හදිසි උපත් පාලන ක්‍රම ගැන page එකට නිතර ගැටළු inbox මඟින් ලැබෙනවා. පුදුම සහගත ලෙස 90% කටත් වඩා ඒ ප්රශ්නය යොමු කරන්නේ වයස 21- 25 අතර වයසේ අය. බොහෝ විට තම පෙම්වතිය සමඟ ලිංගික සංසර්ගයේ යෙදී දින කිහිපයකට පසුයි ඔවුන් අනපේක්ෂිත දරු උපතක් වළක්වා ගන්නා උපත් පාලන ක්‍රම ගැන විමසන්නේ.
අවිවාහක වයසේ තරුණ දරුවන් වැඩි වශයෙන් මේ ගැටළුවට මුහුණ දෙන නිසාත් ඔවුන්ගේ නොදැනුවත් කම හෝ නොසැලකිල්ල දුරු කිරීමේ අරමුණින් මේ පෝසට් එකෙන් හදිසි උපත් පාලන ක්‍රම ගැන විස්තරයක් ගෙන එනවා.👇👇
________________________________________
▶ හදිසි අවස්ථාවක අනපේක්ෂිත ගැබ් ගැනීමක් වළක්වා ගැනීමට භාවිත කළ හැකි උපත් පාලන ක්‍රම හදිසි උපත් පාලන ක්‍රම (Emergency contraception) ලෙස හඳුන්වනවා.
▶ හදිසි අවස්ථාවක් කියන්නේ මොකද්ද?
- වෙනත් උපත් පාලන ක්‍රමයක් භාවිත නොකරන විට
- භාවිත කරන උපත් පාලන ක්‍රමය අසාර්ථක වී යැයි සැකයක් පවතින විට
- කොන්ඩමය සිදුරුවීම, ගැලවීයාම හෝ වැරදි භාවිතය
- ගර්භාෂය තුල තැන්පත් කරන ලූපය ඉවතට පැමිණි මොහොතක
- ලිංගික අතවරයකට හෝ දූෂණයට ලක් වූ අවස්ථාවක
________________________________________
▶ අනාරක්ෂිත එක්වීමකින් පසුව අනපේකෂිත ගර්භණීභාවය වැළැක්වීම සඳහා කාන්තාවන් විසින් භාවිතා කල හැකි ක්‍රම 2ක් ඇත.
1. හදිසි අවස්ථාවකදී ගන්නා පෙති
2. ගර්භාෂය තුළ තැන්පත් කරන ලූප්
දැන් මේ එක් එක් ක්‍රමය ගැන සලකා බලමු.
________________________________________
📌 හදිසි අවස්ථාවකදී ගන්නා පෙති
මේ පෙති භාවිතයෙන් ඩිම්බ කෝෂයෙන් ඩිම්බයක් නිදහස් කිරීම වැලැක්වීම තමා සිදු කරන්නේ. ඒ හැර ගබ්සාවක් වීමක් සිදු වන්නේ නැහැ. අනාරක්ෂිත ලිංගික එක් වීමෙන් පසුව දින 3ක් ඇතුලත ලබා ගත යුතුයි.
ලිංගික සංසර්ගයෙන් පසු වැඩි කාලයක් ගතවීමට පෙර හැකි ඉක්මනින්ම මෙම පෙති ගැනීම වැඩි සාර්ථකත්වයකට හේතුවේ.
නිතර නිතර පෙති භාවිතය සහ දිගු කාලීන උපත් පාලන ක්‍රමයක් ලෙස මේ පෙති භාවිතය කිසි විටෙකත් නොකළ යුතුය.
මේ පෙති ඉතා අඩු මුදලකට ඕනෑම ෆාමසියකින් පහසුවෙන් ලබා ගත හැක.
👉 POSTINOR 2: ලිංගික සංසර්ගයෙන් පැය 72 ඇතුළත මෙහි පළමු පෙත්ත ලබා ගත යුතු අතර ඉන් පැය 12 කට පසු එහි දෙවන පෙත්ත ලබා ගත යුතුය.
