හොඳින් sex කරන්න උදව් වෙන ලිහිසිකාරක : Sex Enhancing Lubricants

 

📌 ලිංගික සංසර්ග වලට ලිහිසිකාරක අවශ්‍ය වන්නේ ඇයි?

✅ ලිහිසිකාරක භාවිතා කරන්නේ ඝර්ෂණය අඩු ගැනීමටයි. ආරක්‍ෂිත ලිංගික සම්බන්ධතා සඳහා භාවිතා කරන කොන්ඩම් පවා සමහර විට ඝර්ෂණය නිසා ඉරී යා හැකියි. 

මෙලෙස කොන්ඩම් එක හානි වූ පසු එයින් කිසිදු ප්‍රයෝජනයක් ඇත්තේ නැහැ. ඒ නිසා එවැනි දේ වලක්වා ගැනීම සඳහා ලිහිසිකාරකයක් භාවිතා කිරීම වැදගත්.

✅ යෝනි මාර්ග සංසර්ගයට වඩා ගුද මාර්ග සංසර්ගයේදී කොන්ඩම් ඉරී යාමේ හැකියාවක් තිබෙනවා. ඊට හේතුව යෝනි මාර්ගයේ ස්වභාවික ලිහිසිකාරක ගතිය පැවතුණද ගුද මාර්ගයේ එවැනි පරිසරයක් අවම වීමයි. 

එම නිසා ගුද සංසර්ගයේ යෙදීමේදී ඇති වෙන ඝර්ෂණය වැඩියි. එවැනි අවස්තාවක කොන්ඩම් එකක් බිඳී යාම ඉතා අනාරක්ෂිතයි.

✅ හෝමෝන අසමතුලිතතා, වයස, භාවිතා කරන ඖෂධ වර්ග වැනි හේතු නිසා ලිංගික උත්තේජනය සහ ලිංගික සංසර්ගය අවස්ථාවේදී කාන්තාවන්ගේ ශ්‍රාවය වෙන යෝනි ශ්‍රාවය අඩු වීමේ ගැටළු සමහර කාන්තාවන්ට පවතිනවා. 

එවැනි ගැටළු වලින් පිඩා විඳින කාන්තාවන්ට වඩා පහසුවෙන් ලිංගික සංසර්ගයේ නියෙළිමටත් මේ ලිහිසිකාරක සහාය වෙනවා.

✅ එසේම තවත් කාන්තාවන්ට ලිංගික සම්බන්ධ වලදී වේදනාව ඇති වෙනවා. 

මේ වේදනාව නිසා කාන්තාවන්ට ඇති වෙන Vaginismus හෙවත් යෝනිය ආශ්‍රිතව පේශි තද භාවයට පත් වීම නිසා ඇති වන ලිංගික සංසර්ගය පැවැත්වීමේ වේදනාව, අපහසුතාව මඟ හරවා ගැනීමටත් ලිහිසිකාරක සහාය වෙනවා.

✅ තවත් විටෙක ලිහිසිකාරක තමාගේ ලිංගික තෘප්තිය වැඩි කිරීමටද භාවිතා කල හැකියි. 

සමහර ලිහිසිකාරක වලට රසයක් (flavour) එකතු කර තිබෙනවා. එවැනි ලිහිසිකාරකයක් භාවිතා කිරීම තුළින් මුඛ සංසර්ගය වැනි දේ වැඩි තෘප්තියකින් සිදු කිරීමට හැකියාව ලැබෙනවා.

යෝනි මාර්ග සංසර්ගයේදී පවා තමාට එය දැනෙන ආකාරය වෙනස් වන ලෙස සැකසුණු ලිහිසිකාරක භාවිතා කිරීමෙන් තමාට දැනෙන තෘප්තිය වැඩි කර ගැනීමට අවස්තාව ලැබෙනවා.

...............

📌 වෙළඳපලේ ඇති ලිහිසිකාරක වර්ග 

👉 Water- Based lubricants/ ජාල ද්‍රාවී ලිහිසිකාරක 

කොන්ඩම් සමඟ භාවිතයට වඩාත් සුදුසු Water- Based lubricants. මේවා condom- friendly lubricants ලෙසද හඳුන්වනවා.

👉 Oil- Based lubricants/ තෙල් සහිත ලිහිසිකාරක 

මෙවැනි ලිහිසිකාරකයක් භාවිතා කිරීම තුළින් ඉතා සුමටව ලිංගික සංසර්ගයේ යෙදීමට හැකියාව ලැබෙනවා. 

