කාන්තාවකගේ පිරිසිදු බව තහවුරු කල හැක්කේ කන්‍යා පටලය හානි නොවී තිබුනොත්ය යන මතය නිසා, එය මෙරට සංස්කෘතිය සමඟ බැඳුණු ගැටළුවකට පාත්‍ර වෙන වගේම සංස්කෘතියේ ඉතා ඉහල වටිනාකමක් හිමි වන දෙයක් බවට කන්‍යා පටලය පත් වෙලා තිබෙනවා.
විද්‍යාත්මක සලකා බැලුවොත් එහි කිසිදු සත්‍යතාවක් නැහැ.
පේජ් එකට ගැහැණු දරුවන්ගෙන් වැඩිම ප්‍රශ්න යොමු වෙන්නේ මේ කන්‍යා භාවය සම්බන්ධව.
________________________
▶ කෙසේවෙටත් ප්‍රථම එක් වීමේදී කන්‍යා පටලය කැඩී අනිවාර්යෙන් ලේ එන්න ඕනද? ලේ එන්නේ නැතුවත් කන්‍යාවියක් වෙන්න පුලුවන්ද වගේ දේවල් ගැන මීට පෙර පෝස්ට් එකක් පළ කල නිසා මේ පෝස්ට් එක මඟින් ඒ ගැන විස්තර කරන්නේ නැහැ.
අවශ්‍ය නම් ඒ පෝස්ට් එක මෙතනින් බලන්න.👇👇
https://www.facebook.com/xeducationsl/posts/208853564330681
________________________
📌 කන්‍යා පටලය යලි සකස් කිරීම.
විවාහයට පෙර සිදු වන ලිංගික සම්බන්ධ, ස්වයං වින්දනය නිසා හෝ ලිංගික අතවරයක් නිසා, විවාහ වීමේදී කැඩුණු කන්‍යා පටලය යළි සකසා ගැනීමට සමහර ගැහැණු දරුවන්ට අවශ්‍ය වෙනවා.
▶ Hymenoplasty, Hymenorrhaphy, Hymen repair වගේ විවිධ නම් වලින් මේ කන්‍යා භාවය යළි සැකසීමේ ශල්‍යකර්මය හඳුන්වනවා. මෙය සිදු කළායින් පසු සිදුවන ප්‍රථම ලිංගික සංසර්ගයේ යෙදෙන අවස්ථාවේදී කන්‍යා පටලය කැඩී රුධිරය පිට වීමට සැලැස්විය හැකියි.
▶ මෙහිදී සිදු කරන්නේ කන්‍යා පටලය හෙවත් Hymen tissue එකේ කැඩුණු කෑලි කපා නැවත මසා සකස් කිරීමයි. නමුත් මෙහිදී යෝනි මාර්ගය සම්පුර්ණයෙන් වැසෙන සේ කන්‍යා පටලය සැකසීම සිදු කරන්නේ නැහැ. මාසික ඔසප් වීමේදී පිටවන රුධිරය පිට වීම සඳහා සිදුරක් තබනවා.
මෙම ශල්‍යකර්මය එම ප්‍රදේශය පමණක් හිරි වට්ටවා හෝ පිට කොන්දට කරන එන්නත් කිරීමෙන් කරන හිරිවටිමෙන් සිදු කරන ශල්‍ය කර්මයක් නිසා වේදනාව අල්පයි,
එසේම සිහි නැති කිරීමක් සිදු නොකරන නිසා එතුළින් ඇති වන ආබාධ වලිනුත් තොරයි.
ශල්‍යකර්මය සඳහා පැයකටත් අඩු කාලයක් තමා ගත වෙන්නේ.
________________________
📌 මේක කර ගන්න ඉදිරිපත් වෙන්න බයද? ලජ්ජද?
කන්‍යා පටලය යළි සැකසීමේ සැත්කම කරගැනීමට පැමිණීමේදී තමාව අපයෝජනයට ලක් වේද, තමාට පහත් කොට කතා කරයිද, තමාව ලැජ්ජාවට පත් කරයිද සහ තමාගේ රහස්‍ය භාවය වැනි දේ ගැන සිතමින් බොහෝ ගැහැණු දරුවන් අපහසුතාවයකින් පසු වෙනවා.
මේ සඳහා පැමිණෙන කෙනෙක්ව client/ රෝගියෙක් ලෙස සලකා ඔබේ රහස්‍ය භාවයද ආරක්ෂා කරමින් මානසිකව හෝ ශාරීරිකව අපහසුතාවයට පත් නොවී මේ ශල්‍යකර්ම සිදු කල හැකි ආයතන අප රටේ ඕනා තරම් තිබෙනවා.
එම නිසා ඔබත් මේ දෙය නිසා පීඩා විඳිනවා නම් මේ ගැන කතා කිරීමට ලැජ්ජා වීමට, බිය වීමට හෝ මැළි වීමට අවශ්‍ය නැහැ.
________________________
📌 කොහෙන්ද කරන්න පුළුවන්?
දැනට මෙය රජයේ රෝහල් වලින් සිදු කර ගැනීමේ හැකියාවක් නැහැ. නමුත් අවශ්‍ය කෙනෙක්ට පෞද්ගලික රෝහලකින් එය සිදු කර ගැනීමේ හැකියාව පවතිනවා.
________________________
📌 මේක කරන එක හොඳ ද?
කන්‍යා පටලය යළි සකස් කිරීම නිසා සෞඛ්‍යයට අහිතකර බලපෑම් වැනි දේ ඇති වන්නේ නැහැ. ඒ නිසා මෙය සිදු කර ගැනීමට අවශ්‍ය ගැහැණු දරුවෙක් එය සිදු කර ගැනීමේ ගැටළුවක් නැහැ.
නමුත් වඩා සුදුසු වන්නේ ශල්‍යකර්මයකට නොයා ඔබේ සහකරු හෝ විවාහ වීමට සිටින පුද්ගලයා සමඟ නිසි අවබෝධයකින් මේ ගැටළුව විසඳා ගැනීමයි.
හේතුව ඔබ ඔබගේ ඉදිරි ජීවිතය ගත කිරීම සඳහා තෝරා ගත යුත්තේ ඔබේ අතීතය පිළිගෙන, ඔබේ අනාගතය ගොඩ නඟා ගන්න උදව් කරන පිරිමියෙක් මිසක් ලේ බිඳුවකින් ඔබේ පිරිසිදු කම මනින පිරිමියෙක් නොවේ.
මේ දැනුම අන් අය අතරත් share කරන්න🙏