👉 POSTINOR 1: ලිංගික සංසර්ගයෙන් පැය 72 ක් ඇතුළත මේ තනි පෙත්ත ලබාගත යුතුය.
▶ හදිසි උපත් පාලන පෙති වල අතුරු ආබාධ
- කෑම අරුචිය හා වමනය
- ඔසප්වීම ඉක්මන්වීම හෝ ප්‍රමාද වීම
- ඔසප් චක්‍රයේ අක්‍රමවත් ලෙස ලේ වහනය වීම
- පියයුරුවල වේදනාව (ස්පර්ශයේදී)
- හිසරදය
________________________________________
📌 ගර්භාෂය තුල තැන්පත් කරන ලූපය
▶ මෙය ප්ලාස්ටික් වලින් සකස් කර එය වටා තඹ දඟරයක් ඔතා ඇති කුඩා 'T' හැඩති නැමෙන සුළු උපකරණයකි.
හදිසි උපත් පාලන ක්‍රමයක් ලෙස ලිංගික එක් වීමෙන් දින 5කට පමණ පසුවත් ගැබ්ගැනීමක් වලක්වා ගැනීම සඳහා භාවිතා කල හැකියි. විවාහක කාන්තාවන්ට වඩා සුදුසුයි.
ඊට අමතරව මෙය වසර 10 ක පමණ දීර්ඝ කාලයක් ගැබ් ගැනීම වළක්වා ගත හැකි ඉතා සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක්.
මේ ක්‍රමය තුලිනුත් කිසි විටෙක ගබ්සාවක් සිදු වන්නේ නැහැ.
ලිංගික කාර්යය තුළදී කිසිදු වේදනාවක් හෝ අපහසුවක් ඇති නොකරන අතර ලිංගික සතුටට බලපෑමක් ඇති නොකරයි.
හෝමෝන අඩංගු නොවන නිසා හෝමෝන නිසා ඇතිවන අතුරු ආබාධ රහිතයි.
▶ ලූප් එක ගර්භාෂයේ තැන්පත් කරගන්නේ කොහොමද?
මෙහි ඇති කුඩා තන්තු දෙක ගැබ් ගෙල තුළින් යෝනි මාර්ගය තුළ රැඳි සිටින පරිදි ඇතුල් කිරීම වෛද්‍යවරයෙකු විසින් කළ යුතුය. නිර්වින්දනය කිරීම පවා අවශ්‍ය නැහැ. විනාඩි 5- 10 කින් පමණ මෙය තැන්පත් කර නිවෙස කරා යා හැක.
එය වැරදි ආකාරයකින් තැන්පත් නොකළේ නම් ගර්භාෂයෙන් පිටත ශරීරයේ අනෙක් ස්ථාන වලට ගමන් කරන්නේ නැත.
මෙය ඉවත් කිරීම කිසිදු වේදනාකාරී නොවන අතර අවශ්‍යතාවක් ඇතිවු විට මෙය ඉවත් කළ විගසම නැවත දරුවන් සෑදිය හැකියි.
▶ ලූප් එක තැන්පත් කිරීමේ අතුරු ආබාධ
- තැන්පත් කළ දින යටිබඩ වේදනාව හෝ සුළු වශයෙන් රුධිරය වහනය වීම.
- ඔපස්වීමේ සුළු ප්‍රමාදයන් සහ ඔසප් රුධිරය පහවීමේ සුළු වැඩිවීමක් සිදුවීම. නමුත් මේ ලක්ෂණ තාවකාලිකය.
- ඔසප් වීමේ දී ඇතිවන බඩේ කැක්කුම වැඩිවිය හැකිය.
________________________________________
**සැලකිය යුතුයි: මෙහි සඳහන්ව ඇත්තේ හදිසි උපත් පාලන ක්‍රම ගැන කෙටි සහ පොදුවේ වන විස්තරයක් වන බැවින් මේ සෑම ක්‍රමයක්ම සෑම දෙනාටම නොසුදුසු විය හැක.
මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