හොඳට සෙක්ස් කරන්න ටිප්ස් : Tips for a Pro Sex

 

📌 එයා ආස විදිය දැන ගන්න

කන්න ආස මොනාද, යන්න කැමති කොහෙද වගේ දේවල් ගැන කතා කලත් සෙක්ස් වලදී කරන්න ආස මොනාද, කරන්න ඕනා කොහොමද කියලා කතා කරන්නේ බොහොම අඩු දෙනෙක්. පිරිමි නම් ඒ දේවල් ගැන කතා කලාට ගැහැණු නම් තමන් ආස දේවල් ගොඩක් වෙලාවට හංගනවා. 

ඒ හින්දා සෙක්ස් කරද්දීත් තමන්ගේ සහකරු කැමති අකමැති දේවල් සහ තමන් කැමති දේවල් සහකරු එක්ක කතා කර ගන්න. 

📌 පෞද්ගලිකත්වය

ගොඩක් වෙලාවට තරුණ වයසේ අලුතෙන් විවාහ වුන පවුල් වලට මේ ප්‍රශ්නය තියෙනවා. සමහර යුවලවල් විවාහ වෙලා ජිවත් වෙන්නේ තමන්ගේ දෙමාපියන් එක්ක එකම ගෙදර, එහෙම නැත්නම් සහෝදර සහෝදරියන් එක්කම ජිවත් වෙනවා. 

හැබැයි ඒ විදියට වෙනම ජිවත් වෙන්නේ නැති එක හින්දා ඒ යුවලගේ පුද්ගලිකත්වය අඩු වෙන එකෙන් ක්ෂණික මෝචනය සහ තව ලිංගික බෙලහිනතා එන්න පුළුවන්. ඒ හින්දා සෙක්ස් කරන යුවලක් නම් තමන්ගේ පෞද්ගලිකත්වය ගැන හිතන්න.

📌 වෙලාවක් වෙන් කර ගන්න

ගොඩක් වෙලාවට විවාහ වෙලා ළමයි එහෙම ලැබුණ අයට තියෙන ප්‍රශ්නයක් තමයි අනිත් වැඩත් එක්ක සෙක්ස් කරන්න වෙලාවක් නෑ කියන එක. ඒත් ඒ අයට අනිත් හැම වැඩේම කරන්න වෙලාව තියෙනවා සෙක්ස් කරන්න තමයි වෙලාව නැත්තේ.

මේ ලෝකේ කිසිම මනුස්සයෙක්ට වෙලාව නෑ කියලා දෙයක් නැහැ. තියෙන්න ඒ වැඩේට මුලිකත්වයක් දෙන්නේ නැති ප්‍රශ්නේ විතරයි.

ඒ හින්දා සෙක්ස් කරන්න දෙන්නා කතා වෙලා දවසක් වෙන් කර ගන්න. එතකොට ඒ දවස එද්දී අනිත් වැඩ ටික සේරම කරලා මානසිකවත් දෙන්නම ලැස්ති වෙලා තමා ඉන්නේ සෙක්ස් කරන්න.

📌 සුරක්ෂිතයි කියලා දැනෙන තැනක කරන්න

දෙන්නෙක් සෙක්ස් කරද්දී ඒ දෙන්නට දෙන්නා සුරක්ෂිතයි කියලා හැඟීමක් දැනෙන්න ඕනා. විශේෂයෙන්ම ගැහැණු කෙනාට දැනෙන්න ඕනා පිරිමියා තමන්ව ආරක්ෂා කරනවා කියන හැඟීම.

ඒ වගේම ළමයි ඇහැරෙයි, ගෙදර අනිත් අයට ඇහෙයි වගේ ප්‍රශ්න තියෙනවා නම් ඒ ප්‍රශ්න වලට ඉස්සෙල්ලා විසඳුමක් හොයා ගන්න. මොකද දෙන්නගේ සුරක්ෂිතභාවය අඩුයි කියලා දැනුනොත් එහෙම උපරිම ලිංගික තෘප්තියක් ගන්න බැහැ.

📌 ලිහිසිකාරක පාවිච්චි කරන්න

ගොඩක් වෙලාවට පලවෙනි ලිංගික සංසර්ගය ගැහැණු කෙනාට ටිකක් වේදනාකාරී අත්දැකීමක් වෙනවා. මොකද එයාගේ ශරීරය ඒ වගේ දේකට මීට කලින් ලැස්ති වෙලා තිබ්බේ නැති හින්දා. ඒ හින්දා ලිගිසිකාරක පාවිච්චි කරන එක වැදගත්. ඒ වේදනාව අඩු වෙලා ලිංගික එක් වීම ලේසි වෙනවා. ඒ ගැන කලින් පෝස්ට් එකක් දැම්මා ඒක මෙතනින් බලන්න.

📌 පිරිසිදුකම තියා ගන්න 

දෙන්නෙක්ගේ ශරීර දෙකක් වැඩියෙන්ම ලං වෙන දෙයක් තමයි සෙක්ස් කරන එක. 

