ඔසප් වන දින වල ගැහැණු දරුවන්ට ආහාරයට ගත යුතු දේ ගැන සමාජයේ විවිධ මිත්‍යා මත පවතිනවා.
තෙල් සහිත ආහාර, මස් මාළු අහාරයට නොගත යුතුය යන්න, මිරිස් හොදි සමඟ පමණක් ආහාර දීම, ප්‍රථම ඔසප් වීමේ සිට සතියක් යන තෙක් වෙන කිසිදු කෑමක් අහාරයට නොදීම වැනි සමාජයේ පවතින මත සියල්ල විද්‍යාත්මක සත්‍යතාවකින් තොර වැරදි මතයි.
අනෙක් දින වලදී මෙන්ම ඔසප් වින වලදීත් පෝෂ්‍යදායි ආහාර ලබා ගත යුතු වෙනවා.
ඔසප් දින වලදී ශරීරයෙන් රුධිරය පිට වන නිසා ශරීරයේ ජලය සහ යකඩ ප්‍රතිශතය පහළ යනවා. ඒ නිසා ජලය සේම යකඩ සහ ප්‍රෝටීන් බහුල ආහාර ලබා ගැනීම ඉතා වැදගත්.
📌 ඔසප් දින වල ලබා ගත හැකි ආහාර
▶ ජලය සහ තැඹිලි
ඔසප් දින වල රුධිරය ශරීරයෙන් පිට වෙන නිසා වැඩියෙන් ජලය පානය කිරීම ඉතා වැදගත්.
ශරීරයේ උෂ්ණත්වය වැඩි වීම නිසා ඔසප් වීමේ වේදනාව තවත් වැඩි වෙනවා. ඒ නිසා ශරීරය සිසිල් කරවා වේදනාව සමනය කිරීමට ජලය සහ තැඹිලි වතුරත් ඉතා හොඳයි.
▶ පළතුරු
කොමඩු, පිපිඤ්ඤත් ශරීරයේ ජල පරිමාව වැඩි කිරීමට උදව් වෙනවා.
▶ කොළ පැහැති එළවලු
රුධිරය පිට වන නිසා ශරීරයේ අඩු වන යකඩ ප්‍රතිශතය වැඩි කිරීම සඳහා සලාද කොළ සහ නිවිති වැනි කොළ පැහැති එළවලු ආහාරයට ගන්න. නිවිති වලින් ශරීරයේ මැග්නීසියම් ප්‍රමාණයද වැඩි කරනවා.
▶ කුකුල් මස්
කුකුල් මස් යකඩ සහ ප්‍රෝටීන් බහුල හොඳ ආහාරයක්. ප්‍රෝටීන් ආහාරයට එක් කර ගැනීම ශරීර සෞඛ්‍යට අත්‍යාවශ්‍යයි.
▶ මාළු
යකඩ, ප්‍රෝටීන් සහ ශරීරයට හිතකර omega-3 මේද අම්ල මාළු වල අඩංගුයි. omega-3 මේද අම්ල ඔසප් වීමේ වේදනාවත් අඩු කිරීමට හේතු වන බව සමහර පරීක්ෂණ වලින් සොයාගෙන තිබෙනවා.
▶ Dark චොක්ලට්
යකඩ සහ මැග්නීසියම් බහුලයි.
▶ ඇට වර්ග
බොහෝ ඇට වර්ග ආහාර වල ශරීරයට හිතකර omega-3 මේද අම්ල අඩංගුයි. එසේම ඉතා හොඳ ප්‍රෝටීන් ප්‍රභවයක්. එසේම මැග්නීසියම් සහ විටමින් වර්ග ද අඩංගුයි.
▶ පරිප්පු සහ බෝංචි
මේවාත් ඉතා හොඳ ප්‍රෝටීන් ලබා ගත හැකි ක්‍රම. විශේෂයෙන්ම නිර්මාංශ අයට ප්‍රෝටීන් ලබා ගත හැකි ක්‍රමයක්. එසේම යකඩත් අඩංගුයි.
▶ යෝගට්
බොහෝ දෙනෙක් ඔසප් වීම් අතරතුර සහ ඉන් පසුව යිස්ට් ආසාදන වලට ලක් වෙනවා. යෝගට් ආහාරයට ගැනීම නිසා යෝනිය ආශ්‍රිතව පවතින හිතකර බැක්ටීරියා පෝෂණය කරමින් ආසාදන වලට එරෙහිව සටන් කිරීමට අවශ්‍ය ප්‍රතිශක්තිය ඇති කරවනවා.
මේ දැනුම අන් අය අතරත් share කරන්න