ශුක්‍රාණු ඇතුලේ යවන්නේ නැතුවත් ගැබ් ගන්න පුළුවන් ක්‍රම : Ways You Can Get Pregnant by Accident

ගිය සතියේ ගෝල් ෆේස් ගියානේ. ඒ යද්දී දාන්න කළු පාට ෆේස් මාස්ක් එකක් ගන්න මම ගියා ෆාමසියකට. ෆාමසියේ හිටිය ළමයා මාස්ක් එක ගෙනත් දෙනකම් ඉද්දි අවුරුදු 22 ක විතර පොඩි කොල්ලෙකුත් ආවා ෆාමසියට. ඇවිත් ෆාමසියේ හිටිය නංගිගෙන් ඉල්ලුවා පොස්ටිනෝ 1 එකක් දෙන්න කියලා. (දන්නේ නැති අය ඉන්නවා නම් පොස්ටිනෝ 1 කියන්නේ හදිසි උපත් පාලන පෙත්තක්) මම එහා පැත්තේ හිටිය හින්දා මටත් ඇහුණා කොල්ලා ෆාමසියෙන් ඉල්ලපු එක. මගේ මාස්ක් එකත් අරගෙන එළියට ඇවිත් වාහනේට නැගලා යන්න ලැස්ති වෙද්දී කොල්ලත් එළියට ආවා. කොල්ලා එනකම් කෙල්ල එළියේ බයික් එකක් ගාව හිටගෙන. කොල්ලා ඇවිත් කෙල්ලට දුන්නා අරක. දුන්න ගමන් දැන් මුන් දෙන්නා අත පය දික් කර කර කියෝ ගන්නවා. ෂුවර් එකටම දෙන්නා එදා රූම් එකකට ගිහින්, කොල්ලා අතින් වැඩේ වැරදිලා බබා සෙට් වෙයි කියලා බයට තමයි දැන් පොස්ටිනෝ 1 දෙන්න හදන්නේ. කෙල්ල අරක ගන්න බෑ කියද්දී කොල්ලා කොහොම හරි කෙල්ලගේ හෑන්ඩ් බෑග් එකට දැම්මා. ඔය සිද්දිය දකිද්දී මට හිතුනා ඒ ගැනත් පෝස්ට් එකක් දැම්මා නම් හොඳයි කියලා. මොකද දැන් තරුණ වයස් වල ගොඩක් දෙනා රූම් ගිහින් ඔය වැඩේ කරනවා. ඔය වගේ ප්‍රශ්න නිතරම වගේ පේජ් එකටත් එනවා.


එහෙනම් මේ පෝස්ට් එකෙන් බලමු ගොඩක් දෙනෙක් වැඩිය නොදන්න, ඒත් සෙ.ක්ස් කරද්දී ගැබ් ගන්න ඉඩ තියෙන ක්‍රම මොනාද කියලා. 


ගැබ් ගන්න නම් ශු.ක්‍රාණු වක් අනිවාර්යෙන්ම යෝ.නි මාර්ගය ඇතුළට යන්න ඕනා. ඒකේ ආයේ කතා දෙකක් නෑ. ඒත් ශු.ක්‍රාණු වක් යෝ.නි මාර්ගයට යන්න නම් පුරුෂ ලිoගය යෝ.නි මාර්ගයට ඇතුල් කරලා ඇතුලෙම ශු.ක්‍රාණු යවන්න ඕන නෑ. හිතලා කරේ නැති උනාට ඒ වැඩේ සිද්ද වෙන්න පුළුවන් තව ක්‍රම තියෙනවා. 


📌 යන්න කලින් එළියට ගත්තට හරියන්නේ නෑ


ගොඩක් දෙනා හිතනවා සෙ.ක්ස් කරලා ශු.ක්‍රාණු යන්න කලින් පුරුෂ ලිoගය යෝනියෙන් එලියට ගත්තම ගැබ් ගන්නේ නෑ කියලා. ඇත්තටම ඒක වැරදියි. මොකද සෙ.ක්ස් කරලා අවසානේ යෝ.නි මාර්ගය ඇතුලේ ශු.ක්‍රාණු පිට කලේ නැතත් ඊට කලින් ඉඳන්ම යෝ.නි මාර්ගයට ශු.ක්‍රාණු ගිහින් තියෙන්න පුළුවන්. 


