කන්‍යා පටලය ගැන තරම් page එකට වෙන අහලා එවන ප්‍රශ්නයක් නැහැ. ගොඩක්ම පිරිමි ළමයින්ට තමන් යාලු වෙලා ඉන්න ගැහැණු ළමයා ගැන තියෙන ලොකුම ප්‍රශ්නේ ඕක.
ලංකාව විතරක් නෙමේ ගොඩක් රටවල් මේ කන්‍යා පටලය ගැන ප්‍රශ්නේ ලොකුවටම ඔලුවට දාගෙන ඉන්නවා.
▶ ඉන්දුනීසියාවේ තාමත් හමුදාවට බඳවා ගන්න කලින් ගැහැණු ළමයින්ගේ කන්‍යා භාවය පරික්ෂා කරලා බලනවා.
▶ ආසියාවේ තියෙනවා ටජිකිස්ටාන් (Tajikistan) කියලා රටක්. එහේ තියෙන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයකින් (Forensic Medical Examination) කන්‍යා භාවය ගැන සහතිකයක් පවා දෙනවා. විවාහ වෙන්න කලින් තමන් කන්‍යාවියක් කියලා ඔප්පු කරන්න ගැහැණු ළමයි මේ සහතිකය ගන්නවා කියලා තමා කියන්නේ.
ලෝකේ වටේම මේ වගේ වෙන දේවල් ඕන තරම් තියෙනවා කියනවා නම්.
▶ හැබැයි ලෝක සෞඛ්‍ය සංවිධානය වගේ සංවිධාන මේ කන්‍යා පටලය පරික්ෂා කරන එක ගැහැණුන්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් විදියට වගේ බොහොම බරපතළ විදියට සලකනවා.
___________________________________________
කන්‍යා පටලය (hymen tissue) සහ කන්‍යා භාවය (Virginity) කියන්නේ දෙකක්. මම නම් කියන්නේ ඕකට කන්‍යා පටලය කියන එකම වැරදියි. මොකද කන්‍යා පටලය කියලා ඒකට කිව්වට ගැහැණු ළමයෙක් කන්යාවියක්ද කියලා ඒකෙන් බලන්න බැහැ.
▶ 1906 විතර ඕක ගැන නොර්විජියාවේ පරීක්ෂණයක් කළා. Marie Jeancet කියන වෛද්‍යවරිය මැදි වයසේ හිටිය ගණිකාවක්ව තමා මේ වැඩේට පාවිච්චි කළේ.
කොහොම හරි අවසානේ පුදුම සහගත විදියට මේ ගණිකාවගේ කන්‍යා පටලය තාමත්, අවුරුදු 13- 19 වගේ වයසේ ගැහැණු ළමයෙක්ගේ කන්‍යා පටලයකට සමානයි කියලා තමා වෛද්යවරිට දැක ගන්න පුළුවන් වුනේ.
ගණිකාවකගේ කන්‍යා පටලයකුත් බිඳිලා තිබුනේ නැහැ කියන්නේ සාමාන්‍ය ගැහැණු කෙනෙක්ගේ කන්‍යා පටලය දිහා බලලා එයා කන්යාවියක්ද නැද්ද කියලා තීරණය කරන එක කොච්චර මෝඩ වැඩක්ද කියලා තේරුම් ගන්න.
▶ ඒ වගේම 2004 දී American Academy of Pediatrics කියන ආයතනයෙන් තරුණ වයස් වල ගැහැණු ළමයි 36 දෙනෙක් අරගෙන කන්‍යා පටලය ගැන තවත් පරීක්ෂණයක් කළා.
වෛද්‍යවරුන්ට කිව්වා මේ ළමයි 36 දෙනාගේ කන්‍යා පටල පරික්ෂා කරලා බලලා කලින් සෙක්ස් කරලා තියෙන අය කවුද කියන්න කියලා.
