කවුද මේ LGBTIQ+ අය කියන්නේ? : Who are These LGBTIQ+ People?



ලොව පුරා මිනිසුන් තමන් ආදරය කරන දේ අය, තමන්ගේ බාහිර පෙනුම සහ තමන් කවුද යන්න මත අසාධාරණයට සහ හිංසනයට ලක් වෙනවා. ලිංගික නැමියාව සහ ස්ත්‍රී පුරුෂ භාවය මත කිසිවෙක්ට අඩුවෙන් සලකන්න හෝ නින්දා කිරීම ශිෂ්ඨ සම්පන්න මිනිසුන් ලෙස නොකළ යුතු දෙයක්. මානව හිමිකම් අන් සෑම දෙනාට සේම සමලිංගික, ද්විතියික ලිංගික හෝ වෙනත් ඕනෑම ආකාරයේ කෙනෙක්ටත් වලංගුයි.

▶ LGBTQ කියන්නේ lesbian, gay, bisexual, transgender සහ queer/ questioning යන වචන එකතු වීමෙන් සෑදුනු වචනයක්. පුද්ගලයෙකුගේ ලිංගික නැමියාව සහ තමා අයත් වන ලිංගික කාණ්ඩය (gender) විස්තර කිරීම සඳහා LGBTQ වචනය භාවිතා කරනවා.

▶ LGBTQ යන වචනය වැඩි වශයෙන්ම භාවිතා වන්නේ එය උච්චාරණය කිරීමේ පහසුව නිසායි. නමුත් මෙහි ඇති අකුරු 5ට අමතරව තවත් ලිංගික නැමියාවන් සහ gender විශාල සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන සිටිනවා. මේ විවිධ වූ ලිංගික නැමියාවන් සහ gender වලට අයත් ප්‍රජාව ඔවුන්ව LGBTQ community ලෙස හඳුන්වා ගන්නවා. සමහර අවස්ථා වල ඔවුන්ව rainbow community ලෙසද හඳුන්වනවා.

දැන් මේ  LGBTQ community එකේ කොටස් කිහිපයක් ගැන සලකා බලමු. 

____________________________________________

▶ Lesbian: ස්ත්‍රී සමලිංගික බව. කාන්තාවක් විසින් තවත් කාන්තාවක් වෙත ආදරයක් හෝ ලිංගික ආකර්ෂණයක් ඇති වීම.

▶ Gay: සාමාන්‍යයෙන් පිරිමි අතර ඇතිවන සමලිංගික සම්බන්ධතායි. නමුත් මේ වචනය පොදුවේ ඕනෑම සමලිංගික පුද්ගලයෙක් සඳහා භාවිතා කරනවා. සමලිංගික කාන්තාවනුත් ඔවුන්ව හැඳින්වීම සඳහා gay යන වචනය භාවිතා කරනවා.

▶ Bisexual: ගැහැණු සහ පිරිමි යන දෙකොටස කෙරෙහිම ආදරය හෝ ලිංගික ආකර්ෂණය ඇති අයයි.

▶ Transgender: තමාගේ gender එක ගැන තමාට දැනෙන හැඟීමට වඩා වෙනස් ලෙස උපතේදී ලිංගික අවයව පිහිටන පුද්ගලයන් මේ කාණ්ඩයට අයත්. උදාහරණයක් ලෙස තමා පිරිමි ලිංගික අවයවයක් සහිතව උපත ලැබුවත් තමන් කාන්තාවක් ලෙස එම පුද්ගලයා සිතන්නේ නම් මේ කාණ්ඩයට අයත් වෙනවා. trans ලෙසද කෙටියෙන් මෙය හඳුන්වනවා.

▶ Transsexual: උපතේදී තාමාට ලැබුණු ලිංගික අවයව තමාගේ ලිංගික කැමැත්ත අනුව වෙනස් කර ගන්නා පුද්ගලයන් මීට අයත්.. බොහෝ විට මේ සඳහා වෛද්‍ය උපකාර ලෙස හෝමෝන replacement therapy සහ සැත්කම් වලට යොමු වෙනවා

▶ Two-Spirit: තමා තුල පුරුෂ සහ කාන්තා ආත්ම දෙකම ඇති බවට හඳුනා ගන්නා පුද්ගලයින් මේ කාණ්ඩයට අයත් වෙනවා.