මොකද ශු.ක්‍රාණු එන්න කලින් ශ්‍රාවය වෙන දියරයක් තියෙනවනේ. (pre-cum) ඔන්න ඕවා එළියට එන්නෙත්, ශු.ක්‍රාණු එළියට එන්නෙත් දෙකම එකම පාරේ. ඉතින් කලින් පාරක පිට කරපු ශු.ක්‍රාණු තාම මුත්‍රා මාර්ගයේ තියෙන්න පුළුවන්. ඒ විදියට මුත්‍රා මාර්ගයේ ඉතුරු වෙලා තියෙන ශු.ක්‍රාණු , pre-cum එකත් එක්ක එළියට ඇවිත් ඒවා යෝ.නි මාර්ගයට ගියොත් එහෙම ඒකෙන් ගැබ් ගන්න පුළුවන්.


ඒ හින්දා උපත් පාලන ක්‍රමයක් විදියට ඔය pull-out ක්‍රමය පාවිච්චි කරන්න එපා.


📌 බැක් සයිඩ් ok ද?


යෝ.නි මාර්ග සංසර්ගය නොකර ගුද සංසර්ගය කළත් ගැබ් ගන්න පොඩි අවස්ථාවක් තියෙනවා. ඒක වෙන්නේ මෙහෙමයි. ඔන්න හිතන්න පිරිමි කෙනා පිටිපස්සේ ඉඳන් ගැහැණු කෙනාව නමාගෙන එයාගේ ඉණෙන් අත් දෙකත් තියාගෙන ගුද සංසර්ගය කරනවා. දැන් ගැහැණු කෙනා ඉන්න ඉරියව්ව පොඩ්ඩක් හිතා ගන්න. එයා දැන් පස්ස උඩ දාගෙන තමා ඉන්නේ. බැක්සයිඩ් කරලා ගුද මාර්ගය ඇතුලේ හරි, එළියෙන් හරි ශු.ක්‍රාණු යැව්වා කියලා කියමුකෝ. හැබැයි ඔය පස්ස පැත්තට යවන ශු.ක්‍රාණු වකට නිකමට හිතුනොත් යෝ.නි මාර්ගයට පැත්තටත් පොඩ්ඩක් ඔළුව දාලා එන්න ඕනා කියලා, අන්න එතකොට ඉතින් බබා තමා. ඔය කිව්ව ඉරියව්වෙන් කළොත් ගුද මාර්ගය දිහා යවන ශු.ක්‍රාණු වක් යෝ.නි මාර්ගයට රූටගෙන යන්න ඉඩ තියෙනවා.


ඉතින් ඒ විදියට යෝ.නි මාර්ගයට ලං වෙන ශු.ක්‍රාණු වක් යෝ.නි මාර්ගයෙන් ඇතුළට රිංග ගත්තොත් එහෙම ගැබ් ගන්න පුළුවන්. එහෙම වෙන්න තියෙන අවස්තාව හරිම අඩුයි. ඒත් බින්දුවයි කියන්න බෑ.


📌 යන ඒවා ඇඟ උඩ හලන්නේ පරිස්සමින් 


සමහර කපල් සෙ.ක්ස් කරලා ඉවර උනාම ගැහැණු කෙනාගේ කළවා උඩට, බඩ උඩට හරි එහෙම නැත්නම් තට්ටම් වගේ ඔය ළඟ පාත කොහේ හරි තැනක ශු.ක්‍රාණු ටික යවනවා. එහෙම හලන ශු.ක්‍රාණු උනත් යෝ.නි මාර්ගය දිහාට රූටගෙන ආවොත් ඔය උඩ කිව්වා වගේ ගැබ් ගන්න පොඩි අවස්තාවක් තියෙනවා.


