මේ ෆොටෝ එකේ ඉන්නේ සනි ලියෝන් අරන් හදා ගත්ත ළමයි 3 දෙනා.
අරන් හදා ගත්ත කිව්වට ලොකු දුව විතරයි අරන් හදා ගත්තේ. අනිත් නිවුන් ළමයි දෙන්නා surrogacy එකකින් හදා ගත්තේ. තාක්ෂණිකව බැලුවොත් ඒක තව කෙනෙක්ගේ ළමයෙක් තමන්ගේ කුස ඇතුලේ වැඩෙන්න දෙනවා වගේ දෙයක්.
කොහොම හරි සනී ලියෝන් ට තමන්ගේම ළමයි හදන්න බැරි වුනා.
_____________________________________________________
තමන්ට දරුවක් නෑ කියලා දැන් පසුතැවිලි වෙවී ඉන්න ඕන නෑ. දරුවෙක් හදාවඩාගන්න ලංකාවේ තියෙන නීතිමය තත්වය ගැන මේ පෝස්ට් එකෙන් සරලව විස්තර කරනවා.
👉 තමන් දරුවෙක් හදාවඩාගන්න හිතනවානම්, ඉස්සෙල්ලම දරුවා ඉන්න ප්‍රදේශයට අයත් හරි, දරුවා හදාවඩාගන්න කැමති කෙනා පදිංචි වෙලා ඉන්න ප්‍රදේශයට අයත් දිසා අධිකරණයට පෙත්සමක් සහ දිවුරුම් ප්‍රකාශයක් මගින් අදාල ඉල්ලීම ඉදිරිපත් කරන්න ඕනා..
📌 1941 අංක 24 දරණ දරුකමට හදාවඩා ගැනීමේ ආඥා පනත අනුව දරුකමට හදා ගැනීම, හෙවත් දරුවකු කුලවද්දා ගැනීමට බලාපොරොත්තු වෙන අය ඉන්නවා නම් මේ දේවල් සම්පූර්ණ වෙලා තියෙන්න ඕනා.
1). දරුවාගේ වයස අවුරුදු 14ට අඩු විය යුතුයි. වයස අවුරුදු 10ට වැඩි දරුවකු නම් දරුවාගේ කැමැත්ත සලකා බලනවා.
2). දරුකමට හදා ගැනීමට ඉල්ලන අයගේ වයස අවුරුදු 25 ට වැඩි වෙන්න ඕනා.
3). දරුවා සහ දරුවා හදා ගන්න ඉල්ලන අය අතර වයස් පරතරය අවුරුදු 21 ට වඩා වැඩි වෙන්න ඕනා.
ඒත් මේ වයස් පරතරයේ සීමාව මේ අවස්ථා වලදී අදාළ වෙන්නේ නැහැ.👇
▶ දරුවා, දරුවාව හදා ගන්න ඉල්ලන අයගේ පූර්ණ හෝ අර්ධ සහෝදරයකු හෝ සහෝදරියක වෙනවා නම්,
▶ දරුවා, දරුවාව හදා ගන්න ඉල්ලන අයගේ සෘජුව පැවත එන කෙනක් නම්,
▶ දරුවා, දරුවාව හදා ගන්න ඉල්ලන අයගේ බිරිඳගේ හෝ සැමියාගේ වෙනත් විවාහයක දරුවකු නම්,
4). දරුවා හදා ගන්න ඉන්න පාර්ශව දෙකේම කැමැත්ත ඒකට තියෙන්න ඕනා. ඒ කියන්නේ ස්වාමියා සහ භාර්යාව දෙන්නම දරුවා හදා ගන්න කැමති වෙන්න ඕනා.
