සාමාන්‍යයෙන් දෙන්නෙක් කොච්චර වෙලා සෙක්ස් කරනවාද කියන එකට හරි ඉලක්කමක් කියන්න බැහැ. ඒ වෙලාව එක එක්කෙනා අනුව වෙනස් වෙනවා.
👉 හැබැයි මේ ගැන Global Sex Survey, විසින් ලෝකේ පුරා ඉන්න මිනිස්සු 29,000 ක් දෙනා යොදාගෙන සමීක්ෂණයක් කරලා තියෙනවා. මේකෙන් හොයා ගත්ත ප්‍රතිඵල ගැන සමහර විට ඔයා පුදුම වෙයි.
65% ක්ම දෙනා මේකෙදි කියලා තියෙනවා තමන් දැනට සෙක්ස් කරන වෙලාව ගැන සැහීමකට පත් වෙනවා කියලා. 14% ක් දෙනා විතරයි කියලා තියෙන්නේ තමන් දැනට සෙක්ස් කරන වෙලාව ගැන සැහීමකට පත් වෙන්නේ නැහැ කියලා.
මුලින්ම කියන්න ඕන දේ තමා ඔයාලා දෙන්නා සෙක්ස් කරන්නේ විනාඩි 5ක් වුනත් ඔයාලා ඒකෙන් ඔයාලා සතුටු වෙනවා නම් දිගටම ඒක කරගෙන යන්න. අනිත් මිනිස්සුන්ගේ වෙලාවල් ගැන වද වෙන්න එපා.
👉 ඒ වගේම සෙක්ස් කරනවා කියන්නේ අර ඇතුලට දාලා කරන එක විතරක්ම නෙමේ. ඒ හින්දා ඒක ගැන විතරක් හිතන්න එපා. ඒක කරන්න කලින් අල්ලන දේවල්, කිස් කරන දේවල්, කියන දේවල් පවා සෙක්ස් කරනවා කියන එකට ඇතුළත්. මේවට කියන්නේ පූර්ව ලිංගික ක්‍රියා කියලා. (foreplay) ඒ දේවල් එකක්වත් නොකර අනේ මට ඉක්මනට ගියානේ, එයාට ඇති වුනාද දන්නේ නෑ කියලා නම් හිතන එක බොරු වැඩක්.
විශේෂයෙන්ම කාන්තාවක් සතුටු කරන්න නම් ඇතුලට දාලා කරන සංසර්ගයට අමතරව පූර්ව ලිංගික ක්‍රියාත් වෙන්න ඕනා. ඒ වගේම ඔයාගේ සහකාරිය එක්ක මේ දේවල් ගැන කතා කරන්නත් අමතක කරන්න එපා.
👉 කොහොම හරි මේ සමීක්ෂණයෙන් හොයාගෙන තියෙනවා වැඩිම දෙනෙක් සෙක්ස් කරන කාලය විනාඩි 12 - 20 ක් අතර කාලයක් කියලා. මේ සෙක්ස් කරපු විනාඩි ගාන කියන්නේ පූර්ව ලිංගික ක්‍රියාකාරකම් වල සහ ලිංගික සංසර්ගය කියන මේ දෙකටම යන වෙලාව.
මේකෙන් වැඩිම දෙනා කියලා තියෙනවා පූර්ව ලිංගික ක්‍රියා (foreplay) වලට විනාඩි 6 - 10ක් අතර කාලයක් තමා එයාලා ගත කරන්නේ කියලා.
ඒ වගේම ලිංගික සංසර්ගයටත් විනාඩි 6-10ක් වගේ කාලයක් යනවා කියලා තමා කියලා තිබ්බේ.
8% ක් වගේ අඩු දෙනෙක් තමා කියලා තිබ්බේ විනාඩි 30කට වඩා සෙක්ස් කරනවා කියලා.
ඉතින් ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමා අන්තර්ජාලයේ දකින වීඩියෝ වල වගේ එක දිගට පැය ගණන් සෙක්ස් කරන්න බැරි එක. හැබැයි ඇත්ත ලෝකේ කවදාවත් ඒ වීඩියෝ වල දකින දේවල් වෙන්නේ නැහැ. ඇත්ත ජිවිතේ ඒ වගේ වෙන්න ඕනත් නැහැ.
මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