ගොඩක් අය මැසේජ් කරලා මේක අහනවා. "ශු.ක්‍රාණු ඇතුලේ යැව්වේ නම් නෑ. ඒත් ගැබ් ගනීද කියලා" ඉතින් එහෙම අහන අයට මට දෙන්න තියෙන උත්තරේ තමා "යෝ.නි මාර්ගය ඇතුලේ ශු.ක්‍රාණු යැව්වේ නැත්නම් ගැබ් ගන්නේ නෑ. ඒත් එළියේ පිට කරපු ශු.ක්‍රාණු යෝ.නි මාර්ගය දිහාවට ගියොත් ගැබ් ගන්න පුළුවන්" කියන එක. 


📌 ඇතුල් කරන්නේ නැතුව අතුල්ල අතුල්ල හිටියත් ගැබ් ගන්න පුළුවන් 


ඇඳුම් ගළවලා දෙන්නගේ දෙක අතුල්ල අතුල්ල ඉන්න වෙලාවක අර කලින් කිව්වා වගේ ශු.ක්‍රාණු වක් යෝ.නි මාර්ගය දිහාවට ගියොත් එහෙම ඒ වෙලාවට ගැබ් ගන්න අවස්තාවක් තියෙනවා.


හැබැයි ඇඳුම් ඇඳන් ඕක කරා කියලා ගැබ් ගන්නේ නෑ කියන්න බෑ. ඇඳන් ඉන්න යට ඇඳුමෙන් ශු.ක්‍රාණු එළියට ලීක් වෙලා ඒවා ගැහැණු කෙනාගේ යට ඇඳුමේ ගෑවිලා, ඒකෙන් ඇතුළට ලීක් වෙන්න පුළුවන්. එහෙම උනොත් යෝ.නි විවරයේ තැවරෙන ශු.ක්‍රාණු යෝ.නි මාර්ගය ඇතුළට යන්න ඉඩ තියෙනවා. එහෙම වෙන්න තියෙන අවස්තාව නම් හරිම අඩුයි. ඒත් ඒ පොඩි හරි අවදානම වත් ගන්න එපා. 


📌 කටින් අරින්න එපා (කොන්ඩම් පැකට් එක හොඳේ..) 


කියන්න තියෙන්නේ මෙච්චරයි. "පොඩ්ඩක් හෝව්.. කලබල වෙන්න එපා".

ගැජට් එක ඇතුළට ඔබා ගන්න තියෙන හදිස්සියට කොන්ඩම් එක දා ගන්න කලබල වෙන්න එපා. ඕක දා ගන්න තියෙන හදිස්සියට කටින් කොන්ඩම් පැකට් එක ඉරලා කොන්ඩම් එක එළියට ගන්න ගියොත් එහෙම දත් පාරක් වැදිලා කොන්ඩම් එක හිල් වෙන්න පුළුවන්. සමහර විට හිල් උනා කියලා පේන්නෙත් නැති තරම්. හිල් උන කොන්ඩම් එකක් දාලා කරලා වැඩක් නෑනේ. කටින් විතරක් නෙමේ. කතුරකින් වගේ මුවහත් දේකින් කොන්ඩම් පැකට් එක අරින්න ගියත් ඕක වෙන්න පුළුවන්. 

ඒ හින්දා හොඳම දේ තමා ඇඟිලි වලින් පැකට් එක ඉරන්න. ඔය එක එක සැශේ පැකට් වල වගේ කොන්ඩම් එකත් ඉරන්න වෙනම තැනක් තියෙනවා. එතනින් අල්ලලා ඉරන්න. කොල්ලන්ට කලබලේට ඕක ඉරා ගන්න බැරි නම් ගැහැණු ළමයට දීලා පැකට් එක කඩා ගන්න. එයාලගේ චූටි ඇඟිලි වලට ඔය වගේ වැඩ හුරුයි.


