගැටයක් ගහන්න. ඊට පස්සේ කඩදාසි කෑල්ලෙම ඔතලා විසි කරන්න. පාවිච්චි කරපු කොන්ඩම් ටොයිලට් එකට දාලා flush කරන්න එපා. ඕක ඇතුලේ හිර වෙන්න පුළුවන්. සමහර විට කොන්ඩම් එක ගෙවල් වලට අහු වෙන්නත් ඉඩ තියෙනවා.
මේ කිව්ව දේවල් හැමෝම මේ විදියටම කරනවා කියනවා නෙමේ. ඒත් ගැබ් ගන්න ඕන වෙන්නේ එකම එක ශුක්‍රාණුවක් විතරයි. ඒ වගේම එකම එක වෛරසයක් ඇති ඔයාටත් ලිංගාශිතව සම්ප්‍රේෂණය වෙන රෝගයක් හදවන්න.
ඒ හින්දා කිසිම වෙලාවක අවදානමක් අරන් වාසනාවට ජිවිතේ බාර දෙන්න එපා. මේ කිව්ව විදියට හැම දේම කරන්න.