හොඳට උත්තේජනය වෙලා සෙක්ස් කරගෙන යද්දී නම් ඔය කිසි අප්‍රසන්න දෙයක් දැනෙන්නේ නෑ. 

හැබැයි ඒ වෙලාවට එන්න කලින් කෙනෙක්ගේ අපිරිසිදු කම තව කෙනෙක්ට අප්‍රසන්න දෙයක් වෙන්න පුළුවන්. ඒ හින්දා අනිත් වෙලාවට වගේම සෙක්ස් කරන වෙලාවේදී විශේෂයෙන්ම පිරිසිදුකම ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න.

📌 සරාගී ස්පර්ශය

එක පාර පටන් ගත්ත වෙලාවේ ඉඳන් කරගෙන කරගෙන යන්න මිනිස්සු මැෂින් නෙමේ, ඒ හින්දා සංසර්ගය කරන්න කලින් ඒකට උත්තේජනය වෙන්න ඕනා. සංසර්ගය කරන්න ඕනා කරන ශාරීරික සහ මානසික උත්තේජන දෙකම ගන්න පුළුවන් ස්පර්ශයෙන්.

ස්පර්ශ කරන එකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. ස්පර්ශයෙන් කෙනෙක්ගේ  ලිංගික අප්‍රාණිකත්වය වගේ බෙලහිනතාත් මඟ හරවා ගන්න පවා පුළුවන්. ගොඩක් වෙලාවට ඔය එක එක ලිංගික බෙලහිනතා වලට හේතුව ඒ වෙලාවේ හිතට එන එක එක සිතුවිලි. 

හැබැයි ස්පර්ශයෙන් පුළුවන් එක එක සිතුවිලි වලට අවධානය දෙන එක නවත්තලා ඒ සමට දැනෙන ඒ ස්පර්ශයට විතරක් අවධානය දීලා සෙක්ස් කරද්දී එන එක එක ප්‍රශ්න නැති කර ගන්න පුළුවන්. ඒ හින්දා පුර්ව ලිංගික ක්‍රියා (foreplay) ඒ කියන්නේ සංසර්ගය කරන්න කලින් කරන දේවල් වලදී අනිත් කෙනාව ස්පර්ශ කරන එක ගොඩක් කරන්න.

📌 හැඟීම්බර වෙන්න

පිරිමින් සහ කාන්තාවන් සෙක්ස් කියන දේ අත්විඳින්නේ එකම විදියට නෙමේ. විද්‍යාවෙන් පවා හොයාගෙන තියෙනවා ගැහැණු කෙනාගේ හිතේ මොකක් හරි කනස්සල්ලක්, දුකක් වගේ තියෙනවා නම් එයා ලිංගික උත්තේජනයකට සුදානම් නැහැ කියලා. 

විශේෂයෙන්ම ගැහැණු කෙනෙක් නම් එයා ඉස්සෙල්ලම මානසිකව සුදානම් වෙන්න ඕනා. ඒ වගකීමේ කොටසක් පිරිමියාටත් පැවරෙනවා. ආදරණීය, සරාගී වචන කතා කිරීම සහ කලින් ටිප් එකේ කිව්වා වගේ ස්පර්ශ කිරීම වගේ දේවල් කරන්න ඕනා.

📌 නිතරම වෙනසක් කරන්න

පරිප්පුයි බතුයි හැමදාම තුන් වේලටම ගන්න ගියොත් මොකද වෙන්නේ? ඒක එපා වෙනවනේ. ඒ වගේ තමයි සෙක්ස් කරන එකත් හැමදාම එකම විදියට කරන්න ගියොත් කාලයක් යද්දී එපා වෙනවා. ඊට පස්සේ වෙනසක් හොයන්න කියලා වෙන වෙන අය පස්සේ ගිහින් නැති ප්‍රශ්නත් ඇති කර ගන්නවා.

ඒ හින්දා හැමවෙලම වෙනසක් කරන්න උත්සාහ කරන්න.

කලින් ටිප් එකක කිව්වා තමන්ගේ සහකරු, සහකාරිය කැමති අකමැති දේවල් කතාවෙන්න සහ දැනගන්න කියලා.

ඒ අනුව තමන් සෙක්ස් කරන ඉරියව්ව, සෙක්ස් කරන තැන වගේ දේවල් වෙනස් කරලා කරන්න පුළුවන් නම් දෙන්නටම එපා නොවෙන හොඳ අත්දැකීමක් ගන්න පුළුවන්.

වෙනස් විදියට කරන්න පුළුවන් දේවල් ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. එක මෙතනින් බලන්න.

📌 සන්සුන් වෙන්න

ලිංගික උත්තේජනය කාටවත් බලෙන් ඇති කරන්න බෑ. ඒක ස්වාභාවිකවම වෙන්න ඕන දෙයක්. තමන් සන්සුන් වෙන තරමට තමයි ලිංගික ප්‍රාණවත් වීම වගේ දේවල් වෙන්නේ. 