📌 ප්‍රෙග්නන්ට් කාලෙත් ආයේ ප්‍රෙග්නන්ට් වෙයි


ගොඩක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ගැහැණු කෙනා ගැබ් අරගෙන ඉන්න කාලේ කොච්චර සෙ.ක්ස් කලත් ගැබ් ගන්නේ නෑ කියලනේ. ඇත්තටම එහෙමම කියන්න බෑ. ගැහැණු කෙනාගේ ඇඟ ඇතුලේ දරු ගැබක් දරාගෙන ඉන්න වෙලාවක උනත් තවත් කළලයක් හැදෙන්න පුළුවන්. බොහොම කලාතුරකින් වෙන ඒ වගේ තත්වයකට කියන්නේ (superfetation) සුපර්-ෆි-ටේෂන් කියලා. 


ඔන්න දැන් හිතන්න අම්මාගේ බඩේ දරු කළලයක් හැදිලා තියෙන්නේ. ඔන්න ඔය දරු කළලය වර්ධනය වෙන කාලේදී, ලිoගික සංසර්ගයක් වෙලා ශු.ක්‍රාණු යෝ.නි මාර්ගය ඇතුලට ගිහින් තවත් ඩිම්බයක් එක්ක ශු.ක්‍රාණු වක් එකතු උනොත් එහෙම ඒකත් ගර්භාෂය ඇතුලේ තැන්පත් වෙලා තවත් දරු කළලයක් හැදෙන්න ඉඩ තියෙනවා. හැබැයි මේක වෙන්නේ ඉතාම කළාතුරකින් තමා. මොකද ගැහැණු කෙනෙක් ගැබ් ගත්තහම ඇඟේන් නිකුත් වෙන හෝමෝන වලින් ඔය වැඩේ වෙන්න තියන අවස්තාව නැති කරන හින්දා. ගැහැණු කෙනෙක් ගැබ් ගත්තම ඔසප් වෙන එක පවා ඇඟ නවත්තන්නේ ඒකයි. ඒත් වෛද්‍ය ඉතිහාසයේම ඔය වගේ සිද්ධි කිහිපයක් වාර්තා වෙලා තියෙනවා. ඒත් ඒ හරිම අඩු ගාණක්.


📌 ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්


මේක මේ බනිස් ගැන වත් කෙසෙල් ගැන වත් කතාවක් නෙමේ. කොන්ඩම් එක්ක පාවිච්චි කරන්න ඕන මොන ජාතියේ ලිහිසිකාරක ජාතියක්ද කියලා තමා කියන්න යන්නේ. කොන්ඩම් එකක් එක්ක ලිහිසිකාරක පාවිච්චි කරනවා නම් කිසිම වෙලාවක Oil-based (තෙල් සහිත) ලිහිසිකාරක පාවිච්චි කරන්න එපා. 

මොකද කොන්ඩම් එක්ක තෙල් ගතිය තියෙන (Oil-based) ලිහිසිකාරක, ක්‍රීම් වර්ග, තෙල් වර්ග වගේ රටේ නැති ජාති පාවිච්චි කරොත් එහෙම සෙ.ක්ස් කරන වෙලාවට කොන්ඩම් එකයි ලිහිසිකාරකයි අතර ඇති වෙන ඝර්ෂණය හින්දා කොන්ඩම් හදලා තියෙන latex කියන අමුද්‍රව්‍ය හානි වෙලා කොන්ඩම් එකේ සිදුරු ඇති වෙන්න පුළුවන්. ඉතින් හිල් තියෙන කොන්ඩම් එකක් දාලා ළමයි හැදෙන එක නවත්තන්න බෑනේ. ඒ හින්දා කිසිම වෙලාවක කොන්ඩම් එකක් එක්ක තෙල් ගතිය තියෙන ලිහිසිකාරක පාවිච්චි කරන්න එපා.


ඒ කිව්වේ කොන්ඩම් එක්ක ලිහිසිකාරක පාවිච්චි කරන්න එපා කියලද?

