කාලෙන් කාලෙට විවිධ ආගමික නායකයින් ස්වයං වින්දනය ගැන ප්‍රකාශ කරන දේවල් සමාජයේ ප්‍රසිද්ධ වෙනවා.
***
ස්වයං වින්දනය කියන්නේ තමන්ගේ ලිංගික අවයව උත්තේජනය කරමින් හැඟීම් උත්තේජනය කර ගැනීමක් හා සතුටක් ලබා ගැනීමට කරන ගැහැණු පිරිමි දෙපාර්ශවයටම කල හැකි ඉතා අවිහිංසක ක්‍රියාවක්. කිසිම කෙනෙක්ට හානියක් නොකර තමන්ටම ඉතාමත් ආරක්ෂිතව ලිංගික තෘප්තිය සහ තවත් මානසික සහ ශාරීරක වාසි ගොඩක් ලබා ගන්න පුලුවන් ක්‍රියාවක්.
තව කෙනෙක්ට හානියක් කරන අදහසින් කිසිම දෙයක් ස්වයං වින්දනයකදී සිදු නොකරන නිසා එය පවක් වන අකාරය මට නොවැටහේ. එසේම බෞද්ධ ආගම අනුව එන ගිහියන් විසින් ආරක්ෂා කල යුතු පංච ශීලයේ එන කම්සැප වරදවා හැසිරීමක් ද ස්වයං වින්දනයෙන් සිදු වන්නේ නැහැ.
📌 තවද පහත කරුණු 5 ගැන බෞද්ධ ආගමේ එන කාමමිත්‍යාචාරය සංකල්පය අනුව අපැහැදිලිය.
1. විවාහ වූ අයෙකු තම සහකරු හෝ සහකාරිය දැනුවත්ව තුන්වැන්නෙකු සමග ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
2. විවාහයට පෙර දෙදෙනෙකු ලිංගිකව එක්වීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
3. දෙදෙනෙකුට වැඩි පිරිසක් එක්වර ලිංගිකව එක්වීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
4. එකම ලිංගයේ දෙදෙනෙකු ලිංගිකව හැසීරීම කාමාසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
5. ස්වයං වින්දනයේ යෙදීම කාමේසු මිච්ඡාචාරා ආකාරයේ පවක්ද?
****
මේ ගැන විස්තර හොයද්දි හම්බුණා එක YouTube වීඩියෝ එකක්. (අවශ්‍ය නම් link එක original පෝස්ට් එකේ 1st comment එකේ තියෙනවා.)
📌 ඉන්දියාවේ ඉන්නවා සද්ගුරු කියලා යෝගී වරයෙක් සහ ලේඛකයෙක් වෙන ප්‍රසිද්ධ දේශකයෙක්.
එක දේශනයකදී කෙනෙක් නැගිටලා අහනවා ප්‍රශ්නයක්.
"විශ්වවිද්‍යාලයකට ළමයෙක් ඇතුල් වුණාම ඒ කෙනාට විශාල වශයෙන් අසභ්‍ය දේවල් (pornographic material) වලට ප්‍රවේශය ලැබෙනවා... ඒවා ඒගොල්ලෝ රස විඳිනවා... සමහර වෙලාවට එයාලා ඕනාවට වඩා වැඩියෙන් ස්වයං වින්දනයේ යෙදෙනවා... අපි කොහොමද දැන ගන්නේ ඒක කොයි තරම් දුරට හොඳද නරකද කියලා... ස්වයං වින්දනය ගැන සත්‍ය අපිට දැන ගන්න පුලුවන්ද?"
ඕක තමයි අහන ප්රශ්නය.
ඒ ප්රශ්නය අහපු ගමන්ම මුළු audiance එකම අත්පුඩි ගහනවා.
සද්ගුරු කියනවා. "ඔහ්. ගොඩක් ප්‍රසිද්ධ ප්‍රශ්නයක් වගේ" කියලා.
එහෙම කියලා හිනා වෙලා තමන්ගේ උත්තරය ශාලාවේ අයට කියන්න පටන් ගන්නවා.
