බෙහෙත් ලිංගික බෙලහීනතා ඇති කරනවද? : Can Medicines Affect Sexual Performance?

විවිධ හේතු නිසා ලිංගික බෙලහිනතා ඇති වෙනවා. ඒ අතරීම් සමහර තත්ත්ව ඇති වන්නේ තමන් ලබා ගන්නා ඖෂධ නිසායි.

මෙලෙස ලබා ගන්නා සමහර ඖෂධ සමහර විටෙක ලිංගික බෙලහිනතා ඇති කරවිය හැකියි.

..........................................

📌 ලිංගික බෙලහිනතා ඇති කල හැකි ඖෂධ මොනවාද?

👉 අධි රුධිර පීඩනය, කොලෙස්ටරෝල්, හර්ධයාබාධ, දියවැඩියාව වැනි කල් ගත වූ රෝග සඳහා බොහෝ දෙනා දිනපතා, නිරන්තර ලබා ගන්නා ඖෂධ.

👉 රුපලාවන්‍ය කටයුතු සඳහා, ශරීරයේ බර වෙනස් කර ගැනීම සඳහා සේම තවත් විවිධ දේ සඳහා වෛද්‍ය නිර්දේශයකින් තොරව ලබා ගන්නා ඖෂධ.

👉 මානසික රෝග සඳහා භාවිතා කරන ඖෂධ, ප්‍රති වෛරස ඖෂධ, පුරස්ථ ග්‍රන්තියේ රෝග සඳහා භාවිතා කරන ඖෂධ වැනි බොහෝ තවත් බොහෝ ඖෂධ නිසා ලිංගික බෙලහිනතා ඇති වීමේ හැකියාවක් තිබෙනවා.

..........................................

📌 දිගු කාලින බෙහෙත් බිම නිසා ඇති වන බෙලහිනතා මොනවාද?

▶ ලිංගික අප්‍රාණිකත්වය

▶ ලිංගික ආශාව අඩු වීම

▶ ශුක්‍ර මොචනයේ ගැටළු

▶ සුරාන්තය ලැබීම ගැටළු

..........................................

📌 මේ ඖෂධ ගන්න ඔබටත් මේ ගැටළු තිබෙනවාද?

ඔබටත් මේ ගැටළු ඇත්නම් ඔබ ප්‍රතිකාර ලබා ගන්නා වෛද්‍ය වරයා සමඟ මේ දේවල් සාකච්ඡා කිරීම වැදගත්.💯

✅ ඒ අනුව ඔබ ලබා ගන්නා ඖෂධ ලිංගික බෙලහිනතා ඇති කරයි නම් ඒ සඳහා වෛද්‍ය වරයා විසින් විකල්ප ඖෂධ නිකුත් කරනවා.

එම නිසා දීර්ඝ කාලීනව ඖෂධ ලබා ගනිමින් ලිංගික බෙලහිනතාවකට පත් වී ඇත්නම් ඉක්මනින්ම වෛද්‍ය වරයෙක් වෙත ගොස් අදාළ ගැටළුවට පිළියම් ලබාගෙන ලිංගික ජීවිතය තෘප්තිමත් කර ගන්න.

මේ දැනුම අන් අය අතර share කරන්න.🙏

Previous Post Next Post