විවාහයෙන් පිට ගැබ් ගැනීම් ගැන නීතිය : Law on Pregnancy Without a Marriage

 

මේක දැන් දැන් ඇහෙන සුලභ කතාවක් ඒ හින්දම මේ ගැන නීතිමය තත්ත්වය හොයා බැලීම වටිනවා. කෙනෙක් විවාහයෙන් පිට ගැබ් ගැනීම අවස්ථා කීපයක ඇති වෙන්න පුළුවන්.

1. අවුරුදු 18ට පෙර ගැබ් ගැනීම

2. විවාහය තුලදී සැමියා නොවන වෙන කෙනෙක්ගෙන් ගැබ් ගැනීම

3. ගැබ් කුලියට දීමකදී ගැබ් ගැනීම

4. අවුරුදු 18 ට වැඩි ඒත් අවිවාහකව ගැබ් ගැනීම

5. ස්ත්‍රී දුශනයෙන් හෝ බලහත්කාරකමකින් ගැබ් ගැනීම

දැන් මේ එක එක අවස්ථාවට බලපාන ලංකාවේ නීතිය බලමු.

📌අවුරුදු 18 ට පෙර ගැබ් ගැනීම

මේක අවුරුදු 16 ට පෙර නම් ඉතා බරපතළයි. ගැහැණු ළමයාගේ කැමත්ත ඇතුව හෝ නැතුව සිද්ධ උනත් මේක ව්‍යවස්ථාපිත  ස්ත්‍රී දුශනය හැටියට තමයි සලකන්නේ. අවුරුදු 16 ට අඩු ගැහැණු ළමයෙක් ගැබ් ගැනීම නීති විරෝධී නොවන්නේ මුස්ලිම් විවාහයක් තුල විතරයි. අනෙක් ඕනෑම විවාහ ක්‍රමයක් තුල පවා 16ට අඩුවෙන් ගැබ් ගත්තොත් එතකොට ඒක ව්‍යවස්ථාපිත  ස්ත්‍රී දුශනයක් වෙනවා. 

අධිකරණයෙන් ලිහිල් බවක් නොලැබුනොත් පිරිමියා අනිවාර්යෙන්ම බරපතල දඬුවම් සහිත වරදකට වරදකරු වෙනවා. 

⚠එහෙම ගැබ් ගැනීමකින් ඉපදෙන ළමයට මොකද වෙන්නේ?

ළමයා අම්මට හදා ගන්න දෙන්නත් පුලුවන්. ළමයා සහ අම්මා දෙදෙනාම පරීවාසගත කරන්නත් පුලුවන්. එහෙම නැත්නම් බිලිඳු දරුවගේ ආච්චීට සීයට අම්මා සමගම බිලිඳු ළමයාගේ භාරකාරත්වය ලබා දෙනවා. ඒක අධිකරණයේ අධීක්ෂනයට යටහ් වෙනවා. අවස්ථාගත කරුනු අනුව වෙනස් වෙන්න පුළුවන්. 

බිලිඳු දරුවගේ පියාට දරුවාව බලන්න පුලුවන්ද කියන එක අධිකරණය සමාලෝචනය කරල අවසර දෙන්න පුලුවන්. මොකද ඒ බිලිඳු දරුවගේ අම්ම පැමිනිල්ලේ සාක්ෂීකාරියක්, වින්දිතයෙක් දෙකම. පියා විත්තිකරුවෙක්. ඉතින් සංකීර්ණයි.

📌 අවුරුදු 16 හා 18 අතර ගැබ් ගැනීම

මේ අවස්ථාව ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂණයට වැටෙන්නේ නෑ. දෙන්නම කැමතිනම් වයස හරි ගියාම (18) බන්ඳන්න තියෙන්නේ, හැබැයි අම්මා 18 වෙනකම් ළමයෙක්. ඒ නිසාම යම් සංකීර්ණතා එන්න පුළුවන්. විශේෂයෙන්ම ගැහැණු ළමයාගේ අම්මල තාත්තලා පරිවාසෙට පැමිණිලි කලොත් එතකොට නඩුවක් ඇරඹෙනවා. තාත්තට දරුවා බලන්න එන්න ප්‍රශ්නයක් නැහැ. 

