පුරුෂ ලිංගයේ ප්‍රමාණය මදිද? : Isn't Your Size Enough?

තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය මදි කියන එක ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක්. ඒ හින්දම පිරිමි තමන්ගේ අවයව වල ප්‍රමාණය හින්දා තමන්ගේ ආත්ම විශ්වාසය පවා අඩු කර ගන්නවා.

කොහොම හරි මේ ගැන 2006 දී ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල කැලිෆෝනියා විශ්ව විද්‍යාලයෙන් පරීක්ෂණයක් කළා.

▶ මේ පර්යේෂණට වයස 18 ඉඳන් 65 අතර පිරිමි අය 25,594 කුත් ගැහැණු 26,437 කුත් සහභාගී වුණා. 

▶ මේකට සහභාගී වුන පිරිමින් ගෙන් 66% දෙනෙක්ට තිබ්බේ සාමන්‍ය ප්‍රමාණයේ (average) පුරුෂ ලිංගයයක්, පිරිමි 22% කට විශාල පුරුෂ ලිංග තිබ්බා. 12% කට තිබ්බේ කුඩා පුරුෂ ලිංග.

▶ කොහොම හරි කාන්තාවන්ගෙන් 85%ක් දෙනා තමන්ගේ සහකරුවාගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන සෑහීමකට පත් වෙනවා කියලා කිව්වා.

▶ ඒත් පිරිමි නම් තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය ගැන සැහීමකට පත් වුනේ 55% ක් දෙනා විතරයි. 45% ක්ම පිරිමින්ට තමන්ගේ පුරුෂ ලිංගය තව ලොකු  කර ගන්න ඕන වුණා. ඒ වගේම 0.2% ක පිරිමි හිටියා තමන්ගේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය අඩු කර ගන්න ඕන වෙලා හිටිය.

👉 ඉතින් මේ පරීක්ෂණයෙන් තේරෙනවා පිරිමින්ට තමන්ගේ පුරුෂ ලිංගය පොඩියි කියලා දැනෙන ප්‍රශ්නය ලංකාවේ වගේම ලෝකේ අනිත් රට වලත් තියෙනවා. ගොඩක් පිරිමි තමන්ගේ අවයවයේ ප්‍රමාණය තව ලොකු කර ගන්න එක ගැන හිතුවත් කාන්තාවන් නම් ඒ ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. එයාලගේ වැඩේ හරියට වෙනවා නම් අඟල් 4ක එකක් තිබ්බත් එයාලා තෘප්තිමත්.

අන්තර්ජාලයේ දකින වීඩියෝ වල වගේ ඒවා හැමෝටම නැහැ, එහෙම ලොකු එකක් තියෙන්න අවශ්‍යත් නැහැ. තමන්ට තියෙන එක හොඳටම ඇති.💯

ප්‍රමාණයට වඩා වැදගත් වෙන්නේ තමන් ඒක හරියට පාවිච්චි කරන්නේ කොහොමද කියන එක.✅

size doesn't matter it's how you use it

Previous Post Next Post