ජිම් ගියාම කොට වෙනවද? : Can Bodybuilding Cause SMALL Penis?

 


"ජිම් යන අයගේ කොටයි" කියන එක තමා ගොඩක් දෙනෙක්ගේ මතය, මාත් එහෙම හිතාගෙන හිටිය කාලයක් තිබ්බා. ඒත් ජිම් ගියා කියලා එහෙම කාටවත් ඔය වගේ ප්‍රශ්නයක් එන්නේ නෑ. හැබැයි ජිම් යන අය කරන සමහර වැරදි හින්දා නම් ඔය වගේ ප්‍රශ්න එන්න පුළුවන්. මේ පෝස්ට් එකෙන් බලමු ජිම් යන එක පිරිමි කෙනෙක්ගේ ලිංගික ජීවිතේට බලපාන්නේ කොහොමද කියලා.
 
ජිම් යන එකෙන් ඇඟේ සෞඛ්‍ය තත්ත්වය හොඳ වෙනවා. ආයේ ඒකෙ කතා දෙකෙක් නෑ. ගොඩක් අය නොදන්න හැබැයි හරිම වැදගත් වාසිත් ජිම් යන පිරිමින්ට හම්බෙනවා. ජිම් ගියාම කොට වෙනවා කියලා කවුරු හරි කියනවා නම් කණට දෙකක් ගහලා මේ පල්ලෙහා තියෙන ටික පෙන්නන්න.
 
ජිම් ගිහින් ව්‍යායාම කරාම ඇඟේ ටෙස්ටෙස්ටරෝන් හෝමෝන වැඩි වෙනවා. ඇඳ උඩ හොඳට ප'ෆෝම් කරන්න මාංශපේශි ශක්තිමත් වෙනවා. සෙක්ස් කරන වෙලාවට ක්‍රියාකාරී බව (bedroom performance) වැඩි වෙනවා. 
stamina එක වැඩි වෙනවා. මෙතන මේ stamina කියන්නේ අර කොන්ඩම් ජාතිය නෙමේ. මේ stamina කියන්නේ වැඩි වෙලාවක් මහන්සි නොවී එක දිගට කරගෙන යන්න පුළුවන් හැකියාවට. 
ලිංගිකව එකතු වෙන්න තියෙන ආශාව (libido) වැඩි වෙනවා. 
ඒ වගේම ඔයාගේ සෙක්සි ඇඟ දකින ඔයාගේ සහකාරියගේ ලිංගික උත්තේජනය වැඩි කරන්නත් ජිම් ගිහින් හොඳට ඇඟ හදාගෙන ඉන්න එක හේතුවක් වෙනවා.
කොලෙස්ටරෝල්, රුධිර පීඩනය වගේ ප්‍රශ්න හින්දා පිරිමි අයට එන පුරුෂ ලිංගය හරියට ප්‍රාණවත් වෙන්නේ නැති එක වගේ අවුල් එන්න තියෙන ඉඩ අඩු වෙනවා. 
 
ඒ විදියට බැලුවම ජිම් යන අයට කියන අර වගේ කතාවල කිසිම වෛද්‍ය විද්‍යාත්මක පදනමක් නම් නෑ. 
 
ඒත් ජිම් යන සමහරු කරන වැරදි, ලිංගික ජීවිතේට පවා නරක විදියට බලපාන්න පුළුවන්. 
 
ඒ කරන ලොකුම වැරැද්ද තමා තහනම් උත්තේජක පාවිච්චි කරන එක.
 
අපේ ඇඟේ මහබබා කොටලා තියෙනවනේ හැදෙන්න ඕන සීමාවක්. තහනම් උත්තේජක කියන්නේ අන්න ඒ ඇඟේ ස්වභාවිකව වර්ධනය වෙන සීමාවෙන් එහාට ඇඟ හදා ගන්න දේවල් වලට. වෘත්තිමය විදියට කායවර්ධනය කරන අය ඔය දේවල් ගන්නවා. ඒ කියන්නේ කාය වර්ධනය  ආදායම් මාර්ගය කරගෙන ඉන්න අය. Instagram වල ලොකුවට ඇඟ පුම්බලා දාන ගොඩක් දෙනෙක් ඔය දේවල් පාවිච්චි කරනවා, ඒත් එයාලා ඒවා පාවිච්චි කරනවා කියලා කියන්නේ නෑ.
ටැබ්ලට්, ඉන්ජෙක්ෂන් විදියට තමා තහනම් උත්තේජක ගොඩක්ම ලංකාවේ පාවිච්චි වෙන්නේ.
 
ලංකාවේ ගොඩක් ජනප්‍රිය තහනම් උත්තේජක ටිකක නම් කියන් යන්නම්. ජිම් යනවා නම් ගොඩක් වෙලාවට මේ නම් ටික ජිම් එකේ කාගෙන් හරි ඇහිලා ඇති ඔයාට.
 
ඩයනබෝල් 
ටෙස්ටෙස්ටරෝන් බූස්ටර්
ඇනඩ්‍රෝල්
ඇනවා 
කෙම්බියුට්‍රෝල් 
වින්ස්ට්‍රෝල් 
S2F 
 
ඔය දේවල් ගොඩක් අය ගත්තට ඒවා තහනම් උත්තේජක කියලා දන්නෙත් නෑ. ජිම් එකේ අයියා කිව්ව හින්දායි, ඒවා ගන්න අයගේ ඇඟවල් ඉක්මනට හැදෙන හින්දයි කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඇඟ හදා ගන්න හදිස්සිකාරයෝ ටික ඕවා ගන්නවා.
  
