හෝමෝන කියන්නේ ඇඟේ එක එක ග්‍රන්ථි වල නිපදවෙන සුවිශේෂී රසායනික ජාතියක්. ඒ හෝමෝන වලට කරන්න එක එක වැඩ තියෙනවා.
මේ හෝමෝන රුධිරය දිගේ ඇඟ පුරාම ගිහින් ඇඟේ පරිවෘත්තීය ක්‍රියා, නිදා ගන්න ඇහැරෙන වෙලාව, ඔසප් චක්‍රය, ඔයා ඉන්න මුඩ් එක වගේ ගොඩක් දේවල් පාලනය කරනවා.
එතකොට ඇඟේ තියෙන මේ හෝමෝන ඕනෑවට වඩා අඩු හරි, වැඩි හරි වුනොත් ඔන්න එතකොට ඇඟේ හෝමෝන අසමතුලිතතාවක් ඇති වෙනවා.
ජිවිතේ එක එක කාල වලට.ඇඟේ තියෙන හෝමෝන ස්වාභාවිකවකම වෙනස් වෙනවා. හරියට ගැහැණු ළමයෙක් මල්වර වෙද්දී, ඔසප් දවස් වලට, ගර්භණී කාලේ සහ වයසින් වැඩි ගැහැණු අයගේ ඔසප් වීම නවතින කාලේදී, ඒ කියන්නේ ආර්තවහරණය වෙද්දී.
කොහොම හරි මේ වගේ හෝමෝන අසමතුලිතතා හින්දා සෞඛ්‍යට ඒක අහිතකර විදියට බලපාන්න පුළුවන්. මේ පෝස්ට් එකෙන් බලමු ගැහැණු කෙනෙක්ගේ ඇඟේ තියෙන හෝමෝන සමතුලිතතාව වෙනස් වෙලා තියෙනවා කියලා දැන ගන්න පුළුවන් ලක්ෂණ කීපයක් ගැන.
එහෙනම් මේ සංඥා පෙන්නනවා නම් හැම ගැහැණු කෙනෙක්ම ඒ ගැන සැළකිලිමත් වෙන්න ඕනා.
📌 නිතරම මුඩ් එක වෙනස් වෙන එක (mood swing)
මූඩ් එක හරි ඉක්මනින් වෙනස් වෙන්න බලපාන්නේ ගොඩක් වෙලාවට ගැහැණු කෙනෙක්ගේ ඇඟේ තියෙන ඊස්ට්‍රජන් හෝමෝන වල අසමතුලිතතාවක්.
මේ හෝමෝන බලපානවා මොළයේ ස්නායු සම්ප්‍රේෂණයට. ඒකෙන් තමයි ඔයාට ඒ ඒ වෙලාවට ඕන කරන මුඩ් එක දෙන්නේ.
කොහොම හරි ඔය මුඩ් වෙනස් වෙන එක නිතරම වගේ වෙනවා ඔසප් වෙන්න ඔන්න මෙන්න තියලා. ඒ වගේම අර උඩින්ම කිව්ව ආර්තවහරණය වෙද්දීත් ඒක වෙනවා.
කොහොම හරි ඒ වගේ නිතර නිතර මුඩ් වෙනස් වෙන එක ඒ ඔයාගේ සාමාන්‍ය ජිවිතයට බාධා වෙන තරම් නම් ඒ කියන්නේ හෝමෝන අසමතුලිතතාවක් තියෙන්න පුළුවන්.
📌 ඔසප් වෙද්දී එන අධික වේදනාව.
කොහොමත් ඔසප් වෙන දවස් වලට ගොඩක් ගැහැණු අයට කැක්කුම එනවා. ඒක සාමාන්‍යයි. ඒ කැක්කුම එන්නේ ගර්භාෂයේ ඇතුල් පැත්තේ බිත්තිය දරුවෙක් හැදෙන්න තරම් ඕන කරන විදියට ශක්තිමත් කරන හින්දා.
ඒත් දරා ගන්න බැරි තරමේ බඩ රිදෙන එක, මුත්‍රා කරද්දී ඒ එක්ක නිතර ලේ ගොඩක් පිට වෙනවා නම්, ඒ කියන්නේ ගොඩක් වෙලාවට හෝමෝන වල අසමතුලිතතාවක් තියෙනවා කියලා අඟවන ලක්ෂණයක්.