5). දරුවාගේ ස්වභාවික දෙමාපියන් ජීවතුන් අතර ඉන්නවා නම් එයාලගේ කැමැත්තත් අනිවාර්යෙන් ඕනා. ඒත් සමහර අවස්ථා වලදී දෙමාපියන්ගේ කැමැත්ත ඕනා නැති බව නෛතික ප්‍රතිපාදන වල තියෙනවා. උදාහරණයක් විදියට දරුවාගේ දෙමාපියන් දෙන්නා මානසික ව්‍යාධියකින් පෙළෙනවා නම් දෙමාපියන්ගේ කැමැත්ත ඒකට ඕනා නැහැ.
.
6). කිසිම වෙලාවක දරුවාගේ දෙමාපියන් සහ දරුවාව හදා ගන්න ඉන්න පාර්ශව 2 අතර කිසිම ප්‍රතිශ්ඨාවක් හුවමාරු වෙලා තියෙන්න බැහැ.
7) දරුවා හදා ගන්න බලාපොරොත්තු වෙන අය තමන්ගේ ස්ථිර පදිංචියක් ඇති බවට අධිකරණය සෑහීමට පත් කරන්න ඕනා.
ඒ වගේම දරුවා හදා ගන්න ඉල්ලන අය තමන්ට දරුවා නඩත්තු කරන්න ප්‍රමාණවත් තරම් ආදායමක් තියෙන බවටත් අධිකරණය සෑහීමකට පත් කරන්නත් ඕනා.
ඒ වගේම දරුවාව හදා ගන්න ඉල්ලන කෙනා පිරිමි කෙනෙක් වෙලා, හදා ගන්න ඉන්න දරුවා ගැහැණු දරුවෙක් නම් අධිකරණය කිසිසේත්ම ඒකට අවසර දෙන්නේ නැහැ. (විශේෂ ඥාති සම්බන්ධතාවයකදී හැර)
📌 අවසානයේ අධිකරණයක් විසින් කුලවද්දා ගැනීමේ නියෝගයක් නිකුත් කරාට පස්සේ ඒ දරුවාට දරුකමට හදාගන්න දෙමව්පියන්ගේ වාසගම දෙන්න පුළුවන් වෙනවා. ඒ අනුව දරුවාගේ උප්පැන්න සහතිකය වෙනස් කරගන්න පුළුවන්.
කෙටියෙන්ම කියනවා නම් ස්වභාවික දෙමව්පියන්ට දාව දරුවකු වගේම ඒ දරුවාටත් සියලු අයිතිවාසිකම් හා වගකීම් හිමි වෙනවා. තවත් කියනවා නම් නොබෙදූ දේපළ ගැන තියෙන අයිතිවාසිකමුත් ස්වභාවික දෙමව්පියන්ට දාව ඉපදුන දරුවකුට වගේම ලැබෙනවා.
▶ සාමන්‍ය නිතිය යටතේ දරුවෙක් හදා ගන්න බලපාන දේවල් මේ වගේ වුණාට උඩරට නීතිය, තේසවලාමේ නීතිය හා මුස්ලිම් නීති වල යම් යම් වෙනස්කම් තියෙනවා.
▶ දරුවෙක් හදා ගන්න බලාපොරොත්තු වෙන කෙනෙක්ට තමන් කැමති දරුවකු තෝරා ගැනීම හරි ළමා නිවාස වල ඉන්න දරුවකු තෝරා ගන්න පුළුවන්.
▶ මීට අමතරව විදේශික යුවලකට උණත් දරුවකු දරුකමට හදා ගන්න හැකියාව තියෙනවා. ඒත් ඒ වගේ වෙලාවල් වල අධිකරණය ඉතා දෘඩ ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා. විදේශීය යුවලක් නම් ඔවුන් ජීවත්වන රටෙහි ශ්‍රී ලාංකික තානාපති කාර්යාලය හරහා ඒ සඳහා කටයුතු කරන්න ඕනා.
XeducationSL සඳහා තම නීතිඥ දැනුම ලබා දුන් ශේෂ්ඨාධිකරණ නීතිඥ සඳුනි චතුරංගි නීතිඥවරිය වෙත අපගේ විශේෂ ස්තුතිය.🙏