කන්‍යා පටලය බලලා වෛද්‍යවරු කිව්වේ මෙතන ඉන්න ගැහැණු ලමයිගෙන් 2 ක් විතරයි කලින් සෙක්ස් කරලා තියෙන්නේ කියලා.
හැබැයි මේ පරීක්ෂණයට ගත්ත ගැහැණු ළමයි හැමෝම ඒ වෙද්දී pregnant වෙලා හිටිය අය. එතනින්ම තේරෙනවා කලින් සෙක්ස් කරාද නැද්ද කියලා හොයලා බලන එක කන්‍යා පටලය දිහා බලලා කරන්න පුළුවන් දෙයක් නෙමේ කියලා.
___________________________________________
කන්‍යා පටලයට medical purpose එකක් නැහැ. යෝනි මාර්ගය ආසාදනය කරන්න පුළුවන් දේවල් ඇතුල් කරන එක නවත්තන්න ඒක හැදිලා තියෙනවා කියලා සමහරු කිව්වත් ඒකට ඇඟේ නිශ්චිත කාර්යක් කරන්න බැහැ. ඒ කියන්නේ ඔයාගේ හදවතට නිශ්චිත කාර්යයක් තියෙනවා, ඒ තමා ශරීරය පුරා රුධිර සංසරණය පවත්වා ගෙන යන්න රුධිරය පොම්ප කරන එක, හැබැයි ඒ වගේ නිශ්චිත කාර්යයක් කන්‍යා පටලය කියන එකට නැහැ.
ඇඟේ නිශ්චිත කාර්යයක් නැති වුනත් ඔය පටලය ගැහැණු ළමයින්ට ප්‍රශ්නම තමයි ඇති කරන්නේ.
කන්‍යා පටලය ඉරුණාම තමා ඒකෙන් ලේ එන්නේ. ඉරෙනවා මිසක් ඒක කැඩෙන්නේ නැහැ. මොකද ඕක හරියට රබර් වගේ ඇදෙන පටලයක්.
▶ එක එක ගැහැණු කෙනාගේ කන්‍යා පටලය තුනීවට හරි ඝනවට තියෙන්න පුළුවන්. සමහරුන්ගේ උපතින්ම එහෙම එකක් ඇත්තේම නැහැ. තුනී කන්‍යා පටලයක් ස්වභාවිකවම ඉතා පහසුවෙන් ඉරෙන්න පුළුවන්. ඝණව පිහිටන කන්‍යා පටලයන් එහෙම ලේසියෙන් ඉරෙන්නේ නැහැ.
▶ ඒ වගේම ඔසප් වෙන දවස් වලට පිට වෙන ලේ එළියට යන්න ඕකෙ සිදුරුත් තියෙනවා. ඒ හින්දා විවාහ වුණාට පස්සෙත් කන්‍යා පටලය ඉරෙන වෙලාවල් තියෙනවා. සමහර විට කවදාවත් ඉරෙන්නේ නැති වෙන්නත් පුළුවන්.
ඒ හින්දා පළවෙනි පාර නෙමේ 100 වෙනි පාර කරද්දී උනත් ලේ එන්නේ නැති වෙන්න පුළුවන්.
___________________________________________
📌 කන්‍යා පටලය දිහා බලලා ගැහැණු ළමයෙක් කන්යාවියක්ද නැද්ද කියලා හොයන්න බැරි නම් එතකොට කොහොමද ගැහැණු ළමයෙක් කන්යාවියක්ද කියලා දැන ගන්නේ?
ඇත්තටම එහෙම බලන්න විදියක් නැහැ. ගැහැණු ළමයෙක් කන්යාවියක්ද නැද්ද කියලා ඇත්තටම දැන ගන්න ඕනා නම් ඒක එයාගෙන්ම අහන්න.
ඇත්ත කියනවද බොරු කියනවද කියන එක එයාගේ කැමැත්ත.
How she answers that question is her choice!