📌 රෑට නින්ද නොයාම
නින්ද කියන්නේ හොඳ සෞඛ්‍යක් පවත්වාගෙන යන්න ගොඩක් උදව් වෙන දෙයක්.
කොහොම හරි ඉස්ට්‍රජන් හෝමෝන අඩු වෙන එක හින්දා රෑට නින්ද යන්නේ නැතුව දහඩිය දාන එක වගේ ප්‍රශ්න හින්දා නින්ද යන්නේ නැති වෙන්න පුළුවන්.
එහෙම හරියට නින්ද ගියේ නැත්නම් උදේ නැගිටිද්දී හරිම අමාරුවක් දැනෙනවා. දවස පුරාම හෙන විඩාවක් දැනෙනවා.
ඒ හින්දා කිසිම වෙලාවක නින්ද යන්නේ නැති එක සුළුවෙන් තකන්න එපා.
📌 කුරුලෑ
තවත් හේතු ගොඩක් වගේම හෝමෝන අසමතුලිතතා හින්දත් කුරුලෑ ඇති වෙන්න පුළුවන්.
ඇඟේ තියෙන ඇන්ඩ්රෝජන් (androgen) හෝමෝන මට්ටම වැඩි උනාම, තයිරොයිඩ් ග්‍රන්ථි වල ප්‍රශ්න, ඩිම්බ කෝෂ වල ප්‍රශ්න හින්දා එක පාර කුරුලෑ මතු වෙන්න පුළුවන්.
📌 ඇඟේ බර වැඩි වීම
කිසිම හේතුවක් නැතුව ඇඟේ බර වැඩි වෙනවා නම්, නිතරම බඩ පුරවා දාලා වගේ නම් ඒ වගේම කොච්චර බර අඩු කරන්න උත්සාහ කරත් බර අඩු කර ගන්නම බැරි නම්, ඒ වගේ හිතා ගන්න බැරි විදියට බර වැඩි වෙන එක පිටිපස්සේත් හෝමෝන අසමතුලිතතා ඉන්න පුළුවන්.
තයිරොයිඩ් ග්‍රන්ථි වල ප්‍රශ්න, සහ PCOS තත්වය තමයි ගොඩක් වෙලාවට මේ වගේ අසාමාන්‍ය බර වැඩි වෙන එකක වැඩියෙන්ම හේතු වෙන දේවල්.
📌 සරු බවේ ප්‍රශ්න (fertility problems)
ගැහැණු අයගේ වඳභාවය ට බලපාන හේතු අතරින් උඩින්ම තියෙන්නේ හෝමෝන ප්‍රශ්න. follicle-stimulating හෝමෝන (FSH) වැඩි වීම සහ පීත්යකාරක හෝමෝන (luteinizing hormone) ඇඟේ අඩු වෙන එක ගැහැණු කෙනෙක් ගර්භණී වෙන්න තියෙන හැකියාව අඩු කරනවා.
📌 යෝනි මාර්ගය වියළි බව
යෝනි මාර්ගය හරිම වියළියි වගේ නම්, කසනවා, රිදෙනවා වගේ මොකක් හරි අපහසුතාවක් එතන දැනෙනවා නම් එහෙම වෙන්න හේතුව ඇඟේ ඊස්ට්‍රජන් හෝමෝන අඩු වෙන එක වෙන්න පුළුවන්.
සාමාන්‍යයෙන් මේ දේවල් මතු වෙනවා ආර්තවහරණයෙන් පස්සෙත්.
ඒ වගේම සමහර බොන පෙති හින්දත් සාමාන්‍ය විදියට හෝමෝන හැදෙන එක වෙනස් වෙලා ඒක යෝනි මාර්ගය වියළි වෙන්න හේතු වෙනවා.
ඉතින් මේ උඩ කිව්ව දේවල් ඔයාගේ ඇඟේ තියෙනවා කියලා ඔයාට දැනෙනවා නම් ඒවා නොසලකා හරින්න එපා, සමහර විට ඒවා ඇඟේ හෝමෝන අසමතුලිතතාවක් තියෙනවා කියලා කලින්ම දෙන සංඥාවක් වෙන්න පුළුවන්.
එහෙම සංඥාවක් ආව ගමන් වෛද්‍ය උපදෙස් ගන්න එක තමයි හොඳම දේ.