sex කරද්දී රිදෙනවද? Pain During Sex


සමීක්ෂණ වලින් හොයාගෙන තියෙනවා ලිංගිකව සක්‍රීය වයසේ සිටින කාන්තාවන්ගෙන් 30% කට පමණ මේ ගැටලුව තියෙන බව. dyspareunia ලෙස මේ ලිංගික බෙලහීනතාව හඳුන්වනවා. 

ඒත් පුදුම සහගත දේ තමා මේ රෝගය කොයි තරම් බහුලව කාන්තාවන්ගේ තිබුණත් වෛද්‍ය සායන වලට කාන්තාවන් යොමු වෙන්නේ බොහොම අඩුවෙන්. මේකට හේතු 2ක් මුලික වශයෙන්ම හේතු වෙන්න පුළුවන්.

👉 කාන්තාවන්ට ලිංගික සංසර්ග වලදී වේදනාවක් ඇති වීම සාමාන්‍ය දෙයක් කියලා ඔවුන් හිතනවා. මෙලෙස හිතන්න හේතුව සමාජයේ තිබෙන මිත්‍යා මත සහ නිවැරදි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම.

👉 දෙවැනි කාරණය තමා වෛද්‍ය සායනයකට පැමිණ තමන්ට ඇති ලිංගික ගැටළු ගැන වෛද්‍යවරයෙක්ට කතා කරන්න තවමත් කාන්තාවන් මැළි කමක් ලැජ්ජාවක් දැක්වීම.

.........................................

📌 වේදනාවක් ඇති වෙන්නේ මොන අවස්ථා වලදීද?

👉 කාන්තාවකට තමන්ගේ ප්‍රථම ලිංගික සංසර්ගයේදී වේදනාවක් ඇති වෙන්න පුළුවන්.

👉 ඊට අමතරව බොහෝ කාලයක් ලිංගික සම්බන්ධ වල යෙදීමෙන් ඉවත් වෙලා ඉඳලා නැවත ලිංගික සම්බන්ධතා වල යෙදෙන අවස්ථා වලදීත් කාන්තාවන්ට වේදනාවක ඇති වෙන්න පුළුවන්.

ඒත් මේ වේදනාව දිගින් දිගටම තිබේ නම් ඒ ගැන සොයා බලා වෛද්‍ය උපදෙස් ලබා ගැනීම අවශ්‍ය වෙනවා.💯

.........................................

📌 වේදනාවක් ඇති වීමට හේතු මොනාද?

👉 බහුලම හේතුව තමා කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇති ශ්ලේෂ්මල පටකයට විය හැකි හානි.

👉 විවිධ ආසාදන, සමේ ඇති වන විවිධ තත්ත්ව, භාවිතා කරන ඖෂධ, විකිරණ ප්‍රතිකාර, හෝමෝන වල අඩු වීමක් වැනි හේතු නිසා සුලබව කාන්තාවන්ට ලිංගික සංසර්ග වලදී වේදනා ඇති වෙනවා.

👉 ඊට අමතරව ස්නායු රෝග සහ අභ්‍යන්තර ප්‍රජනක පද්ධතියේ අවයව වලට සිදු වී ඇති හානිත් මේ සඳහා බලපානවා.

තවත් විශේෂම කාරණා කිහිපයකුත් ලිංගික සංසර්ග වල ඇති වන වේදනාවට හේතු වෙන්න පුළුවන්.

කාතාවන්ගේ මනෝ භාවයන්, මානසික ගැටළු මේ වේදනාව ඇති වෙන්න බලපාන්න පුළුවන්.

👉 විෂාධය (depression), මානසික ආතතිය, තමන්ගේ සහකරු එක්ක ඇති සම්බන්ධයේ (relationship) ගැටළු, කාන්තාවක් තමන්ගේ ශරීරය/ හැඩය ගැන සෑහීමකට පත් නොවීම (poor body image) වැනි මානසික තත්වත් මේ වේදනාවට හේතු වෙනවා

👉 ඒ වගේම තමාට කුඩා කාලයේ වූ අතවරයක්, අපයෝජනයක් හෝ තමන් අකමැති වෙලාවක සිදු වූ ලිංගික සම්බන්ධයක් වැනි අප්‍රසන්න මතකයනුත් කාන්තාවන්ට ලිංගික සංසර්ග වලදී වේදනාව ඇති වීමට බලපානවා.

.........................................

📌 වේදනාවක් ඇති වීමේ ස්වරූප.

👉 කුඩා වේදනාව, විශාල වේදනාවක්

👉 වේදනාව දැනෙන ස්ථානය

👉 ලිංගික සම්බන්ධය අතරතුර ඇති වන වේදනාව

👉 ලිංගික සම්බන්ධයට පෙර ඇතිවන වේදනාව

👉 ලිංගික සම්බන්ධයට පසු ඇතිවන වේදනාව

ඉහත සඳහන් කල සියල්ල කියවූවා නම් ඔබට වැටහෙනවා ඇති ලිංගික සම්බන්ධ වලදී කාන්තාවන්ට ඇති වන වේදනාව ඉතා සංකීර්ණ තත්වයක්.

ඒ නිසා මේ ගැටළුව විශ්ලේෂණය කිරීම සහ ප්‍රතිකාර නියම කිරීමට යම් කාලයක් ගත වෙනවා.

.........................................

📌 වේදනාවටට ප්‍රතිකාර?

ඉහත සඳහන් කල පරිදි මේ සඳහා හේතු ගණනාවක්ම බලපානවා. ඒ එක් එක් හේතුව අනුව ලබා දෙන ප්‍රතිකාරත් වෙනස් වෙනවා.

👉 ඖෂධ ප්‍රතිකාර, භෞත චිකිත්සක ක්‍රම ,Physiotherapy ක්‍රම, සම්බාහන ක්‍රම ප්‍රතිකාර ක්‍රම ලෙස යොදා ගන්නවා.   

👉 හෝමෝන වල ගැටළුවක් ඇත්නම් හෝමෝන යලි ලබා දීමේ Hormone replacement therapy ක්‍රම යොදා ගන්නවා.

👉 වේදනාවට හේතුව ආසාදනයක් හෝ සමේ තත්වයක් නම් ඊට අවශ්‍ය ප්‍රතිකාරත් සිදු කරනවා.

👉 ඒ වගේම මානසික ගැටළු සඳහා මානසික ප්‍රතිකාර, ලිංගික මනෝ චිකිත්සක (sex therapy) වැනි ක්‍රම යොදා ගන්නවා.

.........................................

📌 ඔබටත් ලිංගිකව එක් වීමේදී වේදනාවක් තිබෙනවාද?

බොහෝ විට මේ තත්වය නිසා පිඩා විඳින කාන්තාවන් වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්නේ ඇයගේ ජිවිත කාලයෙන් බොහෝ කාලයක් මේ ප්‍රශ්නය නිසා පිඩා විඳීමෙන් පසුවයි.

ඒ නිසා ලිංගික සම්බන්ධ වලදී ඇති විය හැකි වේදනාව සාමාන්‍ය තත්වයක් ලෙස නොසලකා ඉක්මනින්ම සුදුසුකම් ලත් වෛද්‍ය වරයෙක් කරා යොමු වෙන්න.💯

මේ දැනුම අන් අය අතර share කරන්න.🙏

Previous Post Next Post