පෙරසම ඉවත් කිරීම විවිධ ආගම් වල චාරිත්‍රයක් ලෙසද සිදු කරන අවස්ථා තිබෙනවා. එසේම වෛද්‍ය විද්‍යාත්මකව පෙරසමේ යම් අක්‍රමිකතා ඇත්නම් පෙරසම ඉවත් කිරීම සඳහා වෛද්‍යවරු නිර්දේශ කරනවා.
පිරිමි පුද්ගලයෙක්ට තම ලිංගික අවයවයේ පෙර සම පසුපසට ගැනීමට නොහැකි වීමේ තත්වය plymosis ලෙස හඳුන්වනවා.
.......................................
📌 කුඩා පිරිමි දරුවන්ගේ පෙරසම
කුඩා පිරිමි දරුවෙක්ගේ නම් පෙර සම ඉතා තද ස්වභාවයක් ගන්නා අතර එය පසුපසට ගැනීම අපහසුයි.
නමුත් දරුවාගේ වයස අවුරුදු 6ක් පමණ වන විට පෙරසම පසුපසට ගැනීමේ හැකියාව පිරිමි දරුවන්ට ලැබෙනවා.
සමහර විට දරුවන්ට වයස අවුරුදු 10- 12 පමණ වන තෙක් මේ හැකියාව ලැබෙන්න කල් යනවා.
❌ මේ ලෙසට වයස අවු. 12 ක් පමණ වන තෙක් පෙරසම පසුපසට ගැනීමට නොහැකි වීම එතරම් ලොකු ප්‍රශ්නයක් ලෙස දකින්නේ නැහැ. එය රෝගී තත්වයක් ලෙස හඳුන්වන්නේත් නැහැ.
▶ නමුත් කුඩා දරුවන්ගේත් මේ ආකාරයෙන් පෙර සම පසුපසට ගැනීමට නොහැකි වීම නිසා මුත්‍රා ආසාදන, Balanitis වැනි පුරුෂ ලිංගයේ උඩ කොටසේ ආසාදන හෝ පෙරසමේ ආසාදන නිතර නිතර ඇති වේ නම්, ඔවුන්ගේ පෙර සම පසුපසට ගැනීමට නොහැකි වීමේ ගැටලුවට ප්‍රතිකාරයක් කිරීම අවශ්‍ය වෙනවා.
එවැනි සංකුලතාවක් නොමැති නම් කුඩා දරුවන්ගේ පෙරසම පසුපසට ගැනීමට නොහැකි වීම ගැන විශේෂයෙන් යමක් කල යුතු නැහැ.✅
.......................................
📌 ලිංගික සම්බන්ධ වල යෙදීමට පෙරසම පසුපසට ගැනීම අත්‍යාවශ්‍යද?
නැත.
⚠ නමුත් මෙලෙස පෙරසම පසුපසට ගැනීමට නොහැකි වීම නිසා ලිංගික සම්බන්ධතා පැවැත්වීමේදී වේදනා ඇති විය හැකියි.
⚠ පු.ලි. ප්‍රාණවත් වීමත් සමඟ පු.ලි. විශාල වීම නිසා පසුපසට ගත් පෙරසම නැවත ඉදිරියට දමා ගැනීමට නොහැකි තත්ත්ව ඇති විය හැකියි.
👉 එම තත්වය Paraphimosis ලෙස හඳුන්වනවා. පසුපසට කල පෙර සම මුදුවක් ආකාරයට පු. ලි. වටා සිර වී ඉදිමීම වැනි ගැටළු මේ නිසා ඇති විය හැකියි.
ලිං. සම්බන්ධතා පැවැත්වීමේ ගැටළු පවතී නම් හෝ ස්වයංවින්දනයේ යෙදීමේදී එවැනි ගැටළු පවතී නම් අනිවාර්යෙන් Circumcision නම් ඉතා සරල ශල්‍යකර්මයකට යොමු වී පෙර සම යථාතත්වයට පත් කර ගත යුතුයි.
👉 නමුත් පෙර සම පසුපසට ගැනීමේ අපහසුතා ඇති වීම සඳහා එකම පිළියම ඉහත සඳහන් කල Circumcision ශල්‍යකර්මය නොවේ.
සමේ තද ස්වභාවය සහ තද ස්වභාවය පිහිටන ස්ථානය අනුව තවත් විවිධ ශල්‍යකාර්ම වලින් මේ පෙරසමේ තද ස්වභාවය නිදහස් කිරීමේ හැකියාව පවතිනවා.
.......................................
📌 මේ ගැටළුව තියෙනවා නම් මොකද්ද කරන්න ඕනා?.
උපතේ සිටම මෙලෙස පෙරසම පසුපසට ගැනීමට නොහැකි තත්වයක් තිබුනේ නම් සහ ඉහත සඳහන් කල ගැටළු ඔබට පවතී නම් මේ සඳහා අනිවාර්යයෙන්ම ශල්‍ය කර්මයකට යොමු විය යුතුයි.💯
තවත් සමහරුන්ට පෙරසමේ තද ස්වභාවය කුඩා කාලයේ නොතිබි පසු කාලයක තද වීමේ ස්වභාවයක් ඇති වීමේ තත්වයන්ද තිබෙනවා. ඒ සඳහා පෙරසම ආශ්‍රිතව සම හැකිලෙන හා ඝණ වෙන ගැටළු හේතු විය හැකියි.
👉 එවැනි විටෙක නම් එය රෝග තත්වයක් නිසා රෝගයට ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. මේ සඳහා විවිධ ආලේපන වර්ග වෛද්‍ය වරු විසින් ලබා දෙනවා.
නමුත් එයිනුත් පෙර සමේ තත්වය යථා ස්වරුපයට ගැනීමට නොහැකි වේ නම් අවසානයේ ශල්‍යකර්මය කරා යොමු විය යුතුයි.💯
.......................................
📌 පෙරසම ඉවත් කිරීමේ වාසි
▶ HIV වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග බෝ වීමේ හැකියාව පෙරසම ඉවත් කිරීම නිසා තරමක් අඩු වන බව පරීක්ෂණ මඟින් හෙළි කරගෙන තිබෙනවා.
▶ පුරුෂ ලිංගයේ ඇති විය හැකි පිළිකා තත්ත්ව, මුත්‍රා ආසාදන වලින් වැලකි සිටීමටත් පෙර සම ඉවත් කිරීම සහාය වෙන බව විද්‍යාත්මකව සොයාගෙන තිබෙනවා.
.......................................
📌 පෙරසම ඉවත් කිරීමේ ශල්‍යකර්මය
මේ ශල්‍ය කර්මයේදී සිදු කරන්නේ පු. ලි. ඉහල කොටස වසාගෙන සිටින සම කොටස ඉවත් කිරීමයි. මෙහිදී ඉවත් කරන්නේ සමේ වැඩිපුර ඇති කොටසක් පමණයි.
මෙය ඉතාමත් සරල ශල්‍යකර්මයක්. මෙය සිදු කිරීමට සිහි නැති කිරීමක් පවා අවශ්‍ය වන්නේ නැහැ. බොහෝ විට හිරි වැට්ටවීම පමණක් ප්‍රමාණවත් වෙනවා.
එසේම පළපුරුදු ශල්‍ය වෛද්‍ය වරයෙක්ට විනාඩි 10- 15 කින් පමණ මෙය සිදු කර අවසන් කල හැකියි.
👉 ඒ නිසා කිසිදු බිය වීමකින් තොරව ඔබටත් පෙරසමේ සංකුලතා පවතී නම් දැන්මම වෛද්‍ය වරයෙක් කරා යොමු වන්න.