"අපි හැමෝම ජීව විද්‍යාත්මකව හැදුණු අය. අපිට බැහැ ඒක නෑ කියන්න. ඒත් දැන් ලෝකේ තියෙන ප්රශ්නය තමයි සමහර ආගමික ආයතන විසින් මේ මිනිසාගේ ජීව විද්‍යාත්මක සැකැස්ම වැරදියි කියන ආකල්පයේ ඉන්නවා. ඒ නිසා සංස්කෘතිය විසින් මේ දේවල් හැම වෙලේම සඟවනවා.
අපේ සංස්කෘතියේ මෙහෙම දේවල් කලින් තිබුනේ නැහැ. බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇවිත් ගියාට පස්සේ අපි බ්‍රිතාන්‍යයින් ටත් වඩා අන්ත වුනා.
ඒත් ඊට කලින් අපේ තිබුන පන්සලකට ගියොත් පන්සල වටේට අඹලා තියෙන දේවල් හැම දේම අසභ්‍ය දේවල් (pornographic). ඕනනම් ඒ විදියට ඒවාට කියන්නත් පුළුවන්. ඒත් අපි ඒවට අසභ්‍ය දේවල් කියන්නේ නැහැ. අපි කතා කරන්නේ ඒ දේවල් වල තියෙන මිනිසාගේ ජිවිතයේ විවිධ ස්වරූප ගැන විතරයි...
ඔබ කළ යුත්තේ ඒ දිහා බලලා ජිවිතයේ ස්වභාවය ගැන තේරුම් අරන් ඒ ගැන ගැඹුරට යන්න උත්සාහයක් දරණ එක මිස ඒවා ප්‍රතික්ෂේප කිරීම හෝ ඒවා දිහා බලලා හැඟීම් සන්තර්පණය කර ගැනීම නෙමේ...
ඔබ ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන විදිය ඔබේ ජිවිතේ කර ගන්න එපා. ඒක ජිවිතේ එක කොටසක් විතරයි. බුද්ධිමත් බව සහ සිහිය ඒ දේට කලින් ඉස්සරහට එනවා...
සතෙක් ගේ නම් ඒ සතා ජීව විද්‍යාත්මකව හැදිලා තියෙන විදිය තමා කොහොමද කෑම හොයා ගන්නේ, කොහොමද වර්ගයා බෝ කරන්නේ කියන එක. උගේ මුළු ජීවිතේම ඒක.
ශරීරයට වුවමනා තියෙනවා. භෞතික ආශාවන් තියෙනවා. ඒ දේවල් මොන විදියකින් හරි සපුරන්න ඕනා.
කොයි තරම් දුරට ඒවා සපුරනවාද කියන දේ ඔබේ කැමැත්තක්. එත් කිසිසේත්ම ඒක ජිවිතේ එකම දේ කර ගන්න එපා.
බුද්ධිමත් බව සහ සිහිය වෙනුවට ශාරීරික අවශ්‍යතා වලට මුල් තැන දුන්නොත් එහෙම වෙන්නේ ඔබ පරිනාමනයේ අනිත් පැත්තට යන එක."
***
"අපි ඉන්නේ විශ්වයේ තියෙන තරු බිලියනයකින් එකක් වෙන තරුවක් වටේ කක්ෂගත වුන ලෝකයක.
අපේ මනුෂ්‍ය වර්ගයා මෙතෙක් බිහි වුන මිලියන භාගයකට ආසන්න ජීවින්ගෙන් එකක්.
අපි ඉපදෙන්න තියෙන අවස්තාව ට්‍රිලියන 400 කින් එකක් වගේ.
ඔබ විශේෂයි නෙමේ. ඔබ පුදුම විදියේ වාසනාවන්තයි.
ඒ නිසා ඔබේ වටිනා ජීවිතය රසවිඳින්න, මොකද ඔබ වගේ කෙනෙක් ආයේ ඉපදෙන්නේ නැහැ."
- Ricky Gervais
**DISCLAIMER: මම ආගමික නායකයෙක් නොවන නිසාත් ආගම් වලින් ස්වයං වින්දනය ගැන පවසන දේ ගැන මතයක් දරන්නේ නැති නිසාත් මේ පෝස්ට් එකේ ඇතුළත් වන්නේ මාගේ පෞද්ගලික මතය සහ උපුටාගැනීම් බව කරුණාවෙන් සලකන්න.**
©XeducationSL