ලස්සන කියන්නේ මොකද්ද? : What is Actually the Beauty?

එංගලන්තයේ Superdrug Online Doctor කියන වෙබ්සයිට් එකෙන් ටිකක් අමුතු විදියේ අධ්‍යයනයක් කළා.

කාන්තාවකගේ ලස්සන කියන එක ලෝකේ පුරා ඉන්න අය දකින්නේ කොහොමද කියන එක ගැන දැන ගන්න එක තමා මේ අධ්‍යයනයේ අරමුණ වුණේ.

මේක කරන්න ලෝකේ පුරා රටවල් 18 ක් ඉන්න ඉන්න ග්‍රැෆික් ඩිසයිනින් කරන අය (Graphic Designers) බඳවා ගන්නවා.

ඒ අය හැමෝටම එක කාන්තාවකගේ ෆොටෝ එකක් යවනවා. යවලා ඒ අයට කියනවා ඔයාලා කැමති විදියට මේ ෆොටෝ එකේ ඉන්න ගැහැණු කෙනාව ෆොටෝෂොප් (Photoshop) වලින් edit කරලා ලස්සන කරන්න කියලා.

👉 මේ ෆොටෝ එක edit කරන්න එයාලට දීපු කොන්දේසි තමයි මේ,

▶ ඇඳුම වෙනස් කරන්න පුළුවන් 

▶ හැබැයි ගැහැණු කෙනාගේ ඇඟ පේන්න තියෙන්න ඕනා

▶ නිරුවත් කරන්න බැහැ

▶ ඇඟේ හැඩය ප්‍රමාණය ඕන විදියකට වෙනස් කරන්න පුළුවන් 

ඉතින් අවසානයේ මේ රටවල් 18 ම දෙනා edit කරලා එවපු ෆොටෝ බැලුවම ඒ එක එක රටවල් වල අය ගැහැණියකගේ ලස්සන දකින විදිය සම්පුර්ණයෙන් වෙනස් කියලා තේරුම් ගියා. 

කොන්ඩේ පාට, ඇඳුම, ඉනේ සහ උකුළේ ප්‍රමාණය වගේ දේවල් වල ලොකුවට වෙනස්කම් තිබ්බා.

ඇමරිකාව ආශ්‍රිත රටවල් වල ගැහැණුන්ගේ ෆොටෝ වල ගැහැණුන්ගේ ඇඟ ඉංග්‍රීසි S අකුරේ වගේ හැඩයක් තියෙන විදියට edit කරලා තිබ්බා.

යුරෝපයේ සහ ආසියානු රටවල් වල අය ගැහැණුන්ව කෙට්ටු විදියට edit කරලා තිබ්බා.










මේකෙන් ඔප්පු වෙන දේ තමා ලස්සන කියන දේ සාපේක්ෂයි. ලස්සන මනින්න එක මිම්මක් නැහැ.

කෙනෙක් ලස්සනයි කියලා අගය කරන දෙය තව කෙනෙක්ට ලස්සන නොවෙන්න පුළුවන්.

ඒ හින්දා කිසිම වෙලාවක තවත් කෙනක් එක්ක ඔයාව සසඳන්න යන්න එපා.

හැමවෙලේම තමන්ව තමන්ට ලස්සනයි කියලා දකින්න. එතකොට තමන්ගේ ලස්සන තව අය දකීවි.😍


Previous Post Next Post