👉 ප්‍රමාණය වැදගත්ද?
මේ ගැන බොහෝ සමීක්ෂණ සිදු කර තිබෙනවා. බොහෝ කාන්තාවන් ප්‍රකාශ කරන ලෙසට ඔවුන් පවසන්නේ ප්‍රමාණය එතරම් වැදගත් නොවන බවයි. එසේම බොහෝ දෙනා සිතනවා පුරුෂ ලිංගයේ ප්‍රමාණය තමන්ගේ ලිංගික තෘප්තිය හෝ තම සහකාරියගේ ලිංගික තෘප්තිය සඳහා බලපාන බව. නමුත් පුරුෂ ලිංගයේ ප්‍රමාණය සහකාරියගේ ලිංගික තෘප්තියට බලපාන බව කිසිදු විද්‍යාත්මක සොයා ගැනීමකින් හෙළි වී නැහැ. ඒ සියලු දේ මිත්‍යා මත. එසේම උපරිම ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා අසැබි වීඩියෝ වල සිටින පුද්ගලයන්ගේ මෙන් පරිපුර්ණ සිරුරක් අත්‍යාවශ්‍ය වන්නේ නැහැ. ඊට හේතුව ලිංගිකව එක් වීම යනු පුරුෂ ලිංගය යෝනියට ඇතුළු කර සංසර්ගයේ යෙදීම පමණක්ම නොවේ. එය එම ක්රියාවේ එක් කොටසක් පමණයි. ලිංගිකව එක් වීම යනු මානසික ක්‍රීඩාවක්. ඒ සඳහා ශාරීරක අවයව වල ප්‍රමාණය එතරම් බලපාන්නේ නැහැ. වඩා වැදගත් වන්නේ ඔබේ ශරීරය භාවිතා කරන්නේ කෙසේද යන්නයි.
👉 අන්තර්ජාලයේ දකින දේ?
අන්තර්ජාලයේ දක්නට ලැබෙනා වීඩියෝ වල ඇති ශරීර අවයව වල ප්‍රමාණය සත්‍ය වශයෙන්ම ඇති තත්වයන් නොවේ. සාමාන්‍ය අගයක් ලෙස පිරිමින්ගේ පුරුෂ ලිංගයේ දිග අඟල් 3.5ක් ද ප්‍රාණවත් වූ පසු අඟල් 5ක් හෝ ඊට වැඩි වෙනවා. බොහෝ දෙනෙක් අන්තර්ජාලයේ දකින වීඩියෝ වල දකින පුද්ගලයන්ගේ හෝ වෙනත් අයගේ ශරීර සමඟ තම ශරීරය සැසඳීම කරනවා. එහිදී සිදු වන්නේ තම ආත්ම විශ්වාසය අඩු වීමක්. අන් අය සමඟ තමාව සැසඳීම කිසිසේත් නොකළ යුතුයි. ඔබ වැනි කෙනෙක් සිටින්නේ ඔබ පමණයි. එනිසා සෑමවිටම තමාව අගය කිරීමට පුරුදු වෙන්න.
👉 ප්‍රමාණය වැඩි කරන පෙති, ආලේපන සහ උපකරන?
බොහෝ දෙනෙක් විවිධ පෙති, ආලේපන වැනි දේ පාවිච්චි කරමින් පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා අසාර්ථක උත්සාහයක් දරනවා. තට්ටම් සහ පියයුරු වල ප්‍රමාණය වැඩි කිරීමට නම් සිදු කල හැකි නවීන තාක්ෂණික ප්‍රතිකාර ක්‍රමවේද පවතිනවා. නමුත් පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැඩි කිරීම සඳහා විද්‍යාත්මකව සනාථ වූ පෙති වර්ග හෝ ආලේපන වර්ග නැහැ. වෙළඳපලේ පවතින එවැනි නිෂ්පාදන මගින් බොහෝ දෙනා මුලාවට පත් වෙනවා. එනිසා එවැනි දේ වලට යොමු වී ඔබගේ මුදල් නාස්ති කර නොගන්න. පුරුෂ ලිංගයේ ප්‍රමාණය වෙනස් කිරීම කල නොහැකියි. වෙළඳපලේ පවතින එවැනි දේ තුලින් පුරුෂ ලිංගයේ ප්‍රමාණය වර්ධනය කර ගැනීම තාවකාලිකව පමණක් සිදු කල හැකියි.