හැබැයි තාත්තා අම්මව අපහරණය කරල නම්, බලහත්කාරයෙන් පැහැරගෙන ගිහින් ස්ත්‍රී දුෂණය එහෙම කරල නම් ආයෙත් දරුවාව බලන්න එන්න දෙන එක අධිකරණයේ අවසරය මත විතරක් වෙනවා. එහෙම නැතුව දෙදෙනාගේ කැමැත්ත මත ගිහින් වුනු ගැබ් ගැනීමක් නම් සහ  බාල වයස්කාර අම්මගේ දෙමාපියන් පැමිණිලි කලේත් නැත්නම්, තාත්තට දරුවා බලන්න එන්න බාධාවක් නැ. 

දෙදෙනාට එකට ජීවත් වීම ගැටළුවකුත් නෑ. දරුවව හදා ගැනීම ගැටළුවකුත් නෑ.

📌 විවාහය තුලදී සැමියා නොවන කෙනෙක්ගෙන් ගැබ් ගැනීම

මේක බරපතල තත්ත්වයක්. ඔබ අනාචාරය කියන දික්කසාද වරද කල බවට ඉතා පැහැදිලි සාක්ෂී මවන අවස්ථාවක් මේක. විවාහයක් තුලදී එනම් විවාහය සිදුවී දින 284 ක් තුල උපදින දරුවකු විවාහජ, ඒ කියන්නේ විවාහය තුල ඉපදුන දරුවකු බවට නීතිය පුර්ව නිගමනය කරනවා. එහෙම නොවේ කියල කියනවා නම් ඒක පීතෘත්වය ප්‍රතික්ෂේප කිරීමක් වෙනවා. 

එහෙම පීතෘත්වය ප්‍රතික්ෂේප කරන්නත් දික්කසාදය තුලදී පුලුවන් වෙන අවස්ථා තියනවා. ඒ වගෙම එහෙම වුනාම සාක්ෂි වීමසීමට නියෝග ගැනීමටත් පුලුවන්. එහෙම නියෝග කලාම එයට විරුද්ධ වීමටත් පුලුවන්. බලහත් කාරයෙන් DNA ගන්නේ නෑ. හැබැයි DNA ප්‍රතික්ෂේප කිරීම තුල ඔබට වඩා අවාසියක් වෙනවා.

නඩත්තු කියන කාරනයේදී, අම්මා විවාහක සැමියාගෙන් දික්කසාද වෙලා ඇත්ත තාත්තා එක්ක විවාහ නොවී ඉන්නවා නම්, දරුවාට නඩත්තු ඉල්ලුවොත් ඇත්ත තාත්තා නඩත්තු ගෙවන්න බැඳී ඉන්නවා. දරුවා විවාහයෙන් පිට ඉපදුනු දරුවෙක් උනත් ඇත්ත තාත්තා නඩත්තු ගෙවන්න ඕනා.

ඒ වගේම අම්මගේ විවාහක තාත්තා අන්තිම කැමති පත්‍රය නැතුව මිය ගියෝත් ඒ දරුවාට දේපල ඉල්ලන්න බෑ.

📌ගැබ් කුලියට දීම surrogate mother

මේක ලංකාවේ නීතිය තුල තහනම්, ඉන්දියාව තුල නම් තහනම් නෑ. කාම්භෝජය, තායිලන්තය වගේ රටවල තියනවා. 

හිටපු porn star සනී ලියෝන් ට එයාගේ නිවුන් දරුවන් දෙන්නව ලැබුනෙත් මේ විදියට තමයි. 

සරලව කියනවා නම් Surrogacy කියන්නේ තව කෙනෙක්ගේ දරුවෙක්ව වෙනත් කාන්තාවක් තමන්ගේ කුස ඇතුලේ වැඩෙන්න දෙනවා වගේ එකක්. ඒ ගැන වැඩි විස්තර ඉස්සරහට දානවා.

