📌 විවාහ වීමේ වයස
විවාහය ගැන පොදු නිතිය සම්බන්ධයෙන් සලකා බැලීමේදී 1907 සාමන්‍ය විවාහ ආඥා පනත යටතේ කල සංශෝදනය අනුව, තැනැත්තෙක් විවාහ වෙනවා නම් වයස අවුරුදු 18ක් විය යුතුමයි. එසේම මුස්ලිම් නිතිය යටතේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත යටතේ අවම විවාහ වීමේ වයසක් දක්වා නැහැ. කෙසේ වෙතත් වයස අවුරුදු 12ට අඩු දැරියක් විවාහ වන්නේ නම් ප්‍රදේශයේ පුජක වරයාගේ අවසරය ලබා ගත යුතු බව දක්වා තිබෙනවා.
________________________
📌 ලිංගිකව එක් වීමේ වයස
ලිංගික කාරණාවක් සඳහා කැමැත්ත දීමේ අවම වයසක් ගැන නිශ්චිතව වගන්තිය නීතියෙන් දක්වා නැහැ. කෙසේවෙතත් කාන්තාවක් වයස අවුරුදු 16ට අඩු තැනැත්තෙක් සමඟ ඇයගේ කැමැත්තක් ඇතිව හෝ නැතිව ලිංගික ක්‍රියාවක් සිදු වනවා නම් එය ස්ත්‍රී දුෂණයක් ලෙස හඳුන්වනවා. ඒ අනුව වයස අවුරුදු 16ට වැඩි කාන්තාවක් තම කැමැත්ත ඇතිව ලිංගික සංසර්ගයක යෙදෙනවා නම් ඒ සඳහා නීතියෙන් අවසර හිමි වෙනවා.
________________________
📌 ගණිකා නිවාස සහ සම්බාහන මධස්ථාන
ගණිකා නිවාස ආඥා පනත යටතේ නීති විරෝධී ලෙස සැලකෙන්නේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑම, ඒ සඳහා සහාය වීම සහ එය කළමනාකරණය කිරීම යන වැරදි පමණයි. ඒ අනුව යම් තැනැත්තියක් තම ජීවිකාව ලෙස ගණිකා වෘත්තියේ යෙදේ නම් එය මෙම පනත අනුව නීතියෙන් වරදක් වන්නේ නැහැ.
▶ එසේම මෙරට බහුලවම ඇති සම්බාහන මධස්ථාන ගැන සලකා බැලීමේදී එහිදී සිදු වන්නේ ආයුර්වේද සම්බාහන ක්‍රියාවලියක්, ඒ අනුව ආයුර්වේද සම්බාහන මධස්ථානක් ස්ථාපිත කරන්නේ ආයුර්වේද පනත මඟින්. කෙසේවෙතත් එම ස්ථානයේ ආයුර්වේද සම්බාහනයට අමතරව සේවාදායකයින්ට ගණිකාවන් සැපයීමක් සිදු කරනවා නම් එය ගණිකා නිවාස ආඥා පනත යටතේ වරදක් ලෙස සැලකෙනවා.
▶ මෙවැනි ස්ථාන සඳහා යොමු වන සේවා දායකයින් ඒ සඳහා යන්නේ තම ලිංගික තෘප්තිය ලබා ගැනීම සඳහා, තමා කැමති පුද්ගලයෙක් සමඟ ලිංගික ක්‍රියාවක යෙදීම නීතියෙන් වරදක් වන්නේ නැහැ. එය පුද්ගලයෙකුගේ මූලික අයිතිවාසිකමක්. ඒ අනුව එම සේවාව ලබා ගැනීම සඳහා එවන් මධස්ථාන කරා යොමු වන පුද්ගලන්ව අත්අඩංගුවට ගැනීමේ කිසිදු නීතිමය හැකියාවක් නැහැ.
▶ මෙවැනි ස්ථාන පොලිසිය විසින් වැටලීම සිදු කිරීමේදී උපාය දුතයෙක් යොදවා පරික්ෂා කරන්නේ ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය එහි සිදු වනවාද යන්නයි. ඒ හැර එම ස්ථානය ඇතුලේ එම අවස්ථාවේ සිටින පුද්ගලයන් ගැන නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාවක් නැහැ. එවැනි අත්අඩංගුවට ගැනීම් නිසා තම මුලික අයිතිවාසකම් කඩ වූ බවට පවසමින් ගත් නීති ක්‍රියාමාර්ග නිසා පොලිසිය විසින් එම අත්අඩංගුවට ගත් පුද්ගලයා හට වන්දි ගෙවිමට පවා අධිකරණයෙන් නියම වූ අවස්ථා නඩු ඉතිහාසයේ පවතිනවා.
________________________
📌 කොන්ඩම් ළඟ තබා ගැනීම වරදක්ද?
කොන්ඩම් ළඟ තබා ගැනීම කිසිදු ලෙසකින් නීතියෙන් වරදක් වන්නේ නැහැ. කොන්ඩම් එකක් යනු වෛද්‍ය උපකරණයක්. සෞඛ්‍ය ආරාක්ෂා කර ගනිමින් ලිංගික එක් වීමක් සඳහායි කොන්ඩම් යොදා ගන්නේ. එනිසා කොන්ඩම් ළඟ තබා ගන්නා අයෙකු අත්අඩංගුවට ගැනීමට හෝ කොන්ඩම් එකක් නඩු භාණ්ඩයක් ලෙසට නීතියට ඉදිරිපත් කිරීමක් කිසිසේත් කල නොහැකියි.
________________________
📌 සමලිංගිකත්වය
සමලිංගිකත්වය ගැන සලකා බැලීමේදී නීතියෙන් දක්වා ඇත්තේ "ප්‍රසිද්දියේ හෝ අප්‍රසිද්දියේ වෙනත් තැනැත්තෙක් සමඟ දැඩි අශිෂ්ඨ ක්‍රියාවක් කරන පුද්ගලයෙකු" ගැන පමණක් නිතිය ක්‍රියාත්මක කිරීම හැකියාව පවතිනවා. ඒ හැර සමලිංගික පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථාන වල සිටින පමණින් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමේ නීතිමය හැකියාවක් නැහැ.
________________________
📌 අන්තර්ජාලය ඔස්සේ සිදු වන ලිංගික අපරාධ
අන්තර්ජාලය ඔස්සේ සිදු වන තවත් පාර්ශවයක් හිංසාවට පත් කරන අපරාධ සඳහා අවශ්ය නීතිමය ක්‍රියාමාර්ග ලබා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශය යටතේ පිහිටුවා ඇති "ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය" ට යොමු වීම මඟින් අවශ්‍ය සහාය හා උපදේශන සේවා ලබා ගත හැකියි. එසේම තම චායරුපයක් හුවාමාරු වීම නිසා එම පුද්ගලයාට හානියක් හෝ අලාභයක් සිදු වී ඇත්නම් ඒ සම්බන්ධව සිවිල් නඩුවක් පැවරීමෙන් අවශ්‍ය නීතිමය සහාය ලබා ගත හැකියි.
මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