අම්මා තාත්තට වඩා දරුවෝ වෙනස් වෙන එක ගොඩක් දෙනෙක්ට ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සමහර විට අම්මා, තාත්තා දෙන්නටත් වඩා ඒක ප්‍රශ්නයක් කර ගන්න පිට අය ඉන්නවා. මේ පෝස්ට් එකෙන් බලමු එහෙම වෙන්න පුළුවන්ද? වෙන්න පුළුවන් නම් වෙන්නේ කොහොමද කියලා.
මේක දැන් bio පාඩමක් වගේ වෙන්න යන්නේ, ඒ හින්දා කියවන්න කම්මැලි නොවෙන්න;පුළුවන් තරම් සරලව මේක කියලා දෙන්නම්.
📌 අපේ ඇඟ හැදිලා තියෙන්නේ සෛල ට්‍රිලියන 37 ක ටත් වැඩි ගාණකින්. මේ හැම සෛලයක් ඇතුලෙම ඉන්නවා ක්‍රොමසෝම. ඒවාට වර්ණදේහ කියලත් කියනවා. ක්‍රොමසෝමයක් කියන්නේ හරියට පැටලුණු DNA නූල් බෝලයක් වගේ.
මේ ක්‍රොමසෝම ජෝඩු විදියට හැදිලා තමයි ඉන්නේ. ඇඟේ හැම සෛලයකම ක්‍රොමසෝම ජෝඩු 23 ගානේ ඉන්නවා. ඒ කියන්නේ ක්‍රොමසෝම 46 ක් හැම සෛලයකම තියෙනවා.
දරුවෙක් පිළිසිඳ ගත්තම වෙන්නේ අම්මගේ බඩ ඇතුලේ මේ ක්‍රොමසෝම 46ක් තියෙන එක සෛලයක්, දිගට දිගට බෙදී බෙදී සෛල ගාණ වැඩි කරගෙන දරුවෙක් විදියට වර්ධනය වෙන එක.
📌 computer programme එකක් වැඩ කරන්නේ coding කරන විදියට වගේ මිනිහෙක් ගැන හැම විස්තරයක්ම තියෙන්නේ මේ ක්‍රොමසෝම ඇතුලේ. මිනිහෙක්ගේ programming එක තමයි ක්‍රොමසෝම. ඒ කිව්වේ ගැහැණු, පිරිමි බව, කොන්ඩේ පාට, මුණේ හැඩය, ඇස් වල පාට වගේ බාහිර දේවල් කොහොම වෙන්න ඕනද කියන උපදෙස් සේරම ලියවිලා තියෙන්නේ මේ ක්‍රොමසෝම ඇතුලේ. මේ විදියට ක්‍රොමසෝම ඇතුලේ උපදෙස් ලියවිලා තියෙන කෑලි වලට තමා කියන්නේ ජාන කියලා.
📌 කලින් කිව්වනේ හැම මිනිහෙක්ගේ ඇඟේ තියෙන හැම සෛලයක් ඇතුලෙම ක්‍රොමසෝම 46 ක් තියෙනවා කියලා. මේ 46 න් හරියටම බාගයක්, ඒ කියන්නේ 23ක් එන්නේ තාත්තාගෙන්. අනිත් 23 එන්නේ අම්මගෙන්. ඒ විදියට තමයි ඔයාගේ සෛලයක් ඇතුලේ තියෙන ක්‍රොමසෝම 46 හැදෙන්නේ.
අම්මගේ හරි තාත්තගේ සෛලයක් ගත්තත් මේ සෛල මේ විදියමයි. 23ක් ආච්චිගෙන්, 23ක් සීයාගෙන්. අච්චිගෙයි සියගෙයි ගත්තත් මේ කතාව මෙහෙමම තමයි. මේ ලෝකේ ඉන්න හැම මිනිහාගේම සෛලයක් ඇතුලේ තියෙන ක්‍රොමසෝම 46 හැදිලා තියෙන්නේ මේ විදියට.
උඩ ටික කියෙව්වම තේරෙන්නේ ඇති අම්මගෙ ඇඟේ තියෙන ක්‍රොමසෝම 46 බාගයක් වෙලා 23ක් තමා ඔයාගේ ඇඟට එන්නේ, තාත්තගෙ ඇඟේ තියෙන ක්‍රොමසෝම 46 ත් හරියටම බාගයක් වෙලා 23 ක් තමා ඔයාගේ ඇඟට එන්නේ. අම්මගෙයි තාත්තගෙයි තියෙන ක්‍රොමසෝම 46 බාගෙකට අඩු කරන්නේ අම්මගේ නම් ඩිම්බ කෝෂ වල, තාත්තගේ නම් වෘෂණ කෝෂ වල.
අපි හිතමු, ඔන්න දැන් දරුවෙක් හදන්න යන වෙලාවේදී තාත්තගේ ඇඟේ, 46 ගාණේ තියෙන ක්‍රොමසෝම 23 කට අඩු වෙනවා.
දැන් තමයි හොඳම වැඩේ වෙන්නේ.
