ඇල්කොහොල් සහ ලිංගිකත්වය : Liquor Vs Sexuality

 

ඇල්කොහොල් කියන්නේ මේ වෙද්දී වයක් බේදයක් නැතුව ගොඩක් පිරිමි පාවිච්චි කරන දෙයක්. පිරිමි විතරක් නෙමේ ගැහැණු අයත් ඒකට යොමු වෙන එකේ ප්‍රවණතාවයක් මේ වෙද්දී තියෙනවා. රටම lockdown කරලා තිබ්බ කාලෙත් බාර් ඇරලා තියන්න තීරණය කලේ රටට ලැබෙන ලොකු බදු ආදායමක් ලැබෙන්නේ මත්පැන් විකුණන එකෙන් හින්දා වෙන්න ඇති.

කෙනෙක්ගේ සාමාන්‍ය සෞඛ්‍යට වගේම ලිංගිකත්වයටත් මත්ද්‍රව්‍ය නරක විදියට බලපාන්න පුළුවන්. මේ පෝස්ට් එක ඇල්කොහොල් ලිංගිකත්වයට බලපාන්නේ කොහොමද කියන දේ ගැන.

▶ ඇල්කොහොල් ඇඟට ගන්න එකෙත් එක එක ලෙවල් තියෙනවා. 

ඉස්සෙලම් ලෙවල් එකේ වෙන දේ තමා තමන් තමන්ටම දාගෙන ඉන්න සීමා මොනාද කියලා අමතක වෙනවා. කරන්න එපා කියලා හිතාගෙන ඉන්න දේවල් සහ ලැජ්ජාව හින්දා කරන්න එපා කියලා හිතන් ඉන්න දේවල් බිව්වම කරන්න හිතෙනවා.

ඒ වගේම ඇඟේ නහර ප්‍රසාරණය වෙලා නහර වල ප්‍රමාණය විශාල වෙනවා. vasodilation කියලා ඕකට කියන්නේ.

ඒ හින්දා තමා බොන වෙලාවට පොඩ්ඩක් දහඩිය දාන්නේ සහ අර කලින් කිව්ව ලැජ්ජා බය නැති වෙලා එක එක විකාර කරන්න හිතෙන්නෙත්.

හැබැයි ඔය ලෙවල් එකේ සමහරුන්ට සෙක්ස් කරද්දී නම් ඇත්තටම ප්‍රයෝජනයක් තියෙනවා. 

කොටස් 3 කින් ඒවා විස්තර කරන්නම්.

📌 ගොඩක් පිරිමින්ට තමන්ට ඕන වෙලාවට හරියට පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ නැති ප්‍රශ්නෙයි ශුක්‍රාණු පිට වෙන වෙලාව ගැනයි ප්‍රශ්න තියෙනවා. බහුතරයක් පිරිමින්ට ඔය ප්‍රශ්න එන්නේ ඇත්තටම ප්‍රතිකාර ගන්න ඕන හේතුවක් හින්දා නෙමේ. 

ඒක මේ ඒ වෙලාවේ එන සාංකාව/ anxiety හින්දා වෙන දෙයක්. anxiety කියන වචනේ හරිම තේරුම කියන්න සිංහල වචනයක් නෑ. anxiety කියන එක විස්තර කරනවා නම් එක බය, දෙගිඩියාව, වරදකාරී හැඟීම වගේ දේවල් ගැන දැනෙන හැඟීමක්.

කොහොම හරි ඔය anxiety කියන ප්‍රශ්නේ ගොඩක් දුරට නැති වෙලා යනවා ඇල්කොහොල් ඇඟට දා ගන්න මුල්ම ලෙවල් එකේදී. මේ වාසිය ගැහැණු, පිරිමි දෙගොල්ලන්ටම හම්බෙනවා.

📌 ඇල්කොහොල් ඇඟට දා ගන්න මුල්ම ලෙවල් එකේදී vasodilation එක හින්දා රුධිර නාල එහෙම පළල් වෙලා රුධිර සැපයුම වැඩි වෙනවා කියලා කලින් කිව්වනේ.

page එකේ දාන පෝස්ට් කියවනවා නම් ඔයා දන්නවා පිරිමි කෙනෙක්ගේ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන්නේ පුරුෂ ලිංගයට යවන රුධිරය ප්‍රමාණය වැඩි කරන එකෙන් කියලා. 