අපෝ නෑ. කොන්ඩම් එක්ක උනත් ලිහිසිකාරක පාවිච්චි කරන එක හොඳයි. ඒත් හරි එක පාවිච්චි කරන්න. කොන්ඩම් දානවා නම් water- based (ජල ද්‍රාවි) ලිහිසිකාරක පාවිච්චි කරන්න. ගාණත් අඩුයිනේ.


📌 නාන වෙලාවට උනත් වෙන්න පුළුවන්


සමහරු හිතනවා නාන වෙලාවට සේරම හේදිලා යන හින්දා ඒ වෙලාවට සෙ.ක්ස් කලාට ගැබ් ගන්නේ නෑ කියලා. ඒත් පූල් එකේ බැහැගෙන සෙ.ක්ස් කරත් බාත් ටබ් එකක බැහැගන සෙ.ක්ස් කරත් යෝ.නි මාර්ගය ළඟ පාතක ශු.ක්‍රාණු පිට කළා නම් ගැබ් ගන්න අවස්ථාවක් තියෙනවා. ඒකට සෙ.ක්ස් කලේ කොහෙද කියන එක අදාළ නෑ. ඒත් ඔය වගේ තැනක සෙ.ක්ස් කරලා ගැබ් ගන්න තියෙන සම්භාවිතාව බොහොම අඩුයි. හැබැයි බින්දුවයි කියන්න බෑ.


📌 වෙලාවට පෙත්ත ගත්තත් ගැබ් ගන්න පුළුවන්


උපත් පාලන පෙති, අත යට හමට යටින් තැන්පත් කරන කරල්, කොපර් ලූප්, එන්නත් වගේ උපත් පාලන ක්‍රම ගොඩක් තියෙනවනේ. ඒ උපත් පාලන ක්‍රම බොහොම සාර්ථක විදියට වැඩ කරනවා. ඒත් ඩෙටෝල් වලිනුත් විසබීජ නැති කරන්නේ 99.99% ක් කියනවා වගේ ඔය උපත් පාලන ක්‍රමත් අසමත් වෙන්න 0.01% ක හරි පොඩි සම්භාවිතාවක් තියෙනවා. කිසිම උපත් පාලන ක්‍රමයකින් 100% ආරක්ෂාවක් ලැබෙන්නේ නෑ.


ඒකෙන් කියන්නේ උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න එපා කියලද?

කොහෙත්ම නෑ. අනිවාර්යෙන්ම ඒ උපත් පාලන ක්‍රම පාවිච්චි කරන්න. අති බහුතරයක් දෙනා පාවිච්චි කරන ප්‍රතිඵල සනාථ උන බොහොම සාර්ථක උපත් පාලන ක්‍රම ඒවා. 


📌 ඇලෙන ඇඟිලි ඇතුළට දාන්න එපා


ඇඟිලි ඇලෙන කතාව පිරිමි ළමයි නම් දන්නවා. පිරිමි ළමයි අතින්ම කරලා ශු.ක්‍රාණු පිට කරාම ඕවා ඇඟිලි වල ටිකක් ගෑවෙනවනේ. ඉතින් ඔය ශු.ක්‍රාණු ගෑවුණු ඇඟිලි අරක අස්සේ ඔබන්න යන්න එපා. ඔය ඇඟිලි වල ගෑවිලා යන ටිකේ ඉන්න එකම එක කුපාඩි ශු.ක්‍රාණු වෙක් උනත් ඇති වැඩේ වනසන්න. ඔබන්නම ඔන්නම් ශු.ක්‍රාණු ගෑවිලා නැති ඇඟිල්ලක් දාන්න. එහෙම නැත්නම් ඇඟිලි ටික හෝදන් ඇවිල්ලා ඔබන එකක් ඔබා ගන්න.


