අඩු වයස් ආදරය සහ විවාහය ගැන නීතිය : Law on Under- Aged Love & Marriage

ඊයේ දාපු story එකෙන් වැඩි දෙනෙක් vote කරලා තිබ්බේ මේ ගැන දැනගන්න ඕනා කියලා. ඒ හින්දා වයස 16 18 අතර වෙන ප්‍රේම සම්බන්ධතා ගැන සහ ඊටපස්සේ විවාහ වෙන එක ගැන ලංකාවේ තියෙන නීතිමය තත්වය මේ පෝස්ට් එකෙන් කෙටියෙන් විස්තර කරනවා.
____________________________________________
❓ වයස අඩු ළමයෙක් එක්ක ලිංගිකව එකතු වුනොත් මොකද වෙන්නේ?
▶ ලංකාවේ නීතීය අනුව අවුරුදු 16ට අඩු පිරිමි ළමයෙක්ට හෝ ගැහැණු ළමයෙක්ට ලිංගික එකතුවීමක් ගැන කැමැත්ත දෙන්නන් නීතීයෙන් බැ. එහෙම වයස 16ට අඩු කෙනෙක් ගැබ් ගැනීමකට සුදුසු නෑ. ගැහැණු ළමයෙක් ලිංගික එකතුවීමකට කැමැත්ත දුන්නත් එයාට 16ට අඩු නම් කැමැත්ත දුන්න කියන එක වැඩක් නෑ. පිරිමි ළමයා ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂනයට වරද කරු වෙනවා. ඒක බොහොම ශක්තීමත් චෝදනාවක් වගේම බිඳ හෙලීමට අපහසු චෝදනාවක් වෙනවා.
▶ හැබැයී අවුරුදු 16ට වැඩි අයට කතාව වෙනස්. එහෙම කෙනෙක් ලිංගික එකතුවීමක් කරා කියලා එය ස්ත්‍රී දුෂණයක් වෙන්නේ නැ. එහෙම කෙනෙක් නම් තමන් අකමැත්තෙන් සහ බලෙන් ලිංගික එකතුවීමක් කලා කියන්න වෙනව ස්ත්‍රී දුෂණයක් ඔප්පු කරන්න නම්.
▶ පිරිමි ළමයාට අවුරුදු 16 ට අඩුවෙන් වැඩීහිටි ගැහැනියක් ලිංගික එකතුවීමක් කලොත් එතනදී වැඩිමහල් කාන්තාව වරද කරු වෙනවා. එහෙම තීන්දුවක් අනුරධපුර මහාධිකරණය දුන්නා. වසර 10 කට කාන්තාව හිරේ ගියා,
____________________________________________
❓ විවාහ වෙන්න පුළුවන් වයස මොකද්ද? 
▶ ලංකාවේදී අවුරුදු 18 තෙක් සලකන්නේ ළමයෙක් හැටීයට. ඒත් අපිට බොහෝ විට හමුවෙනවා 16ට වැඩි 18ට අඩු ගැහැණු ළමයි තමන්ගේ ප්‍රේමවන්තයා එක්ක යනවා. එතකොට තත්ත්වය වෙනස්. ඒ අයට බඳින්න බැ. ඒත් එකට ජීවත්වෙන්න පුලුවන්. ලංකාවේ නීතීය අනුව ඕනම වයසක දෙන්නෙකුට ඒකට ජීවත් වෙන්න පුලුවන් ඒකට කාටවත් බාධා කරන්න බැ. දෙන්නා කැමැත්තෙන් විවාහ නොවී එකට ජීවත් වෙනවා නම් පොලීසීයටවත් ඒකට බාධා කරන්න බෑ. 
▶ ඒත් අවුරුදු 18 ට අඩු නම් ප්‍රශ්නයක් තියනවා. මොකද ළමයෙක්ට විවාහ වෙන්න බැ. ඒ නිසා දෙමාපියන්ට ළමයාගේ භාරකාරත්වය ගැන භාරකාරත්ව නඩුවක් දාලා, ගැහැණු ළමයාව වග උත්තර කරුවෙක් කරල පරීවාස නිලධාරීවත් වග උත්තර කරුවෙක් කරල කවුරු හරි කෙනෙක් ළමයාව තියාගෙන ඉන්නවනම් එයාවත් වග උත්තරකරුවෙක් කරලා නඩු දාන්න පුලුවන්.
___________________________________________
❓ පොලීසීයට මේ ගැන බලයක් තියනවාද?
▶ මගෙ මතය නම් ළමයා ඉන්න ඕනා කා එක්කද කියලා තීරනය කරන්න පොලිසියට බලයක් නෑ. පොලිසියට පරීක්ෂණ කරන්න පුලුවන් පැහැරගෙන ගියා කියන එක ගැන විතරයී. එතනදී පැහැරගෙන ගියේ නැ කියන එක ගැහැණු ළමයා කිව්ව  මොහොතේම පොලීසීයේ රජකාරී මේ ගැන අවසන් වෙනවා. මොකද භාරකාරත්වය කියන්නේ සීවීල් කාරණයක්. ඒ ගැන පොලීසීයට කිසීම බලයක් නැ.