ඇල්කොහොල් ඇඟට ගන්න මුල් ලෙවල් එකේදී පුරුෂ ලිංගයට යන ලේ සැපයුම එහෙම හොඳට වැඩි වෙලා පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එකට උදව්වක් හම්බෙනවා. 

📌 ඒ වගේම බොන වෙලාවට ඇඟේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන තාවකාලිකව පොඩ්ඩක් වැඩි වෙනවා. ටෙස්ටොස්ටෙරෝන් තමා ඇඟේ තියෙන සෙක්ස් හෝමෝන් එක. ලිංගික හැඟීම් වැඩි කරවන හෝමෝන එක. ඒ හින්දා ඇල්කොහොල් බොන මුල්ම ලෙවල් එකේදී සෙක්ස් හැඟීම් පොඩ්ඩක් වැඩියෙන් දැනෙන්න ඒක උදව් වෙනවා. 

ඒත් ඔතන ප්‍රශ්නේ තියෙන්නේ ඇල්කොහොල් වලින් හම්බෙන ඔය උදව් සේරම හම්බෙන්නේ ඇල්කොහොල් බොන මුල් ලෙවල් එකේ විතරයි. ඉන් පස්සේ ටික ටික ගන්න ෂොට් ගැන වැඩි වෙද්දී මේ කිව්ව ඒ කිසි උදව්වක් හම්බෙන්නේ නෑ.

ඇල්කොහොල් ගන්න මාත්‍රාව ටික ටික වැඩි වීගෙන එද්දී තමයි ප්‍රශ්න ටික එන්නේ. 

▶ ඇඟේ තියෙන පාලනය ගිලිහිලා යන හින්දා සෙක්ස් කරන එක හරියට කර ගන්න බැරි වෙනවා. සෙක්ස් කරන එක ගැන තිබ්බ සිහිය නැති වෙන හින්දා ලිංගික පුරුෂ ලිංගයේ ප්‍රාණවත් බව නැති වෙනවා. ශුක්‍රාණු පිට වෙන එක පරක්කු වෙනවා. ගැහැණු පිරිමි දෙගොල්ලන්ටම සුරතාන්තය ලැබෙන එක අඩු වෙන්න සහ පරක්කු වෙන්න පුළුවන්.

▶ සෙක්ස් කරන එක ලේසි වෙන්න අපේ ඇඟේන්ම ලිංගික ප්‍රදේශ තෙත් වෙන්න ස්වභාවික ලිහිසිකාරක විදියට ශ්‍රාවයන් නිදහස් කරනවනේ. ඔන්න ඔය වැඩෙත් හරියට නොවෙන්න පුළුවන් ඇල්කොහොල් හින්දා. සෙක්ස් කරද්දී ලිහිසිකාරක ගතිය අඩු වෙනවා කියන්නේ ඝර්ෂණය හින්දා සෙක්ස් කරන එක හරිම වේදනාකාරී අත්දැකීමක් වෙනවා.

▶ ඒ වගේම තීරණ ගන්න පුළුවන්කම ඇල්කොහොල් හින්දා නැති වෙනවා. සමහර විට බීලා පාටියකදී ජිවිතේ පළවෙනි පාරටම දකින කෙනෙක් එක්ක උනත් සෙක්ස් කරන්න හිතෙන්න පුළුවන්, එහෙම නැත්නම් ගණිකාවක් එක්ක සෙක්ස් කරන්න හිතෙන්න පුළුවන්, කොන්ඩම් එකක් දාන්නම ඕනා කියලා දන්නවා උනත්, කොන්ඩම් එකක් ළඟ තිබිලත්, කොන්ඩම් එක නොදා සෙක්ස් කරන්න වගේ වැරදි තීරණ බිව්ව වෙලාවට ගන්න පුළුවන්. 

එහෙම දේවල් වෙලා ලිංගිකව සම්ප්‍රේෂණය වෙන රෝග පවා හදා ගත්ත අය වෛද්‍යවරු ගාවට එනවා.

කොහොමත් ඇල්කොහොල් ඕනාවට වඩා ගන්න එක ලිංගිකත්වයට වගේම සාමාන්‍ය සෞඛ්‍යයටත් නරක විදියටම තමා බලපාන්නේ.

ඒ හින්දා අඩුම තරමේ නොබී ඉන්න බැරි නම් බොන එකේ ලිමිට් එකක් වත් තියා ගන්න.

Previous Post Next Post