📌 කොන්ඩම් එකේ කෙළවර ඉඩ තියන්න


ඒ කිව්වේ කොන්ඩම් එක පුරුෂ ලිoගයට දාද්දි සම්පුර්ණයෙන්ම දාන්න එපා. කොන්ඩම් එකේ තුඩ කෑල්ල හිස්ව තියෙන්න ඕනා. එහෙම නොකලොත් සෙ.ක්ස් කරන වෙලාවට කොන්ඩම් එක ඇතුළට අමතර වාතය ගිහින් වායු පීඩනය හින්දා කොන්ඩම් එක පැළෙන්න පුළුවන්. පැලුන කොන්ඩම් එකෙන් ඇති වැඩක් නෑනේ. 


ඕක නොවෙන්න හරි විදියට කොන්ඩම් එක දා ගන්නේ මෙහෙමයි. කොන්ඩම් එක දා ගද්දි කොන්ඩම් එකේ කෙළවරේ තුඩ වගේ තියෙන කෑල්ල ඇතුලේ වාතය එකතු වෙන්නේ නැති විදියට ඇඟිලි දෙකෙන් තද කරලා අල්ල ගන්න. කොන්ඩම් එකේ කෙළවර තුඩ කෑල්ල ඇඟිලි දෙකෙන් තද කරගෙන අල්ලන් ඉන්න ගමන් කොන්ඩම් එක රෝල් කරලා දා ගන්න. එතකොට හරි.


📌 පීරියඩ් දවස් වල කළා කියලා බේරෙන්න බෑ 


පළවෙනි දේ තමා ලේ බොන වැම්පයර් කෙනෙක් වගේ අරුණම පීරියඩ් දවස් වල ලේ ගාගන එදාම ඕක කරන්න දඟලන කෙනෙක් නම් ඇති කියලා මම හිතන්නේ නෑ. කොහොම හරි කමක් නෑ වැම්පයර්ලත් සෙ.ක්ස්     කරනවනේ.


කලින් ඉඳන්ම දාපු පෝස්ට් වල කියලා තියෙනවා ඔසප් වෙන දවස් බලලා සරු දවස් මඟහැරලා ලිoගිකව එකතු වෙන එක ඒ තරම් සාර්ථක උපත් පාලන ක්‍රමයක් නෙමේ හින්දා. මොකද රුධිරය පිට වෙන දවස හරියට දැන ගත්තා කියලා ඩිම්බයක් පිට වෙන දවස හරියටම කියන්න බෑ.


තියරිය අරන් බැලුවොත් ගැහැණු ළමයෙක්ට පීරියඩ් වෙනවා කියන්නේ ඒ වෙද්දී එයාගේ ඇඟේන් ඩිම්බයක් පිට වෙලා ඉවරයි, ඒ කියන්නේ හරිනම් එයාට පීරියඩ් දවස් වල සෙ.ක්ස් කළා කියලා ගැබ් ගන්න විදියක් නෑ.


ඒත් ප්‍රැක්ටිකල් කතාව ඊට වඩා ටිකක් වෙනස් වෙන්න පුළුවන්. 

ශු.ක්‍රාණු වකට පුළුවන් දවස් 5 ක් වගේ ගැහැණු කෙනාගේ ඇඟ ඇතුළේ ඉන්න. ඩිම්බයකටත් පුළුවන් දවසක් වගේ යනකම් ජීවය තියාගෙන ඉන්න. ඩේට් වෙලා ලේ පිට වෙන අන්තිම දවස් වල සෙ.ක්ස් කළා කියලා හිතමු. ඒ එක්කම ගැහැණු කෙනාගේ ඊලඟ මාසේ ඩිම්බ මෝචනයත් කලින්ම උනොත් එහෙම ඔන්න ඒ වගේ වෙලාවක එකෙන්ම ගැබ් ගන්න අවස්තාව තියෙනවා.


ඔන්න ඔය වගේ ඇඟ ඇතුලේ සිද්ද වෙන දේවල් වත් ඕවා වෙන දවස් වත් අපිට පේන්නේ නෑනේ. ඒ හින්දයි කියන්නේ පීරියඩ් දවස් වල කළා කියලා බේරෙන්න බෑ කියලා.


