මේ තත්වය Thrush, Candidiasis ලෙස හඳුන්වනවා.
මෙහිදී දක්නට ලැබෙන ප්‍රධානම රෝග ලක්ෂණය යෝනි මාර්ගයෙන් ශ්රාවයක් පිට වීමයි. සුද යාම නිසා පිට වන ශ්‍රාවය යෝනි මාර්ගයෙන් පිට වෙන වෙනත් ශ්‍රාවයන්ට වඩා වෙනස්.
සුදු පැහැති කැටිති ලෙස ශ්රාවයක් තමා සුද යාමේදී යෝනියෙන් පිට වෙන්නේ. එසේම එම ශ්‍රාවය යෝනියෙන් පිටත තැවරීම නිසා කැසීම් ඇති වීම තුලින් තුවාල පවා ඇති විය හැකියි.
මෙලෙස ඇතිවන කැසීම් නිසා තමා සුද යාමේ ඊළඟ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ කැසීම් නිසා සම හානි වීම, ඒ ආශ්රිත සම තුනී වීම, තුවාල වීම වැනි ව්යාකුලතාත් ඇති වෙනවා.
සුද යාම නිතර නිතරම ඇති වීම නිසා මුත්‍රා දැවිල්ල, ලිංගික සම්බන්ධ වලදී ඇති වෙන වේදනාවන් පවා ඇති විය හැකියි.
📌 සුද යෑම ඇති වෙන්නේ ඇයි?
........................
සුද යෑම ඇති වන්නේ යීස්ට් වර්ගයට අයත් දිලීරයක් නිසා. මේ Candidiasis දිලිරය කාන්තාවන්ගේ යෝනි මාර්ගයේ සාමාන්‍යයෙන් ජිවත් වෙනවා. එය ඉතාම සාමාන්‍ය දෙයක්.
නමුත් දිලිරයේ ආසාදනය වීමක් හෝ අධි ක්‍රියාකාරිත්වයක් තමා සුද යාමට හේතු වෙන්නේ.
ඉහත සඳහන් කල පරිදි Candida දිලිරයේ අධි ක්‍රියාකාරිත්වය ඇති වීම සඳහා පහත හේතු වලට අමතරව තවත් බොහෝ දේ හේතු වෙනවා.
👉 කාන්තා හෝමෝන වල වෙනස්කම්
👉 කාන්තාවන් ලබා ගන්නා ප්‍රතිජීවක ඖෂධ
👉 කාන්තාවන් බාහිරින් ලබා ගන්නා හෝමෝන
👉 ශරීරයේ ප්‍රතිශක්තිය අඩු වීම.
👉 ගර්භණී සමය (ගර්භණි සමයේදී සාමාන්‍යයෙන් කාන්තාවන්ගේ ප්‍රතිශක්තිය අඩු වෙනවා)
👉 ප්‍රතිජීවක ඖෂධ ගැනීම.
👉 උපත් පාලන පෙති.
📌 සුද යාම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක්ද?
........................
කාන්තා ලිංගාශිතව ඇති වන රෝග තත්වයක් වුවත් කිසිවිටෙක මෙය ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගයක් ලෙස හඳුන්වන්නේ නැහැ.
කෙසේ වෙතත් ලිංගිකව එක් වීම තුලින් කාන්තාවකගෙන්, පිරිමි කෙනෙක්ටද Balanitis නම් පුරුෂ ලිංගය ආසාදනය වීම ඇති වීමේ අවදානම තිබෙනවා.
නමුත් කාන්තාවන්ට මෙන් ඉතා පහසුවෙන් පිරිමින්ට මෙම තත්වය වැළඳෙන්නේ නැහැ. පිරිමින්ගේ ප්‍රතිශක්ති ඌණතාවක් ඇත්නම් පමණයි පිරිමින්ටත් මේ Candida දිලීරය ආසාදනය වෙන්නේ.
📌 කාන්තාවන්ගේ සුද යෑමට ප්‍රතිකාර
........................
මෙම තත්වය බොහෝ කාන්තාවන්ට ස්වාභාවිකවම සුව වෙනවා. නමුත් නිතර නිතර මෙම තත්වය ඇති වීම සහ බොහෝ කාලයක් සුව නොවී සුද යාමේ තත්වය පවතින්නේ එවන් අවස්තාවක වෛද්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීම අවශ්‍යයි.
මෙය ඉතා පහසුවෙන් සුව කල හැකි ආසාදන තත්වයක්. සුද යාමට ප්‍රතිකාර ලෙස දිලීර නාශක ලබා දෙනවා
බොන කරල්, යෝනියේ ගලවන බෙහෙත් සහ යෝනිය තුලට ඇතුළු කරන බෙහෙත් ප්‍රතිකාර ලෙස ලබා දෙනවා.
📌 කාන්තාවන්ගේ සුද ඇති වීම වළක්වා ගන්නා ක්‍රම.
........................
යෝනිය අවට ප්‍රදේශය නිතරම තෙත්ව පැවතීම දිලිර ආසාදනය සඳහා වඩා හිතකර පරිසරයක් සකසනවා. එය වළක්වා ගැනීම සඳහා පහත පුරුදු ඇති කර ගන්න.
✅ ලිංගාෂිත ප්‍රදේශයට වාතාශය ලැබෙන ලෙස ලිහිල් සහ කපු යට ඇඳුම් ඇඳීම.
✅ තද සහ කපු නොවන අමුද්‍රව්‍ය වලින් නිපදවූ යට ඇඳුම් නොඇඳීම
✅ සුවඳ සබන්. සේදුම්කාරක භාවිතය, සුවඳ විළවුන් ගැලවීම කිසිවිටෙක නොකිරීමට වග බලා ගන්න.