📌 ඔයා දැන් දන්නවනේ තාත්තගේ ඇඟේ තියෙනවා අච්චිගෙයි සීයාගෙයි තිබ්බ ක්‍රොමසෝම 23 ගානේ. දරුවා හදන වෙලාව වෙද්දී මේ ක්‍රොමසෝම තියෙන අනිත් ක්‍රොමසෝම එක්ක බදා ගන්නවා. කොච්චර තදට බදා ගන්නවද කියනවා නම් ආච්චිගෙන් ආපු ක්‍රොමසෝම වල කෑලි සීයාගේ ක්‍රොමසෝම වල ට යනවා. සීයා ගේ ක්‍රොමසෝම වල කෑලි ආච්චිගේ ක්‍රොමසෝම වලට යනවා. මේ විදිය ක්‍රොමසෝම පැටලෙන තරමටම බදා ගන්නවා.
ඒත් වැඩි වෙලාවක් මෙහෙම බදාගෙන ඉන්න දෙන්නේ නෑ. ඇඟේ හැම සෛලෙකම ඉන්නවා සෙන්ට්රියෝල කියලා ජාතියක්. ඒවා මේ බදා ගන්න ක්‍රොමසෝම දෙපැත්තට ඈත් කරනවා. හැබැයි දෙගොල්ලෝ දෙපැත්තට වෙන් වෙන වෙලාව එද්දී ක්‍රොමසෝම මතක සටහන් ඉතුරු කරන් තමයි ඈත් වෙන්නේ. ඒ කියන්නේ සීයාගේ ක්‍රොමසෝම වල කෑලි ආච්චිගේ ක්‍රොමසෝම වල තියෙනවා. ආච්චිගේ ක්‍රොමසෝම වල කෑලි සීයාගේ ක්‍රොමසෝම වල තියෙනවා.
උදාහරණයක් විදියට කියනවා නම් සීයාගේ ඇඟේ පාට ළමයට එන්න ඕනා කියන එක වෙනුවට ආච්චිගේ ඇඟේ පාට ළමයට එන්න කියලා ලියවෙන්න පුළුවන්.
සීයාගේ දුඹුරු ඇස් වෙනුවට ආච්චිගේ වගේ කළු ඇස් එන්න කියලා ලියවෙන්න පුළුවන්.
ආච්චිගේද, සීයගෙද කියලා කියන්න බැරි වෙන තරමටම ක්‍රොමසෝම පැටලෙන්න පුළුවන්. හැබැයි මොන මොන ඒවද මිශ්‍ර වෙන්නේ කියන එක අපි දන්නේ නැහැ.
ඒ වගේම මේ ක්‍රොමසෝම එකට පැටලෙන එක වෙන්නේ ආච්චි, සීයා ගේ ක්‍රොමසෝම වල විතරක් නෙමේ. කලින් පරම්පරා වල ඉඳලම ඕවා මිශ්‍ර වෙවී එනවා. ඒ හින්දා අම්මගේ, තාත්තගේ, සීයාගේ, ආච්චිගේ නැති දේවල් පවා දරුවන්ට එන්න ඉඩ තියෙනවා.
හැබැයි මෙතන වෙන ජොලිම වැඩේ ඕක විතරක් නෙමේ.
📌 ක්‍රොමසෝම දෙක වෙන් වෙලා ඩුප්ලිකේට් වෙන වෙලාවේදී සමහර වෙලාවට කලාතුරකින් පොඩි පොඩි අවුල් සිද්ද වෙන්න පුළුවන්. ඒ කියන්නේ ජාන එකක දෙකක ලියවිලා තියෙන ජාන copy වෙද්දී ජාන වල ලියවිලා තියෙන පණිවිඩේ වෙනස් වෙන්න, විකෘති වෙන්න වගේ පුළුවන්. හැබැයි එහෙම වන්නේ නම් කලාතුරකින්.
ඔය උඩ කිව්ව දේවල් හින්දා තමයි පොඩි කාලේ බබෙක් බලන්න එන අය බබා ගැන එක එක විචාර දෙන්නේ. බබා අරයා වගේ, බබා මෙයා වගේ, බබා අම්මා, තාත්තා වගේ නෙමේ වගේ එක එක ලොවෙත් නැති විචාර.
📌 මේ වගේ කළවම් උන, පැටලුණ ක්‍රොමසෝම 23 ගානේ තියෙන සෛල මිලියන 100ක් විතර පිරිමි කෙනෙක් එක පාරකදී පිට කරනවා. ඒ තමයි ශුක්‍රාණු පිට කරන වෙලාවට. මේ විදියට පිට කරන ශුක්‍රාණු වල තියෙන සෛල මිලියන 100 ම එකිනෙකට වෙනස්. ඒ කියන්නේ ඒ ශුක්‍රාණු සෛල මිලියන 100 ම අරන් ළමයි මිලියන 100ක් හැදුවොත් ඒ ළමයි මිලියන 100 ම එකිනෙකට වෙනස්.
පිරිමි ළමයි ස්වයංවින්දනය කරලා කොහේ හරි පිහලා දැම්මට කවදාවත් මෙච්චර දෙයක් වෙනවා ඇති කියලා හිතුවේ නෑ නේද?