වැලන්ටයින් සමරන්න කලින් දැන ගන්නම ඕන දේවල් : Things to Know Before Celebrating Valentines

ආදරය සහ ලිංගිකත්වය කියන්නේ ගහට පොත්ත වගේ බැඳුන දේවල් දෙකක්. ආදරයෙන් තොර ලිංගිකත්වයක් වත් ලිංගිකත්වයක් තොර ආදරයක් වත් නෑ. එහෙම දේවල් තිබ්බා නම් මිනිස්සු අද ඉන්න තැන වෙනකල් පරිණාමනය වෙන්නේ නෑ. ඒ හින්දා Valentine දවසේ ලිංගිකත්වය ගැන කතා කරන එකවත්, එදාට ලිංගිකත්වය වැරදියි කියන එක වත් ඒ තරම් සාධාරණ කතාවක් නෙමේ.

කොහොම හරි මේ පෝස්ට් එක ඕවගේ සාධාරණ අසාධාරණ කම් ගැන කතා කරන්න නෙමේ. Valentine සමරන්න ඉන්න දෙන්නෙක්ට ලිංගික සෞඛ්‍ය ගැන උපදෙස් ටිකක් තමයි මේ පෝස්ට් එකෙන් දෙන්නේ.

ලංකාවේ වගේම ලෝකේ පුරාම ආදරේ කරන එක එක වයස් වල අය මේ Valentine දවස එයාලා ආදරේ කරන කෙනා එක්ක සමරනවා. ඒ වගේම නව යොවුන් වයස් වල පෙම්වතුන් තමන්ගේ පලවෙනි සෙක්ස් අත්දැකීම Valentine දවසේ විඳින්න පෙළඹෙන ප්‍රවනතාවක් තියෙනවා. 

ඒකෙ හරි වැරැද්ද කෙසේ වෙතත්, නව යොවුන් වයසේ ළමයින්ටත් ලිංගික හැඟීම් එන එක බොහොම සාධාරණ දෙයක්, ඒ වගේම එයාලටත් අලුත් දේවල් අත්හදා බලන්න කුතුහලයක් එන එකත් සාධාරණයි. හැබැයි ඔය ලිංගික හැඟීම් තෘප්තිමත් කර ගන්න විදිය තමයි පොඩ්ඩක් ඔතන ප්‍රශ්නෙකට හිටින්නේ. ඔය දේ අනා ගත්තොත් එහෙම ඒ වගේ අයට ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන්. 

ඔය කොහොම හරි කමක් නෑ. ඔයත් ඔයාගේ පලවෙනි සෙක්ස් අත්දැකීම මේ පාර Valentine එකට ගන්න හිතන් ඉන්නවා නම් මේ දේවල් ටික දැන ගන්න.

📌 රටේ නීතිය මොකද්ද කියලා ඉස්සෙල්ලා දැන ගන්න 

ලංකාවේ නීතිය අනුව අවුරුදු 18 වෙනකම් විවාහ වෙන්න බෑ.  

ඒ වගේම අවුරුදු 16 ට අඩු කෙනෙක්ට ලිංගික සම්බන්දයකට කැමැත්ත දෙන්නත් බෑ. ඒ කියන්නේ දෙන්නම කැමැත්තෙන් රූම් ගියත් වයස 16 ට අඩුයි නම් කැමැත්තෙන් ගියා කියලා නීතියෙන් ගැලවෙන්න බෑ. කෙළින්ම ලිංගික අපචාර නඩු වැටෙන්න පුළුවන්.

එහෙම බැලුවම වයස 16 ට වැඩියි නම් සහ තමන් ලිංගිකව එකතු වෙන්නේ තමන්ගේ කැමැත්තෙන් නම් එහෙම දෙන්නෙක්ට ඒකට නීතියෙන් ප්‍රශ්නයක් නෑ.

📌 පළවෙනි දවස පස්සට දාන්න 

පස්සට දාන්න කිව්වේ බැක්සයිඩ් කරන්න නෙමේ, පරක්කු කරන්න කියලා කිව්වේ.

රටේ නීතිය පැත්තෙන් බැලුවොත් වයස 16 ට වැඩි නම් ලිංගිකව එකතු වෙන්න පුළුවන් උනාට, ඔයා ඔයාගේ පළවෙනි ලිංගික අත්දැකීම පුළුවන් තරම් පස්සට දාන එක තමයි හොඳ. 

