👉 දරුවෙක් මව් කුස තුළ සිටින අවධියේදී වෘෂණ කෝෂ දරුවාගේ උදරය තුල පිහිටනවා. දරු ප්‍රසූතිය සිදු වීමට ආසන්න සති කිහිපයේදී ඒවා දරුවාගේ උදරය තුල සිට නිසි ස්ථානයට ගමන් කර ස්ථානගත වෙනවා.
👉 තත්පරයකට ශුක්‍රාණු 1500ක් සහ දිනකට ශුක්‍රාණු මිලියන 140ක් පමණ වෘෂණ කෝෂ මඟින් නිපදවනවා.
👉 වම් වෘෂණ කෝෂය දකුණු වෘෂණ කෝෂයට වඩා මඳක් පහතින් පිහිටනවා.
👉 වෘෂණ කෝෂ වල උෂ්ණත්වය සෑම විටම ශරීර උෂ්ණත්වයට වඩා ෆැරන්හයිඩ් අංශක 5ක් පමණ අඩුවෙන් පවතිනවා.
👉 වෘෂණ කෝෂ වලින් නිපදවෙන ශුක්‍රාණු දිනපතාම ශරීරයෙන් පිට කිරීම හෝ යළි අවශෝෂණය කර ගැනීම සිදු වෙනවා.
👉 බියක් හෝ අවදානම් තත්වයක් දැනුණු විට එම හැඟීමට දක්වන ප්‍රතිචාරයක් ලෙස වෘෂණ කෝෂ හැකිලී ශරීරය දෙසට ලං වීමක් සිදු වෙනවා.
👉 ශුක්‍රාණු නිපදවීම සඳහා අවශ්‍ය නිශ්චිත උෂ්ණත්වය පවත්වා ගැනීම සඳහා වෘෂණ කෝෂ ශිත කාලගුණික තත්ත්ව වලදී ශරීරය දෙසට ලං වෙනවා, උෂ්ණ කාලගුණික තත්ත්ව වලදී ශරීරයෙන් තරමක් එල්ලී පවතිනවා.
👉 නිරෝගී තනි වෘෂණ කෝෂයක් පමණක් පිහිටීම දරුවන් සෑදීමට හෝ ලිංගික සම්බන්ධතා පවත්වා ගැනීමට බාධාවක් වන්නේ නැහැ.