▶ Questioning: විවිධ හේතුන් මත තම gender එක, තමාගේ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරය සහ ලිංගික නැමියාව ගැන ගැටළුකාරී තත්වයක සිටින පුද්ගලයන් මේ කාණ්ඩයට අයත්. ඔවුන්ට තම gender එක, තමාගේ ලිංගිකත්වය හඳුනා ගන්නා ආකාරය සහ ලිංගික නැමියාව මොකද්ද කියලා හරියටම නොදන්නා අතර තවමත් ඒ ගැන සොයමින් සිටිනවා.

▶ Intersex: විවිධ හේතුන් නිසා තමාගේ ශරීර අභ්‍යන්තරයේ ලිංගික ව්‍යුහය, කාන්තා හෝ පිරිමි යන නිර්වචන දෙකටම පටහැනිව ඇති පුද්ගලයින් මේ ගණයට අයත් වේ. උදාහරණයක් ලෙස කාන්තාවක් ලෙස බාහිර පෙනුමක් ලැබුණත් ශරීර අභ්‍යන්තරයේ ව්‍යුහය පිරිමියෙක්ගේ මෙන් පිහිටීම.

▶ Asexual: මෙය nonsexuality ලෙසද හඳුන්වනවා.කිසිම කෙනෙකුට ලිංගික ආකර්ෂණයක් නොදක්වන පුද්ගලයන් මේ කාණ්ඩයට අයත් වේ. එනම් විරුද්ධ ලිංගික, සමලිංගික හෝ ද්වි ලිංගික යන ආකාර තුනටම ලිංගික නැමියාවක් නොදක්වන අයයි.

▶ Ally: LGBTQ community එකේ අයට ලැබිය යුතු සමාන සිවිල් අයිතිවාසිකම් වෙනුවෙන් සහාය දක්වන, ඔවුන්ගේ සමාජ ක්‍රියාකාරකම් සහ ඔවුන් මුහුණ දෙන ගැටළු වෙනුවෙන් පෙනී සිටින, විරුද්ධ ලිංගිකයන්ට ආකර්ෂණය ඇති අය මේ කාණ්ඩයට අයත්.

▶ Pansexual: ආදරය සහ ලිංගික ආකර්ෂණය ඕනෑම gender එකක කෙනෙක් වෙනුවෙන් ඇති වන පුද්ගලයන්ය. ඔවුන් gender-blind ලෙසද හඳුන්වනවා. ලිංගිකව ආකර්ෂණය වීම සඳහා අනෙක් පුද්ගලයා කුමන gender එකකට අයත්ද යන්න ඔවුන් අදාළ වන්නේ නැහැ.

▶ Agender: තමාට gender එකක් නැති බවට සලකන පුද්ගලයින්ය. එනම් තමා ගැහැණියක්ද, පිරිමියෙක්ද ලෙස වත් නොසලකන පුද්ගලයන් මේ කාණ්ඩයට අයත්ය. ඔවුන්ව genderless, genderfree, non-gendered, ungendered ලෙසද හඳුන්වනවා.

▶ Bigender: තමා කාන්තා සහ පුරුෂ යන gender දෙකටම අයත් බවට සලකන පුද්ගලයන් මේ කාණ්ඩයට අයත් වේ.

▶ Pangender: තමාට gender එකක් ඇති බවට නොසලකන පුද්ගලයින් මෙයට අයත්ය. එම නිසාම කිසිවෙක් කෙරෙහි වත් ඔවුන්ට ලිංගික ආකර්ශනයක් ඇති වන්නේ නැහැ.

____________________________________________

මිනිසෙක්ට හිමි විය යුතු සරල මිනිස් අයිතිවාසිකම් ගැන අරගල කරන LGBTQ community එක ලංකාව තුල තවමත් විහිළුවට, සමච්චලයට ලක් වීමෙන් පෙන්නුම් කරන්නේ කොතරම් දුරට අප මනුෂ්‍යත්වය අතින් පසුපසින්ද යන්නයි.

ලිංගික සුළුතරය වෙනුවෙන් බහුතර සමාජය පෙනී සිටිය යුත්තේ ඔවුන්ට අනුකම්පාව ලැබිය යුතු නිසා නොවේ. 

ගෞරවය, සමාජ පිළිගැනීම, ලිංගිකත්වය සියළු මිනිසුන්ගේ අයිතිවාසිකමක් වන නිසා.

Love is Love!

මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏

Previous Post Next Post