හැබැයි ඕවා නිසා වෙන්න පුළුවන් ප්‍රතිවිපාක මොනාද කියලා ගොඩක් දෙනෙක් දන්නේ නෑ. ඔන්න වෙන්න පුළුවන් ප්‍රතිවිපාක ලැයිස්තුවෙන් ටිකක්.

▶ වෘෂණ කෝෂ පොඩි වෙන්න පුළුවන් 
▶ පුරුෂ ලිංගය ප්‍රාණවත් වෙන එක නැති වෙන්න පුළුවන් 
▶ ඉස්සරහට ළමයෙක් හදන්නත් බැරි වෙන්න පුළුවන් 
▶ පිරිමින්ගේත් පියයුරු ඉස්සරහට නෙරා එන්න පුළුවන්. gynaecomastia කියලා කියන්නේ ඕකට. man boobs කියලත් කියනවා.
▶ වකුගඩු හානි වෙන්න පුළුවන්
▶ කොන්ඩේ යන්න පුළුවන් 
▶ මුහුණේ කුරුලෑ එන්න පුළුවන් 
▶ තීරණ ගැනීමේ ශක්තිය අඩු වෙන්න පුළුවන්
▶ ඉක්මනට තරහා යන ගතිය එන්න පුළුවන්
▶ ඇඟේ ස්වභාවිකව හැදෙන ටෙස්ටෙස්ටරෝන් නැති වෙන්න පුළුවන්. ඒ හින්දා අනාගතේ දිගටම ටෙස්ටෙස්ටරෝන් තෙරපි කර කර ඉන්න වෙනවා. 
 
ඔය ප්‍රතිවිපාක ටිකක්. තව ලියාගෙන යනවා නම් දිගටම ලියන් යන්න පුළුවන්. ඒ හින්දා ඉක්මනට ඇඟ හදා ගන්න හිතාගෙන තහනම් උත්තේජක ගන්න කලින් දෙපාරක් නෙමේ දහ පාරක් උනත් හිතන්න.
 
තව ජිම් වල පාවිච්චි වෙන ජාතියක් තමා සින්තෝල් (synthol). සින්තෝල් කියන්නේ ස්ටෙරොයිඩ් එකක් නෙමේ. ඒක තෙල් වර්ගයක්, ඕක මාංශ පේශි වලට එන්නත් කරන එක තමා කරන්නේ. එහෙම කරන්නේ කාය වර්ධන තරඟ වලට ඉදිරිපත් වෙන වෘත්තිමය කායවර්ධන ශිල්පීන්. ඇඟේ මාංශ පේශි වල තියෙන පොඩි පොඩි අඩුවල් පුරවන්න තමයි එයාලා ඕක පාවිච්චි කරන්නේ. ඕකත් ඇඟට හොඳ දෙයක් නෙමේ. ඇඟේ මාංශපේශි වල කිසිම වර්ධනයක් වත්, හැඩයක් වත් එන්නේ නෑ. පට්ට කැතයි ඕක ගහ ගත්තම. synthol freaks කියලා google එකේ ගහලා බලන්න. උන්ගේ ඇඟවල් දැක්කම දැක්කම දුවන්න හිතෙන ෆොටෝ ටිකක් එනවා.
 
තව අපේ කොල්ලන්ට තියෙන ප්‍රශ්නයක් තමා ස්වයං වින්දනය කරන එක ඇඟ හැදෙන එක අඩු වෙන්න බලපානවද කියන එක. 

ස්වයං වින්දනය කරනකොට ඇඟේන් ඩෝපමින් හෝමෝන ශ්‍රාවය වෙනවා. ඒ හින්දා තමා ඕක කරද්දී හෙන චූන් එකක් දැනෙන්නේ.

හැබැයි ඕක කරලා ඉවර උන ගමන් නිකන් සේරම එපා වගේ හෙන කුජීත හැඟීමක් එනවා නේද? ඒ එන්නේ ඇඟේන් ශ්‍රාවය වෙන ප්‍රෝලැක්ටීන් (Prolactin) කියන හෝමෝනය හින්දා. 
ඔය අන්තිමට එන කුජීත හැඟීම හින්දා තමා ගොඩක් අය හිතන්නේ ස්වයං වින්දනය කළාම ඇඟ හදන එක අඩු වෙයි කියලා.

එක අතකින් ඒ කතාව හරි. මොකද ජිම් එකට යන්න පොඩ්ඩකට කලින් ස්වයං වින්දනය කරලා ගියොත් ජිම් එකට යන්න වෙන්නේ අර ස්වයං වින්දනය කළාට පස්සේ දැනෙන සේරම එපා වෙලා වගේ කියලා තේරෙන කුජීත feeling එකත් එක්ක. ඉතින් එහෙම ගිහින් work-out එක හරියට කරලා එන්න බෑනේ.
ඒ ඇරෙන්න ස්වයං වින්දනය කරා කියලා ඇඟේ තියෙන ටෙස්ටෙස්ටරෝන් අඩු වෙන්නේ වත්, ඇඟ හැදෙන එක අඩු වෙන්නේ වත් නෑ.

හැබැයි ජිම් යන්න කලින් ඕක කරන්නම් ඕන කෙනෙක් ඉන්නවා නම් ජිම් එකට යන්න පැය දෙකකට කලින් වගේ කරලා යන්න. එතකොට අර කුජිත හැඟීම ටිකක් අඩු වෙනවනේ. මතක ඇතුව ස්වයං වින්දනය කරලා ජිම් යනවනම් දෙය්යනේ අත හෝදන් යන්න.

#XeducationSL 
 
Previous Post Next Post