පහුගිය මාස 2 ඇතුළත විතරක් ළමයින්ගේ අසභ්‍ය වීඩියෝ සහ ෆොටෝ 17,000 ක් අන්තර්ජාලයට එකතු වෙලා තියෙනවා කියලා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්තයා කියලා තිබ්බා. මේ news එක මම දැක්කේ ජූලි 29, Daily News පත්තරේ වෙබ්සයිට් එකෙන්.
📌 හැබැයි Youtube එකේ නම් ඔය ළමයින්ගේ ආරක්ෂාව (Child Safety) ගැන ගොඩක්ම හිතනවා. Youtube එක මේ ගැන කොච්චර සැලකිලිමත් වෙනවාද කියලා Youtube creator academy එකේම එයාලා උදාහරණයක් දීලා තිබ්බා.
ඒකෙ නම් තිබ්බේ පොඩි ළමයෙක් සේරම ඇඳුම් ඇඳගෙන නූඩ්ල්ස් කන වීඩියෝ එකක් උනත් ළමයා කන සද්දෙයි, ළමයාගේ තොල් දෙකයි focus කරලා වීඩියෝ කරලා Youtube දැම්මොත්, ඒ වීඩියෝ එකත් YouTube’s Community guidelines වලට පටහැනි වෙනවා කියලා.
එක පාරක් රැට්ටා ගේ Youtube එකත් ටික දවසකට නැති වුනේ ඔය පොඩි ළමයින්ගේ වීඩියෝ කෑල්ලක් තිබිලා.
Facebook එකත් මේ ගැන ගොඩක්ම හිතනවා. එක එක්කෙනා එවපු ෆොටෝ share කරන්න ගිහින් Facebook එක block වුන අත්දැකීම් සමහර විට ඔයාට හරි ඔයාගේ යාළුවන්ට හරි ඇති.
Youtube සහ Facebook නම් ගොඩක් දුරට පොඩි ළමයින්ගේ අසභ්‍ය දර්ශන ප්‍රචාරය වෙන්න දෙන්නෙම නෑ.
වෙන දෙයක් තියා හැමෝම අතර ගොඩක් ජනප්‍රිය P0rnHub සහ X*hamster පෝර්න් වෙබ්සයිට් වලත් පොඩි ළමයින්ගේ අසභ්‍ය දර්ශන දාන්න දෙන්නේ නෑ කියලා, එයාලගේ වෙබ්සයිට් වලම policy වල තියෙනවා.
👉 P0rnHub: "Any content featuring or depicting a child is strictly forbidden on our platform and is deemed to constitute a grave violation of our Terms of Service."
👉 X*hamster: "WE HAVE A ZERO TOLERANCE POLICY FOR PORNOGRAPHIC MATERIAL INVOLVING MINORS AND A ZERO TOLERANCE POLICY REGARDING PEDOPHILES OR ANY PEDOPHILIC ACTIVITY."
ඒත්, ඒ දේවල් එහෙම උනාට අන්තර්ජාලය කියන්නේ ආරක්ෂිත තැනක් නෙමේ.
📌 කෙනෙක්ට කියන්න පුළුවන් මේ විදියේ ළමයින්ගේ ෆොටෝ ලීක් වෙන්නේ අසහනකාරී වැඩිහිටියන්ගේ අතින් කියලා. ඔව් එහෙම වෙන්නත් පුළුවන්. ඒත් අපිට ඒක පාලනය කරන්න බැහැ.
අපිට පාලනය කරන්න පුළුවන් දේ තමා ළමයෙක්ට ඒ වගේ අවස්ථාවකදී හැසිරෙන්න ඕනා විදිය කියලා දෙන එක. ඇත්තටම ළමයින්ගේ ලිංගික අධ්‍යාපනය කියලා අපි කියලා දෙන්න ඕනා ඒ වගේ දේවල්.
එහෙම නැතුව ලිංගික අධ්‍යාපනය දෙනවා කියන එකෙන් ළමයින්ට කුණුහරප උගන්නනවා කියලා අදහස් වෙන්නේ නැහැ.
අපි බොහොම ලැජ්ජාවෙන් හැංගිලා කතාකරන ලිංගික අධ්‍යාපනය, සමහර රටවල් වල නම් ළමයින්ට පොඩි කාලෙම උගන්නනවා.
ලිංගිකත්වය ගැන විවෘතව කතා කරන්න ලංකාවේ තාමත් ඉඩක් නැහැ. අපි පොඩි කාලේ ඉඳන් ම දන්නේ රෝස කැලෙන් ගෙනාපු ළමයි කියලා. දෙයියෝ තමයි අම්මාගේ බඩට පුතාව දුවව ගෙනාවේ කියලා. ටීචර්, සර් අහක බලාන ප්‍රජනනය පාඩම කරන්නේ. එක්කෝ ඒ පාඩම අත අරිනවා. ගැහැණු ළමයි වෙනමත්, පිරිමි ළමයි වෙනමත් තමයි මේවා ගැන කතා කරන්නේ.
ඉතින් අපේ ළමයි මොනවද දන්නේ? ලිංගික වෙනස්වීම් ගැන කවුද කියලා දෙන්නේ? ඉතිං දරුවෝ සමාජ මාධ්‍ය හරහා ඒවට උත්තර හොයාගෙන ගිහිං ලෝක අමාරු වල වැටෙනවා. ඉතිං කියනවා teenage pregnancy වැඩියිලු. ගබ්සා වැඩෙ වෙලාලු, සමාජ රෝග වැඩෙ වෙලාලු.
අපේ රටේ ආණ්ඩු වලින් මේවා පාසල් විෂය නිර්දේශයට ඇතුල් කරන්න කියලා කිව්වට වැඩක් නෑ. ඒවා වෙන්නේ නෑ. මොකද ආණ්ඩු වලට ඊට වඩා කරන්න වෙන වැඩ තියෙනවා.
ඒ හින්දා තමන්ගේ ළමයට හරි විදියට මේ දේවල් කියලා දෙන්න. පියවරෙන් පියවර කියලා දෙන හැටි කලින් පෝස්ට් එකකින් දැම්මා.
ඒක මෙතනින් බලන්න. 👉https://www.facebook.com/xeducationsl/posts/279336503949053
කොහොම හරි ඔයාගෙත් අනවශ්‍ය වීඩියෝ හරි ෆොටෝ එකක් හරි share වෙලා, ඒ කියන්නේ සාමාන්‍ය ව්‍යවහාරයේ කියන විදියට ලීක් වෙලා තියෙනවා නම්, ශ්‍රී ලංකා පරිඝණක හදිසි ප්‍රතිචාර සංසදය (CERT) ට ඒ ගැන පැමිණිලි කරන්න. අවශ්‍ය සේරම විස්තර පහළ තියෙනවා.
☎ +94 11 269 1692
☎ +94 11 269 5749
☎ +94 11 267 9888
📧 incidents@cert.gov.lk
💻 https://www.cert.gov.lk/5?lang=en&id=2
📌 කාමර 4-112,
BMICH,
බෞද්ධාලෝක මාවත,
කොළඹ 07,
ශ්‍රී ලංකාව.
ඒ වගේම තමන්ගේ ෆොටෝ එකක් වගේ දෙයක් share වීම හින්දා කෙනෙක්ට හානියක් හෝ අලාභයක් වෙලා තියෙනවා නම් ඒ ගැන සිවිල් නඩුවක් පැවරීමෙන් අවශ්‍ය නීතිමය සහාය ලබා ගන්නත් පුළුවන්.