📌 පළවෙනි පාරට කරද්දී ගැබ් ගන්නේ නැද්ද?


සෙ.ක්ස් කරන්නේ කී වෙනි පාරද කියන එක ඔයාට අදාළ උනාට ශු.ක්‍රාණු වකටයි, ඩිම්බයකටයි ඒක අදාළ නෑ. උන් දෙන්නා එකතු වෙන ඕනම වෙලාවක ගැබ් ගන්න පුළුවන්. ඒක ඔයාලා සෙ.ක්ස් කරන පළවෙනි දවස වෙන්නත් පුළුවන්, 100 වෙනි දවස වෙන්නත් පුළුවන්.


📌 අඩු වයසින් ගැබ් ගන්නේ නැද්ද?


ඇඟ හැදිලා තියෙන විදිය බැලුවොත් ගැහැණු ළමයෙක් මල්වර වෙලා තියෙනවා නම් එයාට ගැබ් ගන්න පුළුවන්. දරු ගැබක් දරන්න තරම් එයාගේ ඇඟ පරිණත වෙලා නැති උනත් ඒක වෙන්න පුළුවන්. සමහර ගැහැණු ළමයි මල්වර වෙලා සති කිහිපයකින්ම ඩිම්බයක් පිට වෙනවා. ඒ කියන්නේ තියරිය අනුව අවුරුදු 12 ගැහැණු ළමයෙක් උනත් ගැබ් ගන්න පුළුවන්. 


📌 ශු.ක්‍රාණු ගිල්ලොත් ගැබ් ගන්නවද?


ගැබ් ගන්න නම් ශු.ක්‍රාණු යන්න ඕනා යෝ.නි මාර්ගය දිහාට. ඒත් ශු.ක්‍රාණු ගිල්ලම ඒවා යන්නේ ආහාර ජීර්ණ පද්ධතියට. ඔය විදියට ආහාර ජීර්ණ පද්ධතියෙන් ඇතුල් වෙන ශු.ක්‍රාණු වලට ඇඟ සළකන්නේ සාමාන්‍ය කෑමක් විදියටම තමා. ඒ කිව්වේ කට ඇතුලෙන් ඇඟට යන ශු.ක්‍රාණු බඩ ඇතුලෙදි කොහොමත් විනාශ වෙලා යනවා. ශු.ක්‍රාණු ටික විනාශ වුනේ නැතත් ඒවා ලේ වලට වත්, යෝ.නි මාර්ගයටවත් කොහොම වත් යන්නේ නෑ. 

ඒ හින්දා ශු.ක්‍රාණු ගිල්ලා කියලා කිසිම වෙලාවක් ගැබ් ගන්නේ නෑ.


📌 කන්‍යා පටලය කැඩිලා නැතත් ගැබ් ගන්නවා 


කන්‍යා පටලය කියන්නේ යෝ.නි මාර්ගය සම්පුර්ණයෙන්ම වැහෙන විදියට හැදිලා තියෙන පටකයක් නෙමේ. කන්‍යා පටලය Hymen කියන එකේ කොහොමත් සිදුරු තියෙනවා. ඒ සිදුරු තියෙන්නේ මාසික ඔසප් වීම වෙන දවස් වලට පිට වෙන රුධිරය යෝ.නි මාර්ගයෙන් එළියට යවන්න ඕන හින්දා. ඉතින් කන්‍යා පටලයේ තියෙන සිදුරු වලින් ඔසප් දවස් වලට එන රුධිරය එළියට එන්න පුළුවන් වගේම එළියෙන් ශු.ක්‍රාණු වකුත් ඇතුළට යන්න පුළුවන්.


ඒ හින්දා කන්‍යා පටලය තියෙනවද? නැද්ද? කියන එක ගැබ් ගන්න අදාළ නෑ. 

ඕක කලින් කැඩිලා තිබ්බත් නැතත් ගැබ් ගන්න පුළුවන්.


#XeducationSL 


Previous Post Next Post