ඔයා කසාද බඳින්න ලැස්ති වයසට එනකම් පුළුවන් තරම් පලවෙනි සෙක්ස් අත්දැකීම පරක්කු කරන්න. ඔයාට ඔයා ගැන සම්පුර්ණ වගකීම ගන්න පුළුවන් වෙන කාලේ වෙනකම් ඒ තීරණේ ගන්න කළබල වෙන්න එපා.

📌 අයිතිය පාවිච්චි කරන්න 

ගොඩක් ගැහැණු ළමයි පළවෙනි දවසේ රූම් එකකට යන්නේ තමන්ගේ පෙම්වතාගේ බලකිරීම හින්දා.

හැබැයි මේක කියවන ඔයා ගැහැණු ළමයෙක් නම් ඔයා දැන ගන්න ඕනා ඔයාගේ ශරීරය ගැන ඔයාට 100% අයිතියක් තියෙනවා. ඔයාගේ ශරීරයට මොනා හරි දෙයක් උනොත් ඒකේ සම්පුර්ණ වගකීම එන්නෙත් ඔයාට.

ඒ හින්දා ඔයාට ඔයාගේ පෙම්වතා ඒ වගේ අයුතු යෝජනාවක් ඔළුවට දාන්න එනවා නම්, ඒකට බෑ කියන්න ඔයාට සම්පුර්ණ අයිතිය තියෙනවා. ඒ අයිතිය පාවිච්චි කරන්නත් බය වෙන්න එපා.

ඔයාගේ පෙම්වතා හරි හමන් කොල්ලෙක් නම් ඔයාගේ අයිතියට එයා ගරු කරන්න ඕනා.

📌 එක්කෙනෙක්ට සීමා වෙන්න 

ඒ කිව්වේ ඔයා දැනටමත් ආදරේ කරන කෙනා එක්ක සෙක්ස් කරන කෙනෙක් නම් ඔයා සෙක්ස් කරන්නේ එක්කෙනෙක් එක්ක විතරක් වෙන්න වග බලා ගන්න. HIV වගේ අනිත් ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග වලින් ආරක්ෂා වෙන්න. 

හැබැයි ඔයා එක්කෙනෙක්ට විතරක් සීමා උනාට ඔයාගේ පෙම්වතා/වතිය ට හතර වටේ ලිංගික සහකරුවන් ඉන්න පුළුවන්. එයා කියන දේ විශ්වාස කරනවා ඇරෙන්න එයාගේ හිත කියවන්න බෑනේ. 

ඒ හින්දා ඒ විදියේ පොඩි හරි සැකයක් තියෙනවා නම් කොන්ඩම් එකක් පාවිච්චි කරන්න. 

📌 හදිසි උපත් පාලන ක්‍රම 

කොන්ඩම් එකක් වත් පාවිච්චි නොකර Valentine දවසේ සෙක්ස් කළා නම් හරි මොකක් හරි ඔය කරන වෙලාවේ අකරතැබ්බයක් වෙලා "ශුක්‍රාණු ඇතුලේ ගියාද දන්නේ නෑ" කියලා වගේ සැකයක් තියෙනවා නම් අනිවාර්යෙන් plan B එකට යන්න. ඒ කිව්වේ හදිසි උපත් පාලන ක්‍රමයක් පාවිච්චි කරන්න.

Valentine දවසේ 14 සෙක්ස් කරද්දී, වෙච්ච දෙයක් හින්දා ඔයාට ප්‍රෙග්නන්ට් වෙයිද දන්නේ නෑ කියල වගේ සැකයක් තියෙනවා නම් කලබල වෙන්න එපා කරන්න දේවල් තියෙනවා.

ඔයාට ක්‍රියාත්මක වෙන්න දවස් 3ක් ඉතුරු වෙලා තියෙනවා. ඒ කියන්නේ 17 වෙනිදා වෙනකම් කල් තියෙනවා. හැබැයි කල් තියෙනවා කියලා දවස් 3ක් වෙනකල්ම ඉන්න එපා. ඉක්මන් වෙන තරමට වැඩේ සාර්ථක වෙන සම්භාවිතාව වැඩියි.

යන්න ෆාමසියකට. ගිහින් ගන්න මේ පෙති වලින් එකක්. සේරම ගන්න එපා, ඕවගෙන් එකක් ගන්න. රූම් එකකට වියදම් කරන ගානෙන් 1/10 ක් වත් වෙන්නේ නෑ මට මතක විදියට.