බයෙන්, කලබලෙන් වගේ ඉන්නවා නම් ඒ වගේ ප්‍රාණවත් වෙන එක, ලිංගික ශ්‍රාව පිට වෙන එක වගේ දේවල් වෙන්නේ නැහැ. ඒ හින්දා relax වෙන්න. වෙන වෙන දේවල් හිතන්න එපා. කලබල වෙන්න එපා.

📌 ව්‍යායාම කරන්න

ව්‍යායාම කරන එකෙන් සෙක්ස් කරන එකට වගේම අපේ සාමාන්‍ය ජීවිතයටත් ශාරීරිකව, මානසිකව ගොඩක් වාසි හම්බෙනවා. 

සෙක්ස් කරද්දී තමන් අනිත් කෙනා ඉස්සරහා නිරුවත් උනාම තමන්ගේ ශරීරය ගැන හොඳ ආත්ම විශ්වාසයක් තමන්ට දැනෙන්න ඕනා. එහෙම තමන්ට තමන්ගේ ඇඟ ගැන හොඳ විශ්වාසයක් තියෙනවා නම් තමන් මානසිකව ලෑස්තියි ඒ වැඩේට.

එහෙම නැතුව තමන්ට තමන්ගේ ඇඟ ගැන ලැජ්ජයි නම් ඒක සෙක්ස් කරන්න කලින් මානසිකව බලපාන්න පුළුවන්.

සාමාන්‍ය ව්‍යායාම වලට අමතරව ලිංගික තෘප්තිය සහ උත්තේජනය වැඩි කරන්නම කරන ව්‍යායාම වර්ගයක් තියෙනවා Kegel Exercises කියලා. Youtube එකේ බලන්න. ඕන තරම් වීඩියෝ තියෙනවා. නිකන් ඉන්න වෙලාවට උනත් ඒ ව්‍යායාම කරන්න පුළුවන්. ඒවා කරලා බලන්න.ඉස්සරහට ඒ ගැනත් පෝස්ට් එකක් දානවා.

📌 කන කෑම ගැන සැළකිලිමත් වෙන්න

කෘතීම අහාර වලින් ඈත් වෙලා ස්වාභාවික ආහාර වැඩියෙන් කන්න පුරුදු වෙන්න. ඒ වගේම සෙක්ස් කරන්න උදව් වෙන හෝමෝන වැඩි කරන්න උදව් වෙන ආහාර වර්ගත් තියෙනවා, ඒවා ගැනත් ඉස්සරහට පෝස්ට් එකක් දානවා.

📌 අධික දුම් පානය සහ ඇල්කොහොල් අඩු කරන්න

විද්‍යාවෙන් හොයාගෙන තියෙනවා අධික දුම් පානය සහ ඇල්කොහොල් භාවිතය හින්දා ලිංගික බෙලහිනතා ඇති වෙනවා කියලා. ඒ නිසා හැම වෙලේම පුළුවන් තරම් දුම්පානය සහ ඇල්කොහොල් පාවිච්චි කරන එක අඩු කරන්න.

මේ ගැන සම්පුර්ණ පෝස්ට් එකක් ඉස්සරහට දානවා. 

📌 වෛද්‍ය උපකාර ගන්න

අවසාන සහ වැදගත්ම දේ තමා කලින් කිව්ව ටිප්ස් සේරම අනුගමනය කරලත් ඔයාට තාමත් මොකක් හරි ලිංගික ගැටළුවක් තියෙනවා නම් වෛද්‍ය වරයෙක් ගාවට යන්න. ඒකට ලැජ්ජා වෙන්න එපා, බය වෙන්න එපා. 

මෙතනදී ගොඩක් දෙනක් කරන වැරද්දක් තමයි තමන්ගේ යාළුවන්ගෙන් අහලා බලන එක සහ internet එකෙන් ප්‍රශ්න වලට උත්තර හොයන එක. ගොඩක් වෙලාවට මේ ක්‍රම දෙකෙන්ම ලැබෙන්නේ වඩා ජනප්‍රිය උත්තරය මිසක් ඒ ප්‍රශ්නෙට තියෙන විද්‍යාත්මක උත්තරය නෙමේ.

අපේ ඇඟේ හැදෙන අනිත් ලෙඩ රෝග වගේම තමා ලිංගිකත්වය ගැන තියෙන රෝගත් තවත් එක් ලෙඩ රෝග විතරයි. ඔයාට ඒ විදියේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් උදව්වක් ගන්න දෙපාරක් හිතන්න එපා. ලිංගික ගැටළු වලට නොමිලේ ප්‍රතිකාර ගන්න යන්න පුළුවන් තැන් ගැන කලින් පෝස්ට් එකක් දැම්මා. අවශ්‍ය අය ඒකත් බලන්න.

එහෙම නැත්නම් page එකට මැසේජ් එකක් දාන්න.

Previous Post Next Post