👉 ප්‍රමාණය ගැන සිතීමෙන් ඇති වන බලපෑම
අපට වැඩියෙන්ම ප්‍රශ්න යොමු වන්නේ පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැඩි කර ගැනීම සම්බන්දවයි. තම ශරීරය, අවයව විශේෂයෙන්ම ලිංගික අවයව ගැන සෑහීමකට පත් නොවීම (poor body image) ඔවුන්ගේ ආත්ම විශ්වාසයට බලපානවා. ලිංගික සම්බන්ද සඳහා ආත්ම විශ්වාසය විශාල ලෙස බලපානවා. සමහර වෙලාවට තම ආත්ම විශ්වාසය නැති කම ලිංගික තෘප්තිය අඩු වීමටද හේතු වෙනවා. එසේම එය ලිංගික බෙලහිත්නාවක් දක්වා වර්ධනය වීමටද හැකියාව පවතිනවා. බොහෝ විට අසභ්‍ය වීඩියෝ වල අඩංගු දර්ශන බැලීමෙන් ඒවායෙහි පෙන්වන ලිංගික අවයව සමඟ තම ලිංගික අවයව සැසඳීම නිසා මෙම තත්වය ඇති වෙනවා.
👉 ඔබ විශේෂ කෙනෙක්
විවිධ පුද්ගලයන්ගේ පුරුෂ ලිංගයන් විවිධ ප්‍රමාණයේ සහ හැඩයන්ගේ වෙනවා. එය තමා විවිධත්වය. ඔබ තේරුම් ගත යුතු දෙය නම් ලොව තුළ ඇති විවිධත්වය නිසා ඔබ වැනි කෙනෙක් මුළු ලෝකයටම සිටින්නේ ඔබ පමණයි. එනිසා ඔබව අන් අය සමඟ සැසඳීම නොව ඔබට ලැබී ඇති දෙය ගැන ඔබ ආඩම්බර විය යුතුයි. තමන්ට ලැබී ඇති සිරුරට ආදරය කරන්න. තමන් ගැන විශ්වාසය ඇති කරගෙන තමන් ලෙසම ඔබගේ සහකාරිය ඉදිරියට යන්න. ඒ විශ්වාසය තුළින් ඔබට සහ සහකාරියට උපරිම තෘප්තිය ලබා ගත හැකි වේ.
👉 හරියට ඒක පාවිච්චි කරන්නේ කොහොමද?
පුර්ව ලිංගික එක් වීමේ අවස්ථාවේ (foreplay) ඔබේ ලිංගයේ ප්‍රමාණය ගැන සිතමින් වද වනවා නම්, එය ලිංගික සම්බන්දතාව සඳහා බාධා වෙනවා. ලිංගිකව එක් වීමට සුදානම් වන එම අවස්ථාවේදී ඔබේ අරමුණ වෙනස් වීම නිසා කෙටිකාලින හෝ දිගු කාලින ලිංගික බෙලහිනතා ඇති විය හැකියි. ලිංගික සම්බන්ධ යනු මනසින් කරන ක්‍රීඩාවක්. එනිසා ලිංගිකව එක් වන අවස්ථාවේ ඔබට දැනෙන සංවේදන ගැන පමණක් අවධානය යොමු කරන්න.
👉 තවමත් ප්‍රමාණය අඩු බව සිතනවාද?
බොහෝ පිරිමින් සිතන පරිදි ඔවුන්ගේ ගැටළු වලට පිළියම ප්‍රමාණය වැඩි කිරීම නොවේ. අවශ්‍ය නම් ලිංගයේ ප්‍රමාණය ගැන සිතමින් බිඳී ඇති ඔබගේ ආත්ම විශ්වාසය සහ මානසිකත්වය ගොඩ නගා ගැනීමට වෛද්‍ය වරයෙක් මුණ ගැසෙන්න. තවද ඔබට කල හැකි එක දෙයක් නම් උදරයේ අනවශ්‍ය මේදය අඩු කර ගැනීමෙන් ශිෂ්නයේ මුල ගබඩා වී ඇති මේද ප්‍රමාණය අඩු කිරීම තුළින් යම් තරමක් පුරුෂ ලිංගයේ ප්‍රමාණය වැඩි බවක් පෙන්වීමයි.