▶ Pill 72

▶ Postinor 1

▶ Postinor-2

▶ Emcon 

▶ Madonna

▶ Pregnon

මේ ඕන පෙත්තක් වෛද්‍ය නිර්දේශයක් නැතුව ෆාමසියකින් ගිහින් ගන්න ලංකාවේ අවසර තියෙනවා. සෙක්ස් කරන්න පුළුවන් නම් ෆාමසියකට ගිහින් ඕක ඉල්ලන්න ලැජ්ජා වෙන්න එපා. "රූම් යං අනේ.." කියලා බල කලේ කොල්ලා නම් එයාට කියලම ෆාමසියෙන් ගෙන්න ගන්න.

Pill 72, Postinor 1 සහ Postinor-2 කියන පෙති වලට ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO Prequalification Programme), ඇමරිකාවේ Food and Drug Administration සහ යුරෝපයේ Medicines Agency යේ අනුමැතිය පවා හම්බෙලා තියෙනවා.

▶ Pill 72 පෙත්ත අනාරක්ෂිත ලිංගික එක් වීමක් වෙලා පැය 72 ක් ඇතුළත ගන්න ඕනා.

▶ Postinor 1 වල තියෙන්නේ තනි පෙත්තක්. ඒ පෙත්තත් පැය 72 ක් ඇතුළත ගන්න ඕනා.

▶ Postinor 2 වල තියෙන්නේ පෙති දෙකක්. ඒ පෙති දෙකෙන් එක පෙත්තක් හැකි ඉක්මනින් අරගෙන පැය 12ක් ඇතුළත දෙවෙනි පෙත්ත පැය 72ක් යන්න කලින් ගන්න තියෙන්නේ. කැමති නම් පෙති දෙකම එක පාර ගන්නත් පුළුවන්. 

ඔය හැම පෙත්තකම පැකට් එක ඇතුලේ කොලේක පාවිච්චි කරන්න ඕන විදිය, උපදෙස් සේරම සේරම තියෙනවා.

ඒ වගේම ඔය පෙති ගත්තා කියලා කිසිම වෙලාවක ගබ්සාවක් වෙන්නෙත් නෑ. ඒ ගැන බය වෙන්නත් එපා.

👉 බැරි වෙලාවත් ඔය දවස් 3 යන්න කලින් හදිසි උපත් පාලන පෙත්තක් ගන්න බැරි උනානම්, කලබල වෙන්න එපා. ඒත් අපි ගාව ටූල්ස් තියෙනවා දවස් 5ක් යනකම්.

හැබැයි මේකට ෆාමසියකට ගිහින් හරියන් නෑ. වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනා.

ඒ තමා කොපර් ලූප් එක. ඒකෙන් වෙන්නේ රසායනික වෙනස්කම් කරලා ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට හමු වෙන්න කලින් ඒවාගේ තියෙන සරු බව නැති කරන එක. මේ ක්‍රමයෙනුත් කිසිම වෙලාවක ගබ්සාවක් වෙන්නේ නැහැ. 

මේක ප්ලාස්ටික් වලින් හදලා තියෙන වටේට තඹ දඟරයක් ඔතලා තියෙන පොඩි 'T' අකුර හැඩේට තියෙන නැමෙන සුළු උපකරණයක්. මේක යෝනි මාර්ගය අතුලේ රැඳෙන විදියට ඇතුල් කරන්න ඕනා. 

ඒ හින්දා ඒක පුහුණුවලත් වෛද්‍යවරයෙකු තමා කරන්න ඕනා. ලූප් එක තැන්පත් කරන එක විනාඩි 5-10 න් විතර කරගෙන ගෙදර යන්නත් පුළුවන්. බය වෙන්න එපා 

අන්තිමේ කියන්නේ Valentine දවසේ පළවෙනි සෙක්ස් එක කරාට අපිට කමක් නෑ. හැබැයි ඔයා කරන දේවල් වලින් ලැබෙන හොඳ, නරක ප්‍රතිඵල දෙකේම සම්පුර්ණ වගකීම ගන්න ඔයාට බැරි නම් පළවෙනි අත්දැකීම ගන්න කලබල වෙන්න එපා.

එහෙනම් happy Valentine's Day.

Previous Post Next Post