ජීව ඉංජීනේරු විෂයේ දියුණුව හින්දා මේක දැන් ලංකාවෙත් කෙරෙන බව ඇහිලා තියනවා. ඒත් ඒක නීති විරෝධියි. ඉන්දියාවේ නම් ගිවිසුම් ගතව තමයි මේක සිදු වෙන්නේ. හැබැයි නීතිය පැත්තෙන් මේක ලංකාවේ විශාල සංකීර්ණතා ඇති කරනවා. 

එකක් තමයි නීති විරෝධී නිසා දණ්ඩ නීති සංග්‍රහයේ සමහර වගන්ති වල මේක වක්‍රව තහනම් කරල තියෙන්නේ. ඒ නිසා ඔබ අපරාධ වරදකත් හසු වෙන්න පුලුවන්. 

ඒ වගේම දරුවගේ භාර කාරත්වය ගැන ලංකාවේ නීතියේදී බලය එන්නේ ගැබ දරපු අම්මට හා ගැබ දරපු අම්මගේ සැමියාට.

මේ ගැන ලංකාවේ නීතිය වඩා දියුණු වෙන්න ඕනා. ඒත් ඕක කරන්න යන්න එපා.

📌 අවුරුදු 18 ට වැඩි, එහෙත් අවිවාහක

මේ තත්ත්වය සංකීර්ණතාවය අඩුයි. ඒත් ගැටළු එන්න පුලුවන්. ඒ කියන්නේ අම්ම හෝ තාත්තා දරුවගේ භාරකාරීත්වය ඉල්ලුවොත් හා අනෙක් කෙනා බෑ කිව්වොත්. ඒ වගේම තාත්තා වෙනත් විවාහයක නම් දරුවාගේ පීතෘත්වය එම විවාහයේ කාන්තාව දැනගත්තොත් ඒක විශාල ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. 

විවාහක අම්මා රජයේ සේවකයෙක් නම් රජයේ සේවයට අපහාස කිරීම වගේ තත්ත්ව එන්නත් පුළුවන්. ආයතන සංග්‍රහය අනුව දරුවගේ අම්මට තාත්තගෙන් නඩත්තු ඉල්ලන්න පුළුවන්. අම්මට දරුවා කාගෙන්වත් බාධාවකින් තොරව හදාගන්න පුළුවන්. දරුවගේ උප්පැන්න සහතිකයේ පියගේ නම දාන්න පුළුවන්. නොදා ඉන්නත් පුළුවන්. ඒකට තාත්තගේ අවසරය  අවශ්‍යයි. 

හැබැයි තාත්තා නම දාන්න අවසර දුන්නේ නැත්නම් විවාහ වෙලා නැති නිසා ඕක ගැටළුවක් වෙන්න පුළුවන්. සමහර විට නඩත්තු නඩුවක් දාලා පීතෘත්වය ඔප්පු කරලා නම දාගන්නත් පුලුවන්.

ඒ වගේම දැන් දෙමාපියන් විවාහකද? අවිවාහකද කියලා දැන් උප්පැන්න සහතික වල නෑ. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ.

📌 විවාහයක් තුල ඉද්දි ස්ත්‍රී දුශනයකින් දරුවෙක් ඉපදුණොත්

මේ වෙලාවේ තියන ප්‍රශ්නය තමයි දරුවා ඉපදෙන්නේ නිත්‍යානුකුල දේකින් නෙමෙයි. අම්මා අකමැති දරුවෙක් සාමාන්‍යයෙන් අම්මට ගබ්සා කරන්න වෙන රටවල අවසර ලැබෙනවා. අපේ රටේ තාම නැ. එතකොට ආයෙත් මේක සංකීර්ණ වෙනවා. 

දරුවාගේ තාත්තට දරුවා බලන්න ප්‍රවේශය ලැබෙන්නේ නැති වෙන්න පුළුවන්, දරුවා පරිවාස ගත වෙන්න පුළුවන්. බොහෝ සංකීර්ණ මානුශීය ගැටළු ඇති වෙන්න පුළුවන්.

XeducationSL වෙත තම නීතීඥ දැනුම ලබා දුන් නීතීඥ ලක්ෂාන් ඩයස් මහතාට අපගේ විශේෂ ස්තුතිය.🙏

Previous Post Next Post