එසේම කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ ඇති වියළි බව මඟ හරවා ගැනීමටද Oil- Based lubricants සායනිකව නිර්දේශ කරනවා. 

මෙම  මෙවැනි ලිහිසිකාරක වල අවාසිය නම් කොන්ඩම් සමඟ භාවිතා කිරීමේ අපහසුතාවයි. කොන්ඩම් සමඟ මෙම ලිහිසිකාරක භාවිතා කළහොත් සංසර්ගය වන අවස්ථාවේදී කොන්ඩම් එක තුනී වී ඉරී යාමේ හැකියාවද පවතිනවා.

👉 Silicone- based lubricants/ සිලිකන් සහිත ලිහිසිකාරක 

ලිංගික සංසර්ගය අවස්ථාවේදී ඝර්ෂණය අඩුම කරන ලිහිසිකාරක වර්ගය මෙයයි. 

කොන්ඩම් සමඟ වුවත් භාවිතා කිරීමට හැකියි. නමුත් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දේ නම් සිලිකන් අඩංගු ලිහිසිකාරක 

කිසි විටෙකත් සිලිකන් අමුද්‍රව්‍ය වලින් නිමවූ ලිංගික උපකරණ (sex toys) සමඟ භාවිතා නොකිරීමට වග බලා ගැනීමයි. එවැනි විටෙකදී උපකරණ වල අඩංගු සිලිකන් සංසර්ගය අවස්ථාවේදී ලිහිසිකාරකය සමඟ ඇති කරන ඝර්ෂණය නිසා ගෙවී යාමක් සිදු විය හැකියි. 

...............

📌 ලිහිසිකාරක ගැන විශේෂයෙන් සැලකිලිමත් විය යුතු දේ.

❌ දරුවන් සෑදීමේ අරමුණින් ලිංගික සංසර්ගයේ යෙදෙන යුවලක් විසින් ලිහිසිකාරක භාවිතා කිරීම ඔවුන්ගේ දරුවන් සෑදීම ප්‍රමාද කරවීමට හේතුවක් විය හැකියි. 

එසේ වීමට හේතුව කුමන වර්ගයේ ලිහිසිකාරකයක් භාවිතා කළත්, එම ලිහිසිකාරක ගැබ්ගෙල හරහා පිහිනා ගොස් ගර්භාෂය හරහා පැලෝපීය නාල වලට ශුක්‍රාණුවක් ගමන් කරන ගමන සඳහා බාධා පැමිණවීමට හැකියාව තිබීමයි. 

ඒ නිසා දරුවන් සැදීමේ අරමුණින් ලිංගික සංසර්ග වල යුවලකට ලිහිසිකාරක භාවිතය එතරම් සුදුසු නැහැ. 

❌ ලිහිසිකාරක එතරම් ලංකාව තුල ජනප්‍රිය නැති නිසා බොහෝ දෙනා වැස්ලින්, බේබි ක්‍රීම් වැනි විවිධ ක්‍රීම් වර්ග සහ විවිධ තෙල් වර්ග වැනි දේ ලිහිසිකාරක වෙනුවට යොදා ගන්නවා. 

මෙලෙස යොදා ගන්නා ඕනෑම දෙයක තෙල් සහිත බවක් යුක්ත නම් ඒවා කිසිවිටෙකත් කොන්ඩම් සමඟ භාවිතා නොකළ යුතුයි. 

එසේම මෙලෙස ලිහිසිකාරක ආදේශක ලෙස යොදා ගන්නා දේවල් ලිංගාශ්‍රිත ප්‍රදේශ වල භාවිතයට නිපදවූ ඒවා නොවන නිසා ලිංගාෂිතව ආසාදන සහ යෝනියේ PH අගය වෙනස් කිරීමටද හේතු විය හැකියි.

❌  ලිහිසිකාරක භාවිතා කිරීමට යෝනි මාර්ගයේ වියළි බව හෝ ලිංගික සංසර්ගයේ යෙදීමේ අපහසුතා තිබීම අවශ්‍ය වන්නේ නැහැ. 

ඒ කිසිදු ගැටළුවක් නොමැති යුවලකට වුවත් ලිහිසිකාරක භාවිතා කරමින් තමන්ගේ ලිංගික සංසර්ගය වඩා පහසු සහ තෘප්තිමත් කර ගැනීමට හැකියාව ලැබෙනවා.

Previous Post Next Post