පුරුෂයන්ගේ නම් සුරතාන්තය අවස්ථාවේදී ශුක්‍රාණු පිට වීම තුලින් සුරතාන්ත අවස්තාව පැහැදිලිවම හඳුනා ගත හැකියි. නමුත් කාන්තාවන්ගේ එවැනි ක්‍රියාවලියක් සිදු නොවන නිසා කාන්තා සුරතාන්තය යනු එසේ හඳුනා ගත නොහැකියි. සුරතාන්තය යනු උපරිම ලිංගික තෘප්තියට පත් වන අවස්ථාවයි. කාන්තාවන් සුරතාන්තයට පත් නොවීම යම් ලිංගික බෙලහිනතා තත්වයක්. කෙසේ වුවත් කාන්තාවන්ගෙන් 30% කට පමණ ප්‍රමාණයකට උපතින්ම සුරතාන්තය අත් විඳිය නොහැකියි. එය ලිංගික බෙලහිනතාවක් ලෙස හඳුන්වන්නේ නැහැ. සමහර කාන්තාවන්ට මුල් කාලයේ සුරතාන්තය අත් විඳ පසුව එම තත්වය ක්‍රම ක්‍රමයෙන් අඩු වීම බෙලහිනතා තත්වයක්.
කාන්තා සුරතාන්තයට පත් නොවීම සඳහා ශාරීරික සහ මානසික යන හේතු දෙකම බලපානවා. නිදන්ගත රෝග, දියවැඩියාව, ලිංගික ස්නායු වල ගැටළු, කාන්තා හෝමෝන තත්වයේ ගැටළු, ලබා ගන්න ඖෂධ වර්ග සහ මත්ද්‍රව්‍ය භාවිතය කාන්තාවන් සුරතාන්තයට පත් නොවීමේ ශාරීරක හේතු ලෙස හඳුන්වනවා. එසේම මානසික ආතතිය, විශාදිය, තම සහකරු සමඟ ඇති සම්බන්ධයෙ ගැටළු සහ මෙරට පවතින ආගමික සහ සංස්කෘතික විශ්වාසද මේ සඳහා හේතු වෙනවා. කාන්තාවක් සුරතාන්තයට පත් නොවීමේ ගැටලුව සඳහා බලපෑ ඇති හේතුව කුමක්ද යන්න සොයා බැලීම වැදගත්.
බොහෝ කාන්තාවන් සුරතාන්තයට පත් නොවීම සාමාන්‍ය තත්වයක් ලෙස සැලකුවත් ඇත්ත වශයේම මෙය ප්‍රතිකාර තුලින් පිළියම් ලබා ගත හැකි ලිංගික බෙලහිනතා තත්වයක්. මේ සඳහා ලබා දෙන ප්‍රතිකාර ලෙස ඖෂධමය ප්‍රතිකාර සහ ලිංගික මනෝ චිකිත්සක ප්‍රතිකාර (sex therapy) හඳුන්වා දිය හැකියි. කෙසේ වුවත් කාන්තාවන්ගේ ලිංගික බෙලහිනතාවයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා කාන්තාවන් යොමු වීමේ විශාල අඩුවක් දක්නට ලැබෙනවා. නමුත් කාන්තාවක් සුරතාන්තයට පත් නොවීමේ තත්වය සඳහා වෛද්‍යවරයෙක් කරා යොමු වුවහොත් සුරතාන්තයට පත් නොවීම පසුපස ඇති වෙනත් ගැටළුද සොයා ගත හැකි බැවින් එවැනි තත්වයක් ඔබට ඇත්නම් වෛද්‍යවරයෙක් කරා යොමු වීම වැදගත්.
පුරුෂයෙකු සුරතාන්තයට පත් වීම මෙන් නොව කාන්තාවක් සුරතාන්තයට පත් වීම සඳහා ඔබ දෙදෙනා අතර ඇති මානසික සම්බන්ධතාව වඩාත් බලපානවා. ඉක්මන් වීම තුලින් කිසි ලෙසකත් ඇයව සුරතාන්තයට පත් කල නොහැකියි. ඇය සමඟ කතා කිරීම, සිප වැළඳ ගැනීම, ස්පර්ශය (forplay) තුලින් ලිංගික එක් වීමට යොමු වීම වඩා වැදගත්. එසේම සුරතාන්තය ලබා දීමේ අරමුණින් විවිධ ඉරියව් සහ කලබලකාරී හැසිරීම් සිදු නොකළ යුතුයි. සෑමවිටම ඇය වඩාත් ප්‍රිය කරන දේ සහ ඉරියව්ව ඇය සමඟ සන්නිවේදන තුලින් දැන ගැනීම වැදගත්. ලිංගිකව එක් වන අවස්ථාවේ ඇයට පුර්ණ අවධානය දෙමින් හැඟීම් වලට මුල් තැන දෙමින් ක්‍රියා කිරීම තුලින් කාන්තාවක් සුරතාන්තයට පත් කල හැකියි.