ගුද සංසර්ගය සුදුසුයිද? Is Anal OK?

 

බොහෝ විට පිරිමි- පිරිමි අතර වන සම්බන්ධ වලදී මෙන්ම කාන්තාවන් සහ පිරිමි අතර වන සම්බන්ධ වලදීද මේ ගුද මාර්ග සංසර්ගය බහුලව සිදු වෙනවා. සමහරුන් මෙයට ප්‍රිය කරන අතර සමහරුන්ට මෙය අතිශය වේදනාකාරීයි.

............................

📌 ගුද සංසර්ගයේ ගැටළු 

ගුද මාර්ග සංසර්ග වලදී යම් ගැටළු කිහිපයක් පවතිනවා.

❌ ගුද මාර්ගය යනු ලිංගික සංසර්ග සඳහා සැකසුණු දෙයක් නොවේ. 

ලිංගික සංසර්ග සඳහා අවශ්‍ය ස්වාභාවිකව ලිහිසි කාරක ගතිය ගුද මාර්ගයේදී ඇති වන්නේ නැහැ.

එසේම ගුද මාර්ගයේ පටක පිහිටා ඇත්තේ ඇතුලත ඇති දෙයක් පිටතට ගමන් කරවීම සඳහා වන අතර පිටතින් දෙයක් ඇතුලට ඇතුල් කල හැකි වන සේ නොවේ.

මෙම කාරණා දෙක නිසා ගුද මාර්ග සංසර්ග වලදී ඇති වන ඝර්ෂණය නිසා මේ පටක වලට හානියක් සිදු වෙනවා. මේ සිදු වන හානිය නිසා ඇසට නොපෙනෙන සිරීම්, කැපීම් ආදිය ඇති විය හැකියි. ඒවායින් HIV ඇතුළු ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝ වීමේ වැඩිම අවදානමක් පවතිනවා.💯

............................

📌 ගුද සංසර්ගය කරන්න එපාද?

ගුද සංසර්ගයට ප්‍රිය කරන ගැහැණු හා පිරිමි දෙපිරිසම සිටිනවා. 

❌ ආරක්ෂිතව ගුද සංසර්ගයේ යෙදිය හැකි නමුත් ගුද සංසර්ගයේ යෙදීමට අප කිසිවෙක්ව විශේෂයෙන් උනන්දු කරවන්නේ නැහැ.

✅ ඔබ ගුද සංසර්ගයේ යෙදෙනවා නම් එය අතිශය විශ්වාසවන්ත සහකරුවෙක් හෝ සහකාරියක් සමඟ පමණක් යෙදෙන්න. සෑම විටම එක් සහකරුවෙක් හෝ සහකාරියකට සීමා වෙන්න.

✅ කොන්ඩම් එකක් භාවිතා කරන්න. 

✅ එසේම ඉහත සඳහන් කල පරිදි ගුද සංසර්ගයේදී ඇති විය හැකි හානි අවම කර ගැනීම සඳහා ලිහිසි කාරක භාවිතා කරන්න.

✅ තවද කොන්ඩම් වල යම් ලිහිසිකාරක ගතියක් තිබුනත් ඊට අමතරව කොන්ඩම් එකට පිටින් water- based හෝ silicone- based  ලිහිසිකාරකයක් ද කොන්ඩම් එක සමඟ භාවිතා කරන්න.

Previous Post Next Post