▶ අඩුම ගානේ ළමයෙක්ව, අම්මා තාත්තා බලෙන් අරගෙන ආවත්, ළමයා අම්මට දෙන්න හෝ තාත්තට දෙන්න හෝ කියල කියන්න බලයක් පොලීසීයට නෑ. කිව්වත් දෙන්න ඕනත් නෑ. පොලිසිය එහෙම දෙන්න කිව්වොත් කියන්න තියෙන්නේ "ඒක සිවිල්, ඒ හින්දා අපී සිවිල් අධීකරනයකින් ඒක විසඳගන්නම්" කියලා තමයි.
▶ එතකොට 16ට වැඩී 18ට අඩු ළමයෙක් නම් ඒත් පොලීසීයට ළමයාගේ භාරකාරීත්වය ගැන බලයක් නැ , අවශ්‍ය නම් දෙමාපියන්ට සිවිල් නඩුවක් දාන්න වෙනවා. එතනදී වුනත් ගැහැණු ළමයා කිව්වොත් ගෙදර යන්න බෑ කියල දෙමාපියන්ට බලෙන් දෙන්නේ නැ ළමයව. එතනදී ළමයා හා අධීකරනය එකඟ වෙන නෑදෑ කෙනෙක් හෝ බොහෝ වීට පරීවාස භාරයට පත් කරනවා. ඒතකොට 18 පිරුනම ගැහැණු ළමයට පුලුවන් එලීයට ඇවිල්ල පෙම්වතාව බදින්න.
▶ දෙමාපියන් කොච්චර කැමතී උනත් ළමයා අකමැතීනම් දෙමාපියන් එක්ක යාමට අධීකරණය බල කරන්නේ නැ. ළමයා පරීවාස ගත කරනවා.
____________________________________________
❓ දෙන්නෙක් පැනලා යද්දී නීතිය බලපාන්නේ කොහොමද?
▶ දෙන්නෙක් පැනල යන්න කතා කරගන්නවා නම් ඒව දෙන්නම record කරගත්තොත් අනවශ්‍ය ප්‍රශ්න මග ඇර ගන්නත් පුලුවන්. 16ට වැඩී 18 ට අඩු ගැහැණු ළමයෙක් නම් එයා එක්ක පැනල යන පිරිමි ළමයාට අපහරණ චෝදනාව එන්න පුලුවන්. ඒ හින්දා පැනලා යනවා නම් හොඳට සාක්ෂී තියා ගන්න.
▶ හැබැයී 16 ට අඩුවෙන් පැනලා ගියොත් බරපතල වරදක්. පිරිමි ළමයායි, ගැහැණු ළමයායි දෙන්නටම 16 ට අඩුවෙන් ලිංගික එකතුවීමක් සිදු වුනොත් ඒකේ වරද සෙවීම සංකීර්ණ වුවත් වරද පිරීමි ළමයාට පැවරෙන බවයි මගේ මතය. 
මොකද ගැහැණු ළමයාට 16 ට අඩුනම් ව්‍යවස්ථාපිත ස්ත්‍රී දුෂනයක් බවට පත් වෙන හින්දා. ඒත් ඒක විවාදිත කාරණයක්.
▶ ලිංගික එකතුවීම වුනේ 16ට අඩුවෙන් වුනත් ගැහැණු ළමයා පිරිමී ළමයාව පස්සේ කාලෙක කසාද බැඳල නම් ස්ත්‍රී දුෂණ නඩුව මහාධිකරණයට එන කාලේ වෙද්දී ගොඩක් වෙලාවට දෙන්නටම වයස 18 පැනල. එතකොට අධිකරණයට ඉල්ලීමක් කරල රජයේ නීතීඥවරයත් විරුද්ධත්වයක් නැත්නම්, අධිකරණය සහනදායී විදියට කටයුතු කරනවා.
▶ ඒ වගේමයී 16 - 18 වයසේ ළමයි ගැබ් ගත්තොත් සහ ළමයා පරීවාස ගත කලොත් ඒ අලුත ඉපදුන ළදරුවා හදාගන්න දෙන්නේ ළදරුවා ගේ ආච්චී, සීයට හෝ සමහරවිට ළදරුවත් පරීවාස ගත කරනවා. අධිකරණය හිතන සුදුසුම තැනට යවන්නේ.
ඒ වගේම තමයී උසාවීයෙන් කිසිම විටක අවසර දෙන්නේ නැ ගැබ් ගත්ත කියල 18ට පෙර කසාද බඳින්න. නීති වෙනස් කරන්න උසාවී වලටත් බැ.
____________________________________________
❓ 16ට අඩු අය බොරුවට වැඩි වයස් දාලා විවාහ වුනොත් මොකද වෙන්නේ?
▶ බොරු වයස් දාල විවාහ වෙන ඒව නීති විරෝධී හින්දා විවාහය ශුන්‍යතාවයට ලක් වෙනවා. ඒ හින්දා ගැහැණු ළමයි බොරු වයස් දාල විවහ වෙන්න එපා. ගැහැණු ළමයටම තමයි අවාසිය.
ඒ වගේම ගැහැණු ළමයාගේ වයස 16 ට අඩු නිසා කවදාවත් ස්ත්‍රී දුෂණ නඩුව අයීන් කර ගන්නත් බෑ. 
ඒ හින්දාම අධීකරනයේ අනුකම්පාව ලබා ගන්න කරන එවැනි විවාහ එතරම් සාර්ථකයි කියලා මට හිතෙන්නේ නැහැ.
XeducationSL වෙත තම නීතිඥ දැනුම ලබා දුන් නීතීඥ ලක්ෂාන් ඩයස් මහතාට අපගේ විශේෂ ස්තුතිය